සිනමාවට නැඟුණු නවකතා ලියූ ගත් කතුවර ඩබ්ලිව්.ඒ.සිල්වා

දෙසැම්බර් 8, 2023

හෙළයේ පිනට උපන් දක්ෂතම ගත්කතුවරුන් බිහිවීම මහත්වූ භාග්‍යයකි. අද අපි කතාබහ කරන්නට යන්නේ සුප්‍රකට ගත්කතුවරෙයක් වූ ඩබ්ලිව්.ඒ.සිල්වා මහත්මා ගැනයි. ධනු ලග්නනයෙන් උපත ලැබූ මෙතුමාගේ කේන්ද්‍රයේ ගුරු බලවත්ව 4 වැන්නේ සඳුට පෙනීම් ඇතිව ගුරු හංස යෝගය උදා කර ඇත්තේය.

රවි, රාහු, බුධ ත්‍රි සුබ යෝගය 5 වැනි අධ්‍යාපන ක්ෂේත්‍රයේ යෙදී තිබේ. කුජ උච්චයි. වියත් බව ප්‍රකට වේ. 12 අධිපති උච්ච වීම නිසා මිය යෑමෙන් පසුව ද මෙතුමගේ නම ජීවත් වේ. ගත්කතුවරයෙකු වීම පිණිස ආත්මශක්තියෙන් කැපවීම තිබීම අනිවාර්ය වේ. තමා කළ නිර්මාණ ඉවතට දැමූවත් එයින් අධෛර්යමත් නොවී නැඟී සිටීමේ හැකියාව ලේඛකයෙකුට තිබිය යුතු වේ.

ලොව ප්‍රකට ලේඛකයින්ට තමන්ගේ නිර්මාණාත්මක කෘතීන් එළිදැක්වීමට නොහැකි වන්නේ ඒ අයට මුද්‍රණ කටයුතු කිරීමට ආර්ථිකමය ශක්තියක් නැති බැවිනි. මෙතුමා විසින් ලියන ලද සමහර පොත් මුද්‍රණයට භාර නොගත්හ. පොත් ප්‍රකාශකයන් ඒවා අඩු තක්සේරුවකට ලක්කළ නිසාය. සුප්‍රකට සිනමා නිළියකගේ ජීවන චරිතය අළලා ලියන ලද චරිතාපාදාන ග්‍රන්ථයක් එළි දක්වන්නට නොහැකි වූයේ ප්‍රකාශකයින්ගේ අවධානය යොමු නොවුණු හෙයිනි. කැලෑහඳ අතිශයින්ම ජනපි‍්‍රය වූ නවකතාවකි. එය සිනමාවට නැංවිණ. පැරණි යුගයේ සමහර නව කතාවන්ට නිසි තැනක් ගෞරවයක් නෙැලැබිණ. විවිධ ගුරුකුලවලින් තදබල ලෙස අතුල් පහර වැදිණ.

සමහර අති දක්ෂ විද්වතුන්ට සම්මාන උපාධි පවා හිමිවන්නේ ඔහු මිය ගියාට පසුවය. මහගම සේකර මහතා එයට හොඳම නිදසුනකි. තලන බටු ගෙඩියක් තරම් කොණ්ඩය බැඳි දෙහිවල වෙද මුහන්දිරම් තුමා හමුවට ගිය සිල්වා මහතාට එවේලේ දක්නට ලැබුණේ දෙගොඩ හරිවියේ රූමත් කාන්තාවගේ රෝග විනිශ්චය කරන අයුරුය. නෝනා කොහොමද පපුවට නළාව කියල බලන්නෙ. ඇඳලා තියෙන ඒවායේ හැටියට? අපි එහෙනම් පිට පැත්තෙන්වත් නළාව තියල බලමු නේද කියලා.

නෝනා ගියාට පසු සිල්වා මහතා කිව්වේ වෙද මහත්තයෝ ගෑනියෙකුගේ දෙපැත්තම බලන්න පුළුවන් තරමට හොඳ වෙන්න ඕනෑ කියලා? ඒ කිව්වේ? පිට වගේම ඇතුළත් හොඳ වෙන්න ඕනෑ නේ. දැන්නේ තේරුණේ. ලස්සන වගේම කල්ක්‍රියාව. උපහාසාත්මක වැකි එතුමාගේ කටින් නිතර පිට විය. දෙපොළ මඟුලෙන් බල්ලා බඩගින්නෙ. මොකක්ද සිල්වා මහත්තයා ඒකේ තේරුම?. නෝනා ගියා මඟුල් ගෙදරක එනකොට බල්ලට බත් ගෙනෙයි කියල මහත්තයා හිතුවා . නෝනා හිතුවා මහත්තයා තවත් මඟුල් ගෙදරකට ගිය හින්දා එහෙන් බත් ගෙනෙයි කියලා බලනකොට දෙන්නම බත් ගෙනත් නෑ.

සම්භාෂණයක මදු විතින් සප්පායම් වී සිටින අතරේ උපහාසාත්මක රචක ටී.ජී.ඩබ්ලිව් ද සිල්වා මහතාට තවත් අයෙක් වේගවත්ව කියල තියෙන්නෙ තමුසෙගෙ කලිසම ඔළුවෙන් ගලෝනව කියලා එකපාරම සිල්වා මහතා කිව්වලු,

අයිසේ කලිසම ඔළුවෙන් ගලවන්නේ කොහොමද? මැහුම් කීයක් දාල තියෙනවද කියල බලනවකො කියලා.....කවියෙක් කිව්වලු, 'කලිසම ගැලෙව්වත් සස්පැන්ඩරය ඇත' කියලා..?

ශ්‍රේෂ්ඨ යුගපුරුෂයෙක් වූ ඩබ්ලිව්. ඒ.ද.සිල්වා මහතාගේ කීර්ති නාමය එදාට වඩා අද අගනේය.

 

ප්‍රවීණ ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී දේශබන්ධු

ටී.හෙන්රි බෙම්මුල්ල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.