අප්‍රේල් මාසයේ උපන් පෞද්ගලික අංක 1,2,3 හිමි ඔබ ගැනයි...

දෙසැම්බර් 29, 2023

මාර්තු මාසයේ 28, සහ අප්‍රේල් මාසයේ 1, 10, 19 යන දිනයන් හි උපත ලද අය අප්‍රේල් මාසයට අදාළ පෞද්ගලික අංක 1 ලෙස ගැනෙන අතර එය රවි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ අප්‍රේල් මාසයේ නිසා පුද්ගලයා රවි යුරේනස් ග්‍රහයන්ගේ මෙන්ම කුජ ග්‍රහයාගේ බලපෑමට යටත් වේ.

කුඩා කල සිටම ජිවිතයේ ඉහළ නැඟිමේ ආශාවන් සහිතව කටයුතු කරන පුද්ගලයන් මේ දිනවල උත්පත්තිය ලබන අතර එසේම එම ආශාවන් සාර්ථක ලෙස ඉටුකර ගැනිමේ හැකියාවක් ඔවුන් සතු වේ.නිර්මාණාත්මක හැකියාවන් උපතින්ම ඔවුන් සතු වන අතර සියලුම කටයුතු වලදි දැඩි අධිෂ්ඨානයකින් කටයුතු කිරිම මොවුන්ගේ ස්වභාවයයි. සමාජයේ මෙන්ම තම පවුල සහ ඥාතීන් අතරද ප්‍රධාන වන අතර තම මතය අනුවම කටයුතු කරන්නේ නම් ඉතා සාර්ථක ප්‍රතිපල නෙළාගත හැකිය. ආදරය සම්බන්ධයෙන් ගැටලු සහගත තත්වයන් ඇතිවිය හැකි අතර එයට හේතු වන්නේ මොවුන් එක අරමුණක ගමන් කිරිමයි. ක්‍රීඩා කටයුතුවලට ප්‍රිය කරන අතර ජයග්‍රහණයන් ඔවුන් සතුවේ. ගිනි අවි පිපිරීම් රිය අනතුරු ආදියෙන් ප්‍රවේසම් විය යුතුය. ආර්ථික කටයුතු වලදි ඉහළ පහළ යෑම් සිදුවිය හැකි අතර ඒ ගැන අවධානයෙන් කටයුතු කළ යුතුය.

සමාජ කටයුතුවලදි සාර්ථක වන අතර සතුරන් ඇතිවීම වැළැක්විය නොහැකිය.

හොඳ සෞඛ්‍යය තත්ත්වයක් උරුම වුවද අධි රුධිර පීඩනය සහ හෘදයාබාධ ඇතිවිය හැකි බැවින් ප්‍රවේසම් විය යුතු වේ.

මොවුන් සෑම කටයුත්තක් සඳහාම 1 9 10 18 19 27 28 යන දිනයන් හෙවත් අංක 1 සහ 9 යන දිනයන් යොදා ගැනිම කටයුතු සාර්ථක කරගැනිමට උපකාරී වේ. රන්වන් පැහැය කහ තඹ රන් දුඹුරු පැහැය සහ රතු පැහැයේ සියලුම ප්‍රභේද සුබ වර්ණ වේ.

අපේල් මාසයේ 2, 11, 20, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 2 වන අතර එය සඳු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ අප්‍රේල් මාසයේ නිසා පුද්ගලයා සඳු නෙප්චූන් ග්‍රහයන්ගේ මෙන්ම කුජ ග්‍රහයාගේ බලපෑමට යටත් වේ.

මෙ දිනවල උපන් අයට එකිනෙකට පරස්පර විරෝධී ගතිගුණ මෙන්ම චරිත ස්වභාවයක් සතු වේ. කුජ නිසා පැමිණි දැඩි අධිෂ්ඨානශීලිබව සහ ස්වාධීනබවට සඳු නිසා පැමිණි නිර්මාණශීලීබව සහ හෘදයාංගමභාවය නිසා සම්ප්‍රදාය ප්‍රිය නොකරන තත්ත්ව ඇතිවේ. සියලු කටයුතු වරින් වර වෙනස් කර ගනිමින් ගමන් කරයි. නමුත් හොඳ සංවිධාන ශක්තියක් ඔවුන් සතුය. එම නිසාම අනිත් අයව හොඳින් පාලනය කිරිමේ සුදුසුකම ඔවුන් සතුය. රජයේ රැකියාවක නියැලෙන්නේ නම් පමණක් එකම රැකියාවක නියළෙන අතර නැති නම් වරින් වර රැකියාව වෙනස් කිරිම මොවුන්ගෙන් දැකිය හැකිය. සියලු ආර්ථික කටයුතු සඳහා තනියම යොමුවන්නේ නම් ඉතා සාර්ථක බවක් අත්කරගත හැකිය. සඳු සහ නෙප්චූන්ගේ පැමිණීම නිසා සාහිත්‍යමය හැකියාවන් දියුණු කර ගැනීමට හොඳ අවස්ථාවක් හිමි වේ. විවාහය සම්බන්ධයෙන් ගැටලු ඇතිවේ.

හොඳ සෞඛ්‍ය තත්ත්වයක් උරුම වුවද උණ රුධිරගත ආබාධ කුඩා බිබිලි ආදි අසනිපයන්ට ගොඳුරුවීමේ ඉඩකඩක් පවතී. උගුර කන් පිළිබඳ අසනීප සම්බන්ධයෙන් සැලකිල්ලක් දැක්විය යුතුය.

මේ දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සදහාම අංක 2 ,7, 9 දින එනම් 2 7 9 11 16 18 20 25 27 29 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනිමට උපකාරි වේ. කොළ පැහැයේ ප්‍රභේද, ක්‍රීම් සහ සුදු, කොබෙයියාගේ අළු පැහැය රතු පැහැයේ ප්‍රභේද ආදිය සුබ වර්ණයන් වේ.

අප්‍රේල් මාසයේ 3, 12, 21, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 3 වන අතර එය ගුරුට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ අප්‍රේල් මාසයේ නිසා පුද්ගලයා කුජ ග්‍රහයාගේ ද බලපෑමට යටත් වේ.

́සෑම ක්‍ෂේත්‍රයකදීම ඉහළ නැඟීමේ ආශාව මෙන්ම අන් අය අබිබවා යෑමේ අරමුණු සහිත පුද්ගලයන් මේ දිනවල උත්පත්තිය ලබන අතර කෙසේ හෝ තම අභිලාෂයන් ඉටුකර ගැනිමේ ශක්තියක් ඔවුන් සතු වේ. කුජ සහ ගුරුගේ බලපෑම නිසා නිරන්තරයෙන් අන් අය පාලනය කිරිමට උත්සහ කරන අතර එවැනි සංවිධාන නිරන්තරයෙන් ඇති කර ගනී.

එම තත්ත්වය නිසා අන් අය යටතේ කටයුතු කිරිමට මොවුන් කැමැති නැත. නීතිය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීනව කටයුතු කරන අතර තරාතිරමකින් තොරව සියලුු අවස්ථාවන්හි කටයුතු කරයි. එම නිසාම ශක්තිමත් සතුරන් මෙන්ම හොඳ මිතුරන්ද ඇතිවේ.

සමාජය වෙනුවෙන් කටයුතු කිරිමට ඉදිරිපත්වන අතර මේ අයගේ යෝජනා අදහස් ඒ වෙනුවෙන් ඉදිරිපත් වේ. යහපත් සෞඛ්‍ය තත්ත්වයක් උපතින්ම හිමි නමුත් මැදි වයසෙන් පසුව අධි රුධිර පීඩනයට සහ හෘදයාබාධයන්ට ගොඳුරු විය හැකි නිසා ප්‍රවේසම් විය යුතුය.

හොඳ ආර්ථික මට්ටමක් ගොඩනඟා ගැනීමට හැකි අතර නිශ්චල දේපළ සඳහා මුදල් ආයෝජනය යහපත් වේ. මේ දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම අංක 3, 6,9 දින එනම් 3 6 9 12 15 18 21 24 27 30 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කර ගැනීමට උපකාරි වේ. දම් සහ වයලට් දම්, නිල් පැහැයේ ප්‍රභේද රතු පැහැයේ ප්‍රභේද සුබ වර්ණ වේ.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල

බී. ඒ. ජයවර්ධන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.