වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
සෙනසුරුගෙන් යෙදෙන ඒරාෂ්ටක
අපල කාලයක් ලෙස අර්ථ දැක්විය හැක්කේ තමන් විසින්ම පෙර භවයන්හිදී කරන ලද අකුසල කර්මයන් මෙම භවයේදී ප්‍රතිවිපාක දීමකි. කුමන හෝ අපල කාලයක් පැමිණි විටදී එය ඒරාෂ්ටකයක් ලෙස හැඳින්වීමට තරම් අනියත බියක් මිනිසා තුළ හටගෙන තිබීම අද බහුලව දක්නට ලැබෙන කාරණාවක් වේ.
වසර 30 ක් ජීවත්වන ඕනෑම අයෙකුට මෙම සෙනසුරු ඒරාෂ්ටක අපලවලට මුහුණ දීමට සිදු වේ. එය එසේ වුවද සැමදෙනාටම එක ලෙස ඒරාෂ්ටක බලපවත්වන්නේ නැත. නමුත් සෙනසුරු යනු පාප ග්‍රහයෙකි. සෙනසුරුගේ නියම ප්‍රතිරූපය දැකගන්නට නම් සෙනසුරු මහ දශාවක් හෝ ඒරාෂ්ටක අපල කාලයක් මනුෂ්‍යයාට උදා විය යුතුය. එම කාලය තුළද සෙනසුරුගේ ක්‍රියාකාරකම් කෙතරම් ප්‍රබලදැයි ජන්මියාට අත්විඳීමට ලැබෙනු ඇත.
සෙනසුරු ග්‍රහයාට වුවද හිතුවක්කාර ලෙස අපට දඬුවම් පැමිණවිය නොහැකිය. ඔහුද විශ්වයේ නීතිය අනුව ක්‍රියා කිරීමට බැඳී සිටින ග්‍රහයකු බැවින් සාධාරණය ඉෂ්ට කළ යුතුය. ශනි හෙවත් සෙනසුරු නරකට සිටියහොත් සියල්ල උඩු යටිකුරු කරනු ලබයි. ජන්මියාට සියලු අයහපත උදා කිරීමට මොහොතක්වත් ප්‍රමාද නොවන සෙනසුරු තරාතිරම නොබලා දඬුවම් පමුණුවන ග්‍රහයෙකි.
සෙනසුරුගෙන් යෙදෙන ප්‍රධාන ඒරාෂ්ටක වර්ග 4 කි. 1.ලග්න ඒරාෂ්ටකය 2.ලග්න අෂ්ටම ඒරාෂ්ටකය 3.ජන්ම ඒරාෂ්ටකය 4.චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටකය
ලග්න ඒරාෂ්ටකය
සෙනසුරු ලග්න කුණ්ඩලයෙහි දොළොස්වැන්නේත් ලග්නයේ නොහොත් පළමුවැනි භාවයේත්, දෙවැන්නේත් ගෝචරයෙන් ගමන් ගන්නා කාල සීමාව ලග්න ඒරාෂ්ටකයයි. වසර 7 1/2ක් පුරාවට පවතින මෙම ඒරාෂ්ටකය ජන්ම ඒරාෂ්ටකය තරම් ප්‍රබල නොවන බව ඇතෙමෙකුගේ මතය වේ. එහෙත් සමහර අවස්ථා වලදී තදබල ලෙස අශුභඵල විපාක ගෙනදීමටද පුළුවන. ඒරාෂ්ටකය ආරම්භ වන දොළොස්වන භාවයට සෙනසුරුගේ පැමිණීම එතරම් ශුභ නොවේ. ශනි දොළොස්වැන්නේ සිටින කාලයේදී නිතර ඇවිදිලි සතුරු වියවුල්, නඩු හබ ආදියට අධික ලෙස වියදම් කිරීමට සිදු වේ. එකී කාල සීමාවේදි නෑදෑයෝ විරුද්ධ වෙති. ගම රට හැරදා යාමට පවා සිදු වේ. පිය පාර්ශ්වයේ නෑදෑයින් සමඟ ගැටුම් ඇතිවේ. දෙපාවල සුළු ආබාධයක් හෝ ඇති කරනු ලබයි.
සෙනසුරු පළමුවැනිභාවයේ ගමන් ගන්නා විට ශරීර සෞඛ්‍යයට බාධා පැමිණේ. අඹු දරුවන්ට ලෙඩ දුක් පැමිණේ. කරන කියන කටයුතු අසාර්ථක වේ.
දෙවන භාවයේදී තමන් දුක් මහන්සියෙන් උපයා ගත් ධනය සියල්ල වියදම් වේ. ගෙදර සමාදානය නැති වී යයි.
විවාහ සබඳතාවයන්ට බලපෑම් එල්ල වේ.
අෂ්ටම ඒරාෂ්ටකය
සෙනසුරු ගෝචර ගමනින් අටවෙනි භාවයට පැමිණි විට අෂ්ටම ඒරාෂ්ටකය ආරම්භ වේ. සඳුද අටවැන්නේ නම් ජන්ම ඒරාෂ්ටකය හා අෂ්ටම ඒරාෂ්ටකය යන ඒරාෂ්ටක දෙකම එකවර උදා වේ. අටවැන්න කටකය වූ විට අරිටු පල ඉතා දරුණුය. හදිසි මාරක හා ජීවිත හානිවලට පවා ඉඩ යෙදිය හැක. හදිසි අනතුරු, නින්දා අපකීර්තිවලට භාජනයවීම්, ලිංගික රෝග සෑදීමි. දැඩි චිත්ත පීඩාවලට භාජනය වීම් ආදිය ඇති කරනු ලබයි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිෂවේදිනී
සෞම්‍යා සජීවනී පෙරේරා
පානදුර, 0712168205 , 0774851388