වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
පැපොල රෝගයෙන් ඔබ ආරක්ෂා වීමට නම්
මැයි 3, 2019
අතීතයේදී “දෙයියන්ගෙ ලෙඩ” නමින් හැඳින්වූ “පැපොල” රෝගය අප ජීවත්වන පරිසරය හා අප අතර දැඩි සම්බන්ධතාවයක් ඇත.
මෙම සබදතාවය අපේ නිරෝගි බව රැකෙන ලෙස පවත්වාගෙන නොගියහොත් අප රෝගී වන්නට පුළුවනි. හේතුව අපට ඇසට නොපෙනෙන බැක්ටීරියා වර්ග මෙන්ම වෛරස් වර්ග ශරීරයට ඇතුල් වීම අපිට හානිදායක වන නිසායි.
පැපොල වෛරස් මගින් බෝවන රෝගයකි. තමාට පැපොල රෝගය වැළඳී ඇති බව නොදැන නීරෝගී අය අතර සිටීම නිසා බොහෝ අය අතර ව්‍යාප්ත වීමෙන් වෛසරය ඇතුල් වී නීරෝගී අයද රෝගීන් වන්නට පුළුවන. පාසැල්වල මෙන්ම රැකියා ස්ථානවල එක් අයෙකුට වැලඳුණ විට බොහෝ පිරිසකට බෝවන්නේ මේ නිසාය.
පැපොල රෝගය වැළදෙන්නේ වැරිසෙල්ලා වෛරසය මගිනි. ස්වසන ව්‍යුහය මාර්ගයෙන් පිටවන ස්රාවගත ක්ෂුද්‍ර ජීවින් මගින් මෙය පැතිරේ.
දියර බුබුළු බිදුණහොත් එහි ස්‍රාව කොටස් වශයෙන්ද මෙය බෝවේ. නාඩිවිසර්ප හෙවත් අංශ පැපොල (හර්පිස්සොස්ටර්) රෝගීන් සමඟ ස්පර්ශ වීමෙන්ද වැළඳෙන්නට පුළුවන. රෝගීන් වෙන්කර නොතිබුව හොත් නිවසේ සියලු දෙනාටම මෙම රෝගය වැළදෙන්නේ නොදන්නා කම නිසා මෙන්ම රෝගය ව්‍යාප්ත වන බව දැන දැනත් නොසැලකිලිමත්ව රෝගියාගෙන් රෝගය බෝවන අන්දමට නොසැලකිලිමත්ව හැසිරීම් නිසාවෙනි. අංශ පැපොල හෙවත් හර්පීස් සොස්ටර් ස්නායු පද්ධතිය හා සම්බන්ධ නිසා ශරීරයේ එක පැත්තකට පමණක් වැලඳෙයි.
මේ රෝග අවස්ථා දෙකේ දීම බීජෞෂණ සමය දින 14 සිට දින 16 දක්වා පවතී. එනම් විෂ බීජය ශරීරය ගතව දින 14-16 අතර කාලය තුළ ශරීරය වර්ධනය වන අතර රෝග ලක්ෂණ පහළ වන්නේ ඉන් අනතුරුවයි. උණ වැනි ශාරීරික ලක්ෂණ ඉතා සුළු වශයෙන් මතු වේ. සමේ ලප මතුවන විට රෝගය පැපොල බව හදුනා ගන්නට පුළුවන. බොහෝ විට පළු මතුවීමට ප්‍රථම මෙම ලප මුඛයේ උඩ තල්ලේ මතුවේ. මුලින් ශරීරයේ කඳ ප්‍රදේශයේ මතුවන මෙම රතුපැහැ ලප ඉන්පසු මුහුණ හා අත්පා වලටද ක්‍රමයෙන් පැතිරෙයි. මෙම ලප පැය කිහිපයකින් පළු බවට පත්වී පසුව දියර බුබුළු බවට පත්වෙයි. මෙම දියර බුබුළු පැය 24 කින් සැරව බුබුළු බවට හැරේ. මෙම දියරබුබුළු හම මතුපිට පවතී. සැරව බුබුළු දින කිහිපයකින් වියළි බවට පත්වේ. මේ නිසා එක විට ශරීරයේ මෙම විවිධ අවස්ථා දැකගන්නට පුළුවන. (ලප පළු බවට පත්ව දියර බුබුළු සැරව ඇති අවස්ථා) පළු මතුවීමට පැය 24 කට පෙර සිට පළු වියළී යන අවස්ථා දක්වා කාලය රෝගීන් ආරක්ෂා විය යුතුය. පළමුව හොඳ වාතාශ්‍රය ලැබෙන ආකාරයට විවේකීව රෝගියා සිටිය යුතුයි. රෝගියා අන් අයගෙන් වෙන්කර තබන්න. රෝගියා වෙන්කර තැබීමට අවශ්‍ය වන්නේ නීරෝගී අයට බෝවීම වැළැක්වීම සඳහාය.
උණ ඇතිවිට පැරසිටමෝල් වැනි ඖෂධ වයසට අනුව ගැනීමට පුළුවනි. දියර වර්ග පානය කිරීම ඉතාම ගුණදායක වේ. මේ සඳහා කොත්තමල්ලි තැම්බූ වතුර, කැඳ වතුර, ජීවනි බීමට පුළුවනි. කොහොඹ කොළ අතුරා ඒ මත නිදා ගන්නට සැලැස්වීම විෂබීජ නාශකයක් මෙන්ම සිසිලසක්ද ගෙන දීමට හේතු වේ.
ද්විතීය ( දෙවනුව) ආසාදන මුඛයේ හෝ සමේ ඇති වීමට හැකි බැවින් රෝගියා සති 03 ක්ම ආරක්ෂා වීම යහපත් ය. රෝගියා පරිහරණය කළ භාණ්ඩ මාර්ගයෙන්ද රෝගය බෝ විය හැකි නිසා ඒවා විෂ බීජ හරණය කළ යුතුය.
උපදෙස්
වෛද්‍ය
කස්තුරිආරච්චි
(ඩී.ඒ.එම්.එස්)
පූගොඩ දංගල්ල හන්දියේ
සියලු සර්වාංග රෝග සඳහා
සටහන
ජයන්ති කුරේ
෴ සබැඳි ලිපි ෴
මේ වන විට මෙරට වසරකට ඇදුම රෝගීන් ලක්ෂ පහක් පමණ වාර්තා වන බව කියැවේ. බෝ වන රෝගයක් නූවුවත් දුක්ඛදායක රෝගයන් අතරට ගැනෙන රෝගයක් වන ඇදුම, හතිය, ඊලේ, පපුවේ...
2024-05-09 18:30:00
ශ්‍රී ලංකාව, දේශීය වෛද්‍ය විද්‍යාව සහ ආයුර්වේදයේ ගැඹුරු සම්ප්රදායක් ඇතුළුව සංස්කෘතික උරුමයන්ගෙන් පොහොසත් ගුණාංගයන්ගෙන් යුක්තය. සහශ්‍ර ගණනාවක්...
2024-05-09 18:30:00
හතරවැනි අභ්යාසයඉදිරිපස සහ දෙපස බැලීමඉහත රූපයේමෙන් පාද දිග හැර ආස්තරණයෙ හිදින්න. එහිදී සිරුරේ එකම පිහිටීම පවත්වා ගන්න, නමුත් වම් අතේ මාපටැඟිල්ල ඉහළට...
2024-05-09 18:30:00
වේග යනු එදිනෙදා ජීවිතයේදී කායික හා මානසික වශයෙන් ඉටු කළ යුතු විවිධ ක්‍රියාවන් වේ. ආයුර්වේදයේ නොදැරිය යුතු වේග සහ දැරිය යුතු වේග යනුවෙන් දෙයාකාරයක්...
2024-05-09 18:30:00
රවි ග්‍රහයා වෘෂභ ලග්නයට සංක්‍රමණය වීම මැයි මස 14 වැනිදා පස්වරු 5.54ට සිදුවේ. එහි බලපෑම ජූනි 15 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා මසක පමණ කාලයක් පවතිනු ඇත...
2024-05-09 18:30:00
බොහෝ අය ඔවුන්ගේ පෙනීම වැඩි දියුණු කිරීම සඳහා ඇස් කණ්ණාඩි හෝ අක්ෂි කාච පැළඳ සිටිති. කෙසේවෙතත්, ඇස් කණ්ණාඩි ඇත්ත වශයෙන්ම දුර්වල ඇස් පෙනීම සුව...
2024-05-02 18:30:00
අපට නිතර නිතර ඇතිවන පුංචි පුංචි රෝගාබාධවලට භාවිත කළ හැකි අත්දුටු ඖෂධ සුබසෙත පුවත්පතේ පාඨකයින්ගේ ප්‍රයෝජනය සඳහා උපකාර වේ යැයි සිතමි.මුත්‍රා දැවිල්ලට...
2024-05-02 18:30:00
අවුරුදු උත්සව සමයේ දී නොයෙක් ආකාරයේ රසකැවිලි, තෙල් බැදුම්, ව්‍යංජන, මස්, මාංශ, තෙල් මිශ්‍ර බත් වර්ග, අයිස් ක්‍රීම්, ෆෘට්සැලඩ්, සව්දොදොල් (වැලිතලප)...
2024-04-25 18:30:00
මැදිවියට එළඹීමත් සමඟ කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන ප්‍රධාන ගැටලුවක් ලෙස ඇඟිලි හිරිවැටීම හඳුන්වන්නට පුළුවන්. ඔබ රැකියාවක් කරන පුද්ගලයකු හෝ...
2024-04-18 18:30:00
ලස්සන නිය පෙළක් පවත්වා ගැනීම අපේ පිරිසුදු බව දෙඅත්වල සුන්දරත්වය පිළිබිඹු වෙනවා වගේම මේ නියපොතු මඟින් අපේ ශරීර අභ්‍යන්තරයේ පවතින සෞඛ්‍යමය ගැටලුත් අපිට...
2024-04-11 18:30:00
අලුත් අවුරුද්ද සමහරු සමරන්නේ රහමෙර පානයෙනි. එහෙත් එය තමන්ගේ මෙන්ම පවුලේ සතුට සමඟිය නසන බව ඔවුන්ට අමතකව ඇත.විෂ මත්වතුර පානයේදී මුලින්ම එයට ලක්වන්නේ...
2024-04-04 18:30:00
අපේ සමේ ව්‍යුහය තුළ විවිධ කාර්යයන් ඉටුකරන විවිධ ආකාරයේ ග්‍රන්ථි පිහිටා තිබේ. මේ අතරින් සීබම් ශ්‍රාවය කරන Sabaceaous glands සීබම්, කුණු දූවිලි,...
2024-03-28 18:30:00
“ඉවසන්න බැරි තරමට ඔළුවේ කැක්කුම ඔළුව පුපුරන්න වගේ දැනෙනවා. ඒ මදිවට මේ ළමයින්ගේ කරච්චලේ කොහොම ඉවසගෙන ඉන්නද නවත්තන්නකො ඔය කෑගැහිල්ල” මෙවැනි...
2024-03-28 18:30:00
දිනක් මා විසින් පැවැත්වූ චීන කටු ප්‍රතිකාර සායනයකට ඉතා තීව්ර දණිස් කැක්කුමක් ඇති කාන්තාවක ඇවිදීමට ද අපහසුවෙන් පැමිණියාය. ඇය වයස 50ක් පමණ වූ...
2024-03-28 18:30:00
ඇස් වටා කළුවීමඇස් වටා හෝ ඇස් යට කළු පැහැති රවුම් හෝ අඳුරු පැහැවීම ඉතා සුලබව දක්නට ලැබෙන රූපලාවණ්‍ය ගැටලුවකි. මෙය නින්ද අඩුකම, බහුලව පරිගණක හා...
2024-03-21 18:30:00
බිලිඳු දරුවන්ට ඇතිවන රතගායට වටිනා අත්දුටු තෙලක් ඉදිරිපත් කරමි.වෛද්‍යවරුන්ට මෙන්ම පාඨක භවතුන්ටත් ප්‍රයෝජනවත් වන පුරාණ බලගතු රහස් බෙහෙතකි. අගනා...
2024-03-21 18:30:00