සකල කලාවට අධිපතිනී සරස්වතී දේවී

නොවැම්බර් 1, 2024

 

සරස්වතී දෙවඟන විශ්වය මවන ලද මහා බ්‍රහ්මයාගේ පාද පරිචාරිකාවයි. ඈ සකල ශාස්ත්‍රයටම අධිපතිනියද වේ. සරස්වතී දෙවඟන ගැන ඇගේ බලපරාක්‍රමය පිළිබඳව ඍග්වේදයේ මේ ආකාරයට සඳහන් වී තිබේ.

“රුද්‍ර, වෛශ්‍ය, ආදිත්‍ය, විශ්වදේව මේ සෑම ගෝත්‍රිකයන් අතර ගැවසෙනවා. ඒ හැමටම මා සේවය කරනවා.

හිරු අග්නි හා සමුද්‍ර යන සෑම අංශයකටම වඩා උත්තරීතරයි. “හිරුසඳු තමයි මා උසුලාගෙන ඉන්නේ. නිසි ගරු සත්කාර කරන බුද්ධිමතුන්ට උපකාර කරනවා. මට ඕනෑ කෙනෙකුට බල ශක්තිය ප්‍රදානය කිරීමට හැකිය. මෙලොව පැවැත්මට සකල විධ ශක්තීන් ප්‍රදානය කරන්නේද මමයි. මම ඉපදුණේ මහා සමුද්‍රයේ මැදයි. එසේම දෙදෙව් ලොවටම ඉහළින් සිටිනවා. මනුෂ්‍යයන්ට උපකාර කරනවා.”

වීණාවක් සුරතින් දරන කාන්තාවක් වූ සරස්වතී දෙවඟනගේ උපත පිළිබඳ විවිධ කතා ඇත්තේය. ඇය මහබඹු විසින් මවා විවාහ කරගන්නා ලද බවද එක්තරා පුවතකි. දිනක් විෂ්ණු ශිව සහ බ්‍රහ්ම යන තිදෙනාම ස්ත්‍රියක් මැවූ අතර ඇය සරසවිය වූවාය. පසුවත් තිදෙනාම තමන්ගේ පාද පරිචාරිකාව ලෙස ඇය පාවා ගැනීමට උත්සාහ කරන විට එය වටහාගත් ඇය සරස්වතී, ලක්ෂ්මී, දුර්ගා යන කතුන් තිදෙනෙකු බවට පත් වූවා ය. දිනක් මහා බ්‍රහ්මයාට විවාහක දෙවියෙක් ලෙස පෙනී සිටීමට කළ යුතු මහාවේද යාගයක් තිබුණි. එහෙත් ඒ අවස්ථාවේ සරස්වතී දෙවඟන නොසිටි නිසා ඇය කැඳවාගෙන එන ලෙස දිව්‍යමය නියෝගයක් පැනවීය.

මම සුවඳ විලවුන් ගල්වමින් රූපලාවණ්‍යයේ යෙදී සිටින බැව් කියන්න තරමක් ප්‍රමාද වේවි යැයි පැවසුවාය. එම පණිවුඩයෙන් මහබඹුට හොඳටම කේන්ති ගියේය.

මම තව කොපමණ වේලා බලා සිටින්නද? මගේ අණට ඇය කැමති වුණේ නෑ. ඇය උඩඟුයි වගේ පේන්නෙ. ඔබ මොබ ඇවිදිමින් ප්‍රකාශ කළේ ය. මෙය තවත් කළ නොහැකිය. මගේ අවශ්‍යතාවට වහාම එන්න බැරි ඇයි. මගේ අණ නොතකන්ට මේ විශ්වයේ කිසිවෙකුට බෑ. මගේ යාගය වහාම කළ යුතුයි. වෙනත් කාන්තාවක් සොයාගෙන එන්න යැයි අණ කළේ ය.

දෙවිවරු මහා ඍෂිගේ දුවක් වූ ගයත්‍රි කැඳවාගෙන ආහ. ඇය සමඟ විවාහ වී සිය මහා යාගයේ කටයුතු අරඹන ලදී. මේ මොහොත වන විට සරස්වතිය සකලාභරණයෙන් සැරසී මංගල ඇඳුම් ඇඳ ආවාය. කවුද මේ ස්ත්‍රිය තදින්ම කෝපයට පත් වූ ඇය ඇසුවා ය.

මහා බ්‍රහ්මයා සමඟ ගැටුම් ඇතිකර ගැනීමට කිසිවෙකුට අපහසුය. එහෙත් මේ කටයුත්තට එරෙහි වීමද කළ නොහැක්කෙකි. තරහ පෙන්වා ඇය හඬමින් විලාප නඟමින් මහා බ්‍රහ්මයා ඉදිරියේ හැසිරෙන්නට පටන් ගත්තීය. ආරවුල දුරදිග යන තැනට පත්විය. ගයත්‍රි නුවණැති කාන්තාවක් නිසා ආරවුල දුරදිග නොයන්නට වගබලා ගත්තීය. ඇයද ඉතාම රූමත්ය නමුත් ඒ අවස්ථාවේ දී ඇගේ බාහිර කාන්තා පෙනුම අඩුකොට මහා බ්‍රහ්මයන්ට මෙසේ පැවසුවා ය. මම ඔබේ දෙවැනි බිසව පාද පරිචාරිකාව වෙන්නම්. සරස්වතිය ඔබේ පළමුවැනි බිරිය ලෙස පත්කර ගන්න. මා එයට කැමතියි ඇය පැවසුවාය. සරස්වතී ඉකි බිදුම් මැද සතුටට පත්වූවා ය. ඔබ ගුණගරුක දෙව්දුවක් අපි දෙදෙනාම එක සමාන බිරින්දෑවරුන් ලෙස සිටිමු යැයි සරස්වතී පැවසුවා ය. දෙදෙනාම සෑහීමකට පත්විය. මහබඹුද සතුටට පත්විය. එතැන් පටන් සරස්වතී මුළු දෙව්ලොවටම ද සකල කලාවටද අධිපතිනිය වූවා ය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.