වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
සොබාදහමට එකඟව ජීවත් වෙමු
පැරැණි කාලේ ගැමි ගෙදරක පුර හඳ පායා ඇති දිනක රාත්‍රියේ තරුණ ගැබිනි මාතාවක් කෑමොර දෙන්නේ දරු ප්‍රසූත අධිකවේදනාවෙනි.
පන්සලවෙත යන එක්තරා මැදිවියේ කෙනෙකුට මේ හඬ ඇසී හෙට ගොඩ වැදුණි. විපරම් කර බැලූ විට පෙනී ගියේ මේ ගැබිනිය දරුවා ප්‍රසූත කිරීමේ වේදනාවෙන් කෑමොර දෙන අයුරු ය. සැතපුම් කීපයක් දුර ඇති රජයේ මාතෘ රෝහලවෙත ගෙන යෑමටද නොහැකි වී ඇති බැව් නිසා නිවාස හිමියන් විශාල මානසික පීඩනයකට ගොදුරු වී සිටියේ ය.
ගැබිනි මව පරීක්ෂාකර බැලීමට නිවාස හිමියන්ගේ කැමැත්ත පරිදි කර ගෙයින් පිටතට ගොස් කුප්පි ලාම්පු එළියෙන් පොල් ඉරටටුවක් ගෙන එයින් දුන්නක් සාදා එකී තවත් ඉරටුවකින් ඊතලයද සකස්කර ගැබිනියගේ ගැබට දුන්නේ විදින ලදී.
මව යටිගිරියෙන් කෑගසමින් දරුවා බිහි කළා ය. ඔය දරුවාගේ පිටි අත්ලේ රතුපාට පැල්ලමක් ඇති එය පරීක්ෂාකර බැලූවිට හරියටම හරි ය. සිදුවී ඇත්තේ දරුවා පෙකනිවැල දකුණතින් තරයේ අල්ලාගෙන සිටි නිසා ප්‍රසූත කිරීමට නොහැකි වීමකි.
ඉරටු ඊතලපහරින් වේදනාව ලත් දරුවා මිට මොලවා පෙකනි වැල අල්ලාගෙන සිටීම අත් හැරීම හරහා ප්‍රසූතවීමට පහසු වීමකි. මෙය කොතරම් ප්‍රායෝගික අත්දැකීමක් ද, තවත් දරුවෙකු ප්‍රසූත කිරීමේ දී අපහසුව තදින්ම ඇත්නම් බස්නාහිර පැත්තට ගිය පෝටවැලක් කතා නොකර කඩාගෙන විත් වංගෙඩියකට දමා මෝල් ගසින් තදින් කොටන විට දරුවා පහසුවෙන් ප්‍රසූත කෙරේ.
එවිට දරුවා හඬන මොහොත (දඟු දමන විටදී) කෙසෙල් කුරුල්ලෙකුටට (මොටෙයියෙකුට) එක පහරින් කැත්තෙන් කොටනු ඇත. පසුව ගොබය ඇදී ඇති ප්‍රමාණය ගැන බලා කේන්ද්‍රය (වේලාපත්කඩය) නැකැත් ඇදුරු විසින් සකස් කරනු ලැබේ. දරුවාට රන්කිරි කටගෑමෙන් අනතුරුව මව්කිරි වරා කෑමට පසුව පණුවන් හීනවීම සඳහා කුඹුරු දළු කොටා එකී යුෂ පානය කරනු ඇත. බටකිරිල්ල සහ එරබදු කොළ මැල්ලුමද දෙනු ලබන්නේ පණුවන්ගේ දෝෂ සඳහා ය.
පැරණි කාලයේ දේශීය ආහාර පාන රටාවක් තිබිණ. දේශීය සහල් වර්ග 200කටත් අධිකයි. විවිධ අලවර්ග ධාන්‍ය වර්ග සමූහයක් තිබිණ. කොස්, දෙල්, අල වර්ග මෙන්ම පලාවර්ග එළවළු, පලතුරු වර්ගයන් ද අධිකව පරිභෝජනයට ගැණින. උදේ කාලයේ ලුණු කැඳ සහ පළා වර්ගවලින් සකස් කරන ලද කැඳ වර්ග එමට තිබිණ. කොස් ඉතාම පෝෂ්‍යජනක ආහාරයකි. කොස් නෑඹිලියක් කා අඹ මුලක් උඩින් පනිනු. අඹ හා අන්නාසි ආහාර දිරවන ආහාර වේ. එළකිරි පානය කරන ලදී.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>