අලුත් අවුරුදු උදාවේ නිවැරැදි දේව පූජාවක්

අප්‍රේල් 14, 2023

දෙවියන් උදෙසා පූජාවක් තබන විටදී තබන්නන් වාලේ තබනවාට වඩා ඔබ බුද්ධිමත්ව නියම ආකාරයෙන් පූජා කිරීම මැනවි. ඒ සඳහා වන දෙවියන්ට විශේෂ වූ පූජා ද්‍රව්‍ය සකස් කරන අයුරු පහතින් සඳහන් කෙරේ.

 

කැවිලි සහ පලතුරු තබන විටදී කුණුවී ගිය අපවිත්‍ර දෑ තැබීමෙන් වළකින්න. මනාව නොඉදුණු හා පණු ආදීන් සිටින පලතුරු නොගැනීම යහපත්ය. අන්නාසි, ගස්ලබු හා පැපොල් දේව පූජාවට යහපත් නොවේ. පලතුරු පිරිසුදු ජලයෙන් සෝදා පවිත්‍ර කර ගැනීම යහපත් වේ.

 

ශ්‍රී විෂ්ණු දේව පූජාව

 

බුලත් 21,පලතුරු කැවිලි 7 බැගින් කිරිබත්, තැඹිලි ගෙඩියක්, නිල් මල් වර්ග , නිල් මානෙල් අවශ්‍ය වේ. නිල් මල් මාලයක්, මී පැණි සඳුන්, කපුරු, ඇට ඇටි, ලදපස් මල් තැබීම යහපත් වේ.

ශ්‍රී කතරගම දේව පූජාව

 

බුලත් 21, සුවඳවත් ඉදුණු පලතුරු 7,කැවිලි 7,කිරිබත්, පඬුරු, තැඹිලි, විළඳ– මී පැණි, රතුපාට මල්, කපුරු, ලද පස් මල්, පිත්තල හෝ තඹ ත්‍රිශූල පූජාවට තැබීම යහපත් වේ.

 

පත්තිනි දේව පූජාව

 

බුලත් 21, පලතුරු 7, කැවිලි 7, තැඹිලි ගෙඩියක්, කිරිබත්, කිරි ආහාර වර්ග, පස්ගෝ රස, කහපාට මල් සහ මල් මාලාවක්, පඬුරු , දරු සම්පත්, අපේක්ෂාවක් නම් කුඩා දරුවෙකුගේ තඹ රූපයක්, අඹ ගෙඩියක් හා අඹ ගැට මාලාවක් පූජාවට තැබීම සුදුසුය.

 

සරස්වතී දේව පූජාව

 

බුලත් 21, පලතුරු 7, කැවිලි7, සුදු නෙළුම් මල් 7, රතු නෙළුම් 7, දෙළුම්ගෙඩියක්, තැඹිලි, විළඳ, මී පැණි, සුදු හඳුන් කෑල්ලක්, ලද පස් මල්, තඹ පත්‍රයෙන් සැකසූ වීණාවක්, ජප මාලායක්, පුස්කොළයක්, තැඹිලි අරටුවෙන් සෑදු පන්හිදක් ආදිය පූජාවට යහපත් වේ.

 

ශ්‍රී ලක්ෂ්මී දේව පූජාව

 

බුලත් 21, මල් 7, කැවිලි සහ පලතුරු 7 බැගින්, උක් හකුරු, අග්ගලා, බෙලි ගෙඩියක්, ලද පස් මල්, මී පැණි, කිරිබත්, ඇට ඇටි (ධාන්‍ය වර්ග) 5ක් , තැඹිලි ගෙඩියක්, බෙලිකොළ (පත්‍ර) මාලයක්, සඳුන් තෙල්, රත්හඳුන්, දේවදාර, නෙළුම් මල්, මානෙල් මල්, සමන්පිච්ච මල් සහ මල් මාලයක්, කාසි පිරවූ මැටි බඳුනක් , චතුමධුර, පස්ගෝරස

සූනියම් දේව පූජාව

 

බුලත් 21, කැවිලි 7, පලතුරු 7, උක් හකුරු, අග්ගලා, සුදු මල් සහ මල් මාලයක්, ඇට ඇටි, ලදපස් මල්, බැදි කඩල, ගොරෝචන, පස්ගෝරස.

ශ්‍රී කාලි මෑණියන්ට

 

බුලත් 21,රත්කෙහෙල් සහිතව පලතුරු 7, කැවිලි 7, පොල් සහ තැඹිලි, රත්මල්, රත්මල් මාලයක්, කිරි බඳුනක්, දෙහි, බුලත්, කපුරු, රතු සේලයක්, පස්ගෝරස, එළඟිතෙල්, තල තෙල්, මී පැණි, තඹ පත්‍රයකින් කපන ලද ත්‍රි ශූලයක්.

 

ශ්‍රී කඩවර දේව පූජාව

 

බුලත් 21, පලතුරු 7, කැවිලි 7, කොණ්ඩ කැවුම්, ඇට ඇටි, පඬුරු, ලදපස් මල්, මී කිරි,දිය ගොඩ මස්, බිත්තරයක්, විලක්කුවක්, කොහොඹ තෙල්, පිත්තල පහනක්, නොඉඳුල් කිරිබත්, උළුඳු වඩේ, බැදි කඩල, පොරි සුදුසුයි.

දේව පූජාව තබන විටදී ඉතාම පවිත්‍රව කිලිකුණුවලින් තොරවීම මැනවි. බාරයක් වී නම් එම බාරය දෙන දිනයටම නොවරදවාම දීම අනිවාර්ය වනු ඇත. ඒවා මග හැරීම අයහපත් වන බව සලකන්න.

දෙවියන් මතක්වනුයේ දුකක් කරදරයක් කායික මානසික පීඩාවක් වූ විටයි. නමුත් දෙවියන් කෙරෙහි භක්තිය නිරන්තරයෙන්ම තිබීම විශේෂයි. දේව ආකර්ෂණය ලබා ගැනීමට නම් දෙවියන් කෙරේ භක්තියෙන් යුක්තව ක්‍රියා කරන්න. විශේෂයෙන්ම ශ්‍රී විෂ්ණු දෙවියන් කතරගම, පත්තිනි, සරස්වතී, ගණ දෙවියන්, ලක්ෂ්මී දෙවඟන ආදී දෙවි දේවතාවුන් වහන්සේලාට තබන පූජාවන් අතර, සූනියම් හා කඩවර දෙවියන් උදෙසා තබන පූජාවන් අති විශේෂයි. ඒ දේවල් සිතේ තබා ගන්න.

දෙවියන් උදෙසා බාරයක් වූ විට කිසියම් දින වකවානුවක් තුළදී නම් නිවැරැදිවම ඒ දිනයට බාරය සියතින්ම ඔප්පු කරන්න. යම් කිසි අන්දමකට එකී බාරය ඔප්පු කිරීමට අපහසුතාවයක් ඇත්නම් දේවාලයේ කපු මහතාටද කියා බාරය අලුත් කිරීම මැනවි.

වුවමනාවෙන් බාර ඔප්පුකිරීම නොකළහොත් එය ඔබට අයහපත් ප්‍රතිඵල ගෙන ඒමට හේතු කාරණා යෙදෙනු ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.