වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
සන්ධිගත වාත රෝගය රෝග ලක්ෂණ
ලොකු සන්ධිවලට මෙන්ම කුඩා සන්ධිවලට ද මෙම රෝගය බලපාන අතර සන්ධිවල වේදනාව උදෑසන පැය භාගයක් පමණ ඇතිවේ. සන්ධි ඉදිමුම, මාංශපේශී හා කණ්ඩරා ක්ෂයවීම, සන්ධි විකෘතිවීම සන්ධී චලනය කළ හැකි සීමාව අඩුවීම, අත්පා චලනය කරන විට අස්ථි සන්ධිවල ගැටෙන ශබ්ද ඇසීම වැනි මෙවැනි රෝග ලක්ෂණ හටගනී.
සාමාන්‍යයෙන් වේදනාව වැඩිවන්නේ අත්පාවල ක්‍රියාකාරිත්වය වැඩිවන විටය. රෝගය වැඩි දියුණු වූ විට විවේකීව සිටින විට පවා වේදනාව හටගනී. තෙතමනය සහිත පරිසරයේ මෙන්ම අධික සීතල පරිසරය ද මෙම රෝගය වැඩිදියුණු කිරීමට හේතු වේ. මාංශපේශීන් හා කණ්ඩරා ගැහෙන්නට ගැනීම් හට ගත හැක.
සන්ධිගත රෝගයට හේතු
සාමාන්‍යයෙන් වාත කෝප කරවන ආහාරපාන හා ක්‍රියාකාරකම් රෝගය හට ගැනීමට මෙන්ම වැඩිදියුණු වීමටත් බලපායි.
මේ සඳහා සුදුසු ආහාර
ගිතෙල්, තලතෙල්, තල, කොල්ලු, රතුහාල්, තම්බපු හාල්, වැටකොළු, පතෝල, ඉදුණු අඹ, මිදි, කව්පි, පොල්වතුර, ආහාර ජීර්ණය හොඳින් පවත්වා ගැනීමටත් මල හොඳින් පිටකිරීමටත් මේවා උපකාරි වේ.
සන්ධිගත වාත රෝගය ආම වාත රක්ත, වාත රක්ත යනුවෙන් කොටස් දෙකකින් යුක්තය.
වැරැදි විහරණ හේතු
වැරදි ශාරිරික ඉරියවු, පැවැත්වීම අධිකව ව්‍යායාම කිරීම, මල මූත්‍ර ආදිය පිට කළ යුතු වෙලාවට පිට නොකර සිටීම, අධිකව කල්පනා කිරීම, කාම භය, ක්‍රෝධ ආදි මානසික ස්වභාවයන් පැවැතීම, සීතල ජලයේ පිහිනීම, සුව පහසු නැති වාහනවල දුරගමන් යාම, දවල් නිදා ගැනීම, අනතුරුවලින් අස්ථී සන්ධි තුවාල වීම ආදිය නිසා මෙය හට ගනී.
වෙනත් හේතු
තරබාරුකම හා ශරීරයේ බර අධිකවීම මෙම රෝගයේ අවදානම් සාධකයකි. මෙම රෝගය ජීවිතය හානි කරන රෝගයක් නොවන අතර ඖෂධ ප්‍රතිකාර මෙන්ම සුදුසු කලට ව්‍යායාම හා සුදුසු ආහාපාන විහරණ යෙදීමෙන් රෝගය වැඩිදියුණු කර නොගෙන පාලනය කර ගැනීමට හැකිවේ.
රෝගයට බහුලව ගොදුරුවන සන්ධි
අතේ ඇඟිලි කෙළවර පුරුක් සන්ධිය බොහෝ විට මුලින්ම ගොඳුරු වේ. එහි අස්ථි කොටසේ ගැටීමෙන් වර්ධනය වීමට පුළුවන. ඇඟිලි මුල් පුරුක් සන්ධිය, මැණික් කටු සන්ධිය, උකුල් ඇට සම්බන්ධ වන සන්ධිය පසු කාලිනව උකුල් සන්ධියක් දණහිස් සන්ධියත් ගොදුරු වේ.
දණහිස් සන්ධිය
ශරීරයේ බර උසුලන සන්ධි නිසා එයට බලපෑම් වැඩිය. කලකදී දණහිස් සන්ධි ඉදිමේ. විශාල වේ. වේදනාව තදබලව හටගනී. උකුල් සන්ධියට මෙම රෝගය හටගතහොත් විශාල අවදානමකට මුහුණ පෑමට සිදුවේ. වේදනාව උකුල් සන්ධියෙන් හට ගෙන දණහිස දක්වා පැතිරේ. කොඳු ඇට පෙළට මෙම රෝගය හටගත් විට කොඳුඇට පෙළේ වේදනාව එහි මාංශපේෂී ගැහෙන්නට පටන් ගැනීම, ස්නායු තෙරපීමේ වේදනාව, හිරිය මෙන්ම මාංශපේෂී දුර්වල වීමද සිදු විය හැක.
නුසුදුසු ආහාර පාන
කොස්, දෙල්, කඩල, මුංඇට වම්බටු, මෑකරල්, කොස්ඇට, කරවිල මෙවැනි ආහාර පානවලින් වාත කෝප වී වේදනාවන් වැඩිවේ. එමෙන්ම අපිරිසුදු ජලය තුනපහ අධික ආහාර පානවලින් ආහාර ජීර්ණයට බාධා හටගැනීමෙන් මෙම රෝගයට හානිකර ලෙස බලපෑම් ඇතිවිය හැක.
නුසුදුසු පැවතුම්
අධිකව කල්පනා කිරීම, නිදිමැරීම, මල මූතා පිට කළ යුතු වෙලාවේ පිට නොකර බොහෝ වේලාවක් දරා සිටීම, අධිකව ශරීරය වෙහෙසීම, සීතල ජලය නෑම, වැසි දිනවල වැනි සීතල දවස්වල නෑම මේ මඟින් වාත කෝප වන නිසා වේදනාවන් වැඩිදියුණු වේ. එබැවින් අහිතකර ආහාරපාන විහරණවලින් වැළකි සිටීම මෙන්ම සුදුසු ආහාරපාන විහරණ භාවිතය ද රෝග පාලනය කරගැනීමට උපකාරි වේ.
ව්‍යායාම
වේදනාව ඇතිවිට ව්‍යායාම කිරීමෙන් වේදනාව තව තවත් වැඩිවීමට පුළුවන. එබැවින් සුදුසු අවස්ථාවේ වෛද්‍ය උපදෙස් අනුව කළ යුතු ව්‍යායාම තෝරාගත යුතුය.
ආහාරමය හේතු
රළු වියළි කෑම වැඩිපුර ගැනීම අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් ආහර ගැනීම අසාත්මික වන ආහාර ගැනීම කටුක රස කහට රස ආහාර වැඩිපුර ගැනීම ආහාර අජීර්ණය ආදි හේතු වේ.
රෝගය පාලනය කර ගැනීම
රෝගය උත්සන්න කරවන හේතු සාධකවලින් වැළකී සිටිය යුතුය. වෛද්‍ය උපදෙස් නිසි පරිදි පිළිපැදීම නියමිත ඖෂධ කලට වේලාවට ගැනීම තෙල්ගෑම තැවිලි ආදිය නිසි පරිදි කළ යුතුයි. තමාට අහිතකර ආහාරපානවලින් වැළකී සිටීම, මලබද්ධය ඇතිවීම වළක්වා ගැනීම දිනපතා උදේට ලුණු කැඳ පානය කිරීම.
මෙම රෝගය කාලීන රෝගයකි. සුවවීමට ද කල් ගතවේ. ඇතැම්විට වේදනාව පමණක් තාවකාලිකව අඩුකර ගත හැකිවේ. එම නිසා ඉතා ඉවසීමෙන් සැලකිල්ලෙන් ප්‍රතිකාර ලබාගත යුතුය. බැබිල මුල්, හීන් අරත්ත අල, සුදුලූනුු තම්බා බොන්න.
නෙල්ලි රසකිඳ තම්බා බොන්න.
හීන් අරත්ත අල, රසකිඳ, වියළි ඉඟුරු, දේවදාර, ඇහැළ පොතු තම්බා බොන්න.
උපදෙස්
වෛද්‍ය නන්දා කස්තුරිආරච්චි
සටහන -
ජයන්ති කුරේ