වර්ෂ 2025 ක්වූ January 24 වැනිදා Friday
ද්වන්ද්ව සටනේ ජය කා හටද...
සිය අසිපත තරයේ සුරතට ගත් සිම්ජා, මහාසිද්ධ මහරජතුමන් හට මුහුණ දී සිටි අතර, හිටි පියවරෙහිම නිසලව සිටි හෙළයේ මහා සූර්ය පුත්‍රයා වූ මහාසිද්ධ මහරජතුමෝ, අසිපතට අත වත් නොතබා, අස්වාභාවික සන්සුන් බවකින් යුතුව සිම්ජා ගේ දෙනෙත දෙසම බලා සිටියහ. මහරජතුමන් ගේ දෙනෙත් වල කිසිදු හැඟීමක්, දැනීමක් නොවීය. කෝපයක් හෝ උපහාසයක් හෝ, වෛරයක් එම දෙනෙත් වල ගෑවී තිබුණේ වත් නැත. එයින් සිම්ජා දැඩි අපහසුතාවයකට පත් වූ අතර, තමා හට හිමි වූ පළමු පහර දීමේ වාසියෙන් උපරිම ප්‍රයෝජන ගන්නට ඔහු අදිටන් කරගෙන සිටියේය.
සිම්ජා හට පිටුපසින්, ද්වන්ද්ව සටන් භූමියේ කෙළරවක හරේරා වාඩි වී සිටියේය. ඔහු ගේ අතේ වූයේ කුඩා බට නළාවක් වැනි උපකරණයකි. සිය තියුණු කාන්තාර පිහිය යළිත් කොපුවේ රුවාගෙන සිටි ඔහු, තම විෂ පෙවූ කුඩා හී තුඩු විදිනය වූ ජිස්ඩාකෝන් අවිය සූදානම් කරගෙන තබාගෙන සිටියේ ද්වන්ද්ව සටන ආරම්භ වන තුරුය. කොයි මොහොතක හෝ මහාසිද්ධ මහරජතුමන්ගේ සිරුර නිරාවරණය වන අවස්ථාවක් බලා සිට ක්ෂණිකව සිය විෂ පෙවූ තුඩ විද හරින්නට ඔහු කල් බලමින් සිටියේය.
එහෙත් හරේරාගේ අවාසනාවකට මෙන්, හෙළයේ මහරජතුමන්ගේ ස්වර්ණමය රාජකීය සන්නාහය, මුළු සිරුරම ආවරණය කරවන්නක් විය. සිරුරේ මර්මස්ථාන සියල්ල පදම් කල රන්මුවා ඵලක වලින් ආවරණය වූද, සන්ධි ඇතුළු අනෙක් ස්ථාන රන් නූලෙන් ගෙත්තම් කරන ලද්දා වූද, මනා කොට වතාවත් සපුරාලීමෙන් පසුව අති ප්‍රබල මන්ත්‍ර වලින් බල පිහිටුවනු ලැබුවා වූද එම රාජකීය සන්නාහය, වසර දහස් ගණනාවක පටන් පැවත ආ හෙළ ගෝත්‍රිකයන්ගේ නිර්මාණ කුසලතාවය මෙන්ම, ගුප්ත විද්‍යාවන්ගේ ප්‍රබලත්වයද විදහා දැක්වූ සංකේතයක් බඳු විය. එම නිසා එම සන්නාහය පැළඳ සිටිද්දී කරනු ලබන පහර දීමක් නිෂ්ඵල වන බව හරේරාට බැලු බැල්මට පෙනී ගියේය. එහෙත්, තමාගේ විෂ යෙදූ අවිය ගැන පූර්ණ විශ්වාසයකින් සිටි හරේරා උත්සහ කළේ මහරජතුමන් ගේ සිරුරේ සම පසාරු කරගෙන රුධිරයට මුසු වන ලෙස එම හී තුඩ යැවීම පමණක්ම වීය. එතැනින් පසුව සියල්ල තමාට අවශ්‍ය පරිදිම අවසන් වනු නියතය.
සිය අසිපත සුරතට ගත් සිම්ජා, සෙමෙන් සෙමෙන් මහාසිද්ධ මහරජතුමන් හ