වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
පැපොල රෝගයෙන් ඔබ ආරක්ෂා වීමට නම්
මැයි 3, 2019
අතීතයේදී “දෙයියන්ගෙ ලෙඩ” නමින් හැඳින්වූ “පැපොල” රෝගය අප ජීවත්වන පරිසරය හා අප අතර දැඩි සම්බන්ධතාවයක් ඇත.
මෙම සබදතාවය අපේ නිරෝගි බව රැකෙන ලෙස පවත්වාගෙන නොගියහොත් අප රෝගී වන්නට පුළුවනි. හේතුව අපට ඇසට නොපෙනෙන බැක්ටීරියා වර්ග මෙන්ම වෛරස් වර්ග ශරීරයට ඇතුල් වීම අපිට හානිදායක වන නිසායි.
පැපොල වෛරස් මගින් බෝවන රෝගයකි. තමාට පැපොල රෝගය වැළඳී ඇති බව නොදැන නීරෝගී අය අතර සිටීම නිසා බොහෝ අය අතර ව්‍යාප්ත වීමෙන් වෛසරය ඇතුල් වී නීරෝගී අයද රෝගීන් වන්නට පුළුවන. පාසැල්වල මෙන්ම රැකියා ස්ථානවල එක් අයෙකුට වැලඳුණ විට බොහෝ පිරිසකට බෝවන්නේ මේ නිසාය.
පැපොල රෝගය වැළදෙන්නේ වැරිසෙල්ලා වෛරසය මගිනි. ස්වසන ව්‍යුහය මාර්ගයෙන් පිටවන ස්රාවගත ක්ෂුද්‍ර ජීවින් මගින් මෙය පැතිරේ.
දියර බුබුළු බිදුණහොත් එහි ස්‍රාව කොටස් වශයෙන්ද මෙය බෝවේ. නාඩිවිසර්ප හෙවත් අංශ පැපොල (හර්පිස්සොස්ටර්) රෝගීන් සමඟ ස්පර්ශ වීමෙන්ද වැළඳෙන්නට පුළුවන. රෝගීන් වෙන්කර නොතිබුව හොත් නිවසේ සියලු දෙනාටම මෙම රෝගය වැළදෙන්නේ නොදන්නා කම නිසා මෙන්ම රෝගය ව්‍යාප්ත වන බව දැන දැනත් නොසැලකිලිමත්ව රෝගියාගෙන් රෝගය බෝවන අන්දමට නොසැලකිලිමත්ව හැසිරීම් නිසාවෙනි. අංශ පැපොල හෙවත් හර්පීස් සොස්ටර් ස්නායු පද්ධතිය හා සම්බන්ධ නිසා ශරීරයේ එක පැත්තකට පමණක් වැලඳෙයි.
මේ රෝග අවස්ථා දෙකේ දීම බීජෞෂණ සමය දින 14 සිට දින 16 දක්වා පවතී. එනම් විෂ බීජය ශරීරය ගතව දින 14-16 අතර කාලය තුළ ශරීරය වර්ධනය වන අතර රෝග ලක්ෂණ පහළ වන්නේ ඉන් අනතුරුවයි. උණ වැනි ශාරීරික ලක්ෂණ ඉතා සුළු වශයෙන් මතු වේ. සමේ ලප මතුවන විට රෝගය පැපොල බව හදුනා ගන්නට පුළුවන. බොහෝ විට පළු මතුවීමට ප්‍රථම මෙම ලප මුඛයේ උඩ තල්ලේ මතුවේ. මුලින් ශරීරයේ කඳ ප්‍රදේශයේ මතුවන මෙම රතුපැහැ ලප ඉන්පසු මුහුණ හා අත්පා වලටද ක්‍රමයෙන් පැතිරෙයි. මෙම ලප පැය කිහිපයකින් පළු බවට පත්වී පසුව දියර බුබුළු බවට පත්වෙයි. මෙම දියර බුබුළු පැය 24 කින් සැරව බුබුළු බවට හැරේ. මෙම දියරබුබුළු හම මතුපිට පවතී. සැරව බුබුළු දින කිහිපයකින් වියළි බවට පත්වේ. මේ නිසා එක විට ශරීරයේ මෙම විවිධ අවස්ථා දැකගන්නට පුළුවන. (ලප පළු බවට පත්ව දියර බුබුළු සැරව ඇති අවස්ථා) පළු මතුවීමට පැය 24 කට පෙර සිට පළු වියළී යන අවස්ථා දක්වා කාලය රෝගීන් ආරක්ෂා විය යුතුය. පළමුව හොඳ වාතාශ්‍රය ලැබෙන ආකාරයට විවේකීව රෝගියා සිටිය යුතුයි. රෝගියා අන් අයගෙන් වෙන්කර තබන්න. රෝගියා වෙන්කර තැබීමට අවශ්‍ය වන්නේ නීරෝගී අයට බෝවීම වැළැක්වීම සඳහාය.
උණ ඇතිවිට පැරසිටමෝල් වැනි ඖෂධ වයසට අනුව ගැනීමට පුළුවනි. දියර වර්ග පානය කිරීම ඉතාම ගුණදායක වේ. මේ සඳහා කොත්තමල්ලි තැම්බූ වතුර, කැඳ වතුර, ජීවනි බීමට පුළුවනි. කොහොඹ කොළ අතුරා ඒ මත නිදා ගන්නට සැලැස්වීම විෂබීජ නාශකයක් මෙන්ම සිසිලසක්ද ගෙන දීමට හේතු වේ.
ද්විතීය ( දෙවනුව) ආසාදන මුඛයේ හෝ සමේ ඇති වීමට හැකි බැවින් රෝගියා සති 03 ක්ම ආරක්ෂා වීම යහපත් ය. රෝගියා පරිහරණය කළ භාණ්ඩ මාර්ගයෙන්ද රෝගය බෝ විය හැකි නිසා ඒවා විෂ බීජ හරණය කළ යුතුය.
උපදෙස්
වෛද්‍ය
කස්තුරිආරච්චි
(ඩී.ඒ.එම්.එස්)
පූගොඩ දංගල්ල හන්දියේ
සියලු සර්වාංග රෝග සඳහා
සටහන
ජයන්ති කුරේ
෴ සබැඳි ලිපි ෴
ප්රශ්නය වැටුණට පස්සේ ඇතිවෙන අස්ථී අමාරුවකදී කටයුතු කරන්න ඕනේ කුමන ආකාරයටද?පරිගණක භාවිතයේදී තවත් වැඩිවෙන අවස්ථාද තිබේ. මේ පිළිබඳ විස්තර කර...
2023-07-13 18:30:00
එච්. ඒ. මධුශානි ප්රසංගිකාහෙද නිලධාරිනීජාතික ආයුර්වේද රෝහල කොළඹ වර්තමාන ලෝකය මුහුණදෙන බලපතළ සෞඛ්‍ය ගැටලුවකි දියවැඩියාව. ලංකාවේ මේ වනවිට තරුණ...
2023-07-13 18:30:00
“ඕ ලෙවල්” විභාගෙ ඉවර වුණා විතරයි... බලන්න! මේ ළමයාගෙ කකුලෙ තැල්මක් නෙ. නිමාලි එහෙම කියාගෙන ම ගෙට ගොඩ වැදුණේ මිදුලේ වැලේ අව්වට වේළෙන්න දමා තිබූ රෙදි...
2023-07-13 18:30:00
“සීයේ මල්ලි ලේන්සුවක් අරගෙන ඇවිල්ල කියනව එයා බාලදක්ෂ ගැටේ නම් ගහන්න දන්නවලු, වෙද ගැටේ නම් ගහන්න දන්නෙ නැතිලු” හා හා, කෝ මල්ලි ගයාන් මෙහාට එන්න කවුද...
2023-07-06 18:30:00
දින දෙක තුනක ඉඳල ඉවසන්න බැරි තරමේ හිසේ කැක්කුමක් එනවා. උදේට එන ඒ හිසේ කැක්කුම සමහරදාට හවස් වෙනකම්ම තියෙනවා. මුලින්ම දැනෙන්නෙ ඔළුවෙ එක පැත්තක රිදීමක්...
2023-07-06 18:30:00
අපව ආසාදනය කිරීම සඳහා පරිසරය තුල ඕනෑම වේලාවක අපේ ශරීරය මිලියන ගණනින් රෝග කාරක වලට නිරාවරණය වේ. නමුත් එම රෝග කාරක අපට කලාතුරකින් ආසාදනය කිරීම...
2023-07-06 18:30:00
අපගේ ශරීරය නිර්මාණය වී පවතින්නේ අස්ථි පද්ධතියකිනි. මෙම අස්ථිවල සිදුවන බිඳීමක් කැඩීමක් ‘භග්නයක්’ ලෙස හඳුන්වනු ලැබේ. අස්ථි භග්නයක් වීම සඳහා සාමාන්‍ය...
2023-06-29 18:30:00
ආ පුංචි මහත්තයා අරුමැක්කෙම මේ පැත්තට ආවෙ.ඔව් වෙදමහත්තයෝ මට මේ රෝගයක් පිළිබඳව ටිකක් දැනුම්වත්වෙන්නයි ආවේ.හෝ බොහොම හොඳයි. බොහොම හොඳයි. එහෙනම් කීවනම්...
2023-06-22 18:30:00
හෘදයාබාධයක සුලමුල සොයා ගියහොත් එයට බොහෝ සෙයින් හේතු පාදක වී ඇත්තේ රුධිර නාලවල කොලෙස්ටරෝල් තැන්පත් වීමය. රුධිරයේ කොලෙස්ටරෝල් අවම කර ගැනීමෙන්...
2023-06-22 18:30:00
පුංචි දරුවන් සිටින මව්වරුන් නිතරම මුහුණ දෙන භයානක අත්දැකීමක් වන්නේ දරුවා වැටීම නිසා හිසේ ගෙඩි ගැසීම් තත්ත්වයන් ඇති වීමයි. මෙවැනි අවස්ථාවලදී දරුවන්...
2023-06-22 18:30:00
දෑසින් මෙන්ම දෙතොලින් ද අදහස් ප්‍රකාශ කිරීමට හැකිය. නා දලු පැහැ දෙතොල් නිතැතින්ම යුවතියන්ගේ සුන්දරත්වය, අලංකාරය තීව්ර කරන ආභරණයක් යැයි කීම වරදක්...
2023-06-22 18:30:00
“මොකද මාලි මේ උදේ පාන්දරම බුම්මගෙන?“ සිරි ඇසුවේ කනස්සල්ලෙනි.“ඔයා ඔහොම ඉන්නකොට ගෙදර ශ්‍රියා කාන්තාව පැනලා ගිහින් මූදේවිගේ බැල්ම වැටෙන්න ගන්නවනේ. මට...
2023-06-15 18:30:00
සෙනසුරාදා දින සවස මාගේ සායනයට පැමිණි රෝගීන් පරීක්ෂා කරන අතරතුර තරුණ කාත්තාවක් ප්‍රතිකාර ගැනීම සදහා සායනයට ඇතුළු විය. ඇය ලස්සන කාන්තාවකි. නමුදු ඇයගේ...
2023-06-15 18:30:00
මේ වන විට සමාජයේ සෙම්ප්රතිෂ්යාව තරමටම සුලබ වෙමින් පවතින රෝගයක් ලෙස පිළිකාව හැඳීන්විය හැකියි. එහෙත් මේ සඳහා ඖෂධ නොමැති වීමෙන් පිළිකාවට ගොදුරු වූ...
2023-06-15 18:30:00
බොහෝ විට වයස අවුරුදු හතළිහට වැඩි කාන්තාවන් අතර, පවතින දණහිස් කැක්කුම නොහොත් දණහිස් වේදනාව ඉවසිය නොහැකි කැක්කුමක් ගෙන දෙන මහත් පීඩාවක් ඇති කරන...
2023-06-08 18:30:00
මෞත්‍ර ලිංගික රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය නෙවිල් පෙරේරා බාල මහලු කාහටත් වැලඳීය හැකි රෝග අතර ප්‍රධාන තැනක් ගන්නා රෝගයක් වනුයේ...
2023-06-08 18:30:00