වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
කතා කරන යක්ෂයෝ හා භූතයෝ
සේන උන්නැහේට එන වින්නැහි දරා ගන්නට බැරි තැන උන්නැහැ යනව පේනයක් අහන්ඩ. මීට ඉස්සර දෙතුන් පළකට ගියත් හරියට යමක් කියවුණේ නැති නිසා මිනිහ උන්නේ හරිම කනස්සල්ලෙන්. මේ වැඩේට කරගහපු ගුරුන්නාන්සේලා ඉන්නේ මාතර පැත්තේ කීව හන්දා තංගල්ලෙනුත් හැරිල ගොඩක් දුර ගියා. බෙලිඅත්තේ ගුරෙක් ඉන්නවා කියලා. මිනිහ මුලින් හරියට කියලා පස්සේ කියන්ඩ බෑ කීවේ සේන උන්නැහැ පුළුටු කාල කිල්ලට අහු වෙලා කියලා.
ඒත් මිනිහා බේරෙන්ඩ කියපු දේවල් ටිකක් කළාට ඒකෙන් ඔක්කොම අකරතැබ්බ නැවතුණේ නෑ. ජීවිතේ නම් බේරුණා. ඒකත් බේරුණේ කැලණියෙ පැත්තේ ගුරෙක්ගෙ ඇප නූලක් දාලා තිබ්බ වස්තු කන්දරාවම වාගේ ගුරා ගත්තට පස්සේ. මේ සැරේ එක ගුරෙක් ළඟටවත් නොයන්න හිතුව සේන උන්නැහැගේ කරදර දැකල ඕන් යාළුවෙක් එක්කං ආවේ නැතෑ අඳුන් ගුරෙක්. ආපු ගමන්ම සේන උන්නැහේ කීවේ,
“හැබැයි රජෝ ඕං ඔව්වට දෙන්ඩ කියල මොනවත් මං ළඟ නෑ... කියලා’
‘එව්ව මං බලාගන්නම් රාලහාමි. ඕන් ඔය විඳවන එව්වයෙන් මිදෙන්ඩ බලමුකෝ’ කියලා ඔහු ආව ගුරා එක්කල අඳුනට මල් බුලත් තට්ටුවට අඩු වැඩිය තියන්න ගත්තා.
පහන පත්තු කරපු ගුරා මල් අතුළ යහන මැද්දේ තිබුණ තැටියෙ මැද්දෙ ගාපු කළු රවුමට වැඳගෙන හනුමන්තට ආරාධනා කරන්ඩ ගත්තා. ඒ කාරිය අහවර කරලා ඊට පස්සේ කීවේ මේ වෙන දේවල් තමන්ගෙම කෙනෙක්ගෙන් අහගන්ඩ ඕනේද කියලා. සේන උන්නැහේ සිහි කළා අම්මව. ඒත් උන්දැ දැන් ගෙන්ඩ ගන්න බැරිය කීවම සේනට හිතුණේ එහෙම නම් අම්මා නිවන් දැකල ඇති කියලා. ඊයේ පෙරේදා මිය ගියපු මල්ලිව සිහි කළා.
ආ අය්යා උඹ මාව බලන්නද ගෙන්ව ගත්තේ. උඹ මගේ මළගමටවත් ආවේ නෑ නේද? ඔව් අය්ය කියාපන් මං මොනවද කරන්ඩ ඕන කියලා. උඹ තරම් මං උගත් නැති වුණාට මං හැංගිල වැරදි නොකරපු එකා’ අම්මට උඩු ඒ නම් තමන්ගේ මල්ලිගෙම හඬ. ඒත් සේන බය වුණා මේ යකා මාත් එක්ක තරහට කවුරුවත් නොදන්න එව්වා ඔක්කොම කියයි කියලා. ඒ කියන්නේ මල්ලි භූතයෙක් වෙලා.
“ඔව් ලොකු අය්යා මං භූතයෙක් වෙලා තමයි ඉන්නේ. උඹලා මට ඉන්නකං හරියට මොකුන් දුන්නෙත් නෑ. ඒත් මං උඹට එකක් කියන්නම්. ඕං ඔය ඔක්කොම නවතලා උඹ දැන් යන තැනට මොකවත් කරගනින්. එහෙම හිතපු දා ඉඳල අය්යගෙ ඔය කරදර ඉවරයි. මං මේවා කීවේ උඹලා මට බැන්නට මං පවුලට ආදරේ හංන්දා’.
‘මං හිතුව දේම මෙයා දැනගෙන තමයි තවත් මොනවත් හිතන්න එපා මල්ලී මං එහෙම කරනවා. දවස් හතක් යන්ට කලියෙන් මං උඹට පින් පමුණුවන්ඩ දානයක් දෙනවා’. ඔහු තදින්ම එසේ සිතා ගත්තේය.
‘ආං හරි සේනයියේ උඹ එහෙමම කරාපන්. ඒක උඹටත් හොඳයි. මං යනවා.”
මල්ලි සාමාන්‍යයෙන් යද්දි වටාපිටාවේ ඇති බිත්තිය හෝ අතගාගෙන යයි. හදිසියේම මල් පැල අසල සිටි ගුරුන්නාන්සේගේ ඉණ රැඳි රතු පටිය එකවරම මඳක් දුර ගොස් බිම වැටුණි.
‘ආ මල්ලී ගියා එහෙනම්” ඔහුට කියවුණේ ඉබේටමය. භූතයෝ කතා කරන්නේ එසේය. ඔවුන්ට රුවක් නැත. ඒ නිසා පේන්නේ නැත. එහෙත් බලයක් ඇත. භූතයා මෙල්ල කළ හැකි අයෙකු විසින් අල්ලාගත් විට ඔහුට අවශ්‍ය දේ කිරීමට භූතයා බැඳෙයි. ඒ අනුව ගුරුන්නාන්සේ කියන දේ කරන්නට ඔහු කතා කරයි. ගමන් යයි. එහිදී පණ පිටින් සිටින මිනිසා එම භූතයා දන්නා කෙනෙකු නම් හඳුනා ගන්නේ ඔහුගේ කටහ¼ඩිනි. ඔහුගේ ඉරියව්වලිනි. එය ඔහු පෙන්නුම් කරන්නේ ඒ මොහොතේ කාරියට පේවුණ අයෙකුගේ සිරුරට වැදීමෙනි.
යාග ඇඳුරන් යකුන් පළවා හරින විටදී මහා සොහොන් සමයමේදී හෝ වෙනත් යාගයකදී අදාළ ආතුරයා එකට වැහී ඉන්නවා යැයි ඔවුන් දැන ගන්නා යක්ෂයා ආවේස කරවයි. එහෙත් කිසිදු විටක මිනිසෙකුට දෙවියකු ආවේශ නොවෙයි. මිනිසාගේ පිනෙන් ජීවත් වුවත් දෙවියන් අපිරිසුදු වූ මිනිස් සිරුරුවලට රිංගන්නේ නැත. එහෙත් දෙවියන්ට පහළින් සිටින, එහෙත් යකුන්ට ඉහළින් සිටින මිනිසාගේ කය යානයක් කර ගැනීමට යක්කුන්ට හැකියාව ඇත.
ඒ අනුව යකුන් එළවීමේදි ආතුරයා පියවි සිහියෙන් සිටියදී කිරීමට තබා සිතීමට පවා නොහැකි දේවල් සිදු කරයි. ඔසොවන්නට බැරි බර ඔසොවයි. පැන හෝ රිංගා යා නොහැකි තැන්වලින් එසේ යයි. නොබොන සුරාපානය කිසිදු ගැටලුවකින් තොරව බෝතලයක් වුවද බී දමයි. කෑමද එහෙමය. එසේ පිදේනි ගත්තද ඔහු ඒ අනුව පෙනී යන්නේ යක්ෂයා හා භූතයා මෙරට ජනතාවගේ හදවත් තුළ රැඳී සිටි බවය. අරූපාවචර සත්ත්වයෙකු ලෙස ඔහු රූපයෙන් තමන්ට අනවින කළ හැකි බලවේගයක් බව එදා මිනිසා අවබෝධකර ගැනීම නිසා යක්ෂයන් හා භූතයන් නොපෙනණුද ඔවුන් ගැවසෙන ස්ථාන හා වේලාවන් සේම දිනයන් පිළිබඳව ද අවබෝධයත් ඔවුන්ගේ සිත් තුළ වූ බව භූතාපසරණ ක්‍රියාවලියෙන් පෙනේ. එයට අනුකූලව බලිතොවිල් හා වෙනත් ආරක්ෂා විධි නිර්මාණාත්මකව සමාජය අතරට පැමිණ ඇත.
එයට අනුකූලව එම ශීල්පීන් විසින් එය සන්නිවේදනය කිරීම උදෙසා උපදවා ගත් යාන්ත්‍රණය වූයේ යාග කංකාරි පබැඳීමයි. එයින් එම සාහිත්‍යය ඇති විය. එම ක්‍රවේදය මඟින් නිරන්තරයෙන් එය ආදි මානවයාගේ පරම්පරාවෙන් පරම්පරාවට සංක්‍රමණය වීමේදී මුලින් පිහිටි ගස් , ගල්, පර්වත හා නෑ යකුන් වෙනුවට විවිධ යකුන් නිර්මාණය වූ බව පෙනේ. දෙවියන්ද මුලින් කතා කළ අයට අමතරව තවත් දෙවියන් ඇති විය. ඒ සමඟම ජීවත් වූ පුුරුෂයන් ඔවුන් ජීවමානව කළ කටයුතු නිසා පසුකාලීනව දෙවියන් බවට පත් කර ගත්හ. සුමණ සමන්, ගලේබණ්ඩාර, මහසෙන් මෙසේ මෙරට ඇතිවූ දේශීය දෙවිවරුන්ය.
භූතයා ඇතිවීම පිළිබඳව බෞද්ධ ධර්මයේද ඇති සඳහන් හේතුවෙයි. නිකාය සංග්‍රහයට අනුව පේ‍්‍රත හා භූතාත්මවල මිනිසා උපදින්නේ මනුෂ්‍ය ලෝකයේදී කරනු ලබන වැරදි සේම මියෙනා මොහොතේදී ඔවුන් ලෝභ සිතුවිල්ලෙන් මිය යාම නිසාය. මේ ගාථාවෙන්ද භූතයන් ඇති බව කියවෙයි.
‘තස්මාහි භූතා නිසාමේථ සබ්බේ
දිවාච රත්තෝච හරන්තියේ බලිං – තස්මාහි නේ රක්ඛත අප්පමත්තා