ඔබ තවමත් ආහාර ලේබල් ගැන දැනුවත් නැද්ද?

මැයි 24, 2019

වල්ගම ආයුර්වේද රජයේ රෝහලේ වෛද්‍ය
ධම්මිකා අමරසේකර

ලොව පුරා ක්‍රියාත්මක රූපවාහිනි නාලිකාවල බහුලවම විකාශය කෙරෙන්නේ විවිධාකාර ආහාර නිෂ්පාදන පිළිබඳ වෙළඳ දැන්වීම්ය.

ලොව සියලුම රූපවාහිනි නාලිකා වැඩීම ආදායමක් උපයන්නේ විවිධ ආහාර වර්ග පිළිබඳ දැන්වීම් ප්‍රචාරය කිරීමෙනි. බිස්කට්, කිරිපිටි, ටින් කළ ආහාර වර්ග, පැකට් කළ ආහාර් වර්ග ,කේක්, චොක්ලට්, ටොෆි. නූඩ්ල්ස් වැනි ක්ෂණික ආහාර මේ අතර ප්‍රධාන වෙයි. වෙළඳ දැන්වීම්වල සඳහන්වන බොහෝ ආහාර වර්ග ගමේ පුංචිම සිල්ලර කඩයේ සිට ප්‍රධාන නගරවල විවිධාකාර නම්වලින් හඳුන්වන සුපිරි වෙළඳ ජාලා සංකීර්ණ තුළ ඉතාම සිත්ගන්නා ලෙස අසුරා තිබෙන ආකාරය දකින ඕනෑම අයෙකුට ඉන් වර්ග එකක් දෙකක් හෝ මිලදී ගන්නට සිත්වීම පුදුමයට කරුණක් නොවේ. නෙත පිනවන වර්ණවත් දවටන, සිත් ගන්නා කෙටි වදන් මාලාවන් දිනකට අඩුම තරමින් දහදොළොස් වතාවක් නෙත ගැටෙද්දි ඒවා පිළිබඳ මතකය හොඳින් සිත්හි ධාරණය වන බව නිෂ්පාදකයා මෙන්ම නිෂ්පාදකයන් වෙනුවෙන් අලවිකරණය කරන්නන්ද හොඳින්ම දනී. මේ අනුව අපට එතරම් අත්‍යාවශ්‍ය නොවන ඕනෑම භාණ්ඩයක් වරක් හෝ දෙවරක් නොසිතාම මිලදී ගන්නට අප පොළඹවයි. මෙවන් පෙළඹවීම් නිසාම එම භාණ්ඩය පිළිබඳ ප්‍රචාරය කළ සියලු රූපවාහිනි නාලිකා, ගුවන්විදුලි නාලිකා, පුවත්පත් ආදි සියල්ලෙහි එය ප්‍රචාරය කළ දින ගණන හා වාර ගණන සඳහා එම භාණ්ඩය නිෂ්පාදිත ආයතනයට වැයවූ මුලු පිරිවැයද නිෂ්පාදකයා බලාපොරොත්තුවන ලාභයද අතරමැදි වෙළෙන්දන්ට ගෙවන කොමිස් මුදලද අප විසින් දරමින් එම භාණ්ඩය මිලදී ගැනීමට තරම් කාරුණික (අඥාන) වෙමු.

මෙතරම් අප මුලා කරන වෙළඳ ලෝකයක ජීවත්වන අප සතුව තිබෙන බුද්ධිමත් බව තුට්ටුවට ඇද දමන මෙවැනි කෑම හා වෙළඳ ද්‍රව්‍ය මිලදී ගැනීමේදි විශේෂයෙන්ම ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී අඩුම තරමින් එම ආහාර ද්‍රව්‍ය අපට අවශ්‍යද යන්න ඔබ මුලින්ම සලකා බැලිය යුතු බව මුලින් අවධාරණය කර සිටිමු.

එම ආහාර ද්‍රව්‍ය තුළ අඩංගු මොනවාද එහි අඩංගු සීනි කෘතිම රසකාරක ද්‍රව්‍ය, කල්තබා ගැනීම සඳහා යොදා ඇති රසායන ඒවා ඇසට පි‍්‍රය ලෙස වර්ණ ගන්වන කෘත්‍රීම වර්ණකාදිය නිපදවූ දිනයේ පටන් කොපමණ කාලයක් කාලය ඉකුත්වන තුරු ගතවනවාද යන තොරතුරු ඕනෑම ආහාර ද්‍රව්‍යයක් මිලදී ගැනීමේදී එහි ලේබලයේ සඳහන් කර තිබෙන බව ඔබ තාමත් නොදන්නා හෝ නොසලකා සිටින කෙනෙක්ද? එසේ නම් ආහාර ද්‍රව්‍ය ඇසුරුම්වල තිබෙන ලේබල පිළිබඳ මේ තොරතුරු එවන් අය සඳහාමයි.

ලේබල කළ ආහාර

කාර්යබහුල ජීවන රටාවක් ගෙවන වර්තමාන සමාජයට පැකට් කළ ආහාර අද නැතුවම බැරි තත්ත්වයට පත්වී අවසානය. අතීතයේ මෙන් අපට අවශ්‍ය සියලු ආහාර වර්ග දැන් නිවසේ පිළියෙළ නොවීම මේ සඳහා ප්‍රබලතම හේතුවයි. පෙරදා නිවසක සිට මව, බිරිඳ , ගෘහණිය අද කිසියම් රැකියාවක බොහෝ විට නිරතවීම තුළින් අපේ නිවෙස්වල ආහාර පිළියෙළ කිරීමේ පිළිවෙත විශාල වශයෙන් පරිවර්තනයට ලක්විය. මේ අනුව වත්මන් පවුල් ඒකකය තුළ සෑම කෑමක්ම නිවසේ පිළියෙළ කිරීම ප්‍රායෝගික නොවන තත්ත්වයට පත්වී ඇත. සති අන්ත නිවාඩු දිනවල පවා මව හා පියා අමතර ධනෝපායන මාර්ගවල නිරතවීම මෙන්ම පවතින අධ්‍යාපනික තරගය හමුවේ දූ දරුවන් අමතර පන්ති සඳහා දවසින් වැඩි කාලයක් ගතකිරීම අද සාමාන්‍ය තත්ත්වයකි. කලින් සකස් කරන පැකට්වල අසුරන බොහෝ කෑම වර්ග සමහර පාරිභෝගික ද්‍රව්‍ය හා සසඳන කල මිලෙන් අඩුය. ඇතැම් රූපවාහිනි නාලිකා තුළින් හා සමහර පුවත්පත් මගින් මෙන්ම මහාමාර්ගවල හන්දි ගානේ හා බස් නැවතුම්පලවල තාප්ප බිත්තිපුරා අලවන දැන්වීම්වලින් රටේ ජනතාව මෙවැනි කෑම බීම වර්ග පිළිබඳව නොකඩවාම දැනුවත් කරයි.

නිතර දකින, අසන මෙවන් දේ පහසුවෙන් සුලබව මිලදී ගැනීමට අවශ්‍ය තරම් සාමාන්‍ය සහ සුපිරි වෙළඳසැල් මෙහි බහුලය. බොහෝවිට නගරවල බැලු බැලු අත අත්‍යවශ්‍ය නොවන බොහෝ දේ විකුණන වෙළඳසැල් අද සුලබය. මෙලෙස සුලබව අඩු මිලකට විකුණන දේ අතර බිස්කට්, කේක්,කිරිපැකට්, පැණි බීම, පලතුරු බීම, රසකැවිලි හා නූඩ්ල්ස් ආදි බොහෝ දේ දැකිය හැකිය. තවත් වෙළඳසැල් වර්ගයක රුපියල් පනහට, අසූවට, සියයට මිලදී ගත හැකි උණු උණු රස ආහාර වර්ග ප්ලාස්ටික් බඳුන් හෝ පොලිතින් දවටන වල සිත්ගන්නා ලෙස ක්ෂණිකව සකස් කර දේ. මේ සියලු ආහාර ද්‍රව්‍යවල වර්ණවත් සිත්ගන්නා සුලු ඇසුරුම් දකින බොහෝ දෙනෙක් ඒවායේ ගුණාත්මක බව පිළිබඳව නොසිතන තරම්ය. අඩුම තරමේ එවැනි සමහර ආහාර ඇසුරුම් මත මුද්‍රණය කර ඇති එම ආහාරයේ අඩංගු බොහෝ දේ පිළිබඳව සඳහන් කර තිබෙන බව විමසා බලන්නේ එම භාරිභෝගිකයන්ගෙන් ඉතාම අල්ප පිරිසකි.

ආහාර ලේබලයක අන්තර්ගත තොරතුරු

ඇසුරුම් කරන ලද සෑම ආහාරයකම පාහේ එම ආහාරයේ ඇති පෝෂණ සංඝටක පිළිබඳ විස්තරයක් එහි ලේබලයේ දක්වා ඇත. ඒ සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යංශය හා රජය මගින් ආහාර පිළිබඳව පනවා තිබෙන නීති රීතිවලට අනුකූලවය. මේ අනුව අදාළ ආහාරයේ නිශ්චිත ප්‍රමාණයක (ග්‍රෑම් 100ක) අඩංගු වන ශක්තිය කාබෝහයිඩ්‍රේට් , ලුණු මේදය , සීනි, පොටෑසියම්, විටමින්, ප්‍රමාණය එවැනි ලේබල්වල දක්වා ඇත. ආහාර පාන මිලදී ගැනීමට කලින් මෙම ලේබලය කියවීම මගින් ඕනෑම වැඩිහිටියෙකුට මෙන්ම පාසැල් දරුවෙකුටද දැනුම්වත් විය හැකිය. එම ලේබල් දරුවන්ට මෙවන් ආහාර ලබාදීම හෝ ඔවුන් එම ආහාර මිලදී ගන්නා තත්ත්වයට නිරායාසයෙන්ම පත්කිරිම තුළින් ඔබේ දරුවාට ලැබෙන අයහපත කොපමණදැයි මැනවින් වටහාගත හැකිය. විශේෂයෙන්ම ඔබ හෝ ඔබේ දරුවන් මිලදී ගන්නා ආහාර වල ලුණු, මේදය, සීනි අඩුවිය යුතුම වේ.

ඊට අමතරව ආහාර රසවත් කරන කෘතිම රසකාරක, කෘත්‍රිම වර්ණකාරක, ආහාර ආකලන කෘතීම සුවඳ කාරක අඩංගුවී තිබේදැයි ඉතා විමසිලිමත් විය යුතුය. එවන් බොහෝ ආහාර පිළිබඳ වෙළඳ දැන්වීම්වල සඳහන් වන සීනි නැති කොලෙස්ටරෝල් නැති කෘත්‍රිම රසකාරක නැති ආහාර ලෙස ඒවා පෙන්වන ආහාරවලින් සීනි ,කොලෙස්ටරෝල් හා රසකාරක අහිතකර බොහෝ සංඝටක සැඟවී තිබෙන බවට ඔබ දැනුවත් වී තිබිය යුතුමය. ඊට උදාහරණයක් ලෙස දැක්විය හැකි වත්මන් වෙළඳපලේ ශීඝ්‍රයෙන් අලෙවිවන එක්තරා ආහාර ද්‍රව්‍යයක ග්‍රෑම් 80 ක අඩංගු දේ පිළිබඳව එහි දවටනයේ පසුපස සිංහල බසින් දක්වා ඇති තොරතුරු ස්වල්පයක් ඔබ වෙත ගෙන හැර දක්වමු.

අඩංගු ද්‍රව්‍ය

තිරිඟු පිටි අඕච් ෆාම්තෙල්, ලුණු, සීනි, කාබෝක්සි, මෙතිල් සෙලියුලෝස්, සෝඩියම් ට්‍රයිපොලි පොස්පේට්, පොටෑසියම් කාබනේට්, සෝඩියම් බයිකාබනේට්.

රසකාරක පැකැට්ටුව

ලුණු, සීනි, මිරිස්කුඩු භාවිත රස ප්‍රවර්ධක (මොනෝසෝඩියම් ග්ලූටමේට් (ධ්ව්ඉ 621) ඩයිසෝඩියම් 5, ඉනෝසිනේට් (ධ්ව්ඉ 631) වියළි කැරට්, ජල විච්ඡේදනය කළ ශාක ප්‍රෝටීන් ,වියළි ලීක්ස්, වියළි ගෝවා, තක්කාලි කුඩු, සුදු ගම්මිරිස් කුඩු කැරමල් කුඩු, සුදුළූණු කුඩු, ඉරිඟු පිෂ්ඨය, ළූණු කුඩු, සිට්රික් ඇසිඩ්. ඩෙක්ස්ට්‍රොස් මොනෝහයිඩ්‍රේට්, ආහාර වර්ණය , ටාට්‍රසීන් (ධ්ව්ඉ 102) සිලිකන් ඩයොක්සයිඩ්

 

සටහන
රඹුක්කන
කීර්ති එස්. කුමාර

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.