වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
චපල පෙම්වතා නිසා පෑරුණු සිත සැනසෙයි
නෙතුලිගේ මුහුණ වැසි වලාකුළකින් බර වී වාගේය. යොවුන් වසන්තයේ ජීවත් වුව ද ඇයගේ වත මඬල පටාචාරවට නොදෙවැනිය. විරහ වේදනාව කියාපෑමට ඇයගේ වතට සරිලන වතක් නැති තරම්ය.
යාන වාහන, මිල මුදල්, මහා මන්දිර වගේම වරක් බැලුවොත් යළි හැරී බැලීමට සිතෙන අන්දමේ රූ සපුවක් හිමිව තිබුණ ද, සතුට නම් ඇයට නුහුරු නුපුරුදු අත්දැකීමකි. පිරිපුන් සිරුරකට නෙතුලි උරුමකම් කී බව කිසිවකුටත් සිතා ගත නොහැකිය. ඒ තරමට ඇය කෘෂය.
මේ අසුබ වෙනස ඇය ඇසුරු කරන අයට රහසක් නොවෙයි. රාත්රියේදී අවට පැතිරෙන ගනඳුරට වඩා ඇයගේ සිත අඳුරුය. නිදි දෙව් දුව ඇය සමඟ උරණ වී ඇති සේය.
නෙතුලි සතුටු කිරීමට මාපියන් නොකරන දෙයක් නැත. ඔවුන් නෙතුලි කැමැති කැමැති දෙයින් ශීතකරණය පුරවා තබන්නේ එයින් හෝ ඇයට මානසික සුවයක් දැනෙනු ඇතැයි කියායි. එහෙත් පෙර ඉතා අභිරුචියකින් ආහාරයට ගත් සියල්ල දැන් ඇයට නීරසය. මවගේ පෙරැත්තයට ආහාර ගත්ත ද ඇය සියල්ල වමනය කරන්නීය.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
උපදෙස් :
වෛද්‍ය, ස්වාපනික විද්‍යාවේදීන්ගේ සංගමයේ සභාපති පී.එන්.විද්‍යාකුලපති
සටහන :
චම්පිකා දීපානි රණසිංහ