ජනවාරි 19 සිට 25 දක්වා සතිය ඔබේ ලග්නයට...

ජනවාරි 19, 2024

 

මේෂ
අලුත් වගකීම් භාර ගැනීමක්

සැනසිලිදායක ලෙස සතිය ආරම්භ කරන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 1,2,3,4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

තරමක් දුරට අවිවේකී බවක් ඇති වුවත් ගතට සිතට සැනසිල්ල උදා කරන බවක් පෙන්නුම් කරයි. දරුවකු පිළිබඳ නොසිතූ ලෙස සතුටට පත්විය හැකි අන්දමේ කරුණු කීපයක් ඇති කරයි. නිතර අතමිට මුදල් ගැවසෙන බවක් පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති ගැටලුකාරි බව මඟහැරී යයි. එමෙන්ම සම්මුඛ පරීක්ෂණාදියෙන් සමත්වීමට හැකිවන බවක් පෙන්නුම් කරයි. අලුත් වගකීම් කීපයක් භාර ගැනීමට සිදුවන සතියකි. රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති විවේකය අඩු වී යන බවක් පෙනේ.

අධ්‍යාපනය

උත්සාහයෙන් කටයුතු සිදු කරන සතියකි. අන් අයට දැනුම බෙදා දීමේ මාර්ගයකට සම්බන්ධ වීමට සිදුවේ. උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගත වීමට සැලසුමක් ඇති කර ගන්නා සතියකි.

සෞඛ්‍ය

ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන සතියක් වන අතර, වරින්වර ඇති කරන උගුරු ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ. හදිසි කැපීම්, කෙටීම් වැනි අනතුරුදායක තත්ත්වයකට ඉඩකඩ ඇති බැවින් දුර දිග බලා කටයුතු කරන්න.

වෘෂභ

භෝජන සංග්‍රහයක්

අවිවේකී බව තරමක් දුරට වැඩි කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 12,1,2,3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

මෙතෙක් පැන නැඟී තිබූ ගැටලුකාරි බවක් මඟහැරී යන සතියකි. විශ්වාසවන්ත බැඳීමකට හේතු ඇති කරයි. පවුලේ කෙනකුගේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට කටයුතු උදා කරන බවක් පෙනේ. වෙනදාට වඩා දුර දිග සිතා බලා කටයුතු කළ යුතු සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ අලුත් බලාපොරොත්තු ඇති කරයි. එමෙන්ම තනතුරු අපේක්ෂාවෙන් සිටි අයට සුබදායක සතියකි. ව්‍යාපාරික ලාභ හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි. විදෙස් රැකියා ලාභවලට ද හිමිකම් ඇති බවක් පෙනේ.

අධ්‍යාපනය

තරගකාරි කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ හිමි කරයි. කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වය ගෙන කටයුතු සිදු කරන කාලයකි. පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වන බවක් පෙන්නුම් කරයි.

සෞඛ්‍යය

උදරගත ආබාධයක් ඇති විය හැකි කාලයකි. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. ශාරීරික ව්‍යායාම් කටයුතුවල නිරතවීම වැදගත් වේ.

එහෙත් වරින්වර ශාරීරික උෂ්ණාධික ගතිය මෙන්ම මුඛය ආශි‍්‍රත තුවාල හට ගැනීමට ද ඉඩ ඇති බවක් පෙනේ.

මිථුන

දුර ගමනක්

පැවැති වගකීමකින් නිදහස සැලසෙමින් සතිය ආරම්භ වන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 11,12,1,2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අමතර ලැබීම් අතින් යහපත් සතියකි. පවුලේ කෙනකු වෙනුවෙන් වෙහෙස මහන්සිවීමට සිදුවෙන බවක් පෙනේ. හදිසි තීරණයක් හේතුවෙන් නොසිතූ ආරවුලක් ඇති කරයි. දුරගමනක් යෙදෙන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. නිතර ඇවිදිලි වැඩි කරන අන්දමේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. මෙතෙක් කරගෙන ආ ව්‍යාපාර කටයුත්තකට බාධා ගෙන දෙන බවක් පෙනේ. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා දුර දිග සිතා බලන්න.

අධ්‍යාපනය

හිතුවක්කාර ලෙස කටයුතු සිදු කිරීමෙන් පාඩම් වැඩ කටයුතු කීපයක් අතපසු කර ගැනීමට සිදුවෙයි. අමතර පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව සැලසෙන සතියකි. අමතර පොත්පත් මිලදී ගැනීමකට අවස්ථාව උදා කරයි. විභාග කටයුත්තක් සඳහා වෙහෙසෙන සතියකි.

සෞඛ්‍ය

චර්මගත ආබාධයක්, ලේ විෂවීමක් වැනි හදිසි අසනීප තත්ත්වයක් හට ගැනීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව කල්පනාවෙන් පසුවන්න.

කටක

හදිසි ගනුදෙනුවක්

උදාවන මේ සතියේ කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 10,11,12,1 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අමතර ලැබීම් අතින් යහපත් සතියකි. නිතර ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරන කාලයකි. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. පියපස ඥාතියකු වෙනුවෙන් කැප වී කටයුතු කිරීමට සිදු වන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදු වෙයි. එමෙන්ම අලුත් රැකියාවක් වෙනුවෙන් දුර බැහැර ප්‍රදේශයකට යාමට සිදුවේ. ව්‍යාපාර කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. රැකියාවේ වගකීම් බහුල වන කාලයකි.

අධ්‍යාපනය

පැවැති උදාසීන ගති මඟහරවා ගනිමින් අධ්‍යාපන කටයුතු උත්සාහයෙන් මෙන්ම උනන්දුවෙන්ද කරගෙන යන බවක් පෙන්නුම් කරයි. විභාග සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජයග්‍රහණ හිමිකරන කාලයකි. වෙනදාට වඩා පොත්පත් වැඩ කටයුතු කෙරෙහි අවධානයක් යොමු කරයි.

සෞඛ්‍ය

ශරීර සෞඛ්‍ය පිළිබඳ තරමක් දුරට ප්‍රවේශම්කාරි විය යුතු බවක් පෙන්නුම් කරයි. වරින්වර අක්ෂි දුර්වලතාවයක් හට ගැනීමෙන් ප්‍රතිකාර පැතීමට සිදු වෙයි. නිතර ශාරීරික අප්‍රාණික ගති පැවතුම් වලටද හේතු ඇති කරයි.

සිංහ

අතමිට මුදල් ගැවසේ

සිංහ ලග්න හිමි ඔබට උදාවන මේ සතිය තරමක් දුරට සුබදායක වන බවක් පෙන්නුම් කරන අතර සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 9,10,11,12 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

මෙතෙක් ප්‍රමාදවෙමින් පැවැති විවාහ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණූ පෙන්නුම් කරයි. වෙනදාට වඩා ගේ දොර කටයුතු සම්බන්ධ සැනසිලිදායක බවක් ඇති කරයි. අතමිට මුදල් ගැවසෙන සතියකි. නිතර අලුත් දේ මිලදී ගැනීමටද කටයුතු උදා කරයි.

රැකියාව

රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට තරමක් දුරට සුබදායක සතියකි. නිතර විසිතුරු දේ, අලෙවිය, අත්කම් භාණ්ඩ වැනි ස්වයං රැකියාවල නියැළී සිටින අයට යහපත් බවක් පෙන්වයි. රැකියාව සම්බන්ධ තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න.

අධ්‍යාපනය

අධ්‍යාපනික ජයග්‍රහණවලට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි. අන් අයට දැනුම බෙදා දීමේ මාර්ගවලට අවස්ථාව සැලසේ. නිතර සෞන්දර්යාත්මක කටයුතුවල නියැළෙන සතියකි. සරසවි වරම් අපේෂා ඉටුවන සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය පිළිබඳ පැවැති අසහනකාරි බව මඟහැරී යයි. පැවැති රෝගාබාධයකින් සුවය හිමි කරන සතියකි. ආහාරපාන ගැනීමේදී සැලකිලිමත් වන්න. දියර වර්ග වැඩියෙන් පානය කිරීම වැදගත් වන කාලයකි.

කන්‍යා

විනෝද චාරිකාවක්

කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 8,9,10,11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ කටයුතු සම්බන්ධ මූලිකත්වයක් ගෙන කටයුතු සිදු කරන කාලයකි. නිතර සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරන කාලයක් වන අතර, විනෝද චාරිකාවකට ද සහභාගි වීමට අවස්ථාව උදා කරයි. නිතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති අවහිරතා කීපයක් මඟහැරී යයි. එහෙත් පොත්පත් ලිපි ලේඛන කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදු කරයි. දරුවනට දැනුම ලබාදීමේ රැකියා මාර්ගවලට සිත යොමු කරන කාලයකි.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතු කෙරෙයි වරින්වර අවහිරතා මතුකරන කාලයකි. තරග විභාගයක් හේතුවෙන් සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදු වෙයි. අමතර පාඨමාලාවක් හැදෑරීම වෙනුවෙන් වෙහෙසීමට සිදුවන අතර, ඒ සඳහා අමතර මුදල් වැයවීමක්ද සිදුවීමට ඉඩ ඇත.

සෞඛ්‍ය

ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන සතියකි. වාත වේදනාවක් නැවත මතුවිය හැකිය. තම ශරීර සුවතාවය වෙනුවෙන් අමතර කාලයත් ශ්‍රමයත් වැය කිරීමට සිදු වන සතියකි. පාදයේ හටගන්නා ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වන බවක් පෙන්නුම් කරයි.

තුලා

ආගන්තුක ඇසුරක්

සැලසුම් සහගත කටයුතු කීපයකට අත ගසමින් සතිය ආරම්භ කරන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 7,8,9,10 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අලුත් යමක් කිරීමට පෙලඹෙන සතියකි. ආගන්තුකයකුගේ ඇසුරට කටයුතු උදා කරයි. විදෙස් ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. පවුලේ සාමාජිකයන් සමඟ විනෝද ගමනකට සහභාගි වීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරන කාලයකි.

රැකියාව

රැකියාවේ ඉදිරි වැඩපිළිවෙළක් වෙනස් කරයි. වෙළඳ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වූ අයට විශේෂ වාසි කීපයක් සැලසේ. ජලාශි‍්‍රත කටයුතු සම්බන්ධ මාර්ගවලට හිමිකම් ඇති කරයි. අධ්‍යාපනය

අලුත් දෙයක් ඉගෙනීමට කටයුතු උදා කරයි. එමෙන්ම උගත් අයගේ ඇසුරට කටයුතු උදා කරයි. අලුත් පොත්පත් මිලදී ගැනීමකට කටයුතු උදා කරයි. උසස් අධ්‍යාපන කටයුතු උදෙසා දුර පළාතකට යාමට සිදුවන කාලයකි. තාක්ෂණික අංශයේ කටයුතුවලින් දැනුම වැඩිකර ගැනීමේ මාර්ග උදා කරයි.

සෞඛ්‍ය

ශරීර සෞඛ්‍යය අතින් තරමක් දුරට සැනසිලිදායක බවක් පෙන්නුම් කරයි. වරින්වර ඇති කරන හිස ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි.

වෘශ්චික

දේපළ ගැටලුවකින් නිදහස්

අමතර ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 6,7,8,9 යන භාවයන් මතින් සිදුවනු ලබයි.

ගෘහ ජීවිතය

සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන බවක් පෙන්නුම් කරයි. ලොතරැයි වාසනාව උරගා බැලීමට යහපත් කාලයකි. දිගුකලකින් හමුනොවූ කෙනකු මුණ ගැසීමට අවස්ථාව උදා කරයි. දේපළ ගැටලුවකින් නිදහස්වීමට කටයුතු උදා කරන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු නව මුහුණුවරකින් කරගෙන යෑමට අවස්ථාව සැලසෙන සතියකි. රැකියා ලාභ හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ උනන්දුවක් දක්වන්න. ප්‍රධානින් සමඟ උරෙන්උර ගැටී කටයුතු කරන කාලයකි.

අධ්‍යාපනය

නව දැනුම ලබා ගැනීමේ මාර්ග කීපයකට සම්බන්ධ වීමට අවස්ථා සැලසේ. කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වය ගෙන කටයුතු සිදු කරයි. දහම් අධ්‍යාපනය සම්බන්ධ කටයුතුවලින් විවිධ කුසලතා ඉස්මතුවන අතර, ත්‍යාග සම්මාන පවා හිමිවීමට ඉඩ ඇත.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් තරමක් දුරට යහපත් සතියකි. පැවැති සුළු සුළු අසනීප ගති කීපයක් මඟහැරී යයි. වෙනදාට වඩා ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න.

ධනු

විශේෂ කෙනකුගේ හමුවක්

පවුලේ කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරමින් සතිය ආරම්භ කරන ධනු ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 5,6,7,8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා සොයා බැලීමක් කළ යුතු සතියකි. අමතර වියදම් බහුල වුවත් එදිනෙදා කටයුතු ක්‍රමවත් ලෙස කරගෙන යෑමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ. විශේෂ කෙනකුගේ ඇසුරට කටයුතු යොමු කරන සතියකි. දරුවකු වෙනුවෙන් අමතර මුදලක් වැය කිරීමට සිදු වන බවක් පෙනේ.

රැකියාව

ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. වෙනදාට වඩා උනන්දුවෙන් රැකියාවේ කටයුතු කරගෙන යන බවක් පෙනේ. එහෙත් රැකියාවේ වගකීම් බහුලවන කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. විදෙස් රැකියාවකට සැලසුමක් ඇති කර ගන්නා බවක් පෙනේ.

අධ්‍යාපනය

මෙතෙක් උදාසීන ලෙස කරගෙන ගිය අධ්‍යාපන කටයුතු වෙනදාට වඩා උත්සාහයෙන් උනන්දුවෙන් කරගෙන යන බවක් පෙනේ. නිතර නායකත්වය ගෙන කටයුතු සිදු කරන කාලයකි. ගුරු දෙගුරුන්ගේ ප්‍රසාදයට පත්වන කරුණු කීපයක් සිදු කරයි.

සෞඛ්‍ය

ශාරීරික සෞඛ්‍ය අතින් යහපත් සතියකි. රුධිරගත සීනි මට්ටම සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමට වෙහෙසක් දරන බවක් පෙනේ.

මකර

ස්වයං රැකියා වාසි

අමතර කටයුතු කීපයකට සම්බන්ධ වීමට අවස්ථාව සැලසෙමින් සතිය ආරම්භ කරන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 4,5,6,7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ කටයුතු කෙරෙහි උනන්දුව උද්‍යෝගය වැඩිකරන සතියකි. අන් අයගේ උපදෙස් නොපිළිපදින කාලයකි. අතපසු වූ කටයුතු කීපයක් නැවත සාර්ථක කර ගැනීමට හැකිවන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන සතියකි. දරුවකුගේ වගකීම් වැඩිවන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. කලා ක්ෂේත්‍රයේ රැකියා මාර්ගවලට සිත යොමු කරන බවක් පෙනේ. එමෙන්ම ස්වයංරැකියා කටයුතුවලින්ද නොසිතූ ලාභ ඇතිකර ගන්නා කාලයකි.

අධ්‍යාපනය

අධ්‍යාපනික ජයග්‍රහණවලට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි. එමෙන්ම තරගකාරි කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. නව දැනුම ලබා ගැනීමේ මාර්ගවලට යොමුවන කාලයකි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව උදා කරයි.

සෞඛ්‍ය

යටිබඩ ආශි‍්‍රත ආබාධයකින් පීඩා විඳීමට සිදුවන බවක් පෙනේ. වරින්වර සෞඛ්‍ය පරීක්ෂණවලටද භාජනය වීමට සිදු වෙයි. මුත්‍රගත ආබාධ, වකුගඩු සම්බන්ධ ආබාධ හට ගැනීමට ඉඩ ඇති බැවින් ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වන්න.

කුම්භ

අධ්‍යපනික ජයග්‍රහණ

අමතර ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 3,4,5,6 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

යටපත් වූ බලාපොරොත්තුවක් ඉටුකර ගැනීමට හැකිවෙයි. දුර බැහැර ගමනක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. සමාජසේවා කටයුතුවලින් ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. නිතර තම රූපාලංකාරය වෙනුවෙන් වෙහෙසෙන සතියකි.

රැකියාව

රැකියාවේ තනතුරු වෙනසක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. අමතර වගකීම් කීපයක් තමා වෙත පැවරෙන සතියකි. රැකියාවේ කටයුතු සඳහා දුර පළාතකට යාමට සිදුවන බවක් පෙනේ. පිරිස් පාලන, අණදෙන ක්ෂේත්‍රයේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

විවිධ අධ්‍යාපනික ජයග්‍රහණවලට හිමිකම් ඇති කරයි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට වෙනුවෙන් දුර පළාතකට යාමට සිදුවන බවක් පෙනේ. හිතවතෙකුගේ සහය ඇතිව අතපසු වූ පාඩම් වැඩ කටයුතු කීපයක් සම්පූර්ණ කර ගැනීමට හැකිවන සතියකි.

සෞඛ්‍ය

ශාරීරික වෙහෙස ගෙන දෙන සතියකි. සෙම් අමාරු, උගුර ආශි‍්‍රත ආබාධවලට තුඩුදෙන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. වෙනදාට වඩා ශීතල ආහාර පාන ගැනීමෙන් මෙන්ම ජලාශි‍්‍රත කටයුතුවලින් ඈත්වීම සුබදායකයි.

මීන

දියුණුවට විශේෂ පියවර

අවිවේකී ලෙස සතිය උදාකරන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 2,3,4,5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ගතට සිතට සැනසිල්ල අඩු කරයි. පවුලේ ගැටලුවක් දුරදිග යාමට ඉඩ ඇත. නිතර ඇවිදිලි ඇති කරන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. ගුප්ත කටයුතුවලින්ද පිහිට පතන කාලයකි. පවුලේ දියුණුව සඳහා විශේෂ පියවර කීපයක් ගන්නා බවක් පෙනේ.

රැකියාව

අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයගේ බලාපොරොත්තු යම් තරමක් ඉටුවන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කළ යුතු කාලයකි. රැකියාවේ ස්ථාන වෙනස්කම්වලටද හේතු ඇති කරන බවක් පෙනේ. ව්‍යාපාර කටයුතුවලින් එතරම් වාසි අත්නොවන බවක් පෙනේ.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ වගකීම් බහුල කරයි. වෙනදාට වඩා සිතේ චංචල බවකින් කටයුතු සිදු කරන බවක් පෙනේ. පාඩම් වැඩ අතපසු වී යන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි.

සෞඛ්‍ය

ශාරීරික වෙහෙස ගෙන දෙන සතියකි. උගුර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. වෙනදාට වඩා රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත්වන්න.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.