හොඳ නරක දෙකම දෙන සෙනසුරු

ඔක්තෝබර් 18, 2019

කකුලක හොඳ නොවන තුවාලයක් ඇති වැරහැලි ඇදගත් තැනැත්තෙකුගේ ස්වරූපයක් ඇති අයෙකු වශයෙන් හඳුන්වනු ලබන සෙනසුරු ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේදී හඳුන්වනු ලබන්නේ සූර්යය දිව්‍ය රාජයාගේ පුත්‍රයා ලෙසය. රාත්‍රී කාලයේ උපන් අයට සෙනසුරු පීතෘ කාරක ලෙසත් හඳුන්වයි.

මිනිසෙකුගේ සියලු යස ඉසුරු නැතිකර මහමඟ සිඟාකෑමට පොළඹවන්න තරම් ශනි ග්‍රහයා සතු බලය ශක්තිමත්ය. එසේම හිඟන්නකු වුවත් දුකින් මුදා මහා ධනවතෙකු බවට පත්කිරීමටත් සෙනසුරුට හැකිය.

මේෂ ලග්නයේ 10 වැන්න හා 11 වැන්න අධිපති සෙනසුරු ග්‍රහයා 5 වැන්නේ සිටියහොත් ශනිගේ නියම ස්වභාවය විකෘති කරන තත්ත්වයට පත්කරයි. සිතේ තද ගති ස්ථිර ගති ඇතිවුවත් එය තමාගේ දියුණුවට අදාල නොවේ. අධ්‍යාපනය ලබන්නෙක් නම් එයට බාධා පමුණුවයි. පේ‍්‍රම සබඳතාවලට කරදර ඇතිවන අතර, දරුවන්ටද යහපත් නොවේ.

එහෙත් ශනි 9 වැන්නේ සිටින්නේ නම් ඉවසීම හා තැන්පත් බව ඉස්මතු කරන අතර, අවංකකම හා ආගම දහම කෙරෙහි වැඩි භක්තිමත් භාවයක් ඇතිකරයි.

වෘෂභ ලග්නයට 9 සහ 10 අධිපති සෙනසුරු 5 වැන්නවූ කන්‍යා රාශිගත වීම ශුභ පිහිටීමක් වන අතර. බාධක මැද වුවත් අධ්‍යාපන කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට හැකිවෙයි. විද්‍යා විෂයන් කෙරෙහි දක්ෂතාවයක් දක්වන අතර එයටම අදාළ රැකියාවකද නිරතවීමට හැකිවේ. නිතර පිනට දහමට ලැදිව කටයුතු කරයි. මෙම තත්වය මෙසේ හොඳ අතට බලපාන අතර එහි නරක පැත්තක්ද ඇත. ආමාශ ගත රෝග ආහාර අරුචිය, ඇතිකරයි. සිකුරු සමඟ යෝග වුවහොත් කලකිරීම් ද ඇතිකරන අතර මෙම යෝගය බුධ දෘෂ්ටිය වැටුණහොත් විවාහ සැප අහිමි වෙයි.

මිථුන ලග්නයට 8 වැන්න හා 09 වැන්න අධිපති වන අතර, 5 වැන්න වූ තුලා රාශියේ සිටීමෙන් බලයෙන් උසස් තත්ත්වයකට පත් කරවයි. උච්ච සෙනසුරු හොඳ අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු කරයි. දරුඵල අඩු වුවත් රූමත් දරුවන් ලැබෙනු ඇත. නවවැන්න

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.