ඒරාෂ්ටකවලදී පාලිත පෙරේරාට ලැබුණු තවත් අපූරු අත්දැකීම්

අගෝස්තු 16, 2024

 

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂවරයකු වූ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පාලිත පෙරේරා මහතා ඒරාෂටක කාල වකවානුවලදී මුහුණ දුන් අත්දැකීම් කිහිපයක් පිළිබඳව පසුගිය සතියේ දී සාකච්ඡා කරන ලදී. ඒ මහතා ප්‍රබල ඒරාෂ්ටක කාල වකවානුවලදී මුහුණ දුන් තවත් අත්දැකීම් කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරන්නට අද දිනයේ දී ද බලාපොරොත්තු වෙමි.

පාලිත පෙරේරා මහතා, ඔහුගේ “පාලිත පෙරේරා සමඟ සජීව ලෙසින්” යන කෘතියෙහි දක්වා ඇති ආකාරයට ඔහු ප්‍රේමසර ඈපාසිංහ මහතා සමඟ මුල්වරට ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරය සිදු කර ඇත්තේ 1972 වසරෙහි මාර්තු මාසයේදී ය. සැබවින්ම පාලිත පෙරේරා ප්‍රේමසර ඈපාසිංහ සුසංයෝගය ශ්‍රී ලංකාවේ සජීව ක්‍රිකට් විස්තර විචාරයෙහි ස්වර්ණමය යුගය බිහි කළ බව අප බොහෝ දෙනකුගේ අදහස් වේ. මෙහි විශේෂත්වය වන්නේ 1972 වසරෙහි මාර්තු මාසයෙහි මේ අසිරිමත් සිදුවීම සිදුවෙද්දී ද පාලිත පෙරේරා මහතා අති ප්‍රබල ජන්ම ඒරාෂ්ටක කාලයක් ගත කරමින් සිටීමය. ප්‍රබලම ඒරාෂ්ටක කාල සීමා තුළ ජීවිතයෙහි තීරණාත්මකම සිදුවීම් සිදු වන බව මේ උදාහරණයෙන් ද පැහැදිලි වෙයි.

පාලිත පෙරේරා මහතාගේ උත්පත්ති කේන්ද්‍ර සටහනට අනුව 1973 වසරෙහි ජුනි 10 වනදාත්, 1975 වසරෙහි ජූලි 23 වනදාත් අතර කාලය තුළ ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව සහ ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව සහ ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අවස්ථාව ගත කර ඇති බව පෙනේ. ඒ අනුව 1974 වසරෙහි මැයි පළමුවැනිදා ඒ මහතා මුල් වරට විදෙස් සංචාරයක යෙදෙන විට ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව සහ ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අදියර ගත කර ඇති බව පෙනේ. මෙහිදී ඒ මහතාගේ විදෙස් සංචාරය යෙදී ඇත්තේ ගුවන් විදුලි නිෂ්පාදනය පිළිබඳව වසර එකහමාරක ශිෂ්‍යත්වයක් වෙනුවෙන් බටහිර ජර්මනියටය. එහිදී ඒ මහතා අධිඩිප්ලෝමාවක් ලබා ඇත. තවද පාලිත පෙරේරා මහතා 1975 වසරේ දී ඉන්දුනීසියාවේ ජකාර්තාහි පැවැත් වූ ‘රූපවාහිනී’ ගුවන්විදුලි කලාව සඳහා ග්‍රාමීය අධ්‍යාපන පුහුණු වැඩමුළුවේ ශ්‍රී ලාංකික නියෝජිතයා වන විටද , 1975 වසරෙහිදීම බී.බී.සී ගුවන්විදුලියේ විදෙස් සේවා අංශයේ පෙරදිග ඒකකයේ අංශ ප්‍රධානියාගේ ඇරැයුම පිට එහි ආරාධිතයා ලෙස සහභාගි වන විටද ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව සහ ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අදියර ගත කරමින් සිට ඇති බව පෙනේ. ඒ අනුව පාලිත පෙරේරා මහතාගේ ජීවිතය තුළ ලබා ඇති විශේෂ ජයග්‍රහණවලින් බොහොමයක් තදබල ඒරාෂ්ටක කාලසීමාවලදී ලැබී ඇති බව පෙනේ.

පාලිත පෙරේරා මහතාට 1990 මාර්තු 21 වනදාත් 1990 ජුනි 20 වනදාත් අතර කාලය තුළද 1990 දෙසැම්බර් 15 වනදාත්, 1993 මාර්තු 5 වනදාත් අතර කාලය තුළද 1993 ඔක්තෝබර් 15 වනදාත් 1993 නොවැම්බර් 9 වනදාත් අතර කාලය තුළද නැවත වතාවක් ලග්න අෂ්ටම ඒරාෂ්ටක කාලයක් ගත වී ඇති බව පෙනේ. පාලිත පෙරේරා මහතාට ශ්‍රී ලංකාවේ ප්‍රථම එෆ්.එම් ගුවන්විදුලි සේවාව වූ ‘සිටි එෆ් එම්’ සේවයේ අධ්‍යක්ෂකවරයා ලෙස පත්වීමි ලිපිය ලැබී ඇත්තේ 1990 මාර්තු මාසයේදී ය. ඒ අනුව ඔහු ඒ වන විට අති ප්‍රබල අෂ්ටම ඒරාෂ්ටකයක් ගත කරමින් සිට ඇති බව පෙනේ. මීට අමතර ලෙස පාලිත පෙරේරා මහතාට 1991 දෙසැම්බර් මාසයේදී සිංහල සේවා අධ්‍යක්ෂ ලෙස පත්වීම් ලැබෙන විට ඔහු මේ අති ප්‍රබල අෂ්ටම ඒරාෂ්ටක කාල වකවානුව ගත කරමින් සිට ඇත. තදබල ඒරාෂ්ටක කාල වකවානු පිළිබඳව පොදු ජනතාව තුළ ඇති ආකල්පය සාවද්‍ය වූවක් බව මෙයින් හොඳින්ම පැහැදිලි වෙයි.

1990 ජූලි මස 11 වනදා “සිටි එෆ්.එම්” කාර්යාලය විවෘත කිරීමද 1990 ගම්උදා උත්සව භූමිය තුළ “සිටි එෆ්.එම්” සේවය සඳහා නිර්මාණය කරන ලද විශේෂ වැඩසටහනද පාලිත පෙරේරා මහතාගේ මාධ්‍ය ජීවිතයේ අමතක නොවන සිදුවීම් වන අතර, එම සිදුවීම් සිදු වී ඇත්තේ මේ ඒරාෂ්ටක කාලය තුළය. එමෙන්ම 1990 මාර්තු මාසය තුළ පාඨශාලාත්තර මහා ක්‍රිකට් තරගයක සජීව විස්තර විචාරය කරද්දී ඒ මහතාට පාසල අර්ථසාධනීය ලෙස විවේචනය කරන්නට සිදු වී ඇත. පසුව එය ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්ව ඇති අතර මේ සිදුවීම වී ඇත්තේ ද ඉහත කී අෂ්ටම ඒරාෂ්ටක කාලය තුළය. 1992 ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ක්‍රිකට් තරගය සජීව ලෙස ගෙන ඒම ප්‍රථම වරට විදේශයක සිට කරන ලද මංගල සජීව විස්තර විචාරය වූ අතර එයට සහභාගිවීමේ භාග්‍යය පාලිත පෙරේරා මහතාට ලැබී ඇත.

ඒ අනුව, එම ජයග්‍රහණයද ඒ මහතාට ලැබී ඇත්තේ අතිප්‍රබල ඒරාෂ්ටක කාල වකවානුවක් ගත කරද්දීය. 1993 සාෆ් ක්‍රීඩා උලෙළේ සජීව විස්තර විචාරකයා ලෙස කටයුතු කිරීම 1991 වසරේ ශ්‍රී ලංකාවේ පැවති සාෆ් ක්‍රීඩා උලෙළේ සජීව විස්තර ප්‍රචාර සියල්ල සංවිධානය කිරීමද පාලිත පෙරේරා මහතා විසින් සිදු කර ඇත්තේ ඉහත කී අෂ්ටම ඒරාෂ්ටක කාල වකවානුව තුළය. පාලිත පෙරේරා මහතා ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව මඟින් පිරිනමන ලද ධ්දබඥපදචබඪධදචත මඪඵඪබධප ධට බඩඥ ආරාධනය ලැබ එහි අධ්‍යාපන චාරිකාවක යෙදීමට අවස්ථාව ලැබී ඇත්තේ 1992 වසරේදී වන අතර කෙටිකාලීන රාජකාරියක් වෙනුවෙන් ඒ මහතා ලන්ඩන් නුවරට ගොස් ඇත්තේ 1993 වසරේදී ය. එම සංචාරකයන් සිදු කරද්දී ඒ මහතා ඉහත කී තදබල අෂ්ටම ඒරාෂ්ටකය ගත කරමින් සිට ඇත. එමෙන්ම පාලිත පෙරේරා මහතා 1993 වසරෙහි ජූලි 21 වැනිදා ප.ව. 4.50ට සජීවීව කැමරාව ඉදිරියේ පෙනී සිටිමින් ටී.එන්.එල් මංගල විකාශය ආරම්භ කර ඇත්තේද ආසන්න ලෙස අෂ්ටම ඒරාෂ්ටක කාල සීමාව තුළම බව පෙනේ.

පාලිත පෙරේරා මහතාට 2000 ජුනි 5 වැනිදාත් 2001 ජනවාරි 20 වනදාත් අතර කාලය තුළද 2001 පෙබරවාරි 9 වනදාත්, 2002 ජූලි 27 වනදාත් අතර කාලය තුළද, 2002 දෙසැම්බර් 31 වනදාත්, 2003 අප්‍රේල් 11 වනදාත් අතර කාලය තුළද නැවත වරක් ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වී ඇති බව පෙනේ. පාලිත පෙරේරා මහතාගේ සන්නිවේදන ජීවිතයේ ප්‍රබලතම මාර්ගෝපදේශකයා වී ඇති එච්.එම්. ගුණසේකර මහතාගේ අභාවය සිදු වී ඇත්තේ 2002 වසරෙහි මැයි 13 වනදාය. එම දිනය පාලිත පෙරේරා මහතා බලවත් ලෙස ශෝකයට පත්ව ඇති දිනයක් වන අතර, ඒ වන විට පාලිත පෙරේරා මහතා ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත කරමින් සිට ඇත. තදබල ඒරාෂ්ටක කාල සීමා තුළ බොහෝ සුබපල ලැබුණ ද හඬන්නට සිදුවන ආකාරයේ සිදුවීම්ද සිදුවන බව අප මීට කලින්ද උදාහරණ සහිතව පෙන්වා දී ඇත. ගුණසේකර මහතාගේ අභාවය නිසා පාලිත පෙරේරා මහතා කෙතරම් කම්පනයට පත්ව ඇත්තේ යත් එදිනම ඒ මහතා කොළඹ මහ රෝහලේ හෘද චිකිත්සාගාරයට රැගෙන ගොස් ඇති අතර 2002 වසරෙහි ජූලි මාසයෙහි ඔහුට බයිපාස් සැත්කමක් සිදු කර ඇත. එනම් ඔහුට එම සැත්කම සාර්ථක ලෙස සිදුකර ඇත්තේ ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව තුළය. එමෙන්ම ඒරාෂ්ටක කාලය තුළ රෝහල් ඇසුරු කිරීමට සිදුවන බවටද මෙය හොඳ උදාහරණයකි. මේ ආකාරයට ශ්‍රී ලංකාවේ කීර්තිමත්ම මාධ්‍යවේදියකු සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂවරයකු වන පාලිත පෙරේරා මහතාගේ ජීවිතයෙහි තීරණාත්මක සිදුවීම්වලින් බොහොමයක් සිදු වී ඇත්තේ තදබල ඒරාෂ්ටක කාලවලදී බව පෙනේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.