වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ජුනි 11 ඉරිදා - ලග්න සහ රාහු කාලය
ජුනි 10, 2023
ඉර උදාව - පෙ.ව. 05.54
ඉර බැසීම - ප.ව. 06.25
රාහු කාලය - ප.ව. 04.51 - 06.25 දක්වා
ශුභ දිශාව - දකුණ
මේෂ
දියුණුවට යම් යම් කටයුතු සිදුවන දිනයක් වන අතර මුදල් ලාභද ලැබෙනු ඇත. ඥාති මිත්‍රාදීන් සමඟ පී‍්‍රතියෙන් ආශ්‍රය කිරීමටද ඉඩ ලැබේ. කරන කියන සැම කටයුත්තකින්ම සිතට පී‍්‍රතියද සැනසීමද ඇතිවනු ඇත. වෙළඳ ව්‍යාපාර කරගෙන යන අයට වැඩි ලාභ ලැබීමටද පුළුවන.
වෘෂභ
අන්සතු දෙයක් ලැබීමට ඉඩ ඇති අතර රැකීරක්ෂා කටයුතුවලට උත්සාහ කිරීමට සිදුවන අතර ජලය ආශි‍්‍රත කටයුතුවලින් ලාභ ද ලැබේ. බර වැඩක් කිරීමට සිදුවීමට හෝ එවැනි දෙයක් ගැන සිතුවිල්ලක් පැන නැගීමට පවා ඉඩ ඇති අතර තම තත්ත්වය උසස් කර ගැනීමටද සිතයි. පවුලේ වැඩිහිටි අය සමඟ ගනුදෙනුවක් ඇතිවිය හැකියි. කම්මැලි ගති නැතිව උනන්දුවෙන් කටයුතු කරයි.
මිථුන
සිත්තැවුල් කණගාටු සහිත දිනයකි. උසස් අයගෙන් හෝ වැඩිහිටියන්ගේ දෝෂ දර්ශනයට යොමුවන බවක් පෙන්වයි. කරදර සහිතව කාලය ගතවන අතර පිනට දහමට ආශාව මෙන්ම ආගම් භක්තිය ද ඇතිකරයි. ශරීරයෙහි දුර්වල ගතියක්, පපුව සම්බන්ධ අමාරුවක් හෝ ශරීරයට වෙහෙස ගතියක් ඇතිවේ.
කටක
අවුල් වියවුල් සහිත දිනයකි. කරගෙන යන කටයුතුවලට බාධා අවහිරකම් හෝ වැඩට සිත් නොදෙන දිනයකි. නිතර අධෛර්යවත්ව කටයුතු කරන අතර කම්මැලි අලසගතියක් ද ඇතිවේ. සිතට සැකයක් ඇතිව සෑම දෙයක්ම කිරීමට සිදුවනු ඇත.
සිංහ
සැප පහසුවට කටයුතු කිරීමට ලැබෙන අතර හොඳ ආහාර පානද ලැබෙනු ඇත. මිත්‍රයන් හා ආශ්‍රය ඇතිවන දිනයකි. වෙනදාට වඩා හොඳට සැපට නිදා ගන්නට ලැබේ.
කන්‍යා
සැප පහසුවට සිටීමට කටයුතු කිරීමට හැකි දිනයක් වන අතර, හොඳ ආහාර පානද ලැබෙනු ඇත. බලාපොරොත්තු ඉටුවන බවක් පෙන්නුම් කරයි. සිතේ සතුටට කරුණු සැලසේ.
තුලා
ආදර සම්බන්ධයක් නිසා සිත්තැවුල් ඇතිවන දිනයකි. සිතේ පී‍්‍රතිය අඩුව යනු ඇත. බලාපොරොත්තු කඩවන අතර බාහිර කරදර මතුවන දිනයකි. අධික වියදම් ධනහානි ඇතිකරයි. බඩේ අජීර්ණ ගති ඇතිවනු ඇත.
වෘශ්චික
මිල මුදල් හානියක් හෝ අධික වියදමක් යෙදෙන දිනයකි. ඥාතීන් සමඟ හෝ ඇසුරු කරන අය සමඟ මතභේද තත්ත්වයන් ඇතිවීමටද ඉඩ තිබේ. කල්පනාවෙන් හෝ ඉවසිල්ලෙන් කටයුතු කළයුතු දිනයක් වන අතර කරගෙන අ කටයුතුවලට බාධා ප්‍රමාදවීම්ද ඇතිවේ. හිතවතුන්ගේ සංග්‍රහයකට සහභාගිවීමට හෝ තෑග්ගක් ලැබීමට ඉඩ තිබේ.
ධනු
තම කටයුතු සාර්ථකවේද නොවේද මිල මුදල් ලැබේද නොලැබේද යන හිතේ චංචල ගතියකින් යුතුව කටයුතු කරන දිනයකි. මුදල් නැතිකම ගැන කරදර ඇති කරයි. අන් අය හා වාද විවාදවලට යාමෙන් සතුරන් ඇතිවීමට පවා ඉඩ ඇති බැවින් පරිස්සම් විය යුතු ය.
මකර
පාඩු අලාභ හානි සිදුවන අතර අන් අය අතර තමා කෙරෙහි පැවති ගෞරවය අඩුව යනු ඇත. බලාපොරොත්තු කඩවීම් විවාහයකු නම් තම බිරිඳට හෝ ස්වාමිපුරුෂයාට සුළු හෝ ආබාධයක් වැළඳේ. කරගෙන ආ කටයුතු ප්‍රමාදවිය හැකි බැවින් උත්සාහයෙන් වැඩ කළයුතුයි.
කුම්භ
එදිනෙදා කටයුතු පැවති තත්ත්වයට වඩා හොඳ තත්ත්වයකට හැරෙන අතර සුළු සුළු ලාභ ලැබෙන දිනයක් ද වනු ඇත. පී‍්‍රතිය ගෙන දෙන සුළු ගමන් යාමට අවස්ථාව උදාකරයි. ස්ථාන පිළිබඳ වෙනසක් ඇතිවීමටද ඉඩ තිබේ. අතීතය ගැන සිතා සතුටුවීමට හෝ දුක්වීමට අවස්ථාවක් ද යෙදෙනු ඇත.
මීන
ගනුදෙනු නිසා ආරවුල් ඇතිවේ. තම හොඳ නමට කැළල් ගෙන දෙන බැවින් කල්පනාකාරීව කටයුතු කළයුතු වනු ඇත. දේපළ පිළිබඳව හෝ තම අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන දිනයකි.
ඡ්‍යොතිෂවේදිනී
ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
අප කෙනෙක් දුටුවිට අපේ සිත් ගන්නේ වශී වන්නේ ඇයි?. මෙයට හේතු ගණනාවක් තිබේ. ලොව පහළ වුණ සියලු පින් ලකුණු ඇති දුටු දුටු නෙතට රසඳුනක් වූ රූසිරින්...
2022-03-17 18:30:00
කලාතුරකින් උදාවෙන සුබ මුහුර්තයක් අපේ‍්‍රල් මාසයේ උදාවේ. එනම් 2022 අපේ‍්‍රල් මස 06 වන බදාදා දින පෙරවරු 9.10 ටය. උතුරු දිශාව බලා සියලු සුබ කටයුතු...
2022-03-10 18:30:00
එදා අපේ ඉපැරැණි ගැමි විවාහ චාරිත්‍ර ක්‍රමවේදයන් අද වන විට වෙනස් වී තිබේ. දෙපක්ෂයේම වැඩිහිටියන්ගේ කතිකාවතක් හරහා උපදේශකත්වය මුල්කොටගෙන සුබ...
2022-02-24 18:30:00
ඡ්‍යොතිෂ පුවත්පත්, ඡ්‍යොතිෂ සටහන් වැනි ඡ්‍යොතිෂයට අයත් ඕනෑම පොත පතක් කියවා ඔබ ජය ලබන්න ඕනෑ. ඡ්‍යොතිෂයේ අරමුණ ඒකයි. ඡ්‍යොතිෂය කිව්වේ ශාස්ත්‍රයක්...
2022-01-27 18:30:00
2022 වසර මඟුල් සක්වළක්. කුමක් හෝ ශිල්පයක් ශාස්ත්‍රයක්, දැනුමක් තිබෙන අයට විශේෂයෙන් විවාහ මගුලක් ඇති කරන ඔබට මේ වසර ඉතා වාසනාවන්තයි. ඒක එසේම වේවායි...
2022-01-20 18:30:00
ලග්න 9කට සමඵලලග්න 3කට ඒරාෂ්ඨක අපලවෛරස රෝ බිය අඩුවේදේශපාලන හා ආර්ථික අංශවල සුවිශේෂී වෙනස්කම්දේශගුණ හා කාලගුණ විපර්යාශ රැසක්ජනතාව නැගිටින වසරක් අප...
2022-01-20 18:30:00
මේෂ,කටක, තුලා, මකර යන ලග්න හිමියන්ට ශශ යෝගය දූෂණ ක්‍රියාවල යෙදෙන්නන්ට ජනතාවගෙන්ම ප්‍රතිචාර මහ භාණ්ඩාගාරය තරවෙයි වෙළඳ ව්‍යාපාර සරුවෙයි...
2022-01-13 18:30:00
සිතුවම සමන් ශ්රීකාන්තමෙත් සිතින් යුත් දෙව් බඹුන් නෙත් යොමුවෙලා සත් උදම් වේවාසිත් තොසින් සැම දෙනාහට දිවිමගේ සුබසෙත ළඟා වේවාකෙත් පලින් බර වෙලා...
2022-01-06 18:30:00
කවිය යන වචනය සංස්කෘත භාෂාවේ කාව්‍යය යන්නෙන් බිඳී ආවකි. කාව්‍යය සහ කවිය යන දෙපදයන් එකම මූලයකට අයත් වුවද අර්ථ වශයෙන් හා ව්‍යවහාරය අනුව ගත්කල එම පද...
2021-12-16 18:30:00
මානව වංශ කතාවෙහි දුර ඈත අතීතයේ සිටම ග්‍රහ වස්තූන් හා මිනිසා අතර පැවැති සබැඳියාවත් බෞද්ධ දර්ශනය හා ඡ්යෝතිෂයත් අතර ඇති වෘක්ෂලතාවන්හි පවතින දැඩි...
2021-12-02 18:30:00
ඈත අතීතයේ පෙරදිග ධාන්‍යාගාරය නමින් විරුදාවලිය ලත් ශ්‍රී ලංකා වාසී අප සැබැවින්ම කෘෂිකර්මය මුල් කරගනිමින් අපට ආවේනික වූ ආහාර වර්ග මේ සරු පොළොවේ වගා...
2021-11-25 18:30:00
මංගල දිනයේ ඉතාම ප්රශස්ත සුබ ධනාත්මක ග්‍රහයෝග සහිත නැකැත් තෝරා ගැනීම අනිවාර්ය වන අතර ඉතාම අසුබ ග්‍රහ හැසිරීම් රටාව අනුව අසුබ ග්‍රහ සංයෝග පහතින්...
2021-11-18 18:30:00
2021.11.16 වැනි කුජ දින පැය 17.12 න් කුජ හිමි වෘශ්චික රාශියට පැමිණ ලොව පාලන බලය අතට ගෙන ක්‍රියා කරන රවි 2021.12.16 වැනි දින පහන් වීමට පෙර එහි රැඳී...
2021-11-04 18:30:00
ඔබේ වාහන සිහිනය කවදා සැබෑවේද යන්න සිත්හි ඇත. ඔබගේ කේන්ද්‍රය අනුව ඔබට වාහන හිමිවේද නැද්ද යන්න දැන ගැනීමට ඡ්‍යොතිෂයෙන් හැකියාව ඇත. වාහන සම්බන්ධව කේන්ද්...
2021-10-28 18:30:00
තුලා රාශියට සංක්‍රමණය වූ රවි - කුජ - බුධ ත්‍රිත්ව යෝගය නිසා මේෂ - වෘෂභ-මිථුන-සිංහ-කන්‍යා-තුලා-ධනු-කුම්භ-මීන යන ලග්න 09ට ඉතා ප්‍රසන්න සුබපල ගෙනදෙන අතර...
2021-10-28 18:30:00
ගජ කේෂරී, රවි බුධ ආධිත්‍ය නීච භංග ගුරු ශනි යෝග බලැතිව, කුජ ශනි, කුජ ගුරු චතුර්කෝණ ශනි චන්ද්‍ර ෂඩ් කෝණ දෘෂ්ටියෙන් දක්ෂිණායන හේමන්ත සෘතුවෙහි තුලා...
2021-10-21 18:30:00