වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ඔබ නොසිතන ගුණ රැසක් හිමි කතුරුමුරුංගා
දෙසැම්බර් 14, 2018
කතුරුමුරුංගා මිනිස් ශරීරයේ හටගන්නා රෝගාබාධ රැසකට සහනය ලබාගත හැකි ඉතාම ගුණවත් පලා වර්ගයක්. කතුරුමුරුංගා කොළ ඇසුරෙන් සකස් කෙරෙන ආහාරයක් සතියට අවම වශයෙන් දින 3 ක් වත් ආහාරයට ගැනීමෙන් ඉන් ලැබෙන ඖෂධීය හා පෝෂණීය ගුණය යහමින් අපට ලබාගන්න පුළුවන්. මේ සඳහා කතුරුමුරුංගා කොළ කතුරුමුරුංගා මල් විවිධ ලෙස සකස් කර ආහාරයට ගත හැකියි.
කතුරුමුරුංගා කොළ හා මල්වල විටමින් “ඒ ප්‍රෝටීන්, විටමින් “බී” ,විටමින් “සී” තන්තුමය ස්වභාවය ද යහමින් අන්තර්ගතය. මේ තන්තුමය ස්වභාවය ආහාර ජීර්ණයත් ආමාශයේ ඇතිවන ආබාධත් සංසිඳුවනවා.
සුදු මල් හා රතු මල් වශයෙන් කතුරුමුරුංගා ප්‍රභේද දෙකක් දැකිය හැකි අතර සුදු මල් ප්‍රභේද බහුලව දැකිය හැකියි. මේ ප්‍රභේද දෙකෙහිම කොළ හා මල්වල අන්තර්ගත වන්නේ සමාන ගුණයක්. සංස්කෘත භාෂාවෙන් අගස්ථී ලෙස හඳුන්වන කතුරුමුරුංගා ශාකය, මුනිපි‍්‍රය, ස්ථූල පුෂ්ප,වක්‍ර පුෂ්ප වැනි නම්වලින් හැඳින්වෙනවා.
කතුරුමුරුංගා ශිව දෙවියන් පිදීමට භාවිතා කරන බැවින් මුනිප්රිය නමින්ද, සුදු පැහැති විශාල මලක් හටගන්නා නිසා ස්ථූල පුෂ්ප ලෙසද එම මල විශාල අර්ධ වක්‍ර ආකාරයක් ගන්නා බැවින් වක්‍ර පුෂ්ප ලෙසින් හඳුන්වන බවයි. ආයුර්වේද වෛද්‍ය නිගණ්ඩු ග්‍රන්ථවල සඳහන් වෙන්නේ හිමාල පර්වතයේ වාසය කළ අගස්ථි නම් වූ පුරාණ ඍෂිවරයෙක් වියපත් වීම ප්‍රමාද කරවන ඖෂධ වර්ගයක් කතුරුමුරුංගාවලින් නිපදවූ බවත් ඒ අනුව එම ඍෂිවරයාට ගෞරව කිරීමක් ලෙස ආයුර්වේද නිගණ්ඩුවල මෙය අගස්ථි නමින් දක්වා තිබෙන බවත් සඳහන් වේ.
වාත, පිත්ත .සෙම යන තුන් දොසම සමනය කළ හැකි මාහැඟි ඖෂධයක් ලෙස කතුරුමුරුංගාවලට සුවිශේෂි තැනක් හිමි වේ. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ කතුරුමුරුංගා ගසේ මුලෙන් ලබාගත් පොතුවල ඉස්ම මේස හැන්දක ප්‍රමාණයක් මී පැණි බිංදු කීපයක් සමඟ මිශ්‍රකර පානය කරන්න. දිනපතා උදේ, සවස මාසයක් පමණ මෙය පානය කරන විට සෙම තත්වය ඉවත්ව යනු ඇත. කතුරුමුරුංගා කොළ මනා ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත නිසා රුධිර නාලවල රුධිර ගමනය යහපත් වේ.
Health Visiter
ඇසුරිනි රඹුක්කන
කීර්ති එස් කුමාර
0776351872
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
තේවලට, තේ පානයට අපේ රට කොචච්ර ප්‍රසිද්ධ වෙලා තිබුණත් තේ සම්බන්ධයෙන් කොයි කවුරුත් දැන සිටිය යුතුම අප්‍රසිද්ධ කාරණා කීපයක් ගැනයි මේ ලිපියෙන් කියන්න...
2022-07-20 18:30:00
ආහාර සංස්කරණයේදී ආහාර රසවත් බවින් හා ගුණදායක බවින් යුක්ත කරලීම සඳහා ගෘහණියන් විසින් තුනපහ එක්කරනු ලබන අතර ඉන් ප්‍රධාන ද්‍රව්‍යයක් ලෙස ගොරකා හැඳීන්විය...
2022-07-14 18:30:00
ආහාරවලින් මුල් තැන ලැබෙන්නේ බතටය. වී බුද්ධ භෝගයක් වශයෙන් සලකන අතර වී කෙටීමේදී සුණුසහල් සහ හොඳ හාල් ද දහයියා කුඩු වෙන්කර ගන්නා අතර හොඳ හාල් ලබාගත් පසු...
2022-07-14 18:30:00
කිතුල් යනු තාල වර්ගයට අයත් ගසකි. පොල් හා තල් මෙන්ම කිතුල් ගස ද සාමාන්‍ය වශයෙන් සලකන කල අපට පෙනී යන්නේ මෙම තාල වර්ගයේ ගස්වලින් ඖෂධීය වශයෙන් එතරම් ප්...
2022-07-07 18:30:00
පෝච්චිවල වැවිය හැකි ගෘහණියට අත්‍යාවශ්‍ය ඔසු පැළවදකහ, ඉඟුරු, සේර, රම්පෙ, කරපිංචා, කහ, සැවැන්දරා, කෝමාරිකා, හරංකහසුගන්ධය ලබාදෙන ඖෂධ පැළඉරිවේරිය,...
2022-06-30 18:30:00
අප අවට පරිසරයේ දක්නට ලැබෙන තුරුලතාවන් අතර විවිධ ප්‍රයෝජන ලබා දෙන ගස්වැල් රාශියක් ම දක්නට ලැබේ. ඖෂධීය වශයෙන් මෙන්ම ආහාරමය වශයෙන් ද ලබාදෙන ප්රයෝජනයන්ට...
2022-06-23 18:30:00
උඳු වැවෙන ප්‍රදේශ විදේශීය වශයෙන්ඉන්දියාවේ නොයෙක් ප්‍රදේශවල වවනු ලබන පැළෑටියක් වන අතර ඉන්දියාවේ වසන බොහෝ දෙනෙකු බහුල වශයෙන් විවිධ අයුරින් ආහාර...
2022-06-09 18:30:00
බිංතඹුරු ඖෂධ සඳහා බෙහෙවින් යෙදේ. ඖෂධ පැළෑටි රාශියක් අතුරින් ලේ පිරිසිදු කරන ගුණය ඇතුළු බොහෝ ගුණයන්ගෙන් සපිරි අගනා ඖෂධ පැළෑටියක් ලෙස...
2022-06-02 18:30:00
දේශීය වශයෙන් ආහාරමය වශයෙන් මෙන්ම ඖෂධීය වශයෙන්ද ඉතා ප්‍රයෝජනවත් ද්‍රව්‍යයක් ලෙස ‘තල’ හැඳීන්විය හැක. ආහාරමය වශයෙන් වඩාත් හොඳින් බාල, තරුණ, මහලු...
2022-05-26 18:30:00
වසර 02ක පමණ කාලයක් කොරෝනා රෝගය මුළු ලෝකයම වසාගෙන මුළු මිනිස් සංහතියම පීඩාවට පත්කළා ඔබට මතක ඇති. වර්තමානය වන විට එයින් යම් සහනයක් ලබමින් පවතී....
2022-05-26 18:30:00
වැවෙන ප්රදේශවිදේශීය වශයෙන් - ‘ඇත්තෝර’වල ජන්ම භූමිය වනුයේ නිවර්තන ඇමරිකාව වන අතර අනෙකුත් නිවර්තන කලාපීය රටවලද වැවෙනු දක්නට ලැබේ.විශේෂයෙන් බෙංගාලය සහ...
2022-05-19 18:30:00
වෙසක් සමය සමඟ බද්ධ වූ පුෂ්පයක් වේ නම් ඒ අන් කිසිවක් නොව නෙළුම්ය. අරවින්ද,සත් පියුම, කමල, පියුම් යනාදී නම් රැසකින් හඳුන්වන මෙම නෙළුම් මල සේම...
2022-05-12 18:30:00
මේ පැමිණ ඇත්තේ පින්බර වෙසක් මාසයයි. මේ මාසය පුරාවටම බොහෝ පිරිසක් නිර්මාංස ආහාර සඳහා යොමු වේ.ආයුර්වේද දර්ශනයේ පරමාර්ථ අතර හිතායු, සුඛායු,...
2022-05-12 18:30:00
අතීත ලංකා සමාජයේ ඇත්තන්ට නැතුවම බැරි මඩිස්සල දෙකක් විය. බෙහෙත් මඩිස්සලය, බුලත් මඩිස්සලය යනු ඒ අත්‍යාවශ්‍ය මඩිස්සල දෙකයි. මෙය සෑම ගෙදරකම නැතුවම...
2022-05-05 18:30:00
අප ජීවත් වන පරිසරයේ දක්නට ලැබෙන ඖෂධීය තුරු ලතා අතුරින් එක් වටිනා ශාකයක් ලෙස ඉරිවේරිය හැඳින්විය හැකිය. ඉරිවේරිය ශාකය ශ්‍රී ලංකාවට ආවේණික පැළෑටියක්...
2022-04-28 18:30:00
ආයුර්වේද වෛද්‍ය ක්රමයේ දී මෙම ශාකයේ උපයෝගීතාවය පිළිබඳව විස්තර දක්නට නොමැති වුව ද වර්තමානයේ දේශීය වෛද්‍ය ග්රන්ථ කිහිපයකම කැබැල්ල ශාකය පිළිබඳව දක්වා...
2022-04-21 18:30:00