මිශ්‍ර වෛද්‍ය ක්‍රම භාවිතය සෞඛ්‍ය අර්බුදයට හොඳම විසඳුමයි

අගෝස්තු 25, 2023

 

අද ලොවම මුහුණ දී ඇති පාලනය කර ගත නොහැකිව පවත්නා ගැටලුව වී ඇත්තේ සෞඛ්‍යයයි. මේ තත්ත්වය වසංගත සමයන්හි දී කෙතරම් බරපතළ වන්නේද යන්න රාජ්‍යයන්ගේ ආධිපත්‍යයන් බිඳ වැටී නව බලවතුන් ගොඩනැඟෙන තත්ත්වය දක්වා උග්‍ර වන ආකාරයෙන් පෙන්වා දිය හැකියි.

අනුරාධපුර රාජධානිය බිඳ වැටී නව බලවතුන් ගොඩනැඟෙන තත්ත්වය දක්වා උග්‍ර වන බව දක්වා එය පෙන්වා දිය හැකියි. අනුරාධපුර රාජධානිය බිඳ වැටීම කෙරෙහි තදින්ම බලපෑ කරුණු තුනෙන් ප්‍රමුඛතම එකක් බවට රෝග වැළඳීමේ තත්ත්වය පත් විය. එයට ඖෂධ පමණක් නොව ආහාර මෙන්ම විහරණද මහත් සේ බලපාන බව ආයුර්වේදීය මූලධර්ම අවධාරණය කරයි.

අද ලොව පුරා ආධිපත්‍යයක් සහිතව පැතිර පවත්නා වෛද්‍ය ක්‍රමය බටහිර (ඇලොපති) වෛද්‍ය ක්‍රමය බවට කිසිදු වාදයක් නොමැත. එසේම වර්තමානයේ පවත්නා වාණිජවාදී සංකීර්ණ හා ක්ෂණික අවශ්‍යතාවන්ගේ පසුබිමට මැනැවින් ගැළපීමක් එහි පවත්නා බැවින් ඇලොපති වෛද්‍ය ක්‍රමයේ සමාජ උපයෝගීතාව අපට ඇකැමැත්තෙන් වුවද පිළිගැනීමට සිදුවී තිබේ.

එසේ වුවත් පසුගිය කොවිඩ් වසංගත සමයේදී ඇලොපති වෛද්‍ය ක්‍රමය බරපතළ ලෙස අභියෝගයනට ලක් වී විවිධ දැනුම්වත් සමාජයන්ගෙන් ප්‍රතික්ෂේප වන මට්ටමට ඇද වැටුණූ අයුරු ශ්‍රී ලාංකේය සමාජයට අමුතුවෙන් අවධාරණය කළ යුතු නොවේ.

මෙබඳු තත්ත්වයක් යටතේ හුදු කේවල වෛද්‍ය ප්‍රතිපදාවක යම් රාජ්‍යයක් පිහිටුවීමේ අන්තරාය කොතරම් බලවත්ද යන්න ලොවටම උගන්වන තත්ත්වයක් අද වන විට ගොඩනැඟී තිබේ. එවැනි තත්ත්වයක් යටතේ වුවත් නොදැනුම්වත් ගතානුගතික සමාජය ඇලොපති වෛද්‍ය ක්‍රමය කෙරෙහි පූර්ණ විශ්වාසයක් පළ කරන බව තවදුරටත් පෙනෙන්නට තිබේ. බරපතළ ඖෂධ ජාවාරම් ඔස්සේ වැඩෙන ඇලොපති වෛද්‍ය ක්‍රමයට දැන් දැන් අනෙකුත් බොහෝ චිකිත්සාවන්ගෙන් සමාජමය අභියෝගයන් එල්ල වී පැවතීම අද වන විට සූක්ෂ්මව මර්දනය කිරීම පවා පහසු කටයුත්තක් නොවන බව පෙනෙන්නට තිබේ.

මෑත කාලයේ අපේ රටේත් දේශීය චිකිත්සාවන් හා ආයුර්වේදය කෙමෙන් ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් සිටින බව අපට අමතක කළ නොහැක්කේ ඒවායේ සාර්ථක ප්‍රතිඵල සැකයකින් තොරව තහවුරු වී ඇති බැවිනි.

බටහිර වෛද්‍ය ආධිපත්‍යයෙන් මිදුණද අපේ රට ආසන්න දැවැන්ත මහා රාජ්‍යයක් හා නිරන්තරයෙන් ඉතිහාසය පුරා අපට බලපෑම් කරන ඉන්දියාවෙහි ආධිපත්‍යයෙන් ගැලවීම එතරම් පහසු නොවේ. ඒ අනුව ඉන්දීය ඖෂධ මාෆියාවක් කෙමෙන් වැඩමින් ඇති බවත් ඒ සඳහා සෞඛ්‍යය හා සමගාමී අනෙකුත් අධ්‍යාපනික ආදී බොහෝ ක්ෂේත්‍රවල බරපතළ භාරතීය ආධිපත්‍යයක් දොරකඩ සක්මන් කරමින් ඇති බව අප වටහා ගත යුතුව තිබේ.

මේ තත්ත්වය යටතේ අපේ රටේ පාරම්පරික වෛද්‍ය ක්‍රමයන් වේගයෙන් නෛතිකව හා වෙනත් විවිධ උපාය මාර්ග ඔස්සේ බරපතළ ලෙස ආයුර්වේදීය අනන්‍යතාවට යට වෙමින් පවතී. කලකට පෙර ලංකායුර්වේදය නමින් මෙරට විද්වතුන් ගොඩනැඟීමට වැර වෑයම් කළ වෛද්‍ය සංකල්ප වෙනුවට ශුද්ධ භාරතීය ආයුර්වේදයක් ස්ථාපනය කිරීමේ අභිප්‍රාව අද වැඩි වැඩියෙන් සමාජ මතුපිට හඬ නඟමින් තිබේ.

මෙවැනි සංකීර්ණ තත්ත්වයක් යටතේ වුවත් පොදුවේ මනුෂ්‍ය ස්වස්ථතාව හෙවත් නීරෝගිවත් බව පිළිබඳව සලකා බලන්නකුට මේ සියලු වෛද්‍ය ක්‍රම තියුණු ඥානයකින් යුතුව තෝරා බේරා ගනිමින් භාවිත කළ හැකි බව පැහැදිලිව පෙන්වා දිය හැකියි. එහිදී මෙයට පරිබාහිර චීන කටු චිකිත්සාව පමණක් නොව වෙනත් සුවකිරීමේ ක්‍රමවේද (ඩ්ඥචතඪදඨ ඊඥජඩදඪලභඥඵ) ආදියද සියුම්ව භාවිතයට ගැනීම කාලීන අවශ්‍යතාවයකි.

ආයුර්වේදයේ දැක්වෙන ශමන ශෝධන ශිල්පයන් මේ සියලු ප්‍රතිකාර විධීනට පසුව භාවිත කිරීම වඩාත් සාර්ථක ප්‍රතිඵල හිමි කර දෙනවා සේම ප්‍රාණීය (ර්‍ථපචදඪජ) හෝ රේකී (අඥඪඬඪ) සුවකිරීම් භාවිතයෙන්ද ශරීරයේ මෙන්ම මනසේ ද ප්‍රකෘති ස්වභාවය ගොඩනංවා ගැනීම අපහසු නොවේ. එවිට රෝගී තත්ත්වය සපුරා පහව යෑමක් සිදු වන බව නැණවතුන් වටහා ගත යුතුව තිබේ.

බටහිර ප්‍රතිශක්තිකරණ සංකල්පයට සමීප පෙරදිග අදහසක් වන රෝගාබාධයනට ඔරොත්තු දීමේ හැකියාව හෙවත් ව්‍යාධි ශාමත්වය ඇති කර ගැනීම සඳහා මේ සියලු වෛද්‍ය හා සුවතා ක්‍රම භාවිතයට ඇති විවිධ බාධා ඉවත්කිරීම ගැඹුරු සමාජ දැක්මක් සහිත වගකිය යුත්තන්ගේ ඓතිහාසික කාර්යයක් බව මෙහිදී අවධාරණය කළ යුතුව තිබේ.

මෙවැනි විවිධ සමගාමී ප්‍රතිකාර විධීන් මනා සේ ප්‍රයෝජනයට ගැනීමටත් ඒවාට තවදුරටත් නිදහසේ වර්ධනය වීමටත් සංරක්ෂණය වීමටත් අවශ්‍ය කාර්යය වන්නේ ඒවා එකිනෙක මුසු කිරීම වෙනුවට ඒවායේ අන්‍ය මත ලක්ෂණ අනුව ප්‍රායෝගික භාවිතයට ගැනීමයි. එහිදී සමගාමී භාවිතයකදී සමෝධානීය එනම් විවිධත්වය මත සියුම්ව ගළපා ගැනීමේ පරිචයක් සහිත විද්වතුන්ගේ නිර්දේශයන් මත ක්‍රියාකිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ යුතුයි.

මෙහිදී බටහිර ඇලොපති වෛද්‍ය ශිල්පයන්ගේ ඇති තාක්ෂණික පහසුකම් අනෙකුත් විෂයයන් සඳහා භාවිත කිරීමේ වරදක් ඇතත් නාඩි පරීක්ෂාව වෙනුවට වෙදනළාව භාවිත කිරීම වැනි කටයුතු කෙතරම් දුරට දේශිය වෛද්‍යවරුන්ගේ අභිමානය කෙලෙසීමට හේතු වන්නේ දැයි සලකා බැලීම වැදගත් වෙයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.