බලගතු නැකතක මහිමය

ජුනි 28, 2019

කොතලාවල මැතිතුමා නිතරගයෙන් රාජ සභාවට යවන්නට ජසයා ගුරුන්නාන්සේ සෑදූ නැකත

මුලින්ම ජෝන් ලයනල් කොතලාවල යැයි නම් කෙරී තරුණ වියෙහිදීම එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙහි උසස් අධ්‍යාපනය ලබා ගොවිකම පිළිබඳව ඉහළ දැනුමක් ඇතිව සිය රට පැමිණ තම පියාණන්ගේ ආභාෂය අනුව යුද හමුදාවට ද බැඳී මේජර් තත්ත්වයදට උසස්ව සිටින තරුණයා හමුවේ ප්‍රථමවරට ඩොනමෝර් කොමිසමේ නිර්දේශය අනුව වර්ෂ 1931 දී රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයට ඉදිරිපත්වීමේ අවස්ථාව උදාවුණේ ය.

යකෙකුටත් බය නැති ප්‍රාදේශිය අධිපතියකුගෙන් මින් ශත වර්ෂ ගණනාවකට ඉස්සර ‘කොතලෑවල’ යනුවෙන් වූ ප්‍රදේශය නින්දගමක් ලෙස ලැබුවායින් පසුව ‘කොතලාවල පරපුර’ බිහිවිණැයිද ඉතිහාසයෙහි සඳහන්ව ඇත්තේ ය.

එම පරපුරේ දස්කම් විස්කම් දැක්වූ ජගතකු ලෙස සඳහන්ව ඇත්තේ ඉංගී‍්‍රසි පාලන යුගයේ පොලිස් දෙපාර්තමේන්තුවේ සාජන් මේජර් පදවියක්ද ලබා මහා හාස්කම් නිසා මෙරට පමණක් ද නොව පිටරට ද පසිඳු නාමයක් වූ ජෝන් කොතලාවල මහතා ය.

රටේද අවාසනාවකට මෙන් එතුමන් භයානක කුමන්ත්‍රණයකට අසුව මිය ගියාට පසුව ඒ පිළිබඳවද ශෝකයට පත් මහජනයා එතුමාගේ නිවෙස වටලා කෑගසද්දී මේ වන විට නවවැනි වියේ සිටි එතුමාගේ වැඩිමහලු පුත් ජෝන් ලයනල් කොතලාවල දරුවා නිවසේ සඳළුතලයට ගොස් ‘බයෙවන්න දෙයක් නැහැ, ලොකු කොතලේ බිඳුනට පොඩි කොතලෙ තියෙනවා’ යනුවෙන් කී බවද එකල පළ විය. එයින් ජනයා සැනසුමකට පත්ව විසිර ගියහ.

එහෙව් කොතලාවල දරුවා මෙසේ ලොකු මහත් වී පිටරට ඉගෙනගෙන සියරට පැමිණ රාජ්‍ය මන්ත්‍රණ සභාවට ‘කුරුණෑගල ආසනයේ මන්ත්‍රීධුරාපේක්ෂාවෙන්, ඉදිරිපත් වූයේ ය. තම මවගේ පියාණන්ගේ ආටිගල මුදිලිතුමාට අයත් මිනිරන් ආකර හා වතුපිටිවලින් යුතු ප්‍රදේශයක් නිසා කොතලාවල තරුණයාට කුරුණෑෑගල ආසනය දිනා ගැනීම පහසු කටයුත්තක්ද වූයේ ය. මෙකල එතුමන් එහි ප්‍රදේශවාසීන් අතර ජනපි‍්‍රය වැදගත් චරිතයක් ද වූ හෙයින් ජන්ද 17, 159 ක් ප්‍රතිවාදී ඒ.බී.සී ද සොයිසා මහතාට වඩා වැඩි ඡන්ද 9045 ක් ලබා කොතලාවල තරුණයා රාජ්‍ය මන්ත්‍රීවරයෙකු වූයේ ය. මෙහිදී මෙම ජයග්‍රහණයෙන් පසු රාජ්‍ය මන්ත්‍රණ සභාවට එතුමන් ඇඳගෙන ගියේ උඩරට තුප්පොට්ටිය සහිත විසිතුරු ඇඳුමය.

මෙම ඇඳුම ඇඳගෙන සිටීම තරමක් අපහසු එකක් වූ නමුත් මා කළේ රාජ සභාවට මගේ මේ පැරණි දේශීය ඇඳුම හඳුන්වාදීමයි.’ යනුවෙන් ඉන්පසුව එතුමන් කියා සිටි බව පත්තරවල පළවිය.

ඉන්පසුව එතුමෝ රජ සබය තුළින් ජනසමාජය තුළත් ‘සිංහල අධිපති නායකත්වයක් ‘නියෝජනය කිරීමට කටයුතු කළහ. තම පෞද්ගලික ධන බලයෙන්ද, ඉංගී‍්‍රසි ආණ්ඩුවේ පරිපාලන බලයෙන්ද සිය කොට්ඨාස ප්‍රදේශයට හා පොදුවේ ලක්වැසියන්ටද සේවාවක් සැලසීමෙන් ජේ. ඇල්. කොතලාවල මැතිතුමෝ ජනතාව අතර බහුමානයට පාත්‍ර වූහ. එතුමන් එකල ප්‍රකට වූයේ පියාණන් මෙන්ම යකෙකුටවත් බය නැති වුවද හෙළ යක්ෂ ගෝත්‍රිකයන්ට සලකන ප්‍රභූවරයකු ලෙසිනි. එහෙයින්ම එතුමෝ දෙවියන්ට එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැති, යන්ත්‍ර මන්ත්‍ර ගුරුහරුකම් ගැන එතරම් විශ්වාසයක් නැති පුද්ගලයකු ලෙසද ප්‍රකටව විසූහ.

මේ අතර කොතලාවල මන්ත්‍රීතුමා විනෝදකාමී ජීවිතයක් මෙන්ම සෙල්ලක්කාරී ජීවිතයක්ද ගත කරන, කරන යමක් කියන කියන යමක් කරන නිර්භීත පුද්ගලයකු ලෙසක කටයුතු කරමින් සිටින සමයේ පස් වසරකින් පසු වර්ෂ 1936 මැතිවරණයද එළැඹිණ. එම මැතිවරණයටද පසුගිය වාරයේ ඡන්ද 8114 ක් ලබා කොතලාවල මැතිතුමාට පරාජය වූ ප්‍රාදේශීය නායකයකු වූ ඒ.බී.සී. ද සොයිසා මහතා නැවත වරක් ඉදිරිපත් වන ආරංචියද පැතිරයමින් පැවතුනි.

කටයුතු මෙසේ සිදුවෙමින් තිබියදී කුරුණෑගල නගරයේ ප්‍රධාන ශාලාවක පවත්වන නාට්‍යයක ප්‍රධාන අමුත්තා ලෙස සහභාගිවීමට එහි සංවිධායකයන් පැමිණ මන්ත්‍රීතුමාට ආරාධනය කළහ. එය පිළිගැනිණ. නියමිත දින සිය යහළුවන් දෙදෙනෙකුත් සමඟ නාට්‍යයේ ප්‍රධාන අමුත්තා ලෙස එහි ගොස් එය නරඹද්දී එක් හිතවතකුªගේ මුවින් එතුමාගේ කණට කර පැවසුණේ මේ නාට්‍යය ඔබතුමාට පහරගහන්නට සකස් කළ එකක්, ප්‍රධාන නළුවා රඟපාන්නේ ඔබේ චරිතයනේ යනුවෙනි. කොතලාවල මන්ත්‍රීතුමාද ඒ වග දැන ගෙනෙම මෙසේ විනෝදයෙන් යුතුව නාට්‍යය නරඹමින් සිටිනු දක්නට ලැබිණ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

සෝමසිරි

කස්තුරිආරච්චි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.