සතියේ පඤ්චාංගය

ජනවාරි 17, 2025

ශකවර්ෂ 1946 ක් වූ මකර රවි 04 භාග දුරුතු අව ජලවක තිථිය ලත් කිවිදින සිට එම රවි 10 භාග දුරුතු අව නවවක ලත් ගුරු දින දක්වායි.

ග්‍රහයෝ සහ රාශි

රවි - මකර

කුජ - කටක ( 21 දා දවල් 10.12 මිථුන)

බුධ - ධනු

ගුරු - වෘෂභ (වක්‍ර)

ශුක්‍ර - කුම්භ

ශනි - කුම්භ

රාහු - මීන

කේතු - කන්‍යා

යුරේනස් - මේෂ (වක්‍ර)

නැප්චූන් - මීන

ග්‍රහයෝ සහ නැකැත්

රවි - උත්‍රසල

කුජ - පුනාවස

බුධ - පුවසල ( 22 දා සවස 02.51 උත්‍රසල)

ගුරු - රෙහෙන

ශුක්‍ර - සියාවස ( 17 දා උදේ 07.43 පුවපුටුප)

ශනි - පුවපුටුප

රාහු - උත්‍රපුටුප

කේතු - උත්‍රපල්

යුරේනස් - කැති

නැප්චූන් - උත්‍රපුටුප

පෝය

ජනවාරි 21 අඟහරුවාදා දහවල් 12.41 න් අව අටවක ලබා 22 බදාදා දහවල් 03.18න් ගෙවේ. 21 අඟහරුවාදා සිල්.

චන්ද්‍ර චාරය

18 දා රාත්‍රී 09.33 කන්‍යා

21 දා උදේ 10.04 තුලා

23 දා රාත්‍රී 10.31 වෘශ්චික

දිනූ තත්ත්වය

ජනවාරි 17 සිකුරාදා

මකර රවි 04 භාග දුරුතු අව ජලවක තිථිය ලත් කිවිදින ඉර උදාව 06.27 ඉර බැසීම 06.14 මා නැකත දහවල් 12.50න් ගෙවී පුවපල් නැකත ලබයි. දුරුතු අව තියවක තිථිය අලුයම 04.09න් ගෙවී අව ජලවක තිථිය ලබා පවතී. ආයුෂ්මත් යෝගය අලුයම 01.09න් ගෙවී සෞභාග්‍ය යෝගය ලබයි. විෂ්ටිකරණය අලුයම 04.09න් ගෙවී බවකරණය ලබා එය සවස 04.49න් ගෙවී බාලව කරණය උදාවෙයි.

විෂ කලාව - පෙකණිය

අමෘත කලාව - කන

මරු - ගිනිකොන

යෝගිනී - නිරිත

සුබ දිසාව - නැඟෙනහිර

ජනවාරි 18 සෙනසුරාදා

මකර රවි 05 භාග දුරුතු අව විසේනිය ගත් ශනි දින ඉර උදාව 06.28 ඉර බැසීම 06.14 පුවපල් නැකත දහවල් 02.56න් ගෙවී උත්‍රපල් නැකත ලබයි. දුරුතු අව ජලවක තිථිය අලුයම 05.32න් ගෙවී අව විසේනිය ලබා පවතී. සෞභාග්‍ය යෝගය අලුයම 01.00න් ගෙවී ශෝභන යෝගය ලබයි. බාලවකරණය අලුයම 05.32න් ගෙවී කෞලවකරණය ලබා එය සවස 06.31න් ගෙවී තෛතිල කරණය උදාව පවතී.

විෂ කලාව - ලිංග, යෝනි

අමෘත කලාව - ඇස

මරු - නැඟෙනහිර

යෝගිනී - දකුණ

සුබ දිසාව - උතුර

 

ජනවාරි 19 ඉරිදා

මකර රවි 06 භාග දුරුතු අව සැටවක ලත් ඉරුදින ඉර උදාව 06.28 ඉර බැසීම 06.14 උත්‍රපල් නැකත සවස 05.33න් ගෙවී හත නැකත ලබයි. දුරුතු අව විසේනිය උදේ 07.33න් ගෙවී අව සැටවක ලබා පවතී. ශෝභන යෝගය අලුයම 01.09න් ගෙවී අතිගණ්ඩ යෝගය ලබයි. තෛතිලකරණය උදේ 07.33න් ගෙවී ගරජකරණය ලබා එය රාත්‍රී 08.46න් අවසන් වී වණිජ කරණය උදාවෙයි.

විෂ කලාව - දණහිස

අමෘත කලාව - නාසය

මරු - උතුර

යෝගිනී - බටහිර

සුබ දිසාව - දකුණ

 

ජනවාරි 20 සඳුදා

මකර රවි 07 භාග දුරුතු අව සැටවක හා සතවක ලත් සඳු දින ඉර උදාව 06.28 ඉර බැසීම 06.15 හත නැකත රාත්‍රි 08.32න් ගෙවී සිත නැකත ලබයි. දුරුතු අව සැටවක තිථිය උදේ 10.01න් ගෙවි අව සතවක තිථිය ලබා පවතී. අතිගණ්ඩ යෝගය අලුයම 01.59න් ගෙවී සුකර්ම යෝගය ලබයි. වණිජකරණය උදේ 10.01න් විෂ්ටිකරණය ලබා එය රාත්‍රි 11.21න් අවසන් වී බවකරණය උදාව පවතී.

විෂ කලාව - දණහිස / කෙණ්ඩ

අමෘත කලාව - නාසය / ගෙල

මරු - වයඹ

යෝගිනී - බටහිර / වයඹ

සුබ දිසාව - දකුණ

 

ජනවාරි 21 අඟහරුවාදා

මකර රවි 08 භාග දුරුතු අව සතවක ලත් කුජදින ඉර උදාව 06.28 ඉර බැසීම 06.15 සිත නැකත රාත්‍රි 11.37න් ගෙවී සා නැකත ලබයි. දුරුතු අව සතවක තිථිය දහවල් 12.41න් ගෙවී අව අටවක තිථිය ලබා පවතී. සුකර්ම යෝගය අලුයම 02.53න් ගෙවී ධෘති යෝගය ලබයි. බවකරණය දහවල් 12.41න් ගෙවී බාලවකරණය ලබා පවතී.

විෂ කලාව - කෙණ්ඩ

අමෘත කලාව - ගෙල

මරු - බටහිර

යෝගිනී - වයඹ

සුබ දිසාව - දකුණ

 

ජනවාරි 22 බදාදා

මකර රවි 09 භාග දුරුතු අව අටවක ලත් බුධ දින ඉර උදාව 06.28 ඉර බැසීම 06.16 සා නැකත දවස පුරාම යෙදී පවතී. දුරුතු අව අටවක තිථිය සවස 03.18න් ගෙවී අව නවවක තිථිය ලබා පවති. ධෘති යෝගය අලුයම 03.50න් ගෙවී ශුල යෝගය ලබයි. බාලවකරණය අලුයම 02.02න් ගෙවී කෞලවකරණය ලබා එය සවස 03.18න් ගෙවී තෛතිලකරණය උදාවෙයි.

විෂ කලාව - පතුල

අමෘත කලාව - තනය

මරු - නිරිත යෝගිනී - ඊසාන

සුබ දිසාව - නැඟෙනහිර

ජනවාරි 23 බ්‍රහස්පතින්දා

මකර රවි 10 භාග දුරුතු අව නවවක ලත් ගුරුදින ඉර උදාව 06.29 ඉර බැසීම 06.16 සා නැකත අලුයම 02.34න් ගෙවී විසා නැකත ලබයි. දුරුතු අව නවවක තිථිය සවස 05.36න් ගෙවී අව දසවක තිථිය ලබා පවතී. ශුල යෝගය අලුයම 04.38න් ගෙවී ගණ්ඩයෝගය ලබයි. තෛතිලකරණය අලුයම 04.32න් ගෙවී ගරජකරණය ලබා එය සවස 05.36න් ගෙවී වණිජකරණය උදාවෙයි.

විෂ කලාව - මාපටැඟිලි

අමෘත කලාව - ළැම

මරු - දකුණ

යෝගිනී - නැඟෙනහිර

සුබ දිසාව - උතුර

****************************

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.