ග්‍රහ දොස් නිවාරණයට බොදු පිළිවෙත්

සැප්තැම්බර් 20, 2024

 

1.දිනපතා තුනුරුවන් විඳීම

2.වැඩිහිටියන්ගේ අවවාද වචන පිළිපැදීම

3. සත්පුරුෂයන් ආශ්‍රය කිරීම

4. ධර්ම ශ්‍රවණය කිරීම

5.පුණ්‍ය කතා ජාතක කතා දහම්පොත් කියවීම

6. මෛත්‍රි භාවනාව කිරීම

7.දන්දීම

මේ ක්‍රියා කරන අයට ග්‍රහයෝ පීඩා නොකරති.

 

මෛත්‍රි භාවනාව

මම වෛර නැත්තෙක් වෙම්මා

මම තරහ නැත්තෙක් වෙම්මා

මම නිදුක් වෙම්වා

නිරෝගී වෙම්මා

සුවපත් වෙම්මා ,

දුකින් මිදෙම්වා,

ලද සැපතින් නොපිරිහෙම්වා,

කර්මය ස්වකීය කොට ඇත්තේ වෙමි.

 

මා මෙන්ම මාගේ වැඩිහිටි මව්පිය ගුරුවරාදීහුද හිත සත්වයෝද, මැදහත් සත්වයෝද වෛරී සත්වයෝද,

වෛර නැත්තෝ වෙත්වා,

තරහ නැත්තෝ වෙත්වා,

නිදුක් වෙත්වා,

නිරෝගී වෙත්වා,

සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා ලද සැපතින් නොපිරිහෙත්වා කර්මය ස්වකීය කොට ඇත්තාහ.

 

මේ නිවෙසෙහි ද මේ ගමෙහි ද මේ නගරයෙහි ද මේ ලක් දිවෙහි ද මේ දඹදිවෙහි ද මේ සක්වළෙහි ද ඉසුරු ජනයෝ ද සීමාසතිත දෙවියෝ ද සියලු සත්වයෝ ද වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා ලද සැපතින් නොපිරිහෙත්වා කර්ම ස්වකීය කොට ඇත්තාහ. මේ කටයුතු කර අවසන් වී කැමති නම් අපල කරන ග්‍රහයන් අනුව නවග්‍රහ පූජාව තබන්න.

 

රවිට -

උක් සකුරු සහිත කිරිබත්

සඳුට -

ගිතෙල් මිශ්‍ර කිරිබත්

කුජට -

යව, මුං තල මිශ්‍ර බත්

බුධට -

ඇල්සහල් කිරිබත්

ගුරු -

දීකිරි මිශ්‍ර බත්

ශුක්‍රට -

ගිතෙල් මිශ්‍ර බත්

ශනිට -

‘තල, උඳු පිටියෙන් සෑදු ආහාර

රාහුට -

එළුමස් මිශ්‍ර බත්

කේතුට -

නා නා පාට යෙදූ බත්

පූජාව තබා මේ ස්තෝත්‍ර 7 වරක් සජ්ඣායනා කරන්න.

 

රවිට -

ජපා කුසුම සංකාශං කාශ්‍යා පෙයං මහා ද්‍යුතිම්

තමොරියං සර්ව පාපඝනං ප්‍රජාතෝස්මි දිවාකරං

 

සඳුට -

දධි සංඛ තුෂාරාභං ක්ෂීරොදාර්‍ණව සංභවම්

නමාමි ශශිනං සොමං ශම්භොර්මුකුට භූෂණාම්

 

කුජට -

ධරණී ගභ¡¡ සභූතං විද්‍යුත්කාංති සමප්‍රභම්

කුමාරං ශක්තී හස්තංච මංගලං ප්‍රණාමාම්‍යාහම්

 

බුධට -

පි‍්‍රයංගු කලීකාශනාම් රූපෙණා ප්‍රතිමං බුධර්‍ම

සෞම්‍ය සෞම්‍ය ගුණොපෙතං තං බුධං ප්‍රණාමාම්‍යහම්

 

ගුරුට -

දේවානාංච ඍෂිණාංච ගුරුං කාංචන සන්තිභම්

බුධි භූතං ත්‍රිලොකස්‍ය තං නමාමි බෘහස්පතිම්

 

ශුක්‍රට -

හිමිකුන්ද මෘණාලාභං දෛත්‍යානාං පරමං ගුරුම්

සර්ව ශාස්ත්‍ර ප්‍රවක්තාරං භාර්‍ග¡වං ප්‍රණාමාම්‍යහම්

 

ශනිට -

නීලාංජන සමාභාසං රවි පුත්‍රං යමාග්‍රජං

ඡායාමාර්තන්ඩ සංභූතං තං නමාමි ශනෛශ්වරම්

 

රාහුට -

අධ¢කායාං මහා වීර්යයං චන්ද්‍රදිත්‍ය වීමදීනම්

සිංහිකාගභ¡¡ සංභූතං තං රාහුං ප්‍රමාමාම්‍යහම්

 

කේතුට -

පලාශ පුෂ්ප සංකාශාං තාරකා ග්‍රහ මස්තකම්

රෞද්‍රං රෞදොාත්මකං ඝොරංතං කේතුං ප්‍රණාමාමාහම්

 

අපල දුරුවී සෞභාග්‍ය යස ඉසුරු සම්පත් උදාවේ. අපල දුරුවේ. අනතුරු පීඩා සොර සතුරු කරදර ගිනිබිය ආදි නොයෙක් පීඩා දුරුවේ. සෙත් ශාන්තිය සැලසේ. සැම කල් කරන කියන කටයුතු දියුණූු වේ.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.