වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ජුලි 05 බදාදා - ලග්න සහ රාහු කාලය
ජූලි 5, 2023
ඉර උදාව – පෙ.ව. 06.00
ඉර බැසීම – ප.ව. 06.30
රාහු කාලය – දහවල් 12.15 - 01.49 දක්වා
සුබ දිශාව – දකුණ
මේෂ
වෙනදාට වඩා නිස්කලංකව කාලය ගත කිරීමට කැමැති දිනයකි. අමතර ලාභ හිමිකරන මාර්ග කීපයක්ද උදාකරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි කරුණු කීපයක් සිදුවන අතර, ආගමික භක්තියෙන් කටයුතු කරන කාලයකි.
වෘෂභ
වයසින් අඩු අය සමඟ ඇසුරට අවස්ථාව උදාකරයි. ගේ දොර කටයුතු සම්බන්ධ විශේෂ වෙනස්කම් කීපයක් සිදුකරයි. ඥාති හිතවතුන්ගේ උදවු උපකාර හිමිවන දිනයකි. ණය මුදලක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන බවක් පෙනේ.
මිථුන
පවුලේ අය අතර, හොඳහිත දිනාගෙන කටයුතු කිරීමට හැකිවන දිනයකි. එහෙත් කරගෙන යන කටයුතුවලට බාධාකාරි බවක් ඇතිකරයි. වෙහෙස ඇති ගමන් යෙදෙන බවක් පෙනේ. වාහනයක අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට අවස්ථාව සැලසේ.
කටක
ශරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන දිනයකි. දරුවකුගේ කටයුතු වෙනුවෙන්ද වෙහෙසීම් වැඩිකරයි. නිතර පදිංචියෙන් පිට වාසයට හේතු ඇති කරන අතර, අඹුසැමි සුහදතාවයට බාධාවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි.
සිංහ
අතමිට මුදල් හිමිකරන අතර, අලුත් ව්‍යාපාර කටයුත්තකට අතගැසීමට ද අවස්ථාව උදාකරයි. තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. පවුලේ කෙනකු සමඟ සිත් නොහොඳකමක් ඇතිවීමට ඉඩ ඇත. අතක වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.
කන්‍යා
වගකීම් බහුල කරන දිනයකි. විශේෂ උත්සව අවස්ථාවන්ට සහභාගිවීමට අවස්ථාව උදාකරයි. දේපළ සම්බන්ධ ගැටලුවක් විසඳා ගැනීමට හැකිවන බවක් පෙනේ. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න.
තුලා
වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරයි. තීරණ වෙනසක් සිදුකිරීමෙන් ගැටලු කීපයක් මතුකරයි. පැරණි හිතවතකු මුණගැසීමට අවස්ථාව උදාකරයි. විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇතිකරන සතියකි.
වෘශ්චික
විශේෂ සැලසුමකට අතගැසීමට කටයුතු උදාකරන දිනයකි. අලුත් රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. පවුලේ මතභේදකාරි බවක් දුර දිග යාමට ඉඩ ඇත. ගුප්ත කටයුතුවලින් පිහිට පතන කාලයකි. වෙනදාට වඩා සිතේ කනස්සල්ලෙන් කටයුතු සිදුකරයි.
ධනු
විශේෂ ආදායම් මාර්ගයකට හිමිකම් ඇති දිනයකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමට ඉඩ ඇත. මවුපස ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. වෙනදාට වඩා මුදල් වැයවන අන්දමේ කටයුතු යෙදෙන බවක් පෙනේ. පවුලේ දානමය කටයුත්තක් වෙනුවෙන් වෙහෙස මහන්සිවීමට සිදුවන දිනයකි.
මකර
දුරබැහැර ගමනක් වෙනුවෙන් සැලසුමක් ඇතිකර ගනී. නිතර පදිංචිය පිළිබඳ ගැටලු මතුවීමට ඉඩ ඇත. අසල්වාසීන් අතර, ඇතිවන සිත් අමනාපයක් දුර දිග යන බවක් පෙන්නුම් කරයි. පාදයේ ආබාධයකට ප්‍රතිකාර පැතීමට සිදුවන දිනයකි.
කුම්භ
අවිවේකී ලෙස දවස උදාකරයි. මානසික අවිවේකයට ද කරුණු යෙදේ. සහෝදර සිත් අමනාපයකට හේතු ඇති කරයි. එහෙත් හදිසි ලැබීමකට හිමිකම් ඇති කරයි. සමාජ සේවා කටයුතුවලට සම්බන්ධ වන දිනයකි.
මීන
සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. පැරැණි හිතවත්කමක් අලුත්වන ලකුණු පෙන්නුම් කරයි. දරුලාභ හිමිකම් ඇති අය වෙනදාට වඩා පරිස්සම් වන්න. තමා පි‍්‍රයකරන කෑම බීම ලැබීමට හේතු ඇති කරයි. අලුත් සැලසුමකට සම්බන්ධවීමට අවස්ථාව සැලසෙන දිනයකි.
ධම්මිකා රාජපක්ෂ
෴ සබැඳි ලිපි ෴
ජනේරුවට අරක් ගත් දෙවියකු ලෙස සලකනු ලබන ජානුස් දෙවියා රෝම නිවෙස්හි බිහිදොරට අරක් ගත් දෙවියා ලෙස සලකමින් යමක් පටන් ගැන්ම එම දෙවියා තුළ යැයි විශ්වාස...
2023-01-12 18:30:00
පංචමහා පුරුෂ යෝග අතුරින් මිථුන-කන්‍යා-ධනු-මීන (ගුරු) හංස යෝගය, වෘෂභ-සිංහ-වෘශ්චික-කුම්භ ලග්න හිමියන්ට (ශනි) සස යෝගය උදාවෙයි. උත්තරායන සිසිර ඍතුවේ...
2023-01-12 18:30:00
මේෂ–කටක–තුලා–මකර රාශිිවලට සස යෝග බලයද මිථුන-කන්‍යා-ධනු-මීන රාශි සඳහා හංස යෝග බලය සහ ගජ ගජකේශරී යෝග බලය උදා කරමින් ග්‍රහ මඬුල්ලේ රජු රවි ග්‍රහයා 2023...
2023-01-05 18:30:00
ජාතික සමඟියෙන් රට පුබුදා ලන්නඅටුකොටු පිරී සාමය එහි රජ වෙන්නජන හදවතට සැනසුම මතු ගෙන දෙන්නඑයවෙයි පැතුම! නව වසරට එළැඹෙන්නකිවිපති චන්දන ශ්‍රී...
2022-12-29 18:30:00
ග්‍රහලොවේ සුකුමාලිය වූත් කලා ලොවට අධිපති සිකුරු ග්‍රහයා මිත්‍ර සෙනසුරුගේ මකර රැසට පැමිණීම මේ මස 29 දින සිංහල පැය 24.42ට සිදු වේ ලග්න රැසකට සුබපල...
2022-12-22 18:30:00
2022 වසරේ දෙසැම්බර් 18 වැනි දින ශිෂ්‍යත්ව විභාග කටයුතු සඳහා නියමිත දිනයක් ලෙස සඳහන්ව ඇත. මෙදින රාත්‍රී 20.16 දක්වා හත නැකත පවතින අතර, 10 වැනි...
2022-12-15 18:30:00
ධනු රවිය වියදම් අධික කාලයක් විදේශීය බලපෑම් ඇති වේ මේ මස 28 වැනි දින පස්වරු 5.26ට බුධ ග්‍රහයා මකර රාශිගත වන්නේය. පසුව දෙසැම්බර් 29...
2022-12-15 18:30:00
සෞඛ්‍ය හා අධ්‍යාපන අංශවලට සුබදායක තත්ත්වයක් කලාවට හිතකාමී අයට කලා ස්ථානවලට අපල දායකයි නළු නිළියන්ට අගුණ කාලයක් ග්‍රහ මඬුල්ලේ රජු රවි...
2022-12-08 18:30:00
බුධ-සිකුරු ධනු රාශි ගතවෙයිග්රහ මාරු රැසක් ග්‍රහ යුද්ධයක් වසරේ අවසන්කෝණ මාසයක උදාව සමඟ උඳුවප් මස ඇරැඹේ කුජ සිකුරු...
2022-12-01 18:30:00
ලබන 28 වැනි සඳුදා දින වී, තේ, පොල්, රබර්, අල, බතල, බුලත් වැනි ඕනෑම බෝගයක් සිටුවීමෙන් වැඩි අස්වැන්නක් ලබා ගත හැකි ප්‍රබල පොකුරු යෝගයක් උදාවන්නේ ය. මේ...
2022-11-24 18:30:00
2022.11.24 දින මෙතෙක් වක්‍රව මීන රාශියේ ගමන් කළ ගුරු ග්‍රහයා නිවෘත වේ. ගුරු වක්‍ර වූයේ ලංකා කේන්ද්‍රයේ 2 වැන්නේය. එය ධනස්ථානයයි. ගුරු ග්‍රහයා...
2022-11-24 18:30:00
විවාහය යනු හුදෙක්ම ලිංගිකමය ජීවිතය ද යන්න ගැන විවිධ පැතිකඩ හරහා විමසුම් ඇසින් විග්රහ කර බැලිය යුතු වේ. ලිංගික උනන්දුව යනු දෙවැන්නා පිනවීමට...
2022-11-17 18:30:00
2022 .11.16 වැනි බදාදා සිංහල පැය 32.42න් ලොව පාලනය කරන්නා වූ සූර්යය දිව්‍යරාජ තෙම කුජහිමි වෘශ්චික රාශියට පැමිණ 2022 දෙසැම්බර් මස 16 තෙක් එහි...
2022-11-10 18:30:00
රවි කුජ හිමි වෘෂභ රාශියට යෑමෙන් ගොවිතැනට හිතකර කාලයක් උදා වෙයි...2022 .11.16 වැනි බදාදා සිංහල පැය 32.42න් ලොව පාලනය කරන්නා වූ සූර්යය දිව්‍යරාජ තෙම...
2022-11-10 18:30:00
අප්‍රතිහත ධෛර්යය හා නොපසුබට උත්සාහය කැපී පෙනෙන කාලයක්අනාගතය ජය ගැනීමට හැකි විධිමත් සැලසුම් එළිදැක්වේලග්න දොළොසටම ගුණාත්මක මෙන්ම ධනාත්මක ප්‍රතිඵල...
2022-11-10 18:30:00
පංචශීල ප්‍රතිපත්තියේ යෙදිය යුතු කාලයක්ජයග්රහණ පතා බාරහාර වීම සුබදායක වෙයිඅළුයට ගිනි මතුවන කාලයක් පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ග්‍රහ යුද්ධයක් ග්...
2022-11-03 18:30:00