සඳුගේ අපල දුරු කරන්නට

ජූලි 23, 2021
රැයේදී උත්පත්තිය ලබන හැම විට මව් ග්‍රහයෙක් සිටී. එම ග්‍රහ වස්තුව වන්නේ සඳු ග්‍රහයා ය. එසේ නැත්නම් චන්ද්‍රයා ය. ස්වභාවයෙන් සිසිලස අපට උරුම කර දෙන චන්ද්‍රයා පෘතුවියට ඉතාමත් ආසන්නව අපට දක්නට ලැබේ. 
 
යම් හෙයකින් චන්ද්‍රයා අශුභව පිහිටියහොත් මෝඩ කල්පනාවන්ට භාජනය වේ. තම දියුණුව අඩාලවෙයි. කල්‍යාන මිත්‍රයන් අමනාපවීම, මෙන් ම තවත් අයෙක් මත්පැන්වල දැඩි ඇල්මක් දැක්වීම, ධන ධාන්‍යයෙන් පිරිහීමක් ඇතිවීම බහුලව සෙම්රෝග පැතිර යාමට ද ඉඩකඩ අවස්ථා ලැබේ. එසේ ම චන්ද්‍රයා ශුභවාදීව සිටින මොහොතක දී සමෘද්ධිමත් සාමයක් උදාකර දෙයි. ධන ධාන්‍යයෙන් ආඪ්‍ය වෙයි. උත්තම ඝනයේ ප්‍රභූවරුන් සහ උසස් තත්ත්වයේ හොඳ මිතුරන් ඇසුරු කිරීමට ලැබෙන අතර මතු බලාපොරොත්තු සාකල්‍ය වශයෙන් ම ඉටු කර දෙයි. 
මනුෂ්‍ය ශරීරයේ ගලනාලය ආමාශය, ගර්භාෂය, මුත්‍රාශය, පියයුරු, ස්වතන්ත්‍ර නාඩි පද්ධතිය සුසුම්නාව, පිරිමින්ගේ වම් ඇස, ස්ත්‍රී පක්ෂයේ දකුණු ඇස, සම්බන්ධයෙන් ද චන්ද්‍රයාගේ බලපෑම ඇති වේ. ඇස් රෝග උමතු රෝග පීනස, සරම්ප, ඇදුම, පණුරෝග, වලිප්පුව, කැස්ස, උගුරේ රෝගාබාධ සහ අතීසාරය ද හට ගනී. චන්ද්‍රයාගේ බලපෑම නොයෙක් අන්දමින් නොයෙකුත් දේ කෙරේ බලපෑමක් සිදුවේ. මීයන් බල්ලන්, බළලුන්, සුදු අසුන් කෙරෙහි මෙන් ම ජලචර පක්ෂීන් කෙරෙහි ද විශාල බලපෑමක් ඇති කරයි. එළවළු කෙරෙහි බලපාන අතර, කැකිරි, කොමඩු, පුහුල්, වට්ටක්කා, පිපිඤ්ඤාවලට ද චන්ද්‍රයාගේ බලපෑම් ඇති වේ. 
චන්ද්‍රයාගේ අපලය වෙනුවෙන් පුද පූජා පැවැත්වීම සඳුදාවක යොදා ගත යුතු ය. සඳුදා දිනයට පූජාව තැන්පත් කළ යුත්තේ ගිනිකොණ දිසාවෙනි. සඳුට පුද පූජා පැවැත්වීම දින එකොළහක් පුරාවට ම කළ යුතු ය. අපල සඵල වන තුරු සඳුදා දින පූජා පැවැත්වීම ඉතා හිතකර ය. චන්ද්‍රයාගේ අපල සඵල කර ගැනීම සඳහා භාවිතය ගන්නා පිරිත් සහ ගාථා එකොළහ එකසිය දහය, එකදාස් එකසිය වාරයක් ගායනය කළ යුතු ය. මෙම අවස්ථාවට එළඹීමට පෙර නා සුදුවතින් සැරසී පූජා පැවැත්වීම අගනේ ය. 
ග්‍රහගෝචරයන් හිදී චන්ද්‍ර සෙනසුරු ග්‍රහතරු එකට එක්වීමෙන් ගෙනෙන ශනි චන්ද්‍ර අපලය එසේ නැත්නම් ජන්ම ඒරාෂ්ඨක අපලය සඵල කර ගැනීම සඳහා අසරණ කාන්තාවවන්ට කන්‍ය ස්ත්‍රීන්ට, වයසක ආච්චිලාට ආහාරපාන, වස්ත්‍ර හෝ බෙහෙත් වර්ග ලබාදීම ඉත සිතින් ම කළ යුතු ව ඇත. එළදෙනුන්ට සත්කාර කිරීම, එළදෙනක මරණින් මුදවා ගැනීම, දරුණු මාරක අපල දුරුකර ලන්නට හේතු වේ. සඳු අපල සඵලවීම සඳහා ගර්භනී මව්වරුන්ට දානය දීම සිල්මෑණිවරුන්ට දන් පිළිගැන්වීම, ධර්ම දේශනා පැවැත්වීම, මෛත්‍රී භාවනාව දියුණු කිරීම, ධර්මදානමය පින්කම්, සුමන සමන් දෙවියන් වහන්සේට පත්තිනි දේව මෑණියන්ට පුණ්‍යානුමෝදන කිරීම කළ යුතු ව ඇත. 
රාත්‍රී කාලයේ පිපෙන මල්වර්ග වන කුමුදු, සමන්පිච්ච මල් සහ සුදු නෙළුම්, පාට මල්වර්ග පූජා කිරීම ද, විලඳ පූජා කිරීම ද මාළුන්ට කෑම දීම, බෝධි පූජා පැවැත්වීම තුළින් ද අපල සඵල වන බව සත්‍යයකි. තවද රිදී පා හෝ සුදු පාට කොඩි පූජා කිරීම ද යහපත් ය. 
කිරිබත්, සුදු සඳුන්, සුදු පැහැති කැවිලි වර්ග, ගිතෙල්, සුදු කිරිබත්, දිවුල් කිරි, දන්දීම කළ යුතුයි. රිදී පැහැති කාසි නැත්නම් රිදී කාසි දෑතට දීම සුබදායකය. දිළිඳු ස්ත්‍රීන්ට සුදු ඇඳුම් සහ ආහාරපානදීම, දිවුල් පැළ සිටුවීම ද සඳු අපලය නැතහොත් චන්ද්‍ර අපල සඵලවීමට මහඟු දෙයකි. මේ හැම දෙයක් ම පිළිවෙළකට කර සඳු අපල සඵල ලබා ගන්න. අපල දුරු කරගන්න. 
 
ඡ්‍යොතිෂ විද්‍යා විශාරද මහාචාර්ය 
හේමපාල පතිරණ
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.