මළවුන් නින්දෙන් අවදි කරවන ලෝකයේ භයානකම පොත

ජූලි 5, 2024

 

ලොව පුරා ප්‍රචලිත භයානක තේමාවක් රැගත් චිත්‍රපටයක් වන THE EVIL DEADනම් චිත්‍රපටය ඔබ විසින් නරඹා තිබෙන්නේ නම් මේ ප්‍රවෘත්තිය ඔබට අලුත් දෙයක් නොවනු ඇත. මන්ද යත් එම චිත්‍රපටය නිර්මාණය කර ඇත්තේ මේ කෘතිය පාදක කර ගනිමින් වන බැවිනි.

ඉතා පැරැණි කෘතියක් වූ මේ කෘතිය හඳුන්වනු ලබන්නේ Necronomicon  නමිනි. ඉංග්‍රීසි බසින් එය අර්ථ දක්වනු ලබන්නේ මෙය මළවුන් නින්දෙන් අවදි කරවන අයුරු අන්තර්ගත ඇති කෘතියක් වශයෙනි. ඒ නිසා මේ කෘතිය The Image Of The Law Of The Dead යනුවෙන්ද හඳුන්වනු ලැබේ.

එච්.ජී. ලෙව් ක්‍රාෆ්ට් යනු 1900 කාල වකවානුවේදී බිහිවූ ඉතා ජනප්‍රිය අද්භූත නවකතා රචකයෙකු විය. ඔහු තමාගේ නිර්මාණ තුළ මේ කෘතිය පිළිබඳව සඳහන් කිරීම නිසා මේ අද්භූත ග්‍රන්ථය පිළිබඳව පාඨකයා තුළ මහත් කුතුහලයක් ඇති විය.

එහෙත් ආරම්භයේදී පාඨක ලෝකයා විසින් සලකණු ලැබුවේ මෙය හුදු මන:කල්පිත ග්‍රන්ථයක් ලෙසය. නමුත් පුරා විද්‍යා පර්යේෂණවලින් අනතුරුව පෙනී ගියේ එවැනි ග්‍රන්ථයක් සත්‍ය වශයෙන්ම ලොව පවතින බවය. එපමණක් ද නොව, එම ග්‍රන්ථයේ දක්නට ලැබෙන යන්ත්‍ර මන්ත්‍ර ඇතුළු අභිචාර විධි ක්‍රමයන් සියල්ලම පෞරාණික ගුප්ත විද්‍යා සංස්කෘතියට සැබැවින්ම අයිති ඒවා බවද පුරා විද්‍යා පර්යේෂකයන් විසින් පවසා ඇත.

මේ කෘතිය අරභයා මෙවැනි භයානක ගුප්ත ස්වභාවයක් ආරෝපණය වී තිබුණද, මෙය ඉහළම වටිනාකමක් සහිත ශාස්ත්‍රීය ග්‍රන්ථයක් බවට ලෝක ප්‍රකට හස්ත රේඛා විශේෂඥයකු වූ කවුන්ට් ලුවී හැමන් නොහොත් කයිරෝ විසින් සහතිකයක් දි තිබේ. මෙම සහතිකය ඔහු විසින් ලබා දෙන්නේ ස්වකීය ඛ්ඩඥඪපධ’ඵ ර්‍ථචතථඪඵබපර නැමැති කෘතියෙනි.

මේ කෘතිය තුළින් ඔහු තව දුරටත් සඳහන් කරන්නේ තමාගේ ඉන්දීය සංචාරයේදී තවත් මෙවැනි සුවිශේෂී ග්‍රන්ථයක් දක්නට ලැබුණු බවය. එම කෘතියද හස්ත රේඛා ශාස්ත්‍රය ගැන වූ ඉතා වටිනා ග්‍රන්ථයක් බව පවසන කයිරෝ එහි ඇති විශේෂත්වය වන්නේ මෙය මිනිස් සමෙන් නිමවූ එකක් වීම නිසා බව පෙන්වා දෙයි.

ඔහු පවසන පරිදි මෙය ඔහුට දක්නට ලැබී ඇත්තේ පෞරාණික ශෛලමය දේවස්ථානයක තිබියදීය. එය බ්‍රාහ්මණයන්ගේ දැඩි ආරක්ෂා සංවිධාන යටතේ පැවැති බවත්, අත් සටහන් සිය ගණනාවකින් සමන්විත වූ බවත් ඔහු පවසයි. මේ කෘතියෙහි විස්්මයජනක භාවයට මූලික හේතුවක් වී ඇත්තේ එය මනාව පදම් කරන ලද මිනිස් සමක් පොතක පිටු ආකාරයට සකස් කොට තිබීම නිසාය යන්න ඔහුගේ අදහස වී තිබේ. මිනිස් සමෙන් නිමැවුණු එම ග්‍රන්ථයෙහි පිටු කහ පැහැ ගැන්වී තිබූ අතර, දීප්තිමත් රක්ත වර්ණයෙන් හස්ත සටහන් ඇඳ තිබුණේ යයි ඔහු පවසයි. ඔහුගේ සටහන්වලට අනුව එම රූප සටහන්වලට අදාළ විද්‍යාත්මක විස්තරයක්ද රතු පැහැයෙන් ලියා තිබී ඇත.

තව දුරටත් මේ කෘතිය ගැන පවසන කයිරෝ එහි ඇති තවත් විශේෂත්වයක් ලෙස පෙන්වා දෙන්නේ කාලයාගේ අවෑමෙන් හෝ යම්කිසි දිලීරයක් නිසා හෝ එම රූප සටහන්වල කිසිදු හානියක් සිදුවී නොතිබීමය. පිටුවල වූ දීප්තිමත් භාවයට කාලයාගේ ඇවැමෙන් කිසිදු හානියක් වී නොතිබීම පුදුමයට කරුණක් බව කයිරෝගේ අදහසයි. එසේ වී තිබෙන්නේ වර්තමානයේ දැව භාණ්ඩ සඳහා ලබදෙන ආකාරයේ පෙනුමක් ලබා දීමට මේ පොත නිර්මාණය කළ පිරිස විසින් කටයුතු යොදා තිබීමය. සුවිශේෂී පැළෑටිවල සාරයන් කීපයක් එකට මිශ්‍ර කිරීමෙන් මේ ආලේපන ද්‍රාවණය සාදා ගන්නා ලද බවට තොරතුරු තමාට ලැබුණු බවද කයිරෝ කියා තිබේ.

කයිරෝ පවසන්නේ එය පරිච්ඡෙද තුනකින් සමන්විත බවය. ඔහුගේ අත්දැකීම්වලට අනුව එය සම්පූර්ණයෙන්ම කියවාගත හැකි බ්‍රාහ්මණයකු සොයා ගැනීමට ඔහුට හැකි වී නැත. සිටිය වුන් අතරින් වුවද එකකු දෙන්නෙකුට හැර අන් කිසිවෙකුට එහි පළමු පරිච්ඡෙදය හෝ කියවාගත නොහැකි වූ බව කයිරෝ පවසයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.