පංච මහා සම්පත්තිය හිමි දරුවෙක් නිකම්ම නොලැබේ

නොවැම්බර් 18, 2022

 

විවාහය යනු හුදෙක්ම ලිංගිකමය ජීවිතය ද යන්න ගැන විවිධ පැතිකඩ හරහා විමසුම් ඇසින් විග්‍රහ කර බැලිය යුතු වේ. ලිංගික උනන්දුව යනු දෙවැන්නා පිනවීමට දක්වන වුවමනාවයි. එයට සෞන්දර්යාත්මක බව අනිවාර්ය වේ. ස්ත්‍රී ශයනයේ වෛශ්‍යා නාම් යනුවෙන් දැක්වෙන්නේ නිදියහනක වැතිර ඇති දර කොටයක් නොවේ.

ලග්නයේ රාහු, කුජ, රවි සිටීම වැන්දඹු යෝගයකි. ලග්නය වෘෂභය හෝ ධනු වී 12 වැන්නේ ශනි, කුජ, රවි, සඳු යන ග්‍රහයකු සමයෝග වූ රාහු හෝ කේතු සිටීමද වැන්දඹු යෝගයකි. පුරුෂ නාශක ද වේ.

සඳු කටකයේත් ශනි කුම්භයෙන් සිටීම සුබ නැත. ලග්නයේ සඳු දුර්වලව සිට කුජ 6 හෝ 8 සිටියොත් සැමියාට මාරක වේ.

නීච, ශුක්‍ර ග්‍රහයා දුටු පාපීන් කේන්ද්‍රයේ 5 වැන්නේ සිටීමෙන් බිරියට අයහපත් ය. ලග්නාධිපතියා 4 වැන්නේ පළමු පාදයේ දක්වා ඇත්නම් බිරියන් දෙදෙනෙකු වේ. රවි ලග්නයේ සිට ශනි 7 වැන්නට ගියේ නම් සහකරු හා සහකාරියට විපත් ගෙන දේ. හත අධිපතියා 11 අධිපතියා සමඟ යෝග වූයේ නම් බහු විවාහයක් ය. පාපීන්ට මැදි වූ ශුක්‍ර හෝ 4 රේ නම් සිය විවාහකයා දිවි නසා ගනී. 2 වැන්නේ 7 වැන්නේ හෝ 8 වැන්නේ සිටි අඟහරුගේ දශාව ලැබීමෙන් යුග දිවිය අවුල් වේ. දුබල රාහුගේ දශා කාලය තුළ යුග දිවියට කරදර පැමිණේ. විවාහ වී වසරකින් පසු රාහු දශාව ලැබීම අසුබයි. පාපීන් 7 වැන්නේ යන කාලය තුළ විවාහ වීම අසුබයි. ශනි රාහු 8 වැන්නේ අධිපතියා සමඟ හැසිරෙන කාලය තුළ විවාහයට අසුබයි.

ගුරු 6, 8, 12 ගමන් කරන කාලය තුළ විවාහය අයහපත් ය. බ්‍රහස්පති 1, 2, 5, 7, 9, 11 යන රාශියක ගමන් කරන කාලය තුළ විවාහයට ඉතාම සුබයි. දෙදෙනාගේ සුබ ග්‍රහ හැසිරීම තතිබෙන කාලය තුළ විවාහ වීම සුබයි.

ගුරු, ශුක්‍ර, සඳු දශාව තුළ විවාහ වීම ඉතාම සුබයි. වාසනාවන්ත දරු සම්පත් හිමි වේ. උපන් මාසය, තිථිය විවාහයට යෝග්‍ය නැත. විවාහ වන දිනයේ පෝරුවෙන් බසින තෙක් සුබ වීමත් එයින් පසු අසුබ වීමත් ඉතාම අසුබයි.

පසුදින පහන් වන තුරුම ඉතාම සුබ නැකත් වේලාවක් වීම අනිවාර්ය වේ. විවාහවීම, පෝරු චාරිත්‍රය මෙන්ම මධුසමය ගත කිරීම යන කරුණු තුනම අතිශයින්ම වැදගත් වන්නේ ය. වාසනාවකට එදින සම්භෝග රැයේ දාරක සම්පත් බීජයක් කළල්ගත වීමේ මහා භාග්‍ය අත් වුවහොත් කොතරම් වාසනාවක්ද? පෝරුවෙන් බැසීම මෙන්ම යහනෙන් බැසීම ද මහා භාග්‍ය සම්පන්න විය යුතු යි. ආයු වර්ණ සැප බල ප්‍රඥා යන පංචමහා සම්පත්තියම හිමි දරුවෙකු ලැබීමේ මහා වාසනාව පාදා ගැනීමට ජ්‍යෝතිෂ විද්‍යාවේ සඳහන් වී ඇති සුබ නැකත්වල බලශක්තිය ගැබ් වී ඇති බැව් මෙහිලා සනිටුහන් කර සිටිමු.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.