විශ්ව ශක්තිය හෙළි කරන අත්ලේ සැඟවුණු රේඛා

සැප්තැම්බර් 13, 2024

චිත්ත බලයෙන් හා කිසියම් ගුප්ත ශාස්ත්‍ර ක්‍රමයකින් සිත පාලනය කර මළවුන් සමඟ රහස් කතා කර විවිධ භූත රෝගවලට පාත්‍ර වූ රෝගීන් සුවපත් කරන තලල්ලේ රාජිකා වෙද අම්මාගේ හස්ත රේඛා සටහන්වලින් ඇය ගැන විස්තර අද මේ ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කරමි.

තලල්ලේ වෙද අම්මා ලෙස පුංචි පැල්පතක ඉපිද තලල්ලේ රංජිකා මෑණියෝ පළමුවෙන්ම ඇගේ පෙර ආත්ම කතාව කීවාය. ඇය කුඩා කාලයේදී පටන් විවිධ භූත රෝගවලට පිළියම් කළ අයෙකි. කතරගම දෙවියන් කෙරෙහි තද භක්තියකින් ක්‍රියා කළ අයෙකි. ඇගේ ගෙදර පුංචි දේවාලයකින් ඇරඹී කතරගම ලක්ෂ්මී දේවාලය අද විශාල විවිධ භූත රෝගවලට පිළියම් මධ්‍යස්ථානයකි. මා ඇය ගැන දැන සිටියේ දස අවුරුද්දකට පෙරදීය.

කතරගම කිරි වෙහෙර ළඟට විවිධ ලෙඩ රෝගවලට පාත්‍ර වූ රෝගීන් කැඳවාගෙන ගොස් බුදුන් වැඳ මල් පහන් පුදා මිනිස් සිරුරට අරක්ගෙන ඇති විවිධ මළගිය ඇත්තත් නිසා වැලඳී ඇති රෝග ඇය භාවනා කර, චිත්ත බලයෙන් රෝග සුවපත් කර දුනි.

මට මතක හැටියට ඇය එක් රැයක භූත බලයට යටත් වූ දස හැවිරිදි දියණියක් කිරිවෙහෙර වටේ නෙළුම් මල් 7ක් අතට දී බුදුන් වන්දවමින් සිටියාය. ඇය පෙර ආත්මයේදී පිරිමි දරුවකුව උප්පත්තිය ලැබ සිටියාය.

සිය පියා සමඟ පියාගේ මෝටර් රථයෙන් ගමන් කරද්දී අනතුරකට පාත්‍රව මිය ගොස් තිබිණි.

පුතුගේ මරණයෙන් අති ශෝකයට පත් පියා ඔහුගේ මළසිරුර ගෙවත්තේම මිහිදන් කළේය. පුතු වෙනුවෙන් පින් දහම්, දන්දීම් නිතර කළේය. එම පුතු ටික කලකට පසුව බණ්ඩාරවෙල ප්‍රදේශයේ තරුණ අඹු සැමි යුවළකට දියණියකව උපන්නාය. ඒ අඹු සැමි යුවළ දරුවන් නැතුව සිට දෙවුන්දර විෂ්ණු දේවාලයට විත් දරුවන් පතා දෙවියන් ඉදිරියේ බාර හාර වූවන්ය.

මේ දෙවුන්දර විෂ්ණු දේවාලයේ උත්සව සමයේය. ඒ කුඩා දැරිය අවුරුදු හත අටක් වූ පසු අත්භූත සිද්ධියකට මුහුණ පෑවාය. ඇගේ පිටුපසින් එන අත්භූත ගුප්ත පුද්ගලයකු ඇයට කතා කරන්නටත් ඇය සමඟ නිදියහනේ නිදන්නටත් පටන් ගත්තාය. කිසියම් ගුප්ත ආත්මයක් ඇය පිටුපසින් සිටින බව දුටුවේ තලල්ලේ රංජිකා මැණියෝය. ඒ ඇගේ මව්පිය දෙදෙනා සමඟ තලල්ලේ රංජිකා මෑණියන් හමුවීමට ආ මොහොතේය. රංජිකා මැණියෝ මළගිය ඇත්තන් සමඟ දෙවොලේ කතා කරද්දීය. සිය පුතුගේ මරණින් පසුව ඔහුද කෙටි කලකින් ජීවිතයෙන් සමුගත්තාය. පෙර ආත්මයේ පියා තමන් පසු පස සිටින බව පුංචි දියණිය එහිදී පැවසුවාය. එදා චිත්ත බලයෙන් රෝගින් සුවපත් කරන මාතාවගේ ප්‍රශ්නය වූයේ පුතා මෙහාට ආවේ කොහොමද යන්නයි. දරුවාගේ පිළිතුර වූයේ තවත් ගුප්ත කතාවකි. "ගමේ මිනිස්සු එදා දෙවුන්දර දේවාලයට බස් රියක නැඟ වන්දනාවට ආවා. මමත් ඒ බස් රියේම මෙහෙන්ට ආවා. එතැනදී මාව මේ අම්මයි තාත්තයි ගෙදර එක්කරගෙන ගියා. ඉතින් ඊට පස්සේ මගේ තාත්තා, මං හොයාගෙන එනවා. මෙතන ඉන්නවා. එයා ඔය ලස්සනට ඉන්නේ. මට කන්න ගෙනත් දෙන්නේ" යයි මේ පුංචි දැරිය ප්‍රකාශ කළාය.

මියගිය පුතා ගැන සිත සිතා සිටි ඒ පියා මියගියාට පසු පුතුගේ ආත්මයට සම්බන්ධ වී භූත ආත්මයක උපත ලබා දියණියක්ව උපත ලැබූ පෙර ආත්මයේ පුතුට ආදරයෙන් මේ ආත්මයේ ඇය ගේ ආත්මය සොයා එන කතාව හෙළි විය.

නැවත උපන් භූතාත්මය කිරිවෙහෙරේ බුදුන් වැඩම කළ බිමේදී දන්දී පින්දී ඉවත් කළාය. ඒ ඇය මළවුන්ට කතාකර භූතාත්ම ඉවත් කිරීමේ එක් ක්‍රියාවක් පමණි.

මෙවැනි භූතාත්ම සිය ගණනක් ඇය සතිපතා කිරිවෙහෙර ළඟ “අෂ්ට පල” බෝධිය යටට ගෙන ගොස් බුදුගුණ බලයෙන් මළවුන් සමඟ කතා කර ඇය පින් දී “මුදා හරින්නේ" දශක ගණනාවක සිටයි.

අහිංසාව ඇගේ ධර්මයයි. පොහොය දින ඇය සිල් සමාදන් වන බෞද්ධ මාතාවකි.

ඇගේ දෙවොල් විදේශ රටවල පවා ප්‍රකටය. මේ ඇගේ අල්ලයි. අල්ල මැදින් අත් කරේ සිට මැදැඟිල්ලට වැටෙන කර්මපල ශනි රේඛා ද්විත්වයකි. මෙහි අංක (10) වශයෙන් එය දිස්වේ.

එය අග ත්‍රිශූල ලක්ෂණයකි. ඉන්දියානු සාමුද්‍රිකා ඍෂි මතය අනුව මෙය ඊශ්වර රේඛාවයි. එය ඊශ්වර බලය ඇති අල්ලක් තුළ වැටේ.

ඇගේ අල්ලේ ජීවන රේඛාව (අංක 01) ද්විත්වයකි. එය අල්ලේ සැඟවුන ගුප්ත බලයයි. ඒ සමඟම කුජ මණ්ඩලය තුළින් විහිදුන කුජ රේඛාවයි. (අංක 2) කුජ රේඛාවේ චාරම ලක්ෂණය අත් කරේ විහිදේ. ඒ කතරගම දෙවියන්ගේ බලවත් ආකර්ෂණයයි. මනුෂ්‍යයාට වැලඳෙන්නා වූ රෝග කරවන භූතයින් කතරගම දෙවියන්ගේ අණසකට යටත් කර බුදුන් වැඩම කර අතීතයේ සිදුවීම් සිහිකර මුදාහරින්නේ මේ බලයෙනි.

යම් අල්ලක ප්‍රතිභාහන ආරක්ෂක රේඛාවක් ශනි රේඛාවට එක්වේද එය වේද ශාස්ත්‍රය තුළ එසේ හැඳින්වේ. එය මේ අල්ලේ දිස්වේ. (අංක 6) එය දෙවියන් අදහන බලය ඇති දේව ආරක්ෂක රේඛාවයි. එය මේ අල්ල තුළ දිස්වේ. යම් රෝගියෙකුට ගුප්ත ආකර්ෂණ විශ්ව ශක්තියකින් ඇයට පිළියම් කළ හැකිය.

ඇයගේ මහපට ඇඟිල්ල තුළ රේඛා ගණනකි. (අංක 3) එය කීර්මත් ගුප්ත ඥාන බල ශක්තින්ය.

ශනි මණ්ඩලය තුළ මැණික් ගලක ලක්ෂණ ලකුණක් වැටී ඇත. (අංක 15) මැදඟිල්ල යට චතුරශ්‍රය යම් අල්ලක වැටේද විදේශ රටවලින් ආධාර උපකාර ලබයි.

ඇගේ අල්ලේ ගුරු මණ්ඩලයේ වැටුණූ හරස් රේඛාව (අංක 14) එය වාසනා රේඛාව හෙවත් ජීවිතයේ ප්‍රගති රේඛාව ලෙස සැලකේ. ඇයට ජීවිතය ජය ගන්න විශාල ලොතරැයි වාසනාවක්ද පසුගිය කාලය තුළ හිමි විණි.

මේ අල්ල තුළ චන්ද්‍ර මණ්ඩලයේ පද්ම ලක්ෂණය ඇත. (අංක 10) මෙය හස්ත රේඛාවේ හැඳින්වෙන්නේ සරස්වතී යෝග ලකුණ ලෙසය. එය දුර්ලභ කීර්තිය හා වාසනාව ගෙනෙන ලකුණකි.

රවි මණ්ඩලයේ සිට චන්ද්‍ර මණ්ඩලය තෙක් විහිදුන (අංක 09) ඉන්ද්‍රචාපී රේඛාවකි. එය අල්ලේ වැටුණු විට උත්සාහයෙන්ම ජීවිතය ජය ගනී.

හැකියා දක්ෂතා පෙන්වන රවි මණ්ඩල යේ සිට සිකුරු මණ්ඩලයට ඇදුණ විශේෂ රේඛාවකි. (අංක 8) එය ජීවන රේඛාවට වැටී ඇත. එය කුඩා කාලයේම භාග්‍යය පවසයි. ජීවන රේඛාවෙන් ශනි මණ්ඩලයට ඇදුණ විශේෂිත රේඛාව (අංක 6) සම්පත් රේඛාව මේ අල්ල තුළ දිස්වේ.

භූමිගත දේපොළ හිමි ප්‍රභාශ්වර භූමි රේඛාව මෙහි ගුරු මණ්ඩලය තුළ දැක්වේ. (අංක 4)

 

හස්ත රේඛා පර්යේෂණ විද්‍යාඥ

මාතලේ  එච්.ඩබ්ලිව්. අභයපාල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.