මේ සතිය ජනවාරි 12 - 18 ඔබේ ලග්නයට...

ජනවාරි 12, 2024

මේෂ

දියුණුවට අඩිතාලමක්

උදා වූ මේ සතියේ මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 10,11,12,1 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ පැවැති අසමඟිකම් මඟහැරී යන සතියකි. නෑදෑ හිතවතුන් වෙනුවෙන් භෝජන සංග්‍රහයකට සැලසුමක් ඇති කරයි. පැවැති නොසන්සුන්කාරී බව මඟහැරී යන බවක් පෙනේ. දියුණුව පිළිබඳ අඩිතාලමක් ඇති කරයි. විදේශ ගතවීමට අවස්ථාව උදාවේ.

රැකියාව

වගකීම් බහුලවන අන්දමේ රැකියා මාර්ගයකට හිමිකම් ඇති කරයි. ස්වයංරැකියා මාර්ගවලට සම්බන්ධ වූ අයට යහපත් කාලයකි. රැකියාවේ දියුණුවක් දැකිය හැකි අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. ප්‍රවාහන ක්ෂේත්‍රයේ රැකියා කටයුතුවල නියැළෙන්නන් කල්පනාකාරීවීම වැදගත්වේ.

අධ්‍යාපනය

මෙතෙක් කරගෙන ආ උසස් අධ්‍යාපන කටයුතුවලින් සාර්ථක ජයග්‍රහණ හිමිකරයි. එමෙන්ම තරගකාරි අධ්‍යාපන කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදු වෙයි. සෞන්දර්යාත්මක කටයුතුවල නියැළෙන සතියකි. තරඟ විභාගවලින් ජය ගත හැකිය.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට වරින් වර බාධා මතු කරයි. යටිබඩ, කොන්ද, මූත්‍රාගත ආබාධ ඇතිවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට භාජනයවීමට ඉඩ ඇති සතියකි.

 

අය 07 වැය 06

ජය අංකය – 07

ජය වර්ණය – නිල්

සුබ දවස –

බ්‍රහස්පතින්දා

 

වෘෂභ

කැපී පෙනෙන කාලයක්

ගතට සිතට සැනසිල්ල උදා කරමින් සතිය ආරම්භ කරන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 9,10,11,12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අමතර ලැබීම් අතින් යහපත් කරයි. තීන්දු තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. ගේ දොර කටයුතු පිළිබඳ අලුත් බලාපොරොත්තු ඇති කරයි. එමෙන්ම වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. පවුලේ අය සමඟ විනෝද චාරිකාවකට සහභාගීවීමට කටයුතු සැලසෙන සතියකි.

රැකියාව

අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට මෙන්ම රැකියා ස්ථිරවීම් බලාපොරොත්තු වන අයට සුබදායක කාලයකි. එමෙන්ම කරගෙන යන රැකියාවේ කටයුතුවල දියුණුවක් දැකිය හැකි බවක් පෙනේ.

අධ්‍යාපනය

ඉදිරි අධ්‍යාපනික සැලසුම් කීපයක් සාර්ථක කරන සතියකි. වෙනදාට වඩා උනන්දුවෙන් උද්‍යෝගයකින් අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරයි. ගුරුභවතුන් අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි.

සෞඛ්‍යය

වෙනදාට වඩා ශාරීරික වෙහෙස ගෙන දෙන සතියකි. ශාරීරික උෂ්ණාධික ගතිය හේතුවෙන් ප්‍රතිකාර පතන බවක් පෙනේ. ආහාරපාන ගැනීමේදී සැලකිලිමත් වන්න. නිතර ව්‍යායාම කටයුතුවල නියැළීම ශරීර සෞඛ්‍යය යහපත් කරයි.

 

අය 06 වැය 04

ජය අංකය – 07

ජය වර්ණය – කොළ

සුබ දවස – බදාදා

 

මිථුන

හවුල් ව්‍යාපාර වාසි

අවිවේකී ලෙස සතිය ආරම්භ කරන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 8,9,10,11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ සුහදතාවට කරුණු ඇති කරයි. එහෙත් තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් දුරදිග බලා කටයුතු කරන්න. අමතර ආදායම් මාර්ග අතින් සුබදායක සතියකි. නිතර තමා හමුවට එන කෙනකු පිළිබඳ සැලකිලිමත්වන්න.

රැකියාව

අලුත් රැකියා ලාභ හිමිකම් ඇති සතියකි. හවුල් ව්‍යාපාර කටයුතුවලින් වාසි අත්කරයි. තනතුරු ස්ථිර වීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. ආයතන ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වන අන්දමේ කටයුතු කීපයක් සිදුවේ.

අධ්‍යාපනය

ඉදිරි අධ්‍යාපන සැලසුමක් සාර්ථක කරන ලකුණු පෙන්නුම් කරයි. විදෙස් අධ්‍යාපන සැලසුමක් සාර්ථක වන ලකුණු පෙනේ. කණ්ඩායම් වැඩසටහන්වලට සම්බන්ධ වීමෙන් ප්‍රසිද්ධියට පත් වන සතියකි. විශේෂයෙන් ගුරුභවතුන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ප්‍රසාදයට පත්වන සතියකි.

සෞඛ්‍යය

නහරගත ආබාධ, ස්නායු අමාරු ආදියෙන් පීඩා අත්කරන බවක් පෙනේ. වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරන කාලයක් වන අතර ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න. වරින් වර මතුකරන චර්මගත ආබාධයක් හේතුවෙන් රෝහල්ගතවී ප්‍රතිකාර ලබා ගැනීමටද විය හැක.

 

අය 08 වැය 06

ජය අංකය – 06

ජය වර්ණය – දම්

සුබ දවස – බදාදා

 

කටක

විශේෂ උත්සව අවස්ථාවක්

අමතර ලැබීම් අතින් සුබදායක සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7,8,9,10 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ වගකීම්වලදී මූලිකත්වයක් ගැනීමට සිදු වෙයි. නිතර යෙදෙන දුර බැහැර ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. ගේ දොර අලුත්වැඩියාවක් සම්බන්ධ බලාපොරොත්තු ඉටු කරයි. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගි වීමට කටයුතු උදා කරන සතියකි. දරුවකුගේ විවාහ සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ විවිධ වරප්‍රසාද හිමිකරන කාලයකි. තනතුරු ස්ථිර වීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. පිරිස් පාලන කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. වෙනදාට වඩා වගකීම් බහුල වන සතියකි.

අධ්‍යාපනය

පැවැති උදාසීන ගතිපැවතුම් මඟහැරී යන බවක් පෙන්නුම් කරයි. සම්මාන සහතික හිමි කරන අන්දමේ කටයුතු කීපයක් හිමි කරයි. තාක්ෂණික අංශයේ කටයුතුවලින් ජයග්‍රහණ හිමි කරන කාලයකි. නිතර පැසසුමට ලක් වන සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය පිළිබඳ විවිධ ගැටලු පැන නැඟීමට ඉඩ ඇත. ස්නායු අමාරු නහරගත ආබාධ හේතුවෙන් පීඩාගෙන දෙන සතියකි. වෙනදාට වඩා ආහාර පාන ගැනීමේදී සැලකිලිමත් වන්න

 

අය 06 වැය 05

ජය අංකය – 04

ජය වර්ණය – දම්

සුබ දවස – සඳුදා

 

 

සිංහ

අධ්‍යාපනික ජයග්‍රහණ

හදිසි සැලසුමකට අත ගැසීමට කටයුතු උදා කරමින් සතිය ආරම්භ වන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 6,7,8,9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අමතර ලැබීම් අතින් යහපත් සතියකි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට අවස්ථාව උදා කරයි. අසල්වැසි සුහදතාවන්ට බාධාවන අන්දමේ කටයුතු කීපයක් සිදු වීමට ඉඩ ඇත. නිතර පින්දහම් කටයුතුවල නිරත වන බවක් පෙනේ.

රැකියාව

සෞන්දර්යාත්මක කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට ඉඩකඩ ඇති කාලයකි. සිතේ සැහැල්ලුවෙන් රැකියාවේ කටයුතු සිදු කරගෙන යන බවක් පෙනේ. වෙළෙඳ ව්‍යාපාර ලාභ හිමිකම් ඇති කාලයකි.

අධ්‍යාපනය

මෙතෙක් මඟහැරී තිබූ පාඩම් වැඩකටයුතු කීපයක් සම්පූර්ණ කර ගැනීමට කටයුතු උදා කරයි. ගණිත අංශයේ කටයුතුවලින් විවිධ ජයග්‍රහණ හිමි කරන කාලයකි. අමතර භාෂාවක් ඉගනීම වෙනුවෙන් කාලයක් ශ්‍රමයත් වැය කරයි. සරසවි වරම් අපේෂාවෙන් සිටින අයට බලාපොරොත්තු ඉටු කරයි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස ගෙනදෙන කටයුතු කීපයක් යෙදේ. පපුවේ සෙම් ගතිය හේතුවෙන් හට ගන්නා ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. වරින් වර රෝහල් ගත වීමට ද ඉඩකඩ ඇති බවක් පෙන්නුම් කරයි.

 

අය 08 වැය 07

ජය අංකය – 02

ජය වර්ණය – කහ

සුබ දවස – සිකුරාදා

 

කන්‍යා

ව්‍යාපාර ලාභ හිමිකම්

අවිවේකී ලෙස සතිය උදා කරමින් ආරම්භ වන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 5,6,7,8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා අතමිට සරු කරන කටයුතු කීපයක් යෙදේ. සහෝදර මතභේදයක් දුර දිග යාමට ඉඩ ඇති බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරන සතියකි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් වෙහෙසීමට සිදු වන සතියකි. නිතර පින් දහම් කටයුතුවල නිරත වන බවක් පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ දුරදිග සිතා බැලිය යුතු සතියකි. එමෙන්ම ශාරීරික වෙහෙසීම් බහුල කරන කටයුතු කීපයක් සිදු කරයි. ව්‍යාපාර ලාභ හිමිකම් අතින් යහපත් කාලයකි.

අධ්‍යාපනය

විවිධ අවහිරතා මධ්‍යයේ අධ්‍යයන කටයුතු කීපයක් කරගෙන යෑමට සිදුවන සතියකි. අලුත් විෂයන් කීපයක් ඉගෙනීමට කටයුතු උදා කරයි. අලුත් පොත්පත් පරිශීලනයට කටයුතු සැලසෙන සතියකි. තරඟ විභාගයක් වෙනුවෙන් අමතර වෙහෙසීම් වැඩිකරන සතියකි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස ගෙන දෙන කටයුතු කීපයක් යෙදේ. වරින් වර හටගන්නා අතේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. වෙනදාට වඩා ඖෂධ පාවිච්චියේදී සැලකිලිමත් වන්න.

 

අය 07 වැය 05

ජය අංකය – 02

ජය වර්ණය – තැඹිලි

සුබ දවස – සිකුරාදා

 

තුලා

තනතුරු ස්ථිරවීමක්

වගකීම් කීපයකින් නිදහස සැලසෙමින් සතිය ආරම්භ වන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 4,5,6,7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ අයගේ ප්‍රසාදයට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. වෙනදාට වඩා දුර ගමන් බහුල වන බවක් පෙනේ. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. දරුවන් ගැන තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න.

රැකියාව

රැකියාවේ අලුත් බලාපොරොත්තු ඇති කරයි. තනතුරු ස්ථිර වීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු වන ලකුණු පෙන්නුම් කරයි. ගතසිත වෙහෙසා කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

අලුත් බලාපොරොත්තු ඇති කරන කාලයක් වන අතර, උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ විශේෂ ජයග්‍රහණවලට හිමිකම් ඇතිකරයි. කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වය ගෙන කටයුතු කිරීමට සිදු වන කාලයකි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. මූත්‍රාගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. වෙනදාට වඩා දියර වර්ග මෙන්ම ශීතල ආහාරපාන ගැනීම වැදගත් වන බවක් පෙනේ.

අය 08 වැය 06

ජය අංකය 04

ජය වර්ණය – තැඹිලි

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

වෘශ්චික

කැපී පෙනෙන දක්ෂතා මතුකරයි

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 3,4,5,6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

තරමක් දුරට සැනසිලිදායක බවට බාධා ඇති කරන සතියකි. පවුලේ කටයුතුවලට විවිධ බාධා පැන නැඟෙන බවක් පෙනේ. වෙනදාට වඩා අතමිට සරුකරන මාර්ග කීපයක් යෙදේ. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන කාලයකි. වගකීම් බහුල වූවත් එවා ක්‍රමවත් ලෙස කරගැනීමට හැකිවෙයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ පැවති උදාසීන ගති මඟහැරී යයි. එමෙන්ම අණ දෙන ක්ෂේත්‍රයේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙනේ. තනතුරු මාරුවක් සිදු වීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුත්තක් සඳහා දුර පළාතකට යාමට සිදු වන බවක් පෙනේ. විවිධ තරග විභාගවලින් කැපී පෙනෙන දක්ෂතා මතුකරන කාලයකි. වැඩිහිටියන්ගේ ප්‍රසාදයට හේතු ඇති කරන සතියකි.

සෞඛ්‍යය

වරින්වර ඇති කරන කොන්දේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වන සතියකි. චර්මගත ආබාධයක් හේතුවෙන් පීඩා අත්කරන බවක් පෙනේ. ඖෂධ භාවිතයේදී සැලකිලිමත් වන්න. පාදවල ආබාධයකටද ඉඩකඩ ඇති කරයි.

අය 06 වැය 04

ජය අංකය – 07

ජය වර්ණය – කොළ

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

ධනු

දේපළ ගැටලුවක් නිරවුල්

යොදාගත් සැලසුම් කීපයක් ප්‍රමාද කරමින් සතිය ආරම්භ කරන ධනු ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 2,3,4,5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා ඇවිදිලි ඇති කරන සතියකි. දුරගමනක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගන්නා සතියකි. දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට හැකිවෙයි. මවගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර පතන සතියකි.

රැකියාව

අමතර ලැබීම් හිමිකරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම තනතුරු ස්ථිර වීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ මත ගැටුමක් සමථයකට පත්වන ලකුණු පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

හිතුවක්කාර ලෙස තීරණ ගැනීමෙන් අධ්‍යාපනික ගැටලු මතුවීමට ඉඩ ඇත. කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වය ගෙන කටයුතු සිදු කරයි. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇති කර ගන්නා සතියකි.

සෞඛ්‍යය

මෙතෙක් පැවැති වෙහෙසකාරි බව මඟහැරී යයි. වෙනදාට වඩා ව්‍යායාම් කටයුතුවල නිරතවන බවක් පෙනේ. පාදයේ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වන සතියකි. පපුවේ දැවිලි ගතිය මෙන්ම යටිබඩ ආශි‍්‍රත ආබාධවලටද ඉඩකඩ ඇති බවක් පෙන්නුම් කරයි.

 

අය 08 වැය 06

ජය අංකය – 09

ජය වර්ණය – තැඹිලි

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

 

මකර

නොසිතූ ජයග්‍රහණ

අවිවේකී ලෙස සතිය ආරම්භ වන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 1,2,3,4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

නොසන්සුන්කාරී ලෙස සතිය ආරම්භවන බවක් පෙනේ. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් ඇප කැප වී කටයුතු කිරීමට සිදු වෙයි. වගකීම් පැහැර හැරීමක් සිදු වීමට ඉඩ ඇත. තීන්දු තීරණ ගැනීමේදී කලබලකාරි නොවන්න. අමතර ලැබීම් අතින් යහපත් කරයි.

රැකියාව

රැකියාවේ සැලසුම් කීපයක් සාර්ථක කරයි. අමතර ආදායම් මාර්ග හිමිකරන රැකියා ලාභ හිමිකම් ඇති කරයි. ව්‍යාපාර ලාභ හිමිකම් ඇති සතියකි. දුර පළාතකට රැකියාවේ කටයුතු සඳහා යාමට සිදුවන බවක් පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

තරග විභාගවලින් නොසිතූ ජයග්‍රහණ හිමි කරන සතියකි. අලුත් පොත්පත් මිල දී ගැනීමක් වෙනුවෙන් මුදල් වැය වීමක් සිදු කරයි. උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සැලසුමක් ඇති කර ගනී. අතපසු වු පාඩම් වැඩ කටයුතු කීපයක් සම්පූර්ණ කර ගැනීමට අවස්ථාව සැලැසෙන කාලයකි.

සෞඛ්‍යය

පපුවේ සෙම් ගති හේතුවෙන් නිතර පීඩාගෙන දෙන සතියකි. සීතල ආහාර වර්ග පාවිච්චියේදී මෙන්ම නිතර අව්වෙන් වැස්සෙන් පරිස්සම් විය යුතු සතියකි. දතක අබාධයකට ප්‍රතිකාර ලබා ගන්නා බවක් පෙනේ.

අය 06 වැය 05

ජය අංකය – 07

ජය වර්ණය –කොළ

සුබ දවස – සිකුරාදා

 

 

කුම්භ

විදෙස් ඥාති උපකාර

අවිවේකී ලෙස සතිය ආරම්භ කරන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 12,1,2,3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පැරැණි හිතවත්කමක් අලුත් කරන බවක් පෙනේ.නොදැන කරන වරදක් හේතුවෙන් දඬුවමක් හිමිකරයි. පවුලේ අයගේ සහයෝගයෙන් කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. විදෙස්ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. අසල්වැසි සුහාදතාවයට හේතු සැලසෙන බවක් පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදු වීමට ඉඩ ඇත. එමෙන්ම වගකීම් බහුල රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. පිරිස් පාලනය සම්බන්ධ රැකියා ලාභ හිමිකරයි.

අධ්‍යාපනය

තරගකාරි කටයුතු කීපයකට සම්බන්ධ වීමට අවස්ථාව උදා කරයි. අන් අයට දැනුම ලබා දීමේ කටයුත්තකට සම්බන්ධ වීමට කටයුතු උදා කරයි. එමෙන්ම විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇතිකර ගන්නා කාලයකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. නිදන්ගත රෝගයක් ඉස්මතුවිය හැකි කාලයකි. නින්දට බාධාවන අන්දමේ සෙම් රෝගයක් හේතුවෙන් පීඩා කාරි බවක් අත්කරයි.

අය 07 වැය 05

ජය අංකය – 04

ජය වර්ණය – දම්

සුබ දවස – බදාදා

 

 

මීන

අමතර ලැබීම් හිමිකරන රැකියා

වෙනදාට වඩා නොසන්සුන්කාරි ලෙස කටයුතු සිදු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11,12,1,2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

නිතර ඇවිදිලි ඇතිකරන කටයුතු කීපයකට සම්බන්ධ වීමට අවස්ථාව සැලසේ. දරුවකුගේ අධ්‍යාපන ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබෙන සතියකි. ගේ දොර අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට වෙහෙසක් දැරිය යුතු බවක් පෙනේ.

රැකියාව

අමතර ලැබීම් ඇති කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ මෙතෙක් පැවැති නොසන්සුන්කාරී බව මඟහැරී යයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි රැකියා මාර්ගවලට හිමිකම් ඇතිකරයි.

අධ්‍යාපනය

උනන්දුවෙන්, උත්සාහයෙන් කටයුතු සිදු කිරීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකි කාලයකි. එහෙත් වරින්වර උදාසීන ගති පැවතුම් ඇතිවීමට ඉඩ ඇත. බාධා මධ්‍යයේ වුවත් අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට හැකිවෙයි. සරසවි වරම් අපේක්ෂාවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉටුවන ලකුණු පෙන්නුම් කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. වරින්වර ඇති කරන උරහිස ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. රුධිර ගත සීනි මට්ටම කෙරෙහි මෙන්ම රුධිර පීඩනය පිළිබඳව ද කල්පනාකාරි වීම වැදගත් වේ.

 

අය 06 වැය 03

ජය අංකය – 05

ජය වර්ණය – දම්

සුබ දවස – සිකුරාදා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.