මේ සති‍ෙය් ලග්න පලාපල... (ජූලි 07 සිට 13 දක්වා)

ජූලි 7, 2023

මේෂ

ජලයෙන් පරෙස්සම් වන්න

 

අමතර ලැබීම් අතින් එතරම් යහපත් කාලයක් නොවන අතර, මේ සතිය ආරම්භ වන්නේ සඳු ග්‍රහයා 11,12,1,2 යන භාවයන් මතින් ගමන් කරමිනුයි.

ගෘහ ජීවිතය

ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ නොසිතූ ගැටලු කීපයකට මුහුණපෑමට සිදු වෙයි. නිතර යෙදෙන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් වීම මේ කාලය තුළදී වැදගත් වේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ විවිධ කලකිරීම් ඇතිකරන කාලයකි. තමාට හිමි වගකීම් පැහැර හැරීමක් සිදු විය හැකි ය. හදිසි තීරණ ගැනීම තමාට අයහපත් කාලයකි.

අධ්‍යාපනය

අලුත් අලුත් දේ ඉගෙනීමට අවස්ථාව උදාකරයි. වෙනදාට වඩා උත්සාහවන්තව කටයුතු කරයි. තාක්ෂණික අංශයේ කණ්ඩායම් වැඩ සටහනකට සම්බන්ධවීමට අවස්ථාව උදාකරයි. පොත්පත් පාඩම් වැඩවලට නිතර සිත යොමු කරන සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් විවිධ දුර්වලතා පෙන්නුම් කරයි. යටිපතුල් ආශි‍්‍රත ඇතිව වේදනාකාරී බවක් මෙන්ම දැවිල්ලක් ඇති වීමෙන් ප්‍රතිකාර ලබා ගනී. නිතර ශාරීරික අප්‍රාණික ගති ඇති කරයි. ඖෂධ පාවිච්චියේදී සැලකිලිමත් වන්න.

 

අය 06 වැය 03

ජය අංකය – 05

ජය වර්ණය – දම්

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

වෘෂභ

වාහන ගනුදෙනුවක්

 

පැවැති බාධාකාරි කටයුතු කීපයකින් නිදහස සැලසෙමින් සතිය ආරම්භ කරන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 10,11,12,1 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ කටයුතු සම්බන්ධ විවිධ වෙනස්කම් කීපයක් සිදුකරන කාලයකි. වෙනදාට වඩා ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙන්නුම් කරයි. වාහන ගනුදෙනුවකට සම්බන්ධ වීමට සිදු විය හැකි සතියකි.

රැකියාව

අලුත් රැකියා මාර්ග හිමි වූවත් ඒවා එතරම් දුරට සාර්ථක නොවන බවක් පෙන්නුම් කරයි. ඇවිදිලි වැඩිකරන අන්දමේ රැකියා මාර්ගවලට හිමිකම් ඇතිකරයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් බලාපොරොත්තු නොවූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇත.

අධ්‍යාපනය

විවිධ ශාස්ත්‍රීය කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවන සතියකි. විදෙස් අධ්‍යාපනයක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුකරයි. අමතර භාෂාවක් පිළිබඳ හැදෑරීමට අවස්ථාව උදාකරන අතර, අධ්‍යාපනික කටයුත්තක් හේතුවෙන් දුර පළාතකට යාමට ද සිදු වේ.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන කාලයකි. නිතර හට ගන්නා දතක වේදනාවකට ප්‍රතිකාර ලබා ගනී. හදිසි වැටීම් තැළීම් වැනි අනතුරුදායක තත්ත්වයකට මුහුණපෑමට ඉඩ ඇති බැවින් කල්පනාකාරිවන්න.

 

අය 07 වැය 06

ජය අංකය - 09

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

 

 

මිථුන

ආයතන ප්‍රධානීන්ගේ හොඳ හිත

 

විශේෂ සැලසුමක් සඳහා කටයුතු සූදානම් වෙමින් පවතින සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 9,10,11,12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පැරැණි හිතවත්කමක් අලුත්වන ලකුණුූ පෙන්නුම් කරයි. එමෙන්ම අලුත් නෑදෑකමක් ඇතිවන අන්දමේ කටයුත්තක් සිදු වීමට ඉඩ ඇත. වෙනදාට වඩා වියදම් වැඩිවන කාලයකි. මවුපස ඥාතියකු පිළිබඳ සිතේ කනස්සල්ලක් ඇතිවන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු වෙනදාට වඩා සැහැල්ලුවෙන් කරගෙන යන කාලයකි. අමතර ලාභ ලැබෙන මාර්ග කීපයක්ද යෙදීමට ඉඩ ඇත. ආයතන ප්‍රධානීන්ගේ හොඳ හිත දිනා ගැනීමට අවස්ථාව සැලසෙන කාලයකි.

අධ්‍යාපනය

ගැටලුකාරී ලෙස පැවැති අධ්‍යාපන කටයුතු කීපයක් නිරවුල් කර ගැනීමට අවස්ථාව උදා කරයි. හිතුවතුන් සමඟ පොත් පත් හුවමාරුවක් සිදු කරයි. විභාග ජයග්‍රහණයක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. සෙම් රෝග, හිසේ ආබාධ ආදියෙන් පීඩා විඳින කාලයකි. වෙනදාට වඩා ජලය සම්බන්ධ කටයුතුවලින් මෙන්ම කන කෑම බීම ගැනද සැලකිලිමත් වන්න.

 

අය 07 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා

 

 

කටක

උත්සව අවස්ථාවක්

වෙනදාට වඩා ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 8,9,10,11 යන භාවස්ථානවල ගමන් කරයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන කාලයකි. නොසිතූ ලෙස නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ කල්පනාවෙන් පසුවන්න. ගේදොර උත්සව අවස්ථාවකට කටයුතු යෙදේ.

රැකියාව

රැකියාවේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේදී දුර දිග සිතා බැලිය යුතු සතියකි. මෙතෙක් ප්‍රමාදවෙමින් පැවැති කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසේ. වෙළඳ ව්‍යාපාර කටයුතුවලින් ලාබ හිමිකරන මාර්ග කීපයක් යෙදේ.

අධ්‍යාපන

නිතර මානසික අවිවේකය ඇති කරන සතියකි. ලිපි ලේඛන ගැටලුවකට මැදි වීමට ඉඩ ඇත. තමා ඉදිරිපත්වූ තරග විභාගයකින් නොසිතූ ජයග්‍රහණයක් හිමිකරයි.

සෞඛ්‍යය

වරින්වර ඇතිවන හිසේ ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන කාලයකි. ආහාර අරුචිය හේතුවෙන් තමා ගන්නා ආහාරපාන පවා ප්‍රතික්ෂේප කරන කාලයකි.

වෙනදාට වඩා ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 8,9,10,11 යන භාවස්ථානවල ගමන් කරයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන කාලයකි. නොසිතූ ලෙස නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ කල්පනාවෙන් පසුවන්න. ගේදොර උත්සව අවස්ථාවකට කටයුතු යෙදේ.

රැකියාව

රැකියාවේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේදී දුර දිග සිතා බැලිය යුතු සතියකි. මෙතෙක් ප්‍රමාදවෙමින් පැවැති කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසේ. වෙළඳ ව්‍යාපාර කටයුතුවලින් ලාබ හිමිකරන මාර්ග කීපයක් යෙදේ.

අධ්‍යාපන

නිතර මානසික අවිවේකය ඇති කරන සතියකි. ලිපි ලේඛන ගැටලුවකට මැදි වීමට ඉඩ ඇත. තමා ඉදිරිපත්වූ තරග විභාගයකින් නොසිතූ ජයග්‍රහණයක් හිමිකරයි.

සෞඛ්‍යය

වරින්වර ඇතිවන හිසේ ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන කාලයකි. ආහාර අරුචිය හේතුවෙන් තමා ගන්නා ආහාරපාන පවා ප්‍රතික්ෂේප කරන කාලයකි.

අය 07 වැය 03

ජය අංකය - 09

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සඳුදා

 

සිංහ

දුරගමනකට සැලසුමක්

අලුත් බලාපොරොත්තු ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7,8,9,10 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අමතර ලාබ හිමිකරන මාර්ග කිහිපයක් හිමිකරන සතියකි. අසල්වැසියකු සමඟ සිත්තැවුලක් ඇතිකර ගන්නා බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළ යුතු කාලයකි. දුරගමනක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගනී.

රැකියාව

අලුත් රැකියා ලාභ හිමිකම් ඇති කාලයක් වන අතර, මෙතෙක් තනතුරු ලාභයක් බලාපොරොත්තුවෙන් සිටි අයට යහපත් කාලයකි. එමෙන්ම රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් බහුල කරයි.

අධ්‍යාපනය

මෙතෙක් මන්දගාමීව කරගෙන ගිය අධ්‍යාපන කටයුතු වෙනදාට වඩා උත්සාහයෙන් සිදුකරන බවක් පෙන්නුම් කරයි. තරග විභාගයකින් විශේෂ ජයග්‍රහණයක් බලාපොරොත්තු විය හැකි සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. යටපත් වූ දණහිසේ ආබාධයක් නැවත මතුකරයි. දේශීය වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවන බවක් පෙනේ. කෑම බීම පිළිබඳ පරිස්සම් වන්න.

 

අය 06 වැය 05

ජය අංකය – 02

ජය වර්ණය – ළා දම්

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

 

කන්‍යා

අලුත් ආදායම් මාර්ග උදාකරයි

සැනසිලිදායක හා පී‍්‍රතිමත් ලෙස සතිය උදාකරන අතර මේ සතියේ සඳු ග්‍රහයා 6,7,8,9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අලුත් හිතමිතුරන් දැන හඳුනාගැනීමට කටයුතු උදාකරන කාලයක් වන අතර, පවුලේ කෙනකු වෙනුවෙන් උපකාරයක් කිරීමට ද අවස්ථාව උදාකරයි. දරුවකුගේ විවාහ ගිවිසුමක් පිළිබඳ කටයුත්තක සූදානමක් ඇති කරයි. හදිසි ලැබීම්වලට ද හිමිකම් ඇති කරයි.

රැකියාව

ස්වයං රැකියා කටයුතුවලින් විශේෂ ලාභ ප්‍රයෝජන ලබා ගත හැකි කාලයකි. එමෙන්ම අලුත් ආදායම් මාර්ග උදාකරන බවක් පෙනේ. විවිධ සම්මුඛ පරීක්ෂණවලටද සහභාගිවීමට සිදුවන කාලයකි.

අධ්‍යාපනය

දරුවකුගේ අධ්‍යාපනික ජයග්‍රහණයක් වෙනුවෙන් සතුටුවීමට අවස්ථාව සැලසෙන කාලයකි. අලුත් දේ ඉගෙනීමට කැමැත්තක් දක්වන අතර, පොත්පත් මිලදී ගැනීමක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට ද සිදුවේ.

සෞඛ්‍යය

සෙම් අමාරු, හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝගාබාධ මතුවීමෙන් රෝහල්ගතවී ප්‍රතිකාර ලබාගැනීමට සිදු වේ. නිතර එදිනෙදා වැඩකටයුතු කිරීමේදී ඒ පිළිබඳ කල්පනාකාරි වන්න. පරම්පරාගත රෝගාබාධ මතුවිය හැකි කාලයකි.

 

අය 07 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - ළා කොළ

සුබ දවස - බදාදා

 

 

තුලා

සෞඛ්‍යයට යහපත්

 

වෙනදාට වඩා සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියක් වන අතර, මේ සතියේ සඳුගේ ගමන 5,6,7,8 යන භාවයන් මත සිදුවෙයි.

ගෘහ ජීවිතය

විශේෂ සැලසුමකට අතගැසීමට කටයුතු උදාකරන සතියකි. වෙනදාට වඩා පවුලේ කෙනකු වෙනුවෙන් කැප වී කටයුතු කිරීමට සිදුවෙයි. ගුප්ත කටයුතුවලින්ද පිහිට පතන බවක් පෙනේ. නිතර ඇවිදිලි වැඩිකරන කටයුතු නිසා සිතට අසහනය ඇති කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ නිතර සිතට චංචල බවක් ඇති කරයි. ජලාශි‍්‍රත කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. තනතුරු නිලතල බලාපොරොත්තුවන අයට එතරම් යහපත් කාලයක් නොවනු ඇත.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපනයට බාධා ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් සිදු වීමට ඉඩ ඇති කාලයකි. අධ්‍යාපන කටයුතු පිළිබඳ උදාසීන බවක් ඇතිවන කාලයක් වන අතර, නිතර ආගමික පිහිට පතන බවක් ද පෙන්නුම් කරයි.

සෞඛ්‍යය

ශරීර සනීපයට හේතු ඇති කරයි. කලක සිට විඳවමින් තිබූ රෝගයකින් සුවය ලැබීමට ඉඩ ඇත. වෙනදාට වඩා අව්වෙන් , වැස්සෙන්, ආදියෙන් පරිස්සම්විය යුතු බවක් පෙන්නුම් කරයි.

 

අය 06 වැය 03

ජය අංකය - 06

ජය වර්ණය - නිල්

සුබ දවස - සඳුදා

 

 

වෘශ්චික

ගැටලු කීපයක් විසඳේ

 

වගකීමකින් නිදහස අත්කරමින් සතිය ආරම්භවන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 4,5,6,7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

විශේෂ වරප්‍රසාද කීපයකට හිමිකම් කියන කාලයකි. පවුලේ අය අතර මෙන්ම ඇසුරු කරන්නන් අතර පි‍්‍රයතාවයට පත්කරයි. ගෘහ ජීවිතයේ පැවැති ගැටලුකාරි බවක් විසඳී යන බවක් පෙන්නුම් කරයි. නිතර දනට පිනට ළැදිව කටයුතු කරන කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ අලුත් බලාපොරොත්තු ඇතිකරන කාලයකි. ශාරීරික වෙහෙස ගෙන දෙන අන්දමේ රැකියාවකට සම්බන්ධ වීමට කරුණු සැලසේ. එමෙන්ම කරගෙන යන රැකියාවකට නොසිතූ බාධා මතු වීමට ඉඩ ඇති කාලයකි.

අධ්‍යාපනය

විදෙස්ගත අධ්‍යාපනයක් වෙනුවෙන් සැලසුමක් ඇතිකර ගනී. එමෙන්ම අමතර භාෂාවක් ඉගෙනීම වෙනුවෙන් අමතර කාලයක් වැයකරන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා වෙහෙසීම් ඇති කරන සතියකි.

සෞඛ්‍යය

වරින්වර ශාරීරික අපහසුකම් මතුකරන කාලයකි. නිදන්ගත රෝගයක් ඉස්මතුවීමෙන් විවිධ සෞඛ්‍යය පරීක්ෂණවලට ලක්වීමට සිදු වේ. වෙනදාට වඩා කෑම බීම පිළිබඳ සැලකිලිමත්වන්න.

 

අය 06 වැය 03

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - සඳුදා

 

 

ධනු

රැකියාවේ වෙනසක්

 

අලුත් බලාපොරොත්තු ඇති කරමින් සතිය ආරම්භවන අතර, මේ සතියේ සඳුගේ ගමන 3,4,5,6 යන භාවයන් මතින් සිදුවනු ලබයි.

ගෘහ ජීවිතය

පවුලේ කෙනකු වෙනුවෙන් වෙහෙසී කටයුතු කිරීමට සිදුවන සතියකි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදර ගෙන දෙන බවක් පෙන්නුම් කරයි. පවුලේ කටයුතු පිළිබඳ මූලිකත්වය ගෙන කටයුතු කිරීමට සිදුවෙයි. එමෙන්ම දානමය කටයුත්තකට සූදානම් වන සතියකි.

රැකියාව

රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස්කිරීමට සිදුවෙයි. තනතුරු වෙනසක් සිදු වීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. නිතර රැකියාවේ කටයුතු සම්බන්ධ සිත් කලකිරීම් ඇති කරයි.

අධ්‍යාපනය

අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් දුර පළාතකට යාමට සිදුවන කාලයකි. නිතර ඒ සම්බන්ධ වගකීම් වැඩි කරයි. අමතර දේ ඉගෙනීමට සිත් දෙන අතර හදිසි තීරණ තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි.

සෞඛ්‍යය

ශරීර වෙහෙස ගෙනදෙන කාලයකි. නිතර ඇතිවන හිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ආහාර විෂවීමක් හෝ තමා භාවිත කරන ආලේපනයක් විෂ වීමක් සිදු වීමට ඉඩ ඇත. නිතර තම ශරීර සෞඛ්‍යය මෙන්ම පිරිසුදුතාවය පිළිබඳව සැලකිලිමත් වන්න.

අය 06 වැය 05

ජය අංකය – 04

ජය වර්ණය – තැඹිලි

සුබ දවස – සිකුරාදා

 

 

මකර

විභාග ජය

 

වියදම් වැඩිවන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 2,3,4,5 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

පවුලේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසුණත් වැයපස අධික කරයි. පොරොන්දු ගිවිසුමක් ප්‍රමාද කරන කාලයකි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන්න.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදුකරන කාලයක් වන අතර, නිතර තැන තැන ඇවිදිලි වැඩිකරන අන්දමේ කටයුතු කීපයක්ද යෙදේ. කලා ක්ෂේත්‍රයේ කටයුතුවල නියුතු වූවන්ට සුබදායකයි. අලුත් රැකියා ලාභවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

විභාග ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත් වීමට අවස්ථාව උදාකරන සතියකි. අලුත් දේ ඉගෙනීමට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි. මෙතෙක් ප්‍රමාදතා සිදු කළ ශාස්ත්‍රීය කටයුත්තක් නැවත ආරම්භයට හේතු සැලසේ.

සෞඛ්‍යය

නිතර ගතට සිතට අවිවේකී සතියකි. ආහාර ජීර්ණ පද්ධතිය ආශි‍්‍රත ඇතිවන ආබාධයකින් පීඩා විඳීමට සිදුවේ. උෂ්ණාධික ආහාරපාන ගැනීමෙන් වැළකී සිටීම යහපත් කාලයකි.

 

අය 06 වැය 04

ජය අංකය - 07

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

 

 

කුම්භ

පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාවක්

අලුත් සැලසුම් කීපයක් ආරම්භ කිරීමට කටයුතු උදාකරමින් පවතින සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 1,2,3,4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා සොයාබැලීමක් කළ යුතු කාලයක් වන අතර, නිතර පදිංචියෙන් පිට වාසයට ද හේතු ඇතිකරයි. සහෝදර බැඳීමකට බාධාවන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. වාහන අලුත්වැඩියාවක් වෙනුවෙන් අමතර වෙහෙසීම් මෙන්ම අමතර මුදලක්ද වැය කිරීමට සිදු වේ.

රැකියාව

අලුත් රැකියා මාර්ගවලට හිමිකම් ඇති වුවත් ඒවා එතරම් දුරට සාර්ථක වන බවක් නොපෙන්වයි. අණදෙන ක්ෂේත්‍රයේ පිරිස් පාලන කටයුතුවලට සම්බන්ධ රැකියා කටයුතුවල නියුතු වූවන්ට සුබදායකයි.

අධ්‍යාපනය

තරගකාරි කටයුතු කීපයකට සම්බන්ධ වීමට කටයුතු උදාකරයි. එමෙන්ම හදිසි වියදම් ගෙන දෙන මාර්ගවලට හේතු යෙදේ. අධ්‍යාපනික චාරිකාවක් වෙනුවෙන් සූදානම් වන සතියකි. උසස් පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව උදාකරයි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙසීම් ඇතිකරන සතියකි. පාදයේ වළලුකර ආශි‍්‍රතව ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. නිතර යෙදෙන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. ස්නායු ගත ආබාධයකට ද හේතු ඇති කරයි.

 

අය 07 වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

 

මීන

උසස් අයගේ උපකාරයක්

 

අවිවේකී ලෙස උදාකරන මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 12,1,2,3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ අය සමඟ ඇතිවන මතභේදකාරි බවක් දුර දිග යන කාලයකි. වෙනදාට වඩා මනසට පීඩාකාරි බවක් ඇති කරයි. තමා සතු දෙයක් නැති වීමට ඉඩ ඇති කාලයක් බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ සැලකිලිමත් වන්න.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ අවිවේකී බව මඟහැරී යන කාලයකි. එහෙත් වෙනදා මෙන් සිතේ සතුටින් කටයුතු කරන බවක් නොපෙන්වයි. අලුත් රැකියා මාර්ග හිමිවුවත් ඒවාට අවහිරතා මතුවීමට ඉඩ ඇත. උසස් නිලධාරීන්ගේ උපකාර පැතීමට සිදුවන කාලයකි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවල නියැළී සිටින දරුවන්ට නොසිතූ ගැටලු කීපයකට මුහුණ දීමට සිදුවෙයි. කාර්මික අංශයෙන් ඉගෙන ගන්නා අයට අලුත් අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව උදාකරයි. අමතර පාඨමාලා හැදෑරීමට අවස්ථාව සැලසෙන කාලයකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යට බාධාගෙන දෙන කාලයකි. විශේෂයෙන් උස් ස්ථානවලට සම්බන්ධ කටයුතු කරන අයට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. හදිසි අජීර්ණ ආබාධ ඇති කරයි.

 

අය 08 වැය 06

ජය අංකය - 04

ජය වර්ණය - කහ

සුබ දවස - සිකුරාදා

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.