විශිෂ්ට විෂ්ණු කාල යෝගයක්

මයුර පක්ෂියාගෙන් උපන් අයට විශේෂයි
දෙසැම්බර් 27, 2024

ජනවාරි මස 04 වැනිදා සෙනසුරාදා පෙ.ව. 7.10 සිට 10.52 දක්වා අති ප්‍රබල විෂ්ණු කාල යෝගයක් උදා වේ.

පංච පක්ෂි නක්ෂත්‍ර ක්‍රමය තුළ කාල යෝග පහක් හඳුන්වා දී ඇත. ඒවා නම්, 1. මහේෂ්වර, 2.කාල, 3. ශ්‍රී, 4. බ්‍රහ්ම, 5. විෂ්ණු ලෙසයි.

උපන් නැකත නොදන්නා අයට වුවද, තම නාමයේ මුල් නාමාක්ෂරයට සහ ඊට අයත් පක්ෂියාට අනුව මේ යෝග යෙදෙන දින, ශුභ කටයුතු සඳහා යොදා ගත හැකිය.

මින් “විෂ්ණු” කාල යෝගයක්, ජනවාරි 04 සෙනසුරාදාට උදා වෙයි. එය නමේ මුල් නාමාක්ෂරය ඔ,ඕ ලෙස යෙදී ඇති මයුර පක්ෂියා හිමි අය සඳහා භාවිත කළ හැකිය.

සෙනසුරාදා දිනයක, දෙනට, පුවපුටුප, සියාවස, රේවතී යන නැකැත් වලින් එකක්ද, විසේනිය (5), දසවක, පසළොස්වක යන පූර්ණා තිථි තුනෙන් එකක් ද, මකර, කුම්භ යන ලග්න දෙකෙන් එකක්ද, ලෙස යෙදුණු විට මේ ප්‍රබල “විෂ්ණු” කාල යෝගය උදා වෙයි.

ජනවාරි 04 සෙනසුරාදා රාත්‍රී 9.24 තෙක් සියාවස නැකැත පවතින අතර, රාත්‍රී 10.02 තෙක්, පුර විසේනිය තිථිය පවතී. එදින පෙරවරු 7.10 සිට 9.00 තෙක් මකර ලග්නයත් එතැන් සිට 10.52 තෙක් කුම්භ ලග්නයත් උදා වේ.

එනම් එදින පෙරවරු 7.10 සිට 10.52 තෙක් පුර පක්ෂයේ ඉතා විශිෂ්ට ප්‍රතිඵල දෙන මේ විෂ්ණු කාල යෝගය උදා වී පවතී. තවද, මෙදින පෙ.ව. 10.09 තෙක් විෂ්කම්භාදී සත්විසි යෝග යටතේ ශුභදායී යෝගයක් වන සිද්ධි යෝගයත්, ආනන්දාදී අටවිසි යෝග යටතේ ගැනෙන විශිෂ්ටතම යෝගයක් වන “ආනන්ද” යෝගයත් යෙදෙන අතර, පෙරවරු 10.52 තෙක් බව කරණයත් පවතී.

මෙසේ ගත් කල, ඡ්‍යොතිෂ සිද්ධාන්ත ඉතා වැඩි ප්‍රමාණයක් ශුභවාදී ලෙස මේ යෝගයත් සමඟ යෙදී ඇති බැවින් 04 සෙනසුරාදා දින පෙරවරු 7.10 සිට 10.52 දක්වා කාලය තුළ සුබ මුහුර්තයක් සාදාගෙන දකුණ බලා සුබ කටයුත්තක යෙදීමෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත හැකි වනු ඇත.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
18 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.