වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
රට වැසියනට සිරිසෙත සලසමින් රවි-ධනු රැසට
2019 වසරේ සිදුවන අවසාන රවි මාරුව 2019.12.16 දින චන්ද්‍ර පැය 23 විනාඩි 12 ට සිදුවේ. ග්‍රහලොවේ පිය රජු ගුරු හිමි ධනු රාශියට පැමිණ 2020 ජනවාරි 14 දක්වා එහි ගමන් කරනු ඇත.
“මුල පුවසල තුරුසල පෙදෙක ධනු රැස” කීවාසේ කේතු හිමි මුල නැකතත් සිකුරු හිමි පුවසල නැකතත් හා රවි හිමි උත්‍රසල නැකතේ පළමු පාදයත් යන නකත් පාද නමය සම්පූර්ණවීමෙන් ගුරු හිමි ධනු රැස නිර්මාණය වී ඇත. මසක පමණ කාලයක් රවි එහි ගමන් කරනු ලබන අතර එකී තත්කාල ලග්නය මේෂ රාශිය වේ. එකී ග්‍රහ පිහිටීම් විමසා බලන විට ලග්නගත යුරේනස් ද රාහු උච්චව තුන් වැන්නේ ද, සඳු සිව් වැන්නේ දිග් බලයෙන්ද, සත් වැන්නේ කුජද, බුධ අට වැන්නේ ද, නම වැන්නේ රවි ගුරු, ශනි හා කේතු ද සිකුරු දහ වැන්නේ ද නෙප්චූන් 11 වැන්නේ ද වේ. නවාංශකය වෘශ්චිකයයි. සිකුරු වර්ගෝත්තම වේ. දෙසැම්බර් 25 වෙනි දින බුධ ධනු රැසට පැමිණෙන අතර එදිනම අඟහරු ද වෘශ්චික රැසට පැමිණ බලවත් වේ. 2020 ජනවාරි 09 දින සිකුරු කුම්භ රැසට පැමිණෙන අතර ජනවාරි 13 වෙනිදින නැවත බුධ මකර රැසට ප්‍රවේශ වේ. තත්කාල ග්‍රහ පිහිටීම් අනුව වැදගත් යෝග කිහිපයක් විද්‍යාමාන වේ. සඳු 4 අධිපතිව දිග්බලවීමද රවි දෑලේ බුධ සිකුරු පිහිටීම ද 9 - 10 අධිපති ගුරු, ශනි දෙපල එකතුවීමද හා එහි යෙදෙන ධර්ම කර්මාධිපති රාජයෝගයද බුධ 6 අධිපතිව 8 විපරීත යෝග බලයද අති ප්‍රබල ග්‍රහ පිහිටීම් වේ. මේ තත්ත්වය සැලකිල්ලට ගත් කල රටෙහි ජනතාවට සහන සැලසෙන හා ඔවුන්ගේ සමෘද්ධිය උදාවන බව පෙනෙන්නට තිබේ. කෘෂි භෝග සම්පත් දියුණු වේ. මහජන සුබ සිද්ධිය සඳහා රජය ගනු ලබන ක්‍රියාවන් මල්පල ගැන්වේ.
06 පිටුවට...
ඡ්‍යොතිෂවේදී-වැලිගම
කේ. එච්. ධනපාල