වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
තුන්දොස් නසන සින්කෝනා
සින්කෝනා ශාකය පිළිබඳව සැලකීමේදී දැකිය හැක්කේ මෙරට වෛද්‍යවරුන් තුළ සින්කෝනාවල ඖෂධීය වටිනාකම පිළිබඳව එතරම් වැටහීමක් නොමැති බවයි. එසේ වුවද ආයුර්වේදයේ මෙම සින්කෝනා ශාකය ඖධීය වශයෙන් බොහෝ සෙයින් වැදගත් යැයි සලකා මෑත කාලයේ ආයුර්වේද ද්‍රව්‍ය ගුණ ශාස්ත්‍රයට ඇතුළත් කරගෙන ඇත.
ශ්‍රී ගණනාථසෙන්තුමා ඇතුළු විද්වතුන් කිහිපදෙනකු විසින් සින්කෝනා ආයුර්වේද ද්‍රව්‍ය ගුණ විඥානයට අනුව ප්‍රයෝග කිරීමෙන් ලත් අත්දැකීම් සහ ප්‍රතිඵල පදනම් කොට ගෙන ද්‍රව්‍ය ගුණ ග්‍රන්ථ සඳහා ඇතුළත් කර ගෙන ඇත. මෙහිදී සින්කෝනා පිළිබඳ භාරතීය වනෞෂධී, භාරතීය භෛෂජ්‍ය, තත්ත්ව, ඉන්ඩියන් මැටීරියා මැඩිකා (නාද කර්ණී) ද්‍රව්‍ය ගුණ විඥාන (ප්‍රිය ව්‍රත ශර්මා) නිඝණ්ඩු ආදර්ශ (බාපාලාල්) ඉන්ඩිජනස් ඩ්‍රග්ස් ඉන්ඩියා (සර් චොප්රා) ආදී ග්‍රන්ථවල විවිධ අයුරින් විස්තර කර ඇත.
වැවෙන ප්‍රදේශ
විදේශීය වශයෙන්
මෙහි ආදි ජන්මස්ථානය දකුණු ඇමරිකාව යැයි කියනු ලබන අතර පීරු, බොලීවියා, ඉන්දියාවේ නීලගිරි, අසෑම්, මධ්‍යම භාරත සහ ඩාර්ජිලිං මෙන්ම මියැන්මාරය හා ජාවා දූපත්වලද දක්නට ලැබේ.
දේශීය වශයෙන්
ශ්‍රී ලංකාවේ විශේෂයෙන් උඩරට ප්‍රදේශවල දක්නට ලැබේ.
සින්කෝනා පිළිබඳ හඳුන්වන විවිධ නාමයන්
හින්දි බසින් - කූනෛන් යන නාමයෙන්ද වංග බසින් - කූනුනින් යනුවෙන්ද යෙදේ. උද්භිද විද්‍යාත්මක නාමය ඛ්ඪදජඩධදච ධටටඪජඪදචතඪඵ ඹ්ඪදද වන අතර කුලය - අභඡඪචජඥචඥ හෙවත් මංජිෂ්ඨා කුලය වෙයි.
මෙම මංජෂ්ඨා කුලයට අයත් අනෙකුත් ශාකයන් අතර කොලොම්, ගලිස්, ඉපිකාන්, රතඹලා, අහු, පැපිලිය, කෝපි, ප්‍රසාරණී, කුකුරුම්වන්, වැල්මදට, බක්මී ආදිය වන අතර ඉන් ඉපිකාන් සහ සින්කෝනා හැර ඉතිරි ද්‍රව්‍ය සියල්ල මෙරට වෛද්‍යවරුන් විසින් බහුලව ඖෂධ යෝග සඳහා යොදා ගනු ලබන පලපුරුදු ඖෂධ ද්‍රව්‍ය වෙයි. එසේ නම් සින්කෝනා භාවිතා නොකිරීමට හේතුවක් නොමැත.
තවද ශ්‍රී ඝණනාථසෙන් පඩිතුමා විසින් අමෘතාරිෂ්ඨය සඳහා සින්කෝනා පොතු මිශ්‍ර කිරීමෙන් අති සාර්ථක ප්‍රතිඵල ලැබීය.
සින්කෝනාවල ඖෂධීය අංග -
මෙම පොතු ඖෂධ සඳහා ගනු ලබයි. හොඳීන් වැඩුණු සින්කෝනා ගස්වල පොතු ගලවාගෙන හොඳීන් වියළා භාජනවල අසුරා තබාගෙන ඖෂධ සඳහා ගනු ලබයි.
සින්කෝනා ප්‍රභේද -
මෙහි ප්‍රභේද 30 - 40ක් පමණ වන අතර ඉන් රතු සහ කහ දෙවර්ගය ප්‍රධාන වේ. ඉන් රතු පැහැ වර්ගය අන් සියලු ප්‍රභේදයන්ට වඩා ක්විනීන් අඩංගු වේ.
සින්කෝනාවල අඩංගු රසායනික උපාදාන-
මෙහි ක්විනිස්, ක්විනිඩීන් සහ සින්කෝනින් ආදී උපක්ෂාර බොහෝ ප්‍රමාණයන් අන්තර්ගත වේ.
ඖෂධීය ගුණ කර්ම -
මෙය රසයෙන් තිත්ත වන අතර ගුණයෙන් ලඝු හා රූක්ස වේ. වීර්යයෙන් උෂ්ණ වන අතර විපාකයෙන් කටුක වේ. දෝස අනුව සැලකීමේදී,
තුන් දොස් සමන ගුණයෙන් යුක්ත වේ. මෙය උෂ්ණ නිසා සෙම, වාත දෙකද, තික්ත නිසා පිතද සමනය කරයි. මෙනිසා තුන් දොසින් හටගත් රෝග සඳහා යෙදෙයි.
ශාරීරික ව්‍යුහාගත ක්‍රියා සැලකීමේදී,
බාහිර වශයෙන් -
සින්කෝනා ජන්තුස්න සහ වේදනා ස්ථාපන ගුණ යුතු වේ. මෙනිසා බටහිර ක්‍රිමි රෝගවලදී වේදනා සහිත රෝගවලදී සින්කෝනා පොතු ආලේප කරයි. කනෙන් දියර ගැලීමේදී සින්කෝනා පොතු යුෂ රත්කර කනට දැමීමෙන් සුවය ලැබෙයි. තවද මුඛය පැසවීම, ගෙල ඉදිමීම ආදියේදී ගණ්ඩුෂ ධාරණය සඳහා ගනු ලබයි.
අභ්‍යන්තර වශයෙන් ආහාර පරිපචන ව්‍යුහාවේදී - දීපන, ආම, පාචන, ස්තම්භන සහ කෘමිස්න (පණුවන් නසන) ගුණ යුතුය. මෙනිසා බඩගිනි අඩුකම ආම දෝෂ, අක්මා ආශ්‍රිත රෝග ප්‍රවාහිකා සහ ක්‍රිමි රෝග වලදී ප්‍රයෝග කරනු ලබයි.
රුධිර සංසරණ ව්‍යුහාවේදී -
හදවත් උත්තේජන සහ ලේ පිරිසිදු කරන ගුණ යුතුය. අක්මාවේ සහ ජලීහාවේ ඉදිමුම්වලදී හිතකාරී වේ. මෙහිදී හදවත් දුබලතා වලදී ද ලේ දෝෂයන්හිදී ද ප්‍රයෝග කරනු ලබයි. සින්කෝනා අධික මාත්‍රාවෙන් ගැනීමෙන් හෘදයේ අවසාදතාවය ඇති කරනු ලබයි. ක්විනිඩීන් සින්කෝනා සත්වය (ඳභඪදඪචඪදඥ) අතිරික්ත ආකුංචන හෘද රෝගයේදීද ශ්‍රේෂ්ඨ ඖෂධ යෝගයක් බව දක්වා ඇත.
ශ්වසන ව්‍යුහාවේදී -
සින්කෝනා ශ්වසන ව්‍යුහාවේදී සෙම් නසන ගුණ යුතුය. මෙනිසා ප්‍රතිශ්‍යාය සහ කාස අවස්ථාවලදී ප්‍රයෝග කරනු ලබයි.
ප්‍රජනන ව්‍යුහාවේදී -
සින්කෝනා ප්‍රජනන ව්‍යුහාවේදී ගර්භාෂ උත්තේජන ගුණ යුතුය. මෙහි සංකෝචන (වැදෑමස හැකිලවීමේ) ගුණයුතු නිසා රජෝරෝධයේදී ගර්භාෂය ශෝධනය සඳහා ද ප්‍රසවයෙන් පසුව යෙදිය හැකිය. ගැබිනි අවස්ථාවේ ගර්භ ස්‍රාවය කරයි. තවද ප්‍රසව වේදනා මර්දනය කර ප්‍රසවය පහසු කරවයි.
මෙයට අමතරව උණ නසන සහ ශීත ප්‍රශමන ගුණද යුතුය. තවද විෂම ජ්වරයේ දී ඉතා ශ්‍රේෂ්ඨ ඔසුවකි. උණ හටගැනීමට පෙරාතුව යෙදීමෙන් උණ වේගය මර්දනය කරනු ලබයි. කල් ගතවූ විෂම ජ්වරයේ දී යෙදීමෙන් උණ බැස යයි. තවද අක්මාවේ ඉදිමුම් මෙන්ම ප්ලීහාවේ ඉදිමුම් ද සමනය කරයි. අග්නිය හා බලය වර්ධනය කරනු ලබයි. විෂම ජ්වරයේ දී ප්‍රභේදයන් වන කෘතීයික සහ චාතුර්ථක ජ්වරවලදී පහත දැක්වෙන ඖෂධ යෝගය විශිෂ්ට ගුණ දේ. එනම් රෙදි කඩකින් හලා ගත් සින්කෝනා පොතු චූර්ණය තෝල දෙක හමාරයි. දෙහි ඇඹුල් තෝලා එක හමාරයි. සියුම් ඉඟුරු චූර්ණය තෝලායි. කුරුඳුපොතු තෝලා ගෙන මෙම මිශ්‍රණය උතුරුවාගත් වතුර තෝලා 50ක බහා ගත් පාණ්ඨය වරකට තෝලා 2 – 5 (අවු. 1 – 2) දක්වා දිනකට වාර 4ක් පමණ ප්‍රයෝග කිරීමෙන් උණ බැස යන බව දොස්තර වාමන දේශායි දක්වා ඇත.
දරුණු මැලේරියා රෝගයේදී -
දිමි බිත්තර අවු.1 ක්විනිස් ග්‍රෝනිස් 30ක් සමඟ තල් රා ක්වාට් 1 ක් පැය 4ක් බහා තබා පෙරා උදේ සවස දින 3 – 4 ක් පානය කිරීමෙන් දරුණු මැලේරියා රෝගය සුව වන බව භාරතීය වනෞෂධී ග්‍රන්ථයේ දක්වා ඇත. මේ අතර සින්කෝනා තික්ත හා බල කාරක නිසා ජ්වර සහ අතීසාර රෝගවලින් අනතුරුව පහළවන රෝගාන්ත දුබලතාව නසනු ලබයි.
සින්කෝනාවල ඖෂධීය මාත්‍රාව, සින්කෝනා පොතු චූර්ණය
පොතු චූර්ණය රක්තිකා 6 – 12 දක්වා ක්විනීන් - රක්තිකා 1 – 10 දක්වා තවද සින්කෝනා අධික මාත්‍රාවෙන් ගැනීමෙන් විෂ ලක්ෂණ හටගනු ලබයි. එනම් වාත වේදනා, උදාවර්ත, ආහාර පරිපචන විකෘතිතා, මල බද්ධය, ශාරීරික දුබලතා, කථන නාද (කනේ ශබ්ද හට ගැනීම) බිහිරිබව, ඇස් පෙනීමේ දුබලතා සහ භ්‍රමය (කැරකිල්ල) ආදී ලක්ෂණ හට ගනියි.
මෙම තත්ත්වය සමනය කිරීම සඳහා කිරි, පලතුරු ආදී වාත සමන ස්නිග්ධ මධුර ද්‍රව්‍ය, ප්‍රයෝග කරනු ලබන අතර එමඟිින් එම විෂ ලක්ෂණ සමනය වේ.
සින්කෝනාවලින් නිෂ්පාදන ඖෂධ යෝගය කිහිපයක් වන අතර ඒ අතුරින්
1. සින්කෝනා තරල සාරය
( ඡ්යබපචජබ ඛ්ඪදජඩධදච ඹ්ඪඳභඪඤ) මෙය සින්කොනා පොතු වලින් සකස් කරනු ලැබේ. මාත්‍රාව - බිංදු 5 – 10 දක්වා වේ.
2. සින්කෝනා සුරාස්වය ඊඪදජබභපඥ ඛ්ඪදජඩධදච මේ ආදී වශයෙන් සින්කෝනා ඖෂධීය වශයෙන් බොහෝ ප්‍රයෝජන ගෙන දෙනු ලබයි. ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් අතර එතරම් ප්‍රචලිත නොවුවද ඉන්දියාවේ වෛද්‍යවරුන් අතර විශේෂයෙන් මැලේරියාව ඇතුළු දරුණු උණ රෝග සඳහා වඩා සාර්ථක ඔසුවක් ලෙස සින්කෝනා භාවිතා කරනු දක්නට ලැබේ. මෙනිසා මෙවන් ඖෂධීය වටිනාකමකින් යුතු ශාකයක් පිළිබඳව හොඳන් පරිකෂා කර බලා ඒවායින් නිසි ප්‍රයෝජන ලබා ගැනීම සියලු දෙනාගේම වගකීමකි.
පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද
වෛද්‍ය විද්‍යාලයේ
කථිකාචාර්ය වෛද්‍ය
මධුර පරණවිතාන