25 වැනිදා ඉර රාහු අල්ලයි

ඔක්තෝබර් 21, 2022

 

ශ්‍රී ලංකා ජනරජ සිංහ රාශි ග්‍රහ සටහනේ තුන් වැන්නත් විශ්ව මේෂ රාශි ග්‍රහ සටහනේ හත් වැන්නත් ආශ්‍රිතව යෙදුණු නීච භංග රාජ යෝග බලැතිව, ගුරු ශනි ෂඩ්කෝණ, චන්ද්‍ර කුජ ත්‍රිකෝණ, චන්ද්‍ර ශනි චතුර් කෝණ, දෘෂ්ටීන් සහිතව රවි චන්ද්‍ර සංයෝගය ඇතිව පංච මහා පුරුෂ යෝග අතරින් සස සහ මාලවී යෝගය මේෂ කටක තුලා මකර රාශීන්ට ද හංස සහ භද්‍ර යෝග බලය මිථුන කන්‍යා ධනු මීන රාශීන්ටද උදා කරමින් හේමන්ත සෘතුවෙහි ඔක්තෝම්බර් මස විසිපස් වැනි කුජ දින පස්වරු 04:31ට (මධ්‍යම) තුලා රාශිය සා එක පාදය මුල් කර ගනිමින් අර්ධ සූර්ය ග්‍රහණයක් සිද්ධ වන්නේය. මේ අනුව ගුරු හිමි මීන රාශියෙහි මෙම ග්‍රහණය සිදු වූ අතර සෙනසුරු ගුරු බුධ ග්‍රහයන් දුර්වල වන අතර අනෙක් ග්‍රහයන්ට සුබවාදී වන්නේය.

ඉර රාහු ඇල්ලීම හෙවත් මෙම අර්ධ සූර්ය ග්‍රහණය පෘථිවිය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් නිර්මාණය කිරීමට සමත් වෙනවා ඇත. පොලෝ තලයට හිතකර බවක් නොපෙන්වයි. මනුෂ්‍යයා කෙරෙහි අවහිර බාධක දුෂ්කරතා බලාපොරොත්තු කඩවීම් රෝගාබාධ සතුරු උවදුරු සේම මරණය පවා විවරණය කෙරෙන විපත්ති දර්ශනය වන කාල වකවානුවක් බව නොකියා බැරිය. ග්‍රහණයෙන් පීඩිත වන්නේ චන්ද්‍රයා නම් ස්වකීය මවට ද සූර්යයා පීඩිත වූයේ නම් පියාට ද අහිතකර බවක් මතු කෙරෙයි. බ්‍රහස්පති ග්‍රහයා දුර්වල නම් මාමලාට ද අඟහරු නම් සහෝදරයන්ට ද බුධ නම් නැන්දලාට ද නොසිතූ විරූ බාධක අවහිරතා දුෂ්කරතා මතු කෙරෙයි. කටක සිංහ උදා රාශි සෞඛ්‍ය දුර්වල කෙරෙයි. ලග්නයෙහි ග්‍රහණය සිදු වී නම් හදිස්සි මාරාන්තික අනතුරු බොහෝ දුරට බලපානු ඇත. ශුභවාදී කෝණයකින් ග්‍රහණය සිදු වූයේ නම් උසස් බවක් විදහා පානු ඇත. දෙවැන්න ශුභවාදී වූයේ නම් ධන සම්පත් ආදායම් මාර්ග තර වෙයි. වාසනාව භාග්‍යය ගෙන දෙන කාල පරාසයකි. අශුභවාදී කෝණයකින් සිදුවූ ග්‍රහණය අභාග්‍ය අවාසනාව ළඟා කෙරෙයි. ලග්න දොළහෙන් තුන්වැන්න ශුභවාදී වූයේ නම් ඥාති හිතෛෂි සබඳතා යහපත් වෙයි. හතර ශුභවාදී නම් පදිංචි නිවසෙහි පිරිසට සැනසුම සතුට ළඟා කෙරෙයි. හතර අශුභවාදී නම් කනස්සලු සහගත වෙයි. පස්වැන්න ශුභවාදී නම් දරු දැරියන්ට ශුභවාදී පසුබිමකි. අශුභවාදීනම් අහිතකර තත්ත්වයක් දරු දැරියනට උදාවෙයි. හය සුබවාදී වේ නම් සොරසතුරු ප්‍රශ්න ගැටලු මඟ හැරෙයි. හත සුබවාදී නම් සම්බන්ධතා විවාහ කටයුතු සුබවාදී වෙයි. හත අශුභවාදී නම් අසම්මත ක්‍රියාකාරකම් කළ එළි වෙයි. 7 අශුභවාදී වීමේදී සම්බන්ධතා මංගල කටයුතු දෙදරයි. අටවැන්න ශුභවාදී නම් උරුම හිමිකම් හෝ අන් සතු දානය සැප සම්පත් ළඟා වෙයි. නමවැන්න ශුභවාදී වූයේ නම් සාමකාමී සහජීවනයකට මගසැලසෙයි.

------------------------------------

සූර්යග්‍රහණ පිළිබඳ අතීතයෙන් බිඳක්

මෙවැනි ග්‍රහණ සිදු වූ අවස්ථාවල දී ලෝකයා මුහුණ පෑ අතිශය බිහිසුණු සිදුවීම් එයට නිදසුන් සපයනු ඇත. 1999 වසරේ ඔක්තෝම්බර් මස පේරු රාජ්‍යයේ සහ ඇමරිකාවේ ශාන්ත ප්‍රැන්සිස්කෝ හි මහා භූමිකම්පාවක් සිදුවිය. එලෙසම 2005 වසරේදී පාකිස්ථානයේද මෙවන් ග්‍රහණයකින් අනතුරුව මහා භූමිකම්පාවක් සිදුවිය. 2004 වසරේදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට බලපෑ සුනාමි ඛේදවාචකය ද මෙවන් තත්ත්වයක් යටතේ නිර්මාණය වූ බව පැවසිය හැක.

මේ සියල්ලන්ගෙන් පෙනී යන්නේ මෙම සූර්යග්‍රහණ පෘථිවිය කෙරෙහි මහත්සේ බලපෑම් කරනු ලබන බව ජ්‍යෝතිෂ්‍යානුකූලවත් භූගර්භ විද්‍යානුකූලවත් සනාථ වන බවයි. මේෂ, කටක, තුලා, මකර චර රාශීන්හි මෙවන් ග්‍රහණ ක්‍රියාත්මක වූ කළ එහි බලපෑම පොලෝ තලයට වැඩි කාලසීමාවක් බල නොපානු ඇත.

වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ තිර රාශියක මෙම ග්‍රහණ සිදු වූ කල වර්ෂ ගණනාවක් ඉදිරියට මෙහි බලපෑම පවතිනු ලබයි. මිථුන, කන්‍යා, ධනු, මීන උභය රාශීන් හි ග්‍රහණ සිදුවීමෙන් එය ඉතා සක්‍රීයව පෘථිවියට බලපෑම් කරනු ලබන අතර දිගුකාලීනව ඒවාහි පෙරනිමිති දැක ගත හැකි වනු ඇත. මෙවන් ග්‍රහණයක් නිර්මාණය වූ අවස්ථාවක වල්ගා තරුවක් ද උදා වූයේ නම් අති ප්‍රබල ප්‍රභූ පුද්ගලයකුට මරණය තිරසරව ළඟා වන බව පැවැසේ.

සූර්ය ග්‍රහණය

මෙම අර්ධ සූර්යග්‍රහණය සිදුවනුයේ සූර්යයාගෙන් අඩක් වැසී මැකී යාමෙනි. සූර්යයා පෘථිවිය වටා ගමන් කරයි. චන්ද්‍රයාද පෘථිවිය වටා ගමන් කරයි. චන්ද්‍රයා පෘථිවියටත් සූර්යයාටත් මැදිව පිහිටන අවස්ථාවකට පාත්‍ර වූ අවස්ථාවක චන්ද්‍ර මණ්ඩලයෙන් සූර්ය මණ්ඩලය මුවාවීම නොහොත් වැසී යාම හේතු කොටගෙන සූර්යග්‍රහණය ක්‍රියාත්මක වෙයි. අතිශය දුෂ්කර සූර්යග්‍රහණයක් ක්‍රියාත්මක වීමෙහි ලා චන්ද්‍රයා පෘථිවියට අවම නිශ්චිත දුර ප්‍රමාණයකින් තැන්පත් විය යුතු වෙයි. මෙහිදී චන්ද්‍රයාගෙන් නිර්මාණය වන සෙවණැල්ලෙහි පූර්ණ ඡායා කොටසක් ද අර්ධ ජායා කොටසක් ද පතිත වෙයි. මෙහිදී පූර්ණ ඡායා කොටස යම් ප්‍රදේශයකට යොමුවෙනු ඇත. එසේ සිදු වූ විට එම ප්‍රදේශවාසීන්ට පමණක් පූර්ණ සූර්ය ග්‍රහණයක් දැක බලාගැනීමට හැකි වන අතර අර්ධ ඡායාව තුඩු දෙනු ලබන ප්‍රදේශයට දර්ශනය වන්නේ සූර්යයා ගෙන් කොටසක් වැසී යන පරිදිය. එම නිසා එම ප්‍රදේශයේ ජනයාට දැකගත හැකිවන්නේ අර්ධ සූර්යක් ග්‍රහණයක් පමණි.

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.