වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ඔබේ විවාහය ප්‍රමාද ද?
දෙසැම්බර් 2, 2022
යමෙකුගේ විවාහය නිසි කලට නිසි වයසට සිදුවෙන්නත් තවෙකෙකුගේ විවාහය නිසි කලට නිසි වයසට සිදු නොවන්නත් හේතුවක් තිබෙනවාද? මේ ගැන සොයා බැලීමට වැදගත් වන්නේ කේන්දරයයි. මිනිස් දිවියේ බොහෝ දේ මේ කේන්දරයේ කොටු 12 තුළ සැඟ වී පවතී.
විවාහ දෝෂ 20ක් තිබෙන අතර විවාහයට දෙදෙනෙකු ගැළපීම එතරම් පහසුම වැඩක් නොවේ. මේ සියලුම ග්‍රහදෝෂ බිඳෙන ක්‍රමවේදයන්ද තිබෙන බැව් සනිටුහන් කරමු.
විවාහය වූ කලී ආත්මීය බැඳීමකි. ආත්ම හතක බැඳීමක් ලෙස හින්දුන් විවාහය අර්ථ දක්වයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විවාහය වූ කලී ගෞරවනීය බැඳීමක් ලෙස හැඳින්විය හැකි ය.
යමෙකුගේ විවාහය නිසි කලට නිසි වයසට සිදුවෙන්නත් තවෙකෙකුගේ විවාහය නිසි කලට නිසි වයසට සිදු නොවන්නත් හේතුවක් තිබෙනවාද? මේ ගැන සොයා බැලීමට වැදගත් වන්නේ කේන්දරයයි. මිනිස් දිවියේ බොහෝ දේ මේ කේන්දරයේ කොටු 12 තුළ සැඟ වී පවතී. එය පුදුමාකාරයි. ජීවිතයේ දෙවන උපත වන විවාහය ගැනත් මේ කොටුවලින් විග්රහවන්නේ පුදුමාකාර විදිහටයි.
එනිසා විවාහ වී හොඳ නරක සොයනවාට වැඩිය හොඳ නැද්ද විවාහ වීමට පෙර කේන්දරයේ ග්‍රහ පිහිටීම හරහා සුබ අසුබ දැන ගැනීම වඩාත් සුදුසු ය. කේන්ද්‍රයේ කොටු 12න් හත වැටෙන්නේ විවාහයටයි. 8 අයත් වන්නේ විවාහය පවත්වාගෙන යාමටයි. මේ කොටු දෙක පරිවර්තන යෝගයක් සෑදෙන්නේ 7 වැන්නාධිපති 8 වැන්නේ සිටීමත් 8 වැන්නාධිපති 7 වැන්නේ සිටීම නිසාය. වැඩි දෙනෙක් අසන ප්‍රශ්නයක් තමයි 7ට කේතු හොඳ ද කියා කේතු 11ට නම් ඉතාම හොඳයි සල්ලි සෙවීමට ශුක්‍ර සිටියේ කේතු 7 නම් ලිංගිකමය ශක්තිය අඩුවිය හැක. පුරුෂයාගේ කේතු 7 සිට ස්ත්රියගේත් 7 නම් අනෙකා තෘප්තිමත් කිරීමට නොහැකි වේ. සඳු, ශුක්‍ර හරියට හරි සෙල්ලක්කාරයෝ ය.
රවි හෝ කේතු 7 වැන්නේ සිටින කේන්ද්‍රයකට ශනි හෝ ශුක්‍ර 7 වැන්නේ සිටින කේන්ද්‍රයක් නොගැළපේ. රවි, සඳු, ශුක්‍ර ද නොගැළපේ. මේෂ ලග්න හිමියාට 7 වැන්නේ සඳු සිටීම යහපත් වේ. වෘෂභ ලග්න හිමියාට නරකයි. මිථුන, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, කුම්භ, මීන ලග්නවලට සඳු 7 ගේ පිහිටීම ඉතාම යහපත්ය. විවාහයට මකර ලග්න හිමියාගේ සඳු හතේ නම් ඉතාම ශුභයි. උච්ච නිසා තවද නැකත් අනුව බැලිය යුතුවේ.
කුජ, ශුක්‍ර යෝගය අතිධාවනකාරී වේ. ප්රබලතම යෝගයකි. නමුත් 7 වැන්නට අයහපත්ය. දෙදෙනාගේම කුජ ශුක්රයෝගය පිහිටා තිබේ නම් වයස 90ක් ඉක්ම ගියත් කාමාශාවේ අඩුවක් නැත. රාහු 7 වැන්නේ සිටීමෙන් යුගදිවියේ ඇතුල් පැත්තේ රස වින්දනය ගොරෝසු වේ. සෞන්දර්යාත්මකකම අඩුය. වාදන භාණ්ඩයක් සුසර කිරීම අනිවාර්ය වන්නේ වාදනය කිරීමට අපහසු නිසාය. රාත්‍රියේ දී ද එවැන්නක් අවශ්‍යම වන්නේ ය.
මේ අඩුපාඩුව නිසා විවාහය බිඳ වැටේ. පිරිමියා ඉක්මනින් තෘප්තිමත් වන අතර ගැහැනියට වින්දනයේ රස භාවය නැතිවේ. යුග දිවිය වහා කඩා වැටේ. 7 වැන්නේ ගුරු සිටීමෙන් කල්ගත වීමේ දී අධ්‍යාත්මික පැත්තට නැඹුරුවීම නිසා විවාහයට ගැටලුවක් පැන නගිනු ඇත.
ගුරු ශුක්‍ර සිටීමෙන්ද එවන් ගැටලු කායිකව මානසිකව පැන නගිනු ඇත.
මේ කරුණු අනුව බලන විට ඔබ විවාහවීමට සූදානම් වන්නේ නම් උඩින් පල්ලෙන් පොරොන්දම් පමණක් බලා ලකුණු හරහා විවාහ වීම නුවණට හුරු නොවේ. දැනටමත් ඔබේ විවාහය ප්‍රමාද වී ඇත්නම් කේන්ද්‍රය ගැඹුරින් පරීක්ෂා කර බලන්න.
ඕනෑම කේන්ද්‍රයකට ගැළපෙන කේන්ද්‍ර තිබේ. අවශ්‍ය වන්නේ හරිහැටි ග්‍රහ හැසිරීම් රටාවේ ගැළපීම් ධනාත්මක ලෙස පිහිටා ඇද්ද යන්න පරීක්ෂාකර බැලීමයි. ප්‍රමාදවන බොහෝ විවාහ ගුණ විද්‍යාත්මක ක්‍රමවේද හරහා සාර්ථක කර ගැනීමට හැකිවේ.
විවාහ දෝෂ 20ක් තිබෙන අතර විවාහයට දෙදෙනකු ගැළපීම් එතරම් පහසුම වැඩක් නොවේ. මේ සියලුම ග්‍රහදෝෂ බිඳෙන ක්‍රමවේදයන්ද තිබෙන බැව් සනිටුහන් කරමු. මූලිකම කරුණ වන්නේ පිරිමි සංඛ්‍යාව අඩුකමයි. කාන්තා සංඛ්‍යාව වැඩිය.
සාර්ථකම යුග දිවියක් ගත කිරීමට ඡ්‍යොතිෂමය මඟක් ඇති බැව් දක්වමු.
ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී දේශබන්ධු
ටී. හෙන්රි බෙම්මුල්ල
෴ සබැඳි ලිපි ෴
අගෝස්තු 17(පෞද්ගලික අංකය 8)පෞද්ගලික අංකය දෙවැනි පෙළින් 8 වීම නිසා ඔබේ ගති පැවතුම් අගෝස්තු 8 හා 26 යන දිනයන්ටත් දිගුවක්ව පවතිනවා. වක්‍ර ආකාරයට ඔබගේ...
2024-08-15 18:30:00
අපරාදේ කියන්න බෑ ඉන්දියාවේ මගුල් ගෙවල්වලත් අපේ මගුල් ගෙවල්වලත් වෙනසක් නෑ. අපේම සල්ලිවලින්ම කාලා-බීලා අපේ වෙඩින් එකේ අඩුපාඩු ආරාධිතයෝ තැන තැන...
2024-08-15 18:30:00
පුද්ගලයෙකුගේ ජීවිතයේ සාර්ථකත්වයට බලපාන විවිධ දේවල් අතර තාරකා ශාස්ත්රයත් තිබෙන බව ඔබ දන්නවා. මනුෂ්‍යයෙකුගේ ඉරණම තීරණය වන්නේ, ඔහු හෝ ඇය පෙර සිට...
2024-08-15 18:30:00
තල කොළ, පුස්කොළ නමින් හැඳින්වෙන පත්‍ර ලබා ගන්නේ තල ගසිනි. තල නමින් ධාන්‍ය වර්ගයක් ද ඇත. මෙය උසින් හා මහතින්ද විශාල කොලවලින් සහ මහත පිත්තකින්ද යුක්තය...
2024-08-15 18:30:00
ශකවර්ෂ 1946ක් වූ කටක රවි 32 භාග නිකිණි පුර දොළොස්වක තිථිය ලත් කිවිදින සිට සිංහ රවි 06 භාග නිකිණි අව තියවක ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි -...
2024-08-15 18:30:00
ගීත පි්රයො බන්ධු මාන්යො හෙමරතෛන රලංකෘතඞධනිෂ්ඨාය නරො ජාත ශෛවකඞ ශතපතිභ¡¡වෙත්දෙනට නැකත හිමිව උපත ලද්දේ නම් සෞන්දර්යවාදී කලා අංශයට පි‍්‍රයමනාප අයෙකි....
2024-08-15 18:30:00
මාසෙ පොහොය දිනයක් වූ එදින වෙනදාට වඩා සන්ධ්‍යාභාගය වන විට හතර අතින් අඳුරු ස්වභාවයක් පැවතිණ. ඒ වන විට කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමියන් තමන් වෙත පැමිණි...
2024-08-15 18:30:00
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි සංස්ථාවේ හිටපු අධ්යක්ෂවරයකු වූ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පාලිත පෙරේරා මහතා ඒරාෂටක කාල වකවානුවලදී මුහුණ දුන් අත්දැකීම්...
2024-08-15 18:30:00
මෙතෙක් කතාවප්රකට ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත පැමිණෙන එක්තරා පුද්ගලයකු තමාගේ අතෙහි බරපතළ වේදනාවක් ගෙන දෙන තුවාලයක් ඇති බව පවසා සැත්කමකින් සුවපත් කරදෙන...
2024-08-15 18:30:00
අගෝස්තු 10(පෞද්ගලික අංකය 1)පෞද්ගලික අංකය දෙවැන පෙළින් 1 වීම නිසා ඔබේ ගති පැවතුම් අගෝස්තු 1 හා 19 යන දිනයන්ටත් දිගුවක් පවතිනවා. එමෙන්ම ඔබටම ආවේණික...
2024-08-08 18:30:00
බහිරව පූජාව කියූ පමණින් ඔබගේ සිතට එන්නේ පොළොවට කරන පූජාවයි. එනම් පාතාල පූජාවයි. එහෙත් බහිරවයෝ දස දෙනකු සිටින බව ගුප්ත විද්‍යාවේ පැහැදිලි වනවා.එනම්...
2024-08-08 18:30:00
නිකිණි මස සති අන්තයක ශනිදා හිමිදිරි පාන්දර කොණ්ඩදෙණියේ සීලරතන හිමියන් බ්‍රහ්ම හෝරාවෙන් අවදිව පුරා හෝරාවක් පමණ භාවනානුයෝගීව සිට ඉන් මිදී බෝධි...
2024-08-08 18:30:00
අද දිනයේදී කතාබහ කරන්නට බලාපොරොත්තු වන්නේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රතිරූපයට නවමු වටිනාකමක් දුන් ගුවන් විදුලි සජීව විස්තර ප්‍රචාරය ඔස්සේ අමිල...
2024-08-08 18:30:00
මෙතෙක් කතාවප්රකට ශල්‍ය වෛද්‍යවරයකු වෙත පැමිණෙන එක්තරා පුද්ගලයකු තමාගේ අතෙහි බරපතළ වේදනාවක් ගෙන දෙන තුවාලයක් ඇති බව පවසා සැත්කමකින් සුවපත්...
2024-08-08 18:30:00
පසුගිය ලිපිවලින් අපි ඔබට ඔබේ නමේ අංකය සොයා ගන්නා ආකාරය දැක්වූයෙමු. අද එහි අවසන් අංක ත්‍රිත්වය ගෙන එන්නෙමු. නමෙහි අකුරුවල අගය ඉංග්‍රීසි අකුරුවලට අදාළ...
2024-08-08 18:30:00
අගෝස්තු 3(පෞද්ගලික අංකය 3)සෑම දෙයක්ම මහා පරිමාණයෙන් සැලසුම් කරන ස්වභාවයක් නිතරම ඔබ පිළිඹිබු කරන්නේ. හැම දෙයක්ම ක්රමාණුකූලවත් පිළිවෙලටත්...
2024-08-01 18:30:00