යන්ත්‍ර මන්ත්‍රවල ජීවමය ශක්තිය

පසුගිය සතියේ කර්තෘට ලියූ ලියුමට පිළිතුර
දෙසැම්බර් 6, 2024

ඉපැරැණි ඍෂිවරුන් යන්ත්‍ර මන්ත්‍ර ලොවට හඳුන්වා දී තිබේ. මුලින්ම බිහිවූයේ මන්ත්‍රය. මනසේ ශක්තිය යන අරුත ගැබ් වී තිබේ.

නාරදීය- ශෞනක්‍ය- ගර්හ- ප්‍රහලාද- වශිෂ්ඨ-ආත්‍රෙය - ධන්වන්තරී- මරසිංහ -ශංකු -වේතාල භට්ට, ගඨකර්පිර, ව්‍යාකාතෝ -වරහමිහිර වැනි ඍෂිවරුන් මුනිවරුන් මෙන්ම ඡ්‍යොතිෂය යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාවේ හසළ බුද්ධිමතුන් විසින් යන්ත්‍රපත් විදීම ඇතුළු සියලුම මන්ත්‍ර ලොවට හඳුන්වා දී තිබේ. මෙහි විද්‍යාත්මක පැතිකඩ මෙසේය. මිනිස් සිරුරක සියලුම ලෝහ වර්ග ඇතුළත්ව තිබේ. රසදිය සහ ඊයම් නොමැත. සිරුරේ ඇතුළත දුවන රක්ත රුධිරය තුළ ගැබ් වී ඇති ලෝහ අතුරින් රත්ත්‍රං ද ඉතාම සුවිශේෂී බලවත්ම ලෝහයකි. රත්‍රං නම්‍යශීලී වන්නේත් තඹ ලෝහයෙනි. රන්, රිදී භාණ්ඩ ශිල්පීයෝ මෙය මනාව කරති. ඔවුන් රත්‍රං නවා කැටයම් කරනු ඇත.

නිතරම ලෝහ වර්ග ස්පර්ශ කරන බැවින් රන් රිදී වැඩ කරන ශිල්පීන්ට ශරීරයේ ඇතුළත හා පිටත ව්‍යාධි රෝග ඇතිවීම වලකියි. යන්ත්‍රයක් සැකසීම් කිරීමේදී ප්‍රමිතියක් තිබේ. යන්ත්‍රය තඹ රිදී රත්රන් ලෝහවර්ගවලින් සකසා ගැනීමට හැකිවේ. ද්විත්ව ඉරිදෙක සහිතව යන්ත්‍රයේ පන්හිදෙන් ඇඳ සුබ නැකැත් හරහා කස්තුරි ගොරෝචන කුංකුම, සඳුන් තෙල්වලින් අඹරා තඹ යන්ත්‍රයේ කළු මැදගත යුතුවේ.

මෙයට මන්ත්‍ර තිබේ. මුලින්ම අඳීන විට, අවසන් කරන විට, සිරුරේ පළඳීන විටදී ඊට නියමිත මන්ත්‍ර ඇත. ඒවා සම්පූර්ණයෙන්ම සපුරා ගැනීම අනිවාර්ය වන්නේය.

යන්ත්‍රයක් පන්හිදෙන් ද්විත්ව ඉරි සහිතව ඇඳගෙන ඊට නියමිත යන්ත්‍රය මතුරන මන්ත්‍රයෙන් 108වරක් ජපකර ගත යුතුය. නව ග්‍රහයන් 9 දෙනාම ලග්න 12 සමඟ වැඩි කළ විට 108 වරක් වන්නේය. යන්ත්‍රයක් පූජාසනයේ තබා 108 වරක් හෝ 1008 වර හෝ ඊටත් වැඩිම වාර ගණනක් ජප කිරීමේදී බලශක්තිය ශබ්ද තරංග හරහා එකතු වේ. ( මනෝමීය මූලාශ්‍රීය තරංග විශ්ව ශක්තිය සමඟ කැටිවී යන්ත්‍රය තුළ ඇති ලෝහමය ශක්තිය වෙත කාන්දුවේ. තවද යන්ත්‍රයක් ජප කර දහස් වර හරියටම ජප වී ඇත්දැයි මැන බැලීමටද මන්ත්‍ර ඇත්තේය. එම මන්ත්‍රවලින් මතුරන විට යන්ත්‍රය භ්‍රමණය (කරකැවේ) වේ. ලොව ශබ්ද තරංග ඉතාම බලවත්ය.

ගොටුකොළය තරම් ඇති ෆෝන් සිම්පත එයට උපහැරණයකි. ශබ්ද- වර්ණ - රූප කෝටි ප්‍රකෝටි ගණන් එක්තැන්කර කුඩාම ලෝහමය කෑල්ලකි. යන්ත්‍රය තුළ ඇත්තේ ද මෙවැනිම විද්‍යාත්මක සංයෝගයකි.

ශරීරය තුළ ඇති ලෝහයන්ද හෝමෝන හා කොටිසෝල්වල ක්‍රියාත්මක ක්‍රමවේදය හරහා රතු හා සුදු රක්තානුවලට බද්ධ වන ශක්තීන් හරහා යන්ත්‍රයක් නියමිත අක්ෂර පණ ගන්වා පැලඳීමෙන් මානසිකමය තෘප්තියක් ක්‍රියාත්මක වන්නේය. මනස ක්‍රියාත්මක වීම හරහා උද්දීපනය වන අසුබ තත්ත්වයන් පහව ගොස් මුළු සිරුරම සෞන්දර්යමත් වේ.

මන්ත්‍රවලින් යන්ත්‍රය සිය දහස් වර ජප කර ගැනීමෙන් එම ශබ්ද තරංග මඟින් මනසට ඇනවුම් ලැබීමෙන් මොලේ වම් සහ දකුණ මස්තිෂ්ක දෙකම එකවර ක්‍රියාත්මක වී ආතුරයා සුවපත් වනු ඇත.

 

ඡ්‍යොතිෂවේදී

හෙන්රි බෙම්මුල්ල

ඉෂාරා විජේරත්න

-------------------------------

සිකුරු ග්‍රහයා සුබ පරස්තාවට පමණද?

ජයන්ති

මූණමල්දෙණිය

කර්තෘතුමියනි,

වර්තමානයේ බොහෝ දෙනා කේන්දර පරීක්ෂා කරන විට සැප සම්පත් උදා කරන සිකුරු ග්‍රහයා විවාහයට ඉතා සුබ ග්‍රහයකු බව පවසනු මා අසා ඇත. ඒ අනුව සිකුරු ග්‍රහයා සුබ පරස්තාවට සහ සැපසම්පත් සඳහා විතරද? නැතිනම් වෙනත් කටයුතු සඳහා සිකුරු ග්‍රහයාගේ බලපෑමක් තිබෙනවාද? දැනුවත් වීමට කැමැත්තෙමි. ඡ්‍යොතිෂ සිද්ධාන්ත අනුව සුබසෙත පුවත්පත මගින් නිසි පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.