ශිෂ්‍යත්ව විභාගයට පිටත් වීමට සුබ නැකැත්

දෙසැම්බර් 16, 2022

 

2022 වසරේ දෙසැම්බර් 18 වැනි දින ශිෂ්‍යත්ව විභාග කටයුතු සඳහා නියමිත දිනයක් ලෙස සඳහන්ව ඇත. මෙදින රාත්‍රී 20.16 දක්වා හත නැකත පවතින අතර, 10 වැනි තිථිය සෞභාග්‍ය නම් යෝගය, ගරජ කරණය පවතින බැවින් සුබදායක දිනයකි. එදින සූර්යය උදාව පෙ.ව. 06.15 වේ.

 

ඔබේ දරුවා විභාගයට පිටත්වීමට පෙර තෙරුවන්ගේ ආශිර්වාදය ලබාගෙන

ජයෝ මුණින්දස්ස සුබෝධි මූලේ

අහෝසි මාරස්ස පරාජයෝහී

උග්ඝෝසයුං දේව ගණා පසන්නා

ඒතේන සච්ඡේන ජයස්සු මයිහං

යන ගාථාව සිහිපත්කොට ඔබේ දරුවාගේ ජන්ම නැකතට අනුව පහසු වේලාවක් තෝරාගෙන පිටත්වන්න.

 

අස්විද පෙ.ව. 06.10

බෙරණ පෙ.ව. 06.22

කැති පෙ.ව. 06.34

රෙහෙණ පෙ.ව. 07.18

07.48 08.18

අද පෙ.ව. 06.22

පුනාවස පෙ.ව. 06.26

පුෂ පෙ.ව. 06.54

අස්ලිස පෙ.ව. 06.54

මා පෙ.ව. 07.06

පුවපල් පෙ.ව. 07.44

උත්‍රපල් පෙ.ව. 06.22 - 07.44

හත පෙ.ව. 06.26 - 08.18

සිත පෙ.ව. 07.06

විසා පෙ.ව. 07.18

අනුර පෙ.ව. 06.18 - 06.54

දෙට පෙ.ව. 06.26

මුල පෙ.ව. 07.06 - 07.08

පුවසල පෙ.ව. 07.06

උත්‍රසල පෙ.ව. 08.18

සුවණ පෙ.ව. 06.22

දෙනට පෙ.ව. 06.22 - 08.16

සියාවස පෙ.ව. 06.26 - 08.29

පුවපුටුප පෙ.ව. 06.56

උත්‍රපුටුප පෙ.ව. 07.06

රේවතී පෙ.ව. 07.18 07.44

යන නැකැත් සුබදායකයි.

****************************

 

විභාගයට පිටත් වීමට පෙර දරුවාගේ ග්‍රහ අපලයට පිළියම්

 

 

සඳු මහ දශාව

සඳු මහ දශාව සඳු අතුරු දශාවන් ගත කරන දරුවන් හට සුදුමල් වැඩිපුර ගෙන බෝධි පූජා තබා පත්තිනි දෙවියන්ට පින්දීම සිදු කරන්න.

රතන සූත්‍රය 7 වරක් හෝ 21 වරක් කියවන්න. සිල් සමාදන් වූ අයකුට සිල් රෙදි පූජා කරන්න.

කුජ මහ දශාව

කුජ මහ දශාව හෝ කුජ අතුරු දශාව ගත කරන්නේ නම් රතු නෙළුම් මල් වට්ටි 07 ක් පූජා කර බෝධි පූජා තබා කතරගම දෙවියන්ට පින් දෙන්න.

දිනපතා අභිසම්භිදාන පිරිත කියවන්න.

රාහු මහ දශාව

රාහු මහ දශාවක් හෝ අතුරු දශාවක් ඇත්නම් මුචලින්ද නාගදරණයක් සහිත බුදුරුවක් අබියස පස්තෙල් දැමූ ලෝහ පහන් 09 දල්වා බෝධි පූජා තැබීම සිදු කරන්න. නිල් මල් පූජා කරන්න. (නිල්කටරොළු) විශේෂයි. වැටකෙයා මල් පූජා කිරීමද යහපත් වනු ඇත. තුන් සූත්‍රය කියවන්න. සාමනේර හිමිවරුන්ට පොත්පත් පැන්සල් පූජා කරන්න.

කේතු මහ දශාව

කේතු මහ දශාව හෝ අතුරු දශාවක් ගත කරන්නේ නම් උදේ වරුවේ බෝධීන් වහන්සේට කෙසෙල් ගෙඩි සමඟ කිරිබත් පූජා කරන්න. සවස රතු මල් වැඩිපුරගෙන බෝධි පූජා තබා කතරගම දෙවියන්ට පින්දෙන්න. තුන් සූත්‍රය කියවන්න.

සිකුරු මහ දශාව

සිකුරු මහ දශාව හෝ අතුරු දශාවක් ගත කරන්නේ නම් සුවඳ මල් වැඩිපුර ගෙන බෝධි පූජා තබා ඊශ්වර දෙවියන්ට හා පත්තිනි මෑණියන්ට පින්දෙන්න. දස දිසා පිරිත කියවන්න. සුදු රෙදි පූජා කරන්න. සුදු සහල්වලින් සෑදූ කිරිබත් පූජා කරන්න.

රවි මහ දශාව

රවි ග්‍රහයාගේ මහ දශාවක් හෝ අතුරු දශාවක් ඇත්නම් රතු මල් වැඩිපුර ගෙන බෝධි පූජා තබා ඊශ්වර දෙවියන්ට පින්දෙන්න. මහා මංගල සූත්‍රය කියවන්න.

ගුරු මහ දශාව

ගුරු මහ දශාවක් අතුරු දශාවක් ගත කරන්නේ නම් කහමල් වැඩිපුර ගෙන බෝධි පූජා තබා කතරගම දෙවියන්ට පින්දෙන්න. අභිසම්භිදාන පිරිත කියවන්න. බෝමළුව, විහාර භූමිය අතුගා පිරිසුදු කරන්න. ඒ සඳහා ඉදල්, කොසු ආදිය පූජා කරන්න. සාමණේර හිමිවරුන්ට පොත්පත් පූජා කරන්න.

සෙනසුරු මහ දශාව

සෙනසුරු ග්‍රහයාගේ මහදශා අතුරුදශා ගත කරන්නේ නම් නිල්මල් වැඩිපුර ගෙන බෝධිපූජා තබා විෂ්ණු දෙවියන්ට පින්දෙන්න. දිනපතා අභිසම්භිදාන පිරිත කියවන්න.

ඒරාෂ්ටක අපල කාලයේ නම් කකුලක් ආබාධිත අයකුට උදේ දානය වශයෙන් නිර්මාංස ආහාර වේලක් දෙන්න.

බුධ මහ දශාව

බුධ මහදශාව අතුරු දශාව ගත කරන්නේ නම් නිල්මල් වැඩිපුර ගෙන බෝධි පූජා තබා විෂ්ණු දෙවියන්ට පින්දෙන්න. අටවිසි පිරිත කියවන්න. උගත්කමින් යුතු අසරණ තත්ත්වයට පත්වූ අයකුට මුං ඇටවලින් සාදන ලද කෑම, බුලත් ආදිය පරිත්‍යාග කරන්න.

 

ජ්‍යෝතිෂවේදිනී

ගීතිකා සමරතුංග

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.