කෙතෙක් පරිහරණය කළේ වී මුත් යෙදෙන්නේ එහි යළි යළිත්

ජූලි 28, 2023

අපි නොයෙක් නොයෙක් දේ පරිහරණය කරමු. කොතෙක් පරිහරණය කළ ද තෘප්තියට පත්වීමේ කෙළවරක් නොදන්නා අයකු වෙයි. ඇතැම් වස්තූන් ස්වල්පයක් පරිහරණය කළ හොත් ඉන් සෑහීමට පත් නොවී තව තවත් පරිහරණය කිරීමේ ආශාවෙන් පෙලඹෙයි. අතට එක් රන් වළල්ලක් දාගත් අය ඉන් සෑහීමටට පත් නොවී තවත් වළල්ලක් පරිහරණය කරන්නට පෙලඹෙයි. රත්රන්වලට අකැමැති අය නොමැත. විශේෂයෙන් ස්ත්‍රීහු රත්රන්වලට මහත් ගිජු බවක් දක්වති.

රති කෙළි යෙදීමෙ න්

අබරණ ලා සැදීමෙ න්

දරුවන් වැදීමෙ න්

වෙසෙත් අඟනෝ නොතිත් වීම න්

යනාදී ලෙසින් තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමියෝ දක්වති. කොතෙක් ආභරණ පැලඳිය ද කාන්තාවන් තුළ තෘප්තියක් නැතැයි එහි සඳහන් ය.

කැඩපත බලමින් කාන්තාවන් කීපවාරයක් කැඩපත පරිහරණය කරයි ද? කොතරම් හැඩ වැඩ බැලුවද තව තවත් කැඩපත පරිහරණය කිරීමට සිත යේ.

කාඤ්චනං දර්පනං දීපං

සුශීලා භාග්‍යවා තථා

ඉෂ්ට භාර්යා සමං මිත්‍රං

අයුර්වානි දිනෙ දිනෙ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.