වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
ඔවුන් රණශූරයන්ද? එහෙමත් නැත්නම් සුරදූතයන්ද?
සබරගමු අඩවියේ සිද්ධීන් සියල්ල, හෙළයේ රණශූර ගෝරාවරුන්ගේ අප්‍රතිහත ධෛර්යයෙන් සහ අසමසම හැකියාවන් හමුවේ, හෙළ ජාතියට වාසි සහගත ආකාරයෙන් එසේ විසඳී යද්දී, සිම්ජාගේ ප්‍රධාන ගුප්ත විද්‍යා ධාරියා වූ මෂ්පිණ්ඩිගේ කූඩාරමේ ඇති වී තිබුණේ ඊට හාත්පසින් වෙනස් තත්ත්වයකි. හෙළයේ මහ රැජින පසුපසින් මිනීමරු අශ්වාරෝහකයන් සහ ලුන්ඩා ගෝත්‍රික යෝධයන් හඹායද්දී, ඔවුන්ට මග
පෙන්වූයේ මෂ්පිණ්ඩිගේ අතවැසියා වූ ගාවුලා විසිනි. ඔහු එම මාර්ගය සැක හැර දැනගත්තේ ඔහු අත තිබූ ජිබ්ලා අඳුනකිනි. වයඹ දිග ගවමස් බුදින්නන් වූ කාන්තාරවාසීන්ගේ ජිබ්ලා අඳුනක් වූ එය ආතාල අඳුනක් හෙවත් පොළව මතුපිට තිබූ සියලුම දේ දැකීමට හැකියාව ඇති ප්‍රබල අඳුනක් විය. ගාවුලා එසේ ගමන් ගනිද්දී මෂ්පිණ්ඩි ද ඔහු සතුව තිබූ රිදී හෙප්පුවක බහා තිබූ එවැනිම ජිබ්ලා අඳුනකින් ගාවුලා ගේ ගමන් මාර්ගය හොඳීන් නිරීක්‍ෂණය කළේය. මෂ්පිණ්ඩි අසලටම වී සිටි සිම්ජාත්, ඔහුගේ සගයින් තිදෙනාත්, තම ඇදුරා පවසන මග සලකුණු අසමින් හූමිටි තැබූහ. මෙහිදී සිම්ජාත්, හරේරා සහ ඉග්ලීස් රජුත් නොදන්නා එක් දෙයක් විය. එනම්, ඔවුන් සමඟම එහි සිටි බටහිර ඩැන්මාරූ දේශයේ ජාගෙන් කුමරුද, ගුප්ත විද්‍යාවේ ගැඹුරුම තැන් ස්පර්ශ කළ අපූරු පුද්ගලයෙකු බව ඔවුන් හාංකවිසියක්වත් දැන නොසිටියහ.
පෙරදිග මන්ත්‍ර ශාස්ත්‍රයේ අෂ්ඨ කර්මය මෙන්ම, හෙළ මන්ත්‍ර ශාස්ත්‍රයේද ක්‍රමවේද ගණනාවක් තිබිණ. අප ජීවත් වන වර්තමානයේ එවන් හෙළ ගුප්ත විද්‍යා ශිල්පධාරීන් ඉතා දුර්ලභ නමුත්, එකල එක ගමක එවන් මන්ත්‍රාචාර්යවරුන් කිහිපදෙනෙක්ම වූහ. එම නිසා හෙළ දෙරණට පා තැබූ දා පටන් ජාගෙන් හට වැටුහුණු එක් දෙයක් වීය. එනම්, තමන් ආක්‍රමණය කළ මේ හෙළ දෙරණ සාමාන්‍ය දේශයක් නොවනා බවයි. ඩැන්මාරූ දේශයේ ඔහුට පළපුරුදු අමනුෂ්‍ය ආත්ම වලට වඩා හාත්පසින් බලවත් ආත්ම ගණනාවක් ඔවුන් අවට සැරිසරනා බව ජාගෙන් පැහැදිලිවම දැන සිටියේය. එහෙත් කරන්නට දෙයක් නැත. ප්‍රතිඵලය පැහැදිලිව දැන සිටියත්, කිසිවක් නොදන්නා අයුරින් සිටින්නට ජාගෙන් සිතාගත්තේය.
ජයමාලී දේවිය හඹ යන්නන්ගේ ගමන් මාර්ගය, ඒ සවස් භාගය ගෙවී ගොස් අන්ධකාර රාත්‍රිය
එළඹෙත්ම මෂ්පිණ්ඩි හට පෙනී ගියේ බෙහෙවින් ආකූල ව්‍යාකූල අන්දමිනි. දෙවුර වටා ගලා හැලුණු සුදුවන් සෘජු කෙසැති මහල්ලා අඳුන දෙස බලා රාවයක් නැඟීය. “ශුද්ධවූ ජිබ්ලා දෙවියන් පල්ලා... මේ ගෑණි යන දිශාව හරිම බලගතුයි නේ. හෙළයන්ගේ රට එසේ මෙසේ දේශයක් නෙවෙයි. ආරක්ෂක අමනුස්ස ආත්ම වැහි වැහැලා. අපේ අඳුනට පෙන්නන්නෙම නෑ. කළු පාට
ඇඳුම් ඇඳගත්තු යෝධයො හැම තැනම. අපේ බලයට යන්න දෙන්නෙම නැහැ වගේ...”
ඔහු අපේක්‍ෂා භංගත්වයට පත්වූ ලෙසින් සිම්ජා දෙස බැලීය. කෝපයෙන් යුතුව සිම්ජා මෙහිදී
ගෙරවීය.
“ඉතින් නුඹමනේ කිව්වෙ ඔය අඳුනට හැම දේම කපාගෙන යන්න පුළුවන් කියලා. ඔය පේන අමනුස්ස යෝධයො සේරම කපාගෙන ඉස්සරහට යමු...”
එය අනුමත කරන නියාවෙන් හරේරා ද හිස සැලීය. ඉග්ලීස් රජු සියල්ල එපා වූවෙකු සේ දෑත
දෙපසට දමා හුස්මක් ගෙන, ඔහේ බලා සිටියේය. ඔහුට මෙය විහිළුවකි. එහෙත් නිහඬවම මේ දෙස බලා සිටි ජාගෙන්, මෂ්පිණ්ඩිටත් වඩා හොඳීන් සියල්ල දැකබලා ගත්තේය. එහෙත් ඔහු කිසිවක් කීවේ නැත.
“ශුද්ධ වූ ජිබ්ලා දෙවියන් පල්ලා... මොකක්ද අර දැවැන්ත කන්ද?”
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
කතාව
හෙළසිරි ඉඳුනිල්
මොරමුදලිආරච්චි