කිරිපිඬු මෙලෙස සකසමු

මැයි 24, 2024

 

ශ්‍රී ලාංකික සූපවේදයේ විවිධ බත් වර්ග කිහිපයක් විය. ඒවා අතර චිරාත් කාලයක සිට පැවත එන අනර්ඝ වූත් උස් පහත් කාටත් පොදුවූත් බත කිරිබත නම් විය. සුභ මොහොතින් කටයුතු අරඹන මංගල අවස්ථාවලදී මේ කිරිබත බොහෝ දුරට මෙරට කෑම බිම්වල පෙරටුවටම සිටි. එළකිරි හෝ පොල් කිරියෙන් මිශ්‍ර කර පිසගත් මේ කිරිපථ ශීර භක්ත ශීල පායාස මදු’ මධුර පායාස කිරිපිඬු යන විවිධ නම් වලින් හඳුන්වා දී ඇත.

කෙසේ නමුත් මේ කිරිබත ඉතාම රසවත් වූ අතර බොහෝවිට පිළියෙළ කර ගත්තේ ගිතෙල් මිශ්‍ර හකුරු යොදමිනි.

බොහෝ කලකට පෙර භික්ෂූන් වහන්සේලාට සලාක දානය වශයෙන් පැන් නුමුසු කිරිපිඬු පිළියෙළ කර දී ඇත.

මෙලෙස ඈත අතීතයේ සිට සකසාගත් මේ කිරිපිඬු අද බුදුන් සඳහා කරන විශිෂ්ට පූජා ගණයට ගැනී ඇත.

කිරිපිඬු සකසන්නේ මෙසේය.

අවශ්‍ය ද්‍රව්‍ය

සුවඳැල් හාල් හෝ ඔබට කැමති දේශීය

සහල් වර්ගයකින් කිලෝ එකක්

වියලි කජු ග්‍රෑම් සීයක්

වියලි මිදි ග්‍රෑම් දෙසීයක්

රට ඉඳි ග්‍රෑම් දෙසීයක්

තැඹිලි ගෙඩි හතරක වතුර

එළකිරි හෝ පොල් කිරි ලීටර් පහක්

බටර් හෝ ගිතෙල් මිලි ලීටර් සීයක්

එනසාල් ස්වල්පයක්

කරාබු නැටි ස්පල්පයක්

මී පැණි බෝතල් හතරෙන් එකක්.

බුදුන් වහන්සේට පූජා කිරීම සඳහා අපි මේ බත සකසා ගැනීමේදී උඩුවියම් බැඳ මුඛවාඩම් බැඳ පිරිසිදුව අලුත් මැටි කට ලොකු කළයක් ගෙන මේ බත සකසා ගත යුතුයි.

සකසා ගැනීම

පැන් පෙරා ගත් පැන්වලින්

සහල් හොඳීන් සෝදන්න.

පසුව එයට තැඹිලි වතුර දමා පෙඟෙන්න

පැයක් පමණ තබන්න.

එනසාල් කරාබු නැටි හොඳීන් තලා

කිරි වලට එකතු කරගන්න

එය පසෙකින් තබන්න.

පසුව පෙඟෙන්නට තිබූ හාල් ලිප තබා

ඔබට හැකිනම් දර ලිප කුරුදු දර වගේ

සුවඳ දරක් භාවිතා කළ හැකියි.

තැඹිලි වතුරෙන් පොඟවා ගත් සහල්

ලිපේ තබා මද ගින්නෙ තම්බාගන්න

ඇට තැබ්බුනු පසු කිරි මිශ්‍ර කරන්න එයට අපි සකසා ගත් රටඉඳී, කජු, වියළි මිදී එකතු කරගන්න. පසුව බටර් හෝ එළඟිතෙල් එකතු කරගන්න. නිවුණු පසු මී පැණි එකතු කරගන්න. බුදුන්ට පූජා කරන්න.

 

උපදෙස්-

යුරෝපයේ පුහුණුව ලද

ආයුර්වේද සූපවේදිනී

ඉනෝකා වේලාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.