ඔබත් උපන්නේ ජූනි මාසයේ 22 සිට 28 දක්වා දිනෙකද?

ජුනි 21, 2024

 

ජූනි 22 වැනිදා

මෙදින උපන් ඔබගේ පෞද්ගලික අංකය 4 වන අතර එය යුරේනස් ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ ජූනි මාසයේ නිසා ඔබ බුධ ග්‍රහයාගේ මෙන්ම යුරේනස් රවි ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ඔබගේ ජීවිතය කාලය තුළදී නොයෙක් ආකාරයේ නිර්මාණයන් කරනු දැකිය හැකි අතර ඒ සියලු ආකාරයේ නිර්මාණයන් වෙනස් ආකාරයේ ඒවා වේ. ඔබට හොඳ ඉව ශක්තියක් ඇත. එය ඔබගේ සියලු කටයුතු කෙරෙහි වුවද භාවිත කළ හැකිය. සම්ප්‍රදාය ප්‍රිය කරන්නේ නැත. ආගම දහම කෙරෙහි වෙනස් වු ආකාරයේ මතයන් දැරීමද ඔබගේ ක්‍රමය වේ. මේ තත්ත්වය විවාහ ජීවිතයේ අසාර්ථකත්වයටද හේතුවක් වනු ඇත. එම නිසා ඔබගේ අදහස්වලට ගැළපෙන අයකු විවාහයට තෝරාගත යුතුය. සූදුවේ යෙදීමට කැමැත්තක් ඇතැත් එයින් මිදිය යුතුය. සෞඛ්‍යමය වශයෙන් තේරුම් ගත නොහැකි රෝගවලින් පෙළිය හැකිය.

 

ජූනි 23 වැනිදා

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 5 වන අතර එය බුධ ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ ජූනි මාසයේ නිසා ඔබ මිථුන රාශි අධිපති බුධ ග්‍රහයාගේ ද්විත්ව ආකාරයේ බලපෑමට යටත් වේ. එකාකාරිත්වයෙන් මිදී ජීවත්වීම ඔබගේ ක්‍රමය වන අතර එයම ඔබේ ජීවිතයේ අසාර්ථකත්වයටද හේතුවක් වනු ඇත. වේගවත්ව සියලු කටයුතු සිදු කරන අතර එකවර කටයුතු දෙකක් කිරීමේ හැකියාවද පවතී. මේ තත්ත්වය විවාහ ජීවිතයට ද බලපාන අතර විවාහ දෙකක් වීමට පැහැදිලි ඉඩකඩක් පවතී. සූදු දැමීම කොටස් වෙළෙඳපොළ ආයෝජනය වැනි අවදානම් මුදල් ඉපයීම සඳහා යොදා ගනී. ව්‍යාපාරයන් සිදුකිරීම ද ඔබ අතින් සිදුවන අතර අවස්ථානුකූලව ලාභ පාඩු ලැබීම සිදුවේ. සංචාරයට ඔබ වඩාත් ප්‍රිය වේ. සෞඛ්‍ය සම්බන්ධව ගැටලු රාශියක් ඇතිවන අතර ජීවිතය සැලසුම් නොවීම එයට හේතු වේ. ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග, ගොතගැසීම සමෙහි තුවාල ආදිය ඇතිවිය හැකි බැවින් ප්‍රවේසම් විය යුතුය.

 

ජූනි 24 වැනිදා

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 6 වන අතර එය සිකුරු ග්‍රහයාට අයිති

අංකයකි.එසේම උපත සිදුවූයේ ජූනි මාසයේ නිසා ඔබ මිථුන රාශි අධිපති බුධ ග්‍රහයාට මෙන්ම සිකුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ඔබ ප්‍රබල ලිංගික ආකර්ෂණයක් සඳහා හිමිකම් කියන හෙයින් ආදර සම්බන්ධතා රාශියක් ඇති කරගනී. ආදායම් මාර්ග රාශියක් ද ඔබ සතුවන අතර ජනතාව සම්බන්ධ කටයුතුවලදි ඔබ සාර්ථක වේ. නිර්මාණශිලීභාවය නිසා සංගීතය හා ශාස්ත්‍රිය කටයුතුවලින් මෙන්ම හොඳ දේශකයින් ලෙස ද ප්‍රසිද්ධියට පත්වේ. දේපළ උරුමකම් රාශියක් ඔබට හිමි අතර තෑගි භෝග ලැබීමේ වාසනාවක් ඔබ සතුවේ. සෞඛ්‍යමය වශයෙන් නින්ද නොයෑම ශ්වසන පද්ධතියේ රෝගාබාධ විශේෂයෙන් ඇදුම රෝගයට ගොදුරු විය හැකි බැවින් ප්‍රවේසම් විය යුතුය.

 

ජූනි 25 වැනිදා

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 7 වන අතර එය සඳු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ ජුනි මාසයේ නිසා ඔබ මිථුන රාශි අධිපති බුධ ග්‍රහයාගේ මෙන්ම සඳු, නෙප්චූන් ග්‍රහයන්ගේ බලපෑමට යටත් වේ. නම්‍යශීලි ස්වභාවයක් නිතැතින්ම ඔබට උරුම වන අතර ගුප්ත විද්‍යාව පිළිබඳව හැදෑරීමක් සිදුකරනු ඇත. මානසික ශක්තීන් උපයෝගි කරගෙන ලෙඩ සුව කිරීම වැනි අංශයන් කෙරෙහිද උනන්දුවක් දක්වයි. දීර්ඝ සංචාරයන් සඳහා කැමැත්තක් දක්වන අතර ජලය ආශ්‍රිතව බොහෝවිට එම කටයුතු සිදුවේ. එම නිසාම රැකියාවන් නිරන්තරයෙන් වෙනස් වන අතරමුදල් ඉතිරි කිරීම දුෂ්කර කාර්යයක් වේ. විවාහය අසාර්ථක විය හැකි බව සිහිපත් කළ යුතු අතර නෑදෑයින්ගෙන් විශේෂයෙන් කරදර ඇති වේ. මුදල් හා දේපළ අස්ථානගත වීම්, සොරාගැනීම්වලට මුහුණ දීමට සිදුවේ. ආර්ථිකයේ දැඩි අවිනිශ්චිත භාවයක් ඇති නිසා ප්‍රවේසම් විය යුතුය.

 

ජූනි 26 වැනිදා

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 8 වන අතර එය ශනි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ ජුනි මාසයේ වුවත් මෙදින රවි ග්‍රහයා කටක රාශිගතව ගමන් කරන බැවින් කටක රාශි අධිපති සඳු ග්‍රහයාගේ මෙන්ම ශනි ග්‍රහයන්ගේ බලපෑමට යටත් වේ. අසාමාන්‍ය වූ බුද්ධි බලයක්ද හිමි ඔබ දාර්ශනික ලෙස ලෝකය දෙස බලන අතර ඔබ අතින් ගැඹුරු සාහිත්‍ය කෘති නිර්මාණය වේ. එහෙත් ආර්ථිකමය වශයෙන් මුදල් ඉතිරි කිරීම ඔබට අපහසු වේ. සියලු කටයුතු හමුවේ නෛතික ගැටලු, විවේචන ආදිය නිරතුරවම ඔබ පසු පස හමා එන බැවින් ප්‍රවේසම් විය යුතුය. කරදරයකදී උදව් කිරීමට ඉදිරිපත් වන පිරිස සංඛ්‍යාත්මකව අඩු අතර එසේ වීමට හේතුවන්නේ අසල්වැසියන් සහ ඥාතීන් සමඟ පවත්නා අමනාපකමයි. ආර්ථික දියුණුව සඳහා හවුල් ව්‍යාපාර කිසිසේත්ම ඔබට සුදුසු නොවේ. සෞඛ්‍යමය වශයෙන් අක්ෂි සම්බන්ධව ප්‍රවේසම් විය යුතුය.

 

ජූනි 27 වැනිදා

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 9 වන අතර එය කුජ ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ ජුනි මාසයේ වුවත් මෙදින රවි ග්‍රහයා කටක රාශිගතව ගමන් කරන බැවින් කටකරාශි අධිපති සඳු ග්‍රහයාගේ මෙන්ම කුජ ග්‍රහයන්ගේ බලපෑමට යටත් වේ. විවාදශීලී අදහස්වලින් යුතු ඔබ අවංකවම සහ කෙලින් කතාකිරීම නිසා සතුරන් ඇති ගන්නා අතර පවුලේ සමාජිකයින් සමඟ ගැටුම් ඇතිකරගැනීමේ උත්සහයක යෙදේ. කිසිම දෙයකින් ඔබ සැලෙන්නේ නැත. නමුත් ඔබ ස්වාධීනව කටයුතු කිරීමට බොහෝ සෙයින් කැමැතිය. විරුද්ධ ලිංගිකයන් සමඟ සම්බන්ධතා රාශියක් ඇති කර ගන්නා නිසාවෙන් ‘විවාහ ගැටලු ඇතිවිය හැකිය. නිර්මාණශීලි බවක් ඔබ සතුවන අතර විද්‍යාත්මක ක්‍රමවේදයන් ඔස්සේ ගමන් කිරීමෙන් ඉදිරියට යා හැකිය. එහෙත් ආර්ථිකය දෝලනය වේ. නෛතික තත්ත්වයන්ට මැදිවීම නිසා පාඩු සිදුවේ. සෞඛ්‍යමය වශයෙන් උකුල, උරහිස් අස්ථි සම්බන්ධව ප්‍රවේසම් විය යුතුය. අනතුරු නිසා බිඳීයා හැකිය.

 

ජූනි 28 වැනිදා

මෙදින උපන් ඔබේ පෞද්ගලික අංකය අංක 1 වන අතර එය රවි ග්‍රහයාට අයිති අංකයකි.

එසේම උපත සිදුවූයේ ජුනි මාසයේ වුවත් මෙදින රවි ග්‍රහයා කටක රාශිගතව ගමන් කරන බැවින් කටක රාශි අධිපති සඳු ග්‍රහයාගේ මෙන්ම රවි යුරේනස් ග්‍රහයන්ගේ බලපෑමට යටත් වේ. ඔබගේ ආත්ම විශ්වාසය ස්වාධීන අදහස් නිසා ජනතාව ඒකරාශී කරගෙන කරන කටයුතු ඉතා සාර්ථක විය හැකිය. එසේම ඔබට වෘත්තීය සමිති නායකයෙකු ලෙස ඉතා හොඳ සේවාවක් ලබාදීමට හොඳ හැකියාවක් ඇති අතර ඔබ අරමුණු අවසන් වන තෙක් තම කටයුතු අතහරින පුද්ගලයකු නොවේ. ව්‍යාපාරවලදි දැරීමට නොහැකි විශාල ව්‍යාපෘතින් ඇරඹීම සඳහා ඔබ උත්සහා කිරීම දැකිය හැකිය. යහපත් සෞඛ්‍ය තත්වයක් හිමි මුත් වුවමනාවට වඩා මහන්සි වීම නිසා ශරීරය දුර්වල වේ. පෙනහලු රෝග ඇති විය හැකිය. එසේම ආතතිය සහ ස්නායු ආබාධ ඇතිවිය හැකිය.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ, නාඋල

බී. ඒ. ජයවර්ධන

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.