වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
රටකට උගතුන් බිහිකරන්නේ විශ්වවිද්‍යාල නමැති කම්හලයි. එහෙත් රටකට දක්ෂ හා උගත් ව්‍යාපාරිකයකු බිහිවන්නේ ස්වභාවිකවයි.මේ අල්ල තුළ දිස්වන ප්‍රධානම යෝගය...
2024-09-19 18:30:00
නයිල් නිම්න ශිෂ්ටාචාරය හෙවත් ඊජිප්තුව යන නාමය දෙසවන තුළ ස්පර්ශ වන විට මනසේ මැවී මතුවන්නේ, අභිමානවත් ප්රතාපවත් දැවැන්ත පිරමීඩයන්ය. පිරමීඩ දේශය...
2024-09-19 18:30:00
ඉෂ්ඨ දේවතාවන්, සමස්ත දෙවියන් උදෙසා මනාල යුවළගේ මංගල පෝරුවේ පහන් දැල්වීම, මව්පියන් හෝ මාමා කෙනකු විසින් කළ යුතු චාරිත්‍රයක් වුවත්, එය මඟ හැරී...
2024-09-19 18:30:00
කාල සර්ප යෝගය නම ඇසූ පමණින් කෙනෙකු බියවන්නට හේතු වන කාල සර්ප යෝගය ඡ්‍යොතිෂයේ සඳහන් වන යෝග අතරින් වඩා අසුබ පල දෙන යෝගයක්. මේ පිළිබඳව සුබසෙතට...
2024-09-19 18:30:00
ඡ්‍යොතිර් විද්‍යාව, නක්ෂත්රවේදය, කාල විද්‍යාව යන නම්වලින් හඳුන්වන ඡ්‍යොතිෂ විෂයයට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. මෙතරම් දිගු ඉතිහාසයකට හිමිකම් කියන ඡ්...
2024-09-19 18:30:00
1.දිනපතා තුනුරුවන් විඳීම2.වැඩිහිටියන්ගේ අවවාද වචන පිළිපැදීම3. සත්පුරුෂයන් ආශ්‍රය කිරීම4. ධර්ම ශ්‍රවණය කිරීම5.පුණ්‍ය කතා ජාතක කතා දහම්පොත්...
2024-09-19 18:30:00
මන්ත්‍රය-ඕං සුරගිනි අසුර ගිනි දේවගිනි සැරගිනි සිවගිනි සිවසැර ගිනි රාම ගිනි රාම සැර ගිනි නාත ගිනි නාත සැරගිනි කදිර ගිනි කදිර සැරගිනි සත්පත්තිනි සළඹ...
2024-09-19 18:30:00
“අයං වස්සාන කාලෝ” මේ වස්සාන සමයයි... වසරෙන් වැඩි කාලයක් ඉඩෝරයෙන් පීඩිතව සිටි මේ කොණ්ඩදෙණිය පින්බිම ආශි‍්‍රත මුළු ප්‍රදේශයම වැසි සමය එළැඹෙත්ම නව පණක්...
2024-09-19 18:30:00
ශීතකරණයක් නැති අතීතයේ අපේ ගැමියන් ආහාර නරක් නොවී කල් තබාගත් ආකාරය පිළිබඳ මූලික පසුබිම අපි පසුගිය කලාපයෙන් සාකච්ඡා කළෙමු. එදා ගැමියන්ගේ සාම්ප්‍රදායික...
2024-09-19 18:30:00
රාහු අසුරයන්ගේ රජු ලෙස හදුන්වයි. රාහුගේ ගමන හැමවිටම පසුපසට ය. රාහු කන්‍යාවේ ස්වක්ෂේත්ර වෙයි. රාහු, මිථුන රාශියේ උච්ච වෙයි. සමහරු වෘෂභ රාශියේ...
2024-09-19 18:30:00
මහ සුළඟක් ඇති වූ දිනෙක ගොවිපොළක් අසල උස ගහක මුදුනේ තිබූ උකුසු කූඩුවකින් බිත්තරයක් බිමට වැටුණා. ඒත් වෙලාවට එය වැටුණේ ගොවිපොළේ පිදුරු ගොඩක් මතට. ඒ අසලම...
2024-09-19 18:30:00
මෙතෙක් කතාවවනාන්තරයේ ගස් කොළන් අතර සැරි සැරූ එම දිළිසෙන දෑස තව මොහොතකින් මගේ දෘෂ්ටි පථයෙන් ඉවතට ගිය අතර, පන්දම් අතින් ගත් අසරුවන් කිහිපදෙනෙකු මා...
2024-09-19 18:30:00
අංක විද්‍යා ඡ්‍යොතිෂයට අනුව ඔබේ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියු විට ඔබේ නමේ මුලට යෙදෙන අකුර අනුව ඔබගේ ගතිගුණ චරිත ලක්ෂණ හා විශේෂතාවයන් පිළිබඳව මෙහිදී...
2024-09-19 18:30:00
සැප්තැම්බර් 13පෞද්ගලික අංකය 4දෙවැනි පෙළින් නැවතත් රවි-යුරේනස්ට අයත් පෞද්ගලික අංකයක් නිර්මාණය වෙලා. රවි-යුරේනස් හා ගුරුගේ සුසංයෝගයෙන් ගොඩනැගුණු...
2024-09-12 18:30:00
සිහිනයක් නොදුටු අයෙක් මෙලොව නොමැත. එය අනාගත සිදුවීම්වල පෙර නිමිති සේ බොහෝ දෙනා අදහස් කරන අතර ඇතැම්හු හොඳට බඩපුරවාගෙන නිදාගත් විට, දවසේ කළ කී දෑ ඔළුවේ...
2024-09-12 18:30:00
ඉසිවරයකු වගේ සැමගෙම දුක දැනුණා ඉටු දෙවියකු වගේ සැමටම පිහිට වුණා පිටු පෙරළාපු පොත පත අද මුළු ගැනුණා අයියේ නුඹ කොහිද නෙත කඳුළැලි පිරුණා සැමටම හොරා ඔබ...
2024-09-12 18:30:00