විදෙස් සහ සම්බන්ධතා ව්‍යාපාර දියුණුව සලසමින් සිකුරු මකර රාශියට

දෙසැම්බර් 23, 2022

ග්‍රහලොවේ සුකුමාලිය වූත් කලා ලොවට අධිපති සිකුරු ග්‍රහයා මිත්‍ර සෙනසුරුගේ මකර රැසට පැමිණීම මේ මස 29 දින සිංහල පැය 24.42ට සිදු වේ

ලග්න රැසකට සුබපල

පාරිසරික විපත් හා මාර්ග අනතුරු ද බහුල කාලයක්

ආගම දහමට ගරු කළ යුතු කාලයක්

මෙදින තත්කාල ලග්නය සිකුරු හිමි වෘෂභ රැසයි. ලග්නයේ සිටින්නේ 12 - 7 අධිපති කුජයි. රවි බුධ දෙපළ 8 වැන්නේ ධනු රැසෙහි සිටී. සිකුරු ධර්ම කර්මාධිපති සෙනසුරු හා එක්ව භාග්‍යස්ථානයේ ය. නෙප්චූන් 10 වැන්නේ ද සඳු ගුරු දෙපළ 11 වැන්නේ හා යුරේනස් රාහු සමඟ 12 වැන්නේ සිටී. අඟහරු ලග්නගත වීම එතරම් ශුභ නොවන බව පෙනේ. එසේ වුවත් විදේශ සහසම්බන්ධතා ද ව්‍යාපාර දියුණුව ඇතිවේ.මහජන විරෝධි ක්‍රියා, උද්ඝෝෂණ ඇති විය හැකි අතර ආරක්ෂ අංශවල සේවාද ඉහළ යනු ඇත. පාලන තන්ත්‍රයේ යම් යම් ක්ෂේත්‍රවල සංශෝධන සිදුවිය හැකි අතර පළාත් මැතිවරණය 2023 වසරේ මුල් භාගයේදී විය හැක. ආගම දහමට ගරු නොකරන පිරිස් නිසාම සමාජීය ගැටලු පැන නැඟීමට හේතුවේ. නීතිවේදීන්ට අධිකරණ කටයුතු සම්බන්ධව නරක ආරංචි පැතිරේ. නව නීතිරීති පැනවේ. ආයතනවල සිදුවන කටයුතුකම් සොයා බැලේ. පාරිසරික විපත් හා මාර්ග අනතුරු ද බහුල කාලයක් නිසා පරිස්සම් වීම මැනවි.

මේෂ - 2 - 7 අධිපති සිකුරු 10 වැන්න වූ කර්මස්ථානයට පැමිණේ. රැකී රක්ෂාදියේ වෙනස්වීම් ඇති වේ. ව්‍යාපාර ආරම්භ කිරීමට අවස්ථාව, ආර්ථිකය යහපත් වේ. පවුලේ කටයුතු පිළිබඳ සැලකිලිමත් වන්න.

වෘෂභ - ලග්නාධිපති 6 වැන්නාධිපති සිකුරුවේ. 9 වැන්න වූ භාග්‍යස්ථානයට පැමිණීම සුබ දායක වේ. වාසනාව පෑදේ. විදේශ ගමන් යන අයට ඒ සඳහා අවශ්‍ය කටයුතු සඵල වේ. අභිමතාර්ථ සපල වේ.

මිථුන - 5 - 12 අධිපති සිකුරු 8 වැන්නට ඒම නරක නැත. දැනට ගතවන අෂ්ටම ඒරාෂ්ටක තත්ත්වයට අමතරව විපරීත යෝග දෙකක් ම සිකුරු ශනිගෙන් ගෙනදේ.

කටක - සිකුරු 4 - 11 අධිපතිවේ. සත්වැන්නේ සෙනසුරු සමඟ ගමන් කරයි. පදිංචි ස්ථානවල වෙනසක් ඇතිවීමට පුළුවන. ගේ දොර ඉඩකඩම් ලාභ ඇතිවේ. භූමි ලාභ ලැබේ. පවුල් ජීවිත ගත කරන අය ඉවසීමෙන් ක්‍රියා කළොත් දෝෂ අවම වේ. මත ගැටුම්වලට හේතුයි.

සිංහ - 6 වැන්නේ යෝග යෙදේ. තම ඥාතීන් සමඟ ගනුදෙනු කිරීමේ දී දෙවරක් සිතා බලන්න. ශාරීරික රෝග සඳහා ඖෂධ ගන්නේ නම් සුව වීම පමාවේ. රැකී රක්ෂා කටයුතු වෙනස් වේ. ව්‍යාපාරවලින් පාඩු සිදු වේ.

කන්‍යා - 2 - 9 අධිපති සිකුරු 5 අධිපති සමඟ පස්වැන්නේ ගමන ශුභ දායක වේ. අලුත් ව්‍යාපාර ආරම්භයට, විදේශ ගමන් යාමට පුළුවන. තරග විභාග ජය ලැබේ. උසස් අධ්‍යාපනයට වරම් ලැබේ. පවුලේ කටයුතුවලදී බාධා, කරදර, අපවාද චෝදනා ඇතිවිය හැක.

තුලා - 4 වැන්නට පැමිණෙන්නේ ලග්නාධිපති සිකුරුය. එය දිග් බලස්ථානයයි. 4 වැන්නාධිපති සෙනසුරු මිත්‍ර ග්‍රහයා වේ. අලුතින් නිවාස ආරම්භයට හොඳයි. ධනය ලබාදේ. බන්දු මිත්‍රාදීන්ගේ සහයෝගය ලැබේ. යාන වාහන ගැනීමේ දී දෙවරක් සිතන්න.

වෘශ්චික - 7 - 12 අධිපති සිකුරු 3 වැන්නට පැමිණේ. සිතුවිලි උසස් වේ. තම අභිමාර්ත සපලවේ. සහෝදර පක්ෂයේ උදවු ද ලැබේ. දැඩි ආත්ම ශක්තියකින් ජීවන ගමන යයි. පවුලේ කටයුතු සම්බන්ධව සැලකිලිමත් වන්න.

ධනු - සිකුරු, ශනි දෙපොළම සතුරු වේ. දෙවැන්න ධනස්ථානයයි. මුදල් පරිහරණයේ දී ගනුදෙනු කිරීමේ දී දෙතුන්වරක් සිතන්න. තැන්පත් ධනය ද නිකරුණේ වැය වීමට පුළුවන. කෙසේ වෙතත් බාධක කරදර මධ්‍යයේ වුවද ජීවන ගමන සාර්ථකව පවත්වාගෙන යාමට හැකිවේ.

මකර - 5 -10 අධිපති ලග්නාධිපති සමඟ ලග්නයේ හැසිරෙන මේ කාලයේ ඒරාෂ්ටක පැවතුණත් තම ජීවන ගමන සාර්ථකව පවත්වාගෙන යාමට හැකිවේ. සුළු සුළු බාධක කරදර පැමිණුන ද ඒවා මැඬගෙන තම ඉදිරිගමන යා හැකිය. අභිමතාර්ථ සපල වේ. විදේශ ගමන්වලට හා නව රැකියා මාර්ග ඇතිවේ. වෙළඳ ව්‍යාපාර දියුණුවේ.

කුම්භ - බාධක ග්‍රහයා වුවද 12 වැන්නේ ගමන නරක නැත. සෞඛ්‍ය අධ්‍යාපනාදියට හොඳයි. අනුන්ගෙන් ප්‍රතිඋපකාර ලබාදේ. මුදල් වැය කිරීමේ දී දැඩි ලෝහය අත හරින්න. මුදල් යෙදවීමේදී දෙවරක් සිතා බලා කටයුතු කරන්න. 4 වැන්නේ ගෘහ ලාභ ඉඩ කඩම් ලැබීම ආදියට හොඳයි.

මීන - 4 වැන්නේ යෝගය යෙදේ. වෙළහෙළදාම් ආදියට වරදක් නැත. මිල මුදල් යෙදවීමේ දී සාමාන්‍ය ප්‍රමාණයට යොදවන්න. සමහර අවස්ථාවල ලාභ පාඩු විඳදරා ගැනීමට සිදුවේ. චිත්ත පීඩාදිය විය හැකිය. රැකී රක්ෂා කටයුතුවල වෙනසක් සිදුවේ. ආර්ථිකය ගැන නිතර සිතන්න. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.