වයසට වඩා වයස පාටද?

ජුනි 30, 2023

ඉරිදා දින සායනය තුළ මා රැදී සිටින විට තරුණියන් දෙදෙනකු සායනයට පැමිණියහ. ඔවුන් සමග කථා බහ කරන විට ඔවුන් අක්කා සහ නංගි බව අනාවරණය විය.

සායනයට පැමිණ ඇත්තේ තම නැගණියට පැවැති ගැටලුවකට ප්‍රතිකාර ගැනීමටය.

අක්කා සහ නංගි අතර වයස් පරතරය අවුරුදු 05 කි. නමුදු නංගි පවසන්නේ අක්කාට වඩා තම පෙනුම වයසින් වැඩි බවය.

ඇයට පැවති ගැටලුවට සාර්ථක ප්‍රතිකාර ක්‍රම ආයුර්වේදයේ පවතින බව පැවසීමෙන් ඇය සතුටට පත් විය. මාස තුනක කාලයක් ප්‍රතිකාර කිරීමෙන් පසු ඇයට පැවති ගැටලුව නිරාකරණය විය.

ඔබ වයසට යනවට කැමතිද? අප කවුරුත් වයසට යෑමට අකැමැතිය. නමුදු වයසට යෑම වැළැක්විය නොහැකිය. වයසට යාම වැළැක්විය නොහැකි නමුත් පාලනය කළ හැකිය.

පුද්ගලයාගේ වයස අඩුවෙන් පෙනීම වයඞ කල්‍යාණය යනුවෙන් හදුන්වනු ලබයි. වයස අඩුවෙන් පෙනීම සතුටට හේතු වන කරුණක් වුවද වයස වැඩියෙන් පෙනීම මනසට වද දෙන ගැටලුකාරී තත්ත්වයකි.

වයසට යෑම පාලනය කළ හැකි ප්‍රතිකාර ක්‍රම අදටත් ආයුර්වේද ශාස්ත්‍රය තුළ ඉතිරිව පවතී.

අෂ්ඨාංග ආයුර්වේදය අතරින් හත් වැනි ස්ථානය හිමිවන්නේ රසායන තන්ත්‍රයටය. රසායන තන්ත්‍ර ප්‍රතිකාර ක්‍රම තුළින් තරුණ බව රැකගත හැකිය.

 

රසායන තන්ත්‍රය යනු කුමක්ද ?

 

හිසකෙස් පැසීම හා වැටීම, දත් වැටීම, සම රැළි වැටීම වළක්වා තරුණ බව ආරක්ෂා කර ගෙන දීර්ඝ කාලයක් ජීවත් විය හැකි උපක්‍රම සදහන්ව ඇති අංශය රසායන තන්ත්‍රය යනුවෙන් හදුන්වයි.

තරුණ බව ආරක්ෂා කරගෙන දීර්ඝ කාලයක් ජීවත් විය හැකි මූලික ක්‍රම දෙකක් රසායන තන්ත්‍රයෙහි දක්වා ඇත.

01 කුටී ප්‍රවේශිකාව

02 වාතාත පික

 

කුටී ප්‍රවේශිකාව

 

කුටී ප්‍රවේශිකාව යනු විශේෂ ලෙස සකස් කරන ලද කුටියක් තුළට වී තරුණ බව ආරක්ෂා කරන රසායන ඖෂධ භාවිත කිරීමය.

කුටිය තුළට පිවිසෙන පුද්ගලයා දින 40 ක කාලයක් එම කුටිය තුළ ජීවත් විය යුතුය. එම කාලය පුරා තරුණ බව රකින රසායන ඖෂධ හා ආහාර පාන වෛද්‍ය අධීක්ෂණය යටතේ ගත යුතුය. දින 40 අවසන් වීමෙන් පසු කුටියෙන් එළියට පැමිණෙන පුද්ගලයා තුළින් තරුණ බව මනාව දැකගත හැකිය. වර්තමානයේදී ද මෙවැනි ප්‍රතිකාර කළ හැකි නමුදු දින 40 ක් වැනි දිගු කාලයක් කුටියක් තුළට වී සිටීම අපහසු කරුණකි. කුටී ප්‍රවේශිකා ප්‍රතිකාරය සුදුසු වන්නේ අවුරුදු 30 - 40 අතර වයසේ පසුවන්නන්ටය

 

වාතාත පික ප්‍රතිකාර

 

දීර්ඝ කාලයක් කුටියක් තුළට වී කාලය ගත කිරීමට අපහසු අයට ස්වාභාවික පරිසරයේ සිට තරුණ බව ආරක්ෂා කර ගැනීමට කළ හැකි ප්‍රතිකාර වාතාත පික යනුවෙන් හදුන්වනු ලබයි. කාර්ය බහුල සමාජය තුළ ජීවත් වන සෑම පුද්ගලයකුටම මෙවැනි ප්‍රතිකාර ක්‍රම භාවිතයෙන් තරුණ බව ආරක්ෂා කර ගත හැකිය.

 

තරුණ බව රකින ඖෂධ භාවිතයෙන් අත්වන ප්‍රයෝජන

 

01. දීර්ඝායුෂ

02. පියවි සිහිය

03. බුද්ධිය

04. තරුණ බව

05. මුහුණේ කාන්තිමත් බව

06. ශරීරයේ කාන්තිමත් බව

07. කට හඩෙහි පැහැදිලි බව

08. පේශී ශක්තිමත් බව

 

ආත්‍රේය රිසිවරයා තරුණ බව ආරක්ෂා කර ගත හැකි ඖෂධ සංයෝග 37 දක්වා ඇත. අරළු හා නෙල්ලි තරුණ බව ආරක්ෂා කරන ප්‍රධාන ඖෂධ වර්ග දෙකකි. වයඞස්ථාපන ද්‍රව්‍ය හෙවත් තරුණ බව ආරක්ෂා කරන ඖෂධ වර්ග 10 තුළ ද අරළු හා නෙල්ලි අඩංගුය. අරළු හා නෙල්ලි අමෘතයක් බදු ඖෂධයන් දෙකකි.

 

නෙල්ලි තරුණභාවය ආරක්ෂා කිරීමට භාවිතා කළ හැකි ආකාරය

 

01 නෙල්ලි කුඩුවලට අමු නෙල්ලි යුෂ හා මී පැණි දමා මිශ්‍ර කර උදේ සවස තේ හැදි එකක හෝ දෙකක ප්‍රමාණය ආහාරයට ගැනීමෙන් තරුණ බව ආරක්ෂා වේ.

02 නෙල්ලි කුඩු තේ හැදි එකක් හෝ දෙකක් එළකිරි හෝ ෆ්‍රෙෂ් මිල්ක් වීදුරුවකට දමා උදේ සවස පානය කිරීම.

03 නෙල්ලි කුඩු හෝ වියළි නෙල්ලි ගෙඩි කිහිපයක් රාත්‍රියෙහි උණු වතුර කෝප්පයකට දමා වසා තබා උදෑසන පෙරා පානය කිරීම

04 අමු නෙල්ලි යුෂ පානය කිරීම.

05 අමු නෙල්ලි කෑම

06 නෙල්ලි භාවිත කොට නිපදවන ච්‍යවන ප්‍රාසාව ලේහය උදේ සවස තේ හැදි 01 ක හෝ දෙකක ප්‍රමාණය කා එළකිරි හෝ ෆ්‍රෙෂ් මිල්ක් විදුරුවක් පානය කිරීම.

තරුණ බව රකින මේධ්‍ය රසායන චතුෂ්කයෙහි ප්‍රතිකාර ක්‍රම හතරක් සදහන් කර ඇත. මෙය පහත සදහන් පරිදි භාවිත කළ හැකිය.

01. ගොටුකොළ යුෂ මේස හැදි දෙකකට මී පැණි බිංදු 04 ක් දමා උදේ සවස පානය කිරීම.

02. රසකිද කොළ යුෂ මේස හැදි දෙකකට මී පැණි බිංදු 04 ක් දමා උදේ සවස පානය කිරීම

03. එළකිරි වීදුරුවකට වැල් මී කුඩු තේ හැදි 02 ක් දමා උදේ සවස පානය කිරීම

04. එළකිරි වීදුරුවකට සංක පුෂ්පී කුඩු තේ හැදි 02 ක් දමා උදේ සවස පානය කිරීම

තරුණ බව රකින නාග බලා රසායනය. නාග බලා යනු සිරිවැඩි බැබිලය

01. සිරිවැඩි බැබිල මුල් කුඩු තේ හැදි 01 ක් හෝ 02 ක් එළකිරි වීදුරුවකට දමා පානය කිරීම

02. සිරිවැඩි බැබිල මුල් කුඩු තේ හැදි 01 කට මී පැණි දමා මිශ්‍ර කර කෑම හෝ එළකිරි වීදුරුවක් සමඟ පානය කිරීම.

 

වයඞස්ථාපන ද්‍රව්‍ය

 

තරුණ බව රැක දෙන ද්‍රව්‍ය මේ නමින් හදුන්වනු ලබයි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව වයඞ ස්ථාපන ද්‍රව්‍ය 10 කි

01. අරළු

02. නෙල්ලි

03. රසකිඳ

04. හාතාවාරිය

05. අරත්ත අල

06. ගොටුකොළ

07. සාරණ

08. එළ කටරොළු

09. අස්වැන්න

10. ජීවන්ති

ඉහත ද්‍රව්‍ය පහත සදහන් ආකාරයට භාවිත කළ හැකිය

01. අරත්ත අල කුඩු මී පැණි සමග මිශ්‍ර කර උදේ සවස තේ හැදි 01 හෝ 2 ක ප්‍රමාණය කා කිරි වීදුරුවක් පානය කිරීම

02. අරත්ත අල කුඩු තේ හැදි 01 ක් හෝ 02 ක් එළකිරි වීදුරුවකට දමා පානය කිරීම

03. හාතාවාරිය අල කුඩු තේ හැදි 01 ක් හෝ 02 ක් එළකිරි වීදුරුවකට දමා පානය කිරීම

04. ගොටුකොළ යුෂ මේස හැදි 02 ක් උදේ සවස පානය කිරීම

05. සාරණ යුෂ මේස හැදි 02 ක් උදේ සවස පානය කිරීම

අතුරු ආබාධවලින් තොරව තරුණ බව ආරක්ෂා කර ගැනීමට ඔබටත් අවශ්‍ය නම් රසායන තන්ත්‍රයෙහි සදහන් ඉහත ප්‍රතිකාර ක්‍රම මාහැඟි ඔසු වර්ග වේ.

කාන්තාවන් පමණක් නොව සුබසෙත කියවන පිරිමි පාර්ශ්වයත් වයසට යෑමට අකැමැති බව අපි දන්නව.

කාන්තා පිරිමි භේදයකින් තොරව ඔබ සැම ලස්සනට ඉන්න, හැඩට ඉන්න කැමැති නිසා තරුණ බව ආරක්ෂා කරන ඉහත ප්‍රතිකාර කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම කළ හැකිය.

 

ශ්‍රී ලංකාවේ ප්‍රථම ආයුර්වේද රූපලාවණ්‍ය ග්‍රන්ථ රචක

ආයුර්වේද හා හෝමියෝපති වෛද්‍ය, ආචාර්ය

මහේෂ් අතුරලිය

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.