වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
වාහන කැඩුණු කොණ්ඩදෙණියේ හිමිවරුන්ගේ කතා
මාර්තු 29, 2024
කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමිපාණන්ගේ චරිතය තුළින් අපූර්ව ලක්ෂණද පෙන්නුම් කෙරේ. හොඳට හොඳ මෙන්ම, නරකට නරකක් කිරීමටද උන්වහන්සේ නොපැකිළ වූ අවස්ථාද එමටය.
ඒ ‘හාරලක්ෂයේ මංකොල්ලය’ සිදු වූ සමයයි. මංකොල්ලය පසුකාලීනව සියලු දෑ හෙළිදරව් විණි. කතා පුවත හා සම්බන්ධ එක්තරා පුද්ගලයෙකු නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටියේය. ඔහුගේ ආරාධනය මත ගුරුකමක් කිරීමට කොණ්ඩදෙණිය සිට විජේරාමයට වැඩම කිරීමට හිමියන් යොදා ගත්තේ තමන් වහන්සේට පරිත්‍යාගයක් ලෙස ලැබුණු තරමක් පරණ ජීප් රථකයකි.
අතරමඟදී රථයේ දෝෂයක් හට ගන්නට විය. රථයේ රියැදුරුට කාර්මික දෝෂයක් නිවැරදි කර සකසා ගැනීමට එතරම් දැනුම් නොවීය. එනිසා කැඩුණු රථය අවට පිරිසගේ සහායෙන් තල්ලු කොට නුගේගොඩ බෝගහහන්දිය අසල එවකට තිබූ තරමක් ලොකු ගරාජයකට ගෙන ඒමට ඔවුන් සමත් විය.
එදා නුගේගොඩ පැවතියේ ග්‍රාමීය පරිසරයකි. අද මෙන් ජනාකීර්ණද නොවිණි. මෝටර් රථ භාවිතයද අවම ප්‍රමාණයක් විය. එබැවින් ඉඳහිට තමන් වෙත රැගෙන එන වාහන අලුත්වැඩියා කොට අධික මුදලක් සේවාදායකයාගෙන් අය කර ගැනීමට ගරාජ හිමිකරුවා පුරුද්දක් කොට ගෙන තිබිණි. ගරාජයටම අල්ලා ඔහුගේ දෙමහල් නිවසද ඉදිකර තිබිණි.
කෙසේ හෝ හිමිගේ රථය කඩිමුඩියේ අලුත්වැඩියා කරන ලදුව එහි වූ කාර්මික දෝෂය සකසන ලදි.
“ඔන්න මගේ වැඩේ අහවරයි. මගේ ගනුදෙනුව රුපියල් දහසයි. අලුත් කෑල්ලකුත් දාලයි තියෙන්නෙ”
ගරාජය හිමිකරු පැවසීය. එකෙණෙහිම අලුත්වැඩියා කරන තැනම රැඳී සිටි හිමියන්ගේ රියැදුරු හඬ අවදි කළේය.
“අලුත් කෑල්ලක් දානව නම් මම දැක්කේ නැහැ නොවැ”
“කාරි නැහැ. කාරි නැහැ...මහත්තයෝ, මේ හදිසියට මා ළඟ රුපියල් දහසක් නැහැ නොවැ එනිසා හැන්දෑ කොරේ ඒ මුදල් නොවරදවාම ගෙනත් දෙන්නම්. හදිසි ගුරුකම් වැඩකට ආපු ගමනක් නොවැ”
“එහෙනම් හාමුදුරුවනේ ඒ ගුරුකම් වැඩ අහවරකොට ඇවිත් මගේ මේ ගාස්තුව ගෙවල ජීප් එක අරන් යන්න එතකම් මෙතනින් අඩියක් වත් හොල්ලන්න ඉඩ තියන්නෙ නැහැ.”
හාමුදුරුවන්ගේ රියැදුරු ගරාජ හිමියා සමීපයට ගියේය.
“උන්නැහැ දන්නවද? මේ හාමුදුරුවො කවුද කියල?
යන්ත්‍ර මන්ත්රවලට සුප්‍රසිද්ධ කොණ්ඩදෙණිය හාමුදුරුවෝ”
“මම දන්නා දෙණියක් නැහැ අයිසේ”
මම ඔය යන්ත්‍ර මන්ත්‍ර තඹ පිච්චියකට මායිං කරන්නේ නැහැ”
“අපි කවදාවත් ඕව විශ්වාස කරන්නේත් නැහැ හලෝ වාහනය අරන් යන්න ඉඩ නොදුන්නොත් මොකද එයා මගේ ගැරේජ් එකට ගිනි තියන්ඩද? ඔහේ දැනගන්නව මම හොඳ සල්ලිකාරයෙක්. එයා මාව හිඟමනේට ඇද දාන්නද? මම ඕවට බය නැහැ. හාමුදුරුවො කවුරු වුණත් මට කමක් නැහැ. හරි හමං සල්ලිභාගයක්වත් නැතිව මහලොකුවට වාහන පාවිච්චි කරන්නේ”
“හොඳයි ඩ්‍රැයිවර් උන්නැහේ අපි පයින් යමු. හවස් කොරේ කාගෙන් හරි සල්ලියක් ඉල්ලගෙන ඇවිත් වාහනේ අරගෙන යමු.”
දෙදෙනා සැතපුම් කිහිපයක් පයින් ගමන් කොට තම සේවා ලාභියාගේ නිවසට පැමිණියහ. හිමිගේ පැමිණීම අපේක්ෂාවෙන් ඔහු බලා සිටියේය.
හිමියෝ තම සේවාදායකයාට අවශ්‍ය යන්ත්‍ර මන්ත්‍ර කඩිනමින් ජප කරන්නට වූහ. නිවෙසේ හතර කොනින් පස් කුඩා ප්‍රමාණයක් ගෙන තාච්චියකට දමා රත්කොට පුපුරු ගසමින් බැදෙන්නට සැලැස්වීය. ඉන් ඉතා ස්වල්පයක් ගෙන කහදියර ඉහ නිවා සිංහ තෙල් බිඳුවක් සමඟ කුඩා රත්රන් සුරයකට දමා ඔහුගේ ගෙල පැලඳවීය.
“මහත්තයෝ බය නැතිව වැඩේට යන්න. මේ එන ගමනේදී ගැරේජ් කාරයෙක් මට කොලොප්පමක් කළා. එයාටත් පාඩමක් උගන්වලයි මම යන්නේ.”
එක නැට්ටෙ දෙහි ගෙඩි තුනක් ගෙන්වා ගත් හිමියෝ් ඊට මන්ත්‍ර ජප කරන්නට වූහ. ඒ සමඟම දෙහි ගෙඩි තුන රතු පැහැ ගැන්වී තිබිණි.
“ඩ්‍රැයිවර් කොල්ලෝ, මේ දෙහි ගෙඩි තුන අතට ගනිං. මම ගැරේජ්කාරයට සල්ලි දෙන අතරේ ගැරේජ් එකේ පැත්තක දාල තියෙන අබලි ටයර් එකක් ඇතුළට දෙහි ගෙඩි තුන දමාපං”
කාරයේ ඩ්‍රයිවර් හිමිගේ අණට කීකරු විය.
“මෙන්න තමුසෙගේ ගාස්තුව. අපි වාහනේ අරගෙන යනවා”
මාස ගණනාවකට පසු තවත් ගුරුකම් වැඩකට නුගේගොඩට වැඩම කළ හිමියන්ට දැක ගත හැකි වූයේ එදා තිබූ ගරාජයත් දෙමහල් නිවසත් ගින්නකින් දැවී ගොස් තිබූ සුන් බුන් පමණි.
ඒ අසල පිහිටි කුඩා බුලත්විට කඩයකින් හිමියන් ඒ ගැන විමසීය. “හාමුදුරුවනේ, දැන් ඒක වැහිල ගිහින් මාස, දෙක තුනක් වෙනවා නොවැ හදිසි ගින්නකින් ගරාජයේ නවතා තිබූ වාහනත් තට්ටු දෙකේ ගෙයත් සම්පූර්ණයෙන්ම දැවිල ගියා. මිනිසා හතර වටේටම ණයකාරයෙක් වුණා. ඒවා ගෙවලම ගැරේජ්කාරයාගේ මුළු දේපළම ඉවරයි. අන්න මිනිහා අර බෝගහ යටට වෙලා හිඟමන් යදිනවා.”
කොණ්ඩදෙණියේ වත්මන් රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති කඩම්බාවේ අනුරුද්ධ හිමියෝ මෑතකදී තම වාහනයෙන් අලුයම රාජකාරි කටයුත්තකට කොණ්ඩදෙණිය සිට මහනුවර බලා පිටත් වූහ. කටුගස්තොටට ළඟාවීමත් සමඟම වාහනය ලෙඩ දෙන්නට විය. අවට හොඳ ගැරේජයක්ද පෙනෙන්නට නොතිබිණි. ඒත් ළඟපාත විජාතික කොලුගැටයකුගේ කුඩා ගරාජයක් තිබිණි. එයට වාහනය තල්ලු කරගෙන විත් දැමුවත් එයින් කාරය පණ ගැන්වීමට යමක් කර ගැනීමට ඒ හාදයාට නොහැකි විය. වාහනය අතපත ගෑවා පමණි. ඒත් කිසිදු අලුත්වැඩියාවක් නොකළත් ඔහු එය පරික්ෂා කළ බැවින් තරමක ගාස්තුවක් ගෙවන්නට හිමියන්ට සිදු විය.
මෙවැනි අවස්ථාවක නම ‘කිරිඅප්පච්චි” වූ කොණ්ඩදෙණියේ සීලරතන හිමියන් කළ කී දෑ මතකයට නැංවිණි. කටුගස්තොට හාදයාද හිමියන්ව එතරම් ගණන් ගත්තේම නැත.
“දැන් ඉතින් කරන්නට දෙයක් නැහැ නොවැ.
අපි මේක කාලි මෑණියන්ටවත් කියා බලමු.”
නිමේෂයක් ගතවත්ම අනුරුද්ධ නායක හිමියන් සංසුන්ව තම පිළිවෙත් අනුගමනය කරමින් හෙමින් සීරුවේ මන්ත්‍රයක් ජපකොට තමන් වහන්සේට හදිසියේ සිදුවූ මේ ඇබැද්ධිය කාලිමෑණියන්ට මනසින් පවසන්නට විය. තඩි කළු පූසෙක් ආපදාවට ලක්වූ වාහනය මතට පැන හිමි පාමුල දැවටෙන්නට විය.
ගතවූයේ මොහොතකි. කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ මෙයට වසර හතළිස් ගණනකට පෙර හාමුදුරුවන් සමඟ සිටි සමකාලීන මිතුරකු වූ අශෝක මහතා එක්විටම මුණගැසුණි.
ඔහු වෛද්‍ය පරීක්ෂාව උදේම නිමකොට නිවස බලා තම කාරයෙන් පිටත්ව යාමට සූදානම් වුවද හදිසියේම කාලිමෑණියන් සිහිපත් විය. එතුමා කාලිමෑණියන් විශ්වසනීයත්වයෙන් අදහන බැතිමතෙකි. කලකට පසු කාලිමෑණියන් සිහිපත් වුණේ කළ වෛද්‍ය පරීක්ෂණයේ අඩුපාඩුවක්වත් සිදු වුණා දෝ’යි ඔහුට සිත් විණි.
“ආ........හ්........ මට රුධිර පීඩනය බලන්න අමතක වුණා නේන්නම්.”
ආපසු වාහනය පණ ගන්වා කටුගස්තොට නගරයට පිවිසීමත් සමඟ අශෝක මහතාට අනුරුද්ධ හිමියන් මුණගැසුණි.
සිදු වූ ඇබැද්ධිය අනුරුද්ධ හිමියන්ගෙන් දැනගත් අශෝක මහතා වහාම ඉදිරිපත්ව තම මුදලින්ම වාහනය අලුත්වැඩියා කොටදී ඉතා ඉක්මනින් උන්වහන්සේගේ ගමන් පහසුව සලසා දුණි.
මෙම කතා පුවත් දෙක කඩම්බාවේ අනුරුද්ධ හිමියන්ගෙන් දැනගත් විට මගේ සිත කාලවකවානු දෙකකදී ගරාජ තුළ කොණ්ඩදෙණියේ හිමිවරුන් මුහුණු දුන් අභියෝග සහ දෙදෙනා ගත් පියවරවල වෙනස පිළිබඳවය.
හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)
ඡ්‍යොතිෂ අවිශ්කාර්
ඡ්‍යොතිෂ ශිරෝමණී
ආචාර්ය විජය සමරසිංහ
෴ සබැඳි ලිපි ෴
අගෝස්තු 17(පෞද්ගලික අංකය 8)පෞද්ගලික අංකය දෙවැනි පෙළින් 8 වීම නිසා ඔබේ ගති පැවතුම් අගෝස්තු 8 හා 26 යන දිනයන්ටත් දිගුවක්ව පවතිනවා. වක්‍ර ආකාරයට ඔබගේ...
2024-08-15 18:30:00
අපරාදේ කියන්න බෑ ඉන්දියාවේ මගුල් ගෙවල්වලත් අපේ මගුල් ගෙවල්වලත් වෙනසක් නෑ. අපේම සල්ලිවලින්ම කාලා-බීලා අපේ වෙඩින් එකේ අඩුපාඩු ආරාධිතයෝ තැන තැන...
2024-08-15 18:30:00
පුද්ගලයෙකුගේ ජීවිතයේ සාර්ථකත්වයට බලපාන විවිධ දේවල් අතර තාරකා ශාස්ත්රයත් තිබෙන බව ඔබ දන්නවා. මනුෂ්‍යයෙකුගේ ඉරණම තීරණය වන්නේ, ඔහු හෝ ඇය පෙර සිට...
2024-08-15 18:30:00
තල කොළ, පුස්කොළ නමින් හැඳින්වෙන පත්‍ර ලබා ගන්නේ තල ගසිනි. තල නමින් ධාන්‍ය වර්ගයක් ද ඇත. මෙය උසින් හා මහතින්ද විශාල කොලවලින් සහ මහත පිත්තකින්ද යුක්තය...
2024-08-15 18:30:00
ශකවර්ෂ 1946ක් වූ කටක රවි 32 භාග නිකිණි පුර දොළොස්වක තිථිය ලත් කිවිදින සිට සිංහ රවි 06 භාග නිකිණි අව තියවක ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි -...
2024-08-15 18:30:00
ගීත පි්රයො බන්ධු මාන්යො හෙමරතෛන රලංකෘතඞධනිෂ්ඨාය නරො ජාත ශෛවකඞ ශතපතිභ¡¡වෙත්දෙනට නැකත හිමිව උපත ලද්දේ නම් සෞන්දර්යවාදී කලා අංශයට පි‍්‍රයමනාප අයෙකි....
2024-08-15 18:30:00
මාසෙ පොහොය දිනයක් වූ එදින වෙනදාට වඩා සන්ධ්‍යාභාගය වන විට හතර අතින් අඳුරු ස්වභාවයක් පැවතිණ. ඒ වන විට කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමියන් තමන් වෙත පැමිණි...
2024-08-15 18:30:00
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි සංස්ථාවේ හිටපු අධ්යක්ෂවරයකු වූ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පාලිත පෙරේරා මහතා ඒරාෂටක කාල වකවානුවලදී මුහුණ දුන් අත්දැකීම්...
2024-08-15 18:30:00
මෙතෙක් කතාවප්රකට ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත පැමිණෙන එක්තරා පුද්ගලයකු තමාගේ අතෙහි බරපතළ වේදනාවක් ගෙන දෙන තුවාලයක් ඇති බව පවසා සැත්කමකින් සුවපත් කරදෙන...
2024-08-15 18:30:00
අගෝස්තු 10(පෞද්ගලික අංකය 1)පෞද්ගලික අංකය දෙවැන පෙළින් 1 වීම නිසා ඔබේ ගති පැවතුම් අගෝස්තු 1 හා 19 යන දිනයන්ටත් දිගුවක් පවතිනවා. එමෙන්ම ඔබටම ආවේණික...
2024-08-08 18:30:00
බහිරව පූජාව කියූ පමණින් ඔබගේ සිතට එන්නේ පොළොවට කරන පූජාවයි. එනම් පාතාල පූජාවයි. එහෙත් බහිරවයෝ දස දෙනකු සිටින බව ගුප්ත විද්‍යාවේ පැහැදිලි වනවා.එනම්...
2024-08-08 18:30:00
නිකිණි මස සති අන්තයක ශනිදා හිමිදිරි පාන්දර කොණ්ඩදෙණියේ සීලරතන හිමියන් බ්‍රහ්ම හෝරාවෙන් අවදිව පුරා හෝරාවක් පමණ භාවනානුයෝගීව සිට ඉන් මිදී බෝධි...
2024-08-08 18:30:00
අද දිනයේදී කතාබහ කරන්නට බලාපොරොත්තු වන්නේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රතිරූපයට නවමු වටිනාකමක් දුන් ගුවන් විදුලි සජීව විස්තර ප්‍රචාරය ඔස්සේ අමිල...
2024-08-08 18:30:00
මෙතෙක් කතාවප්රකට ශල්‍ය වෛද්‍යවරයකු වෙත පැමිණෙන එක්තරා පුද්ගලයකු තමාගේ අතෙහි බරපතළ වේදනාවක් ගෙන දෙන තුවාලයක් ඇති බව පවසා සැත්කමකින් සුවපත්...
2024-08-08 18:30:00
පසුගිය ලිපිවලින් අපි ඔබට ඔබේ නමේ අංකය සොයා ගන්නා ආකාරය දැක්වූයෙමු. අද එහි අවසන් අංක ත්‍රිත්වය ගෙන එන්නෙමු. නමෙහි අකුරුවල අගය ඉංග්‍රීසි අකුරුවලට අදාළ...
2024-08-08 18:30:00
අගෝස්තු 3(පෞද්ගලික අංකය 3)සෑම දෙයක්ම මහා පරිමාණයෙන් සැලසුම් කරන ස්වභාවයක් නිතරම ඔබ පිළිඹිබු කරන්නේ. හැම දෙයක්ම ක්රමාණුකූලවත් පිළිවෙලටත්...
2024-08-01 18:30:00