වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
මාර්තු මාසයේ උපන් පෞද්ගලික අංක 4,5,6 හිමි ඔබ ගැනයි...
දෙසැම්බර් 15, 2023
මාර්තු මාසයේ 4, 13, 22, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 4 වන අතර එය යුරේනස් ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා රවි යුරේනස් ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ.
ඉතාම දුක්ඛිත ළමා කාලයක් උරුමකර ගනිමින් මෙම දිනවල පුද්ගලයන් උත්පත්තිය ලබයි. දෙමාපියන්ගෙ ආදරය අහිමිවීම අධ්‍යාපනය බිඳ වැටීම, ආනාරක්ෂිතවීම වැනි දුෂ්කරතාවලට බහුලව ඔවුන්ට මුහුණ දීමට සිදුවන කාරණාය. ප්‍රබල විවේචනයන්ට ලක්වීම නිරන්තරයෙන් සිදුවේ. පවුලේ නෑදෑ හිතවතුන් නිසා පීඩාවට පත්වේ. එසේම මෙදින උපන් අයවලුන් ගූප්ත ශාස්ත්‍ර හැදෑරීම අධ්‍යයනය කිරිම වැනි කාරණාවන් සම්බන්ධයෙන් විශේෂ කැමත්තක් දක්වයි. තවද ගුප්ත විද්‍යානුකූල අත්දැකිම් ජිවිත කාලය පුරාවට ග්‍රහණය කර ගන්නා අතර නමුත් ඒ සියලු දේම රහසක් වශයෙන් තබා ගැනීම මොවුන්ගේ සිරිතයි. හොඳ ඉවසීමේ ගූණයක් මොවුන් සතුය. මුදල් කටයුතුවලදි ප්‍රවේසම්කාරි ලෙස කටයුතු කිරිම දැකිය හැකිය. සියලු ආකාරයේ මුදල් ඔට්ටු තැබීම මොවුනට සාර්ථක වන්නේ නැත. ආර්ථිකය ආරක්ෂා කර ගැනීම සඳහා කිසිවෙකු විශ්වාස නොකළ යුතුය. එම ස්වභාවය ඔවුන් තුළ පවතින බැවින් ගැටලු ඇති නොවේ. බොහෝවිට ආර්ථිකය උරුමයක් ලෙස ලැබෙනු ඇත. පැරණි භාණ්ඩ එකතු කිරීමට කැමැත්තක් දක්වයි.
මොවුන් සෑම කටයුත්තක් සඳහාම 1 2 7 10 11 16 19 20 25 29 යන දිනයන් හෙවත් අංක 1 2 7 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනීමට උපකාරි වේ. රන්වන් පැහැය කහ තඹ රන් දුබුරු පැහැය සුබ වර්ණ වේ.
මාර්තු මාසයේ 5, 14, 23, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 5 වන අතර එය බුධ ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා බුධ ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ.
මෙම දිනවල උපන් අය ස්වභාවයන් දෙකක් යටතේ හඳුනා ගත හැකිය. සමහර විට පූර්ණ දුර්වලතාවයන්ට පත්වු සහ ඉතා සාර්ථක පුද්ගලයන් ලෙස හඳුනාගත හැකිය. මෙය තිරණය වන්නේ ඔවුන් ඔවුන්ගේ ශක්තිය වර්ධනය කර ගන්නා ආකාරය මතයි. මොවුන් ස්වකීය ශක්තිමත් පාර්ශ්වය දියුණු කරගෙන ඉදිරියට පැමිණෙන්නේ නම් සෑම දුර්වලකමක්ම මේ අය ඔවුන්ගේ වාසියට පවරාගනු ඇත. මුදල් සම්බන්ධ කටයුතුවලදි අවදානම් භාර ගැනීමේ ස්වභාවයක් මේ අය වෙත පවති. තවද සූදු සහ ඉක්මනින් මුදල් සෙවීමේ ක්‍රමවේද කෙරෙහි සොයා බලනු ඇත. නමුත් ආර්ථිකය ඉතා ප්‍රබල ලෙස දෝළනය වේ. පදිංචි නිවෙස නිතර නිතර වෙනස් වේ. සංචාරයන් සඳහා විශේෂ කැමැත්තක් මොවුන් තුළ පවති. විවිධ ප්‍රදේශ සහ ඒවායේ ඉතිහාසය පිළිබඳව ඉතා හොඳ දැනීමක් ඔවුන් සතුවේ. වසරේ මෙම කාලයේ උපන් අය ඉතා ඉහළ දක්ෂතාවලින් යුක්ත නමුත් ඔවුන් පොහොසතුන් ලෙස මිය යන්නේ නැත. විශාල ව්‍යාපෘතින් සඳහා මුදල් යෙදවීම දැකිය හැකිය. නමුත් පූර්ණ බලය තමා අතින් ගිලිහි ගිය හොත් ගැටලුවලට මුහුණපෑමට සිදුවේ. මෙම දිනවල උපන් අයට ස්නායු සම්බන්ධ රෝගාබාධ ඇතිවීමේ ප්‍රවණතාවයක් දැකිය හැකිය.
මෙම දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම අංක 5 දින එනම්, 5 14 23 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනිමට උපකාරි වේ. සියලුම ළා වර්ණ සුබ වර්ණ වේ.
මාර්තු මාසයේ 6, 15, 24, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 6 වන අතර එය සිකුරුට අයිති අංකයකි.එසේම උපත සිදුවුයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා ගුරු ග්‍රහයාගේ ද බලපෑමට යටත් වේ.
මෙම දිනවල පුද්ගලයන් ඉතාමත් හැඟීම්බර පුද්ගලයන් වන අතර අසරණ දුක්විදින සහ ආබාධිතයන් පිළිබඳ ව දැඩි කැරණාවක් ආදරයක් දක්වනු ඇත. එසේම විශේෂයෙන් එවැනි පුද්ගලයන්ට උදව් උපකාර කිරිම මොවුන් අතින් සිදුවේ. බොහෝ යහලුවන් පිරිසක් මොවුන් වටා රොක්වන අතර සමාජශීලි භාවය ඉහළින්ම දැකිය හැකිය. කලා කටයුතුවලට විශේෂ හැකියාවක් දක්වන අතර හොටෙල් කේටරින් සේවාවන් සහ ආහාර සැපයීම සම්බන්ධ සියලු ම අවස්ථාවලට මොවුහු රුචි වෙති.ආදරය සම්බන්ධ කටයුතුවලදි ගැටලු මතුවේ.ප්‍රේම සම්බන්ධතා කිහිපයක් ඇතිවිය හැකිය. එසේම එක් විවාහයකට වඩා සිදුවිය හැකිය. බලාපොරොත්තු නොවන ධනලාභ ලැබීමේ වසනා ගුණයක් උත්පත්තියෙන්ම මොවුන්ට උරුමය. ජීවිතයේ ආරම්භයේ සිටම හොඳ සෞඛ්‍ය තත්වයක් පවතින නමුත් සුඛෝපභෝගි ජිවිතය නිසා සෞඛ්‍ය අවධානමකට ලක්වේ. මෙහිදි ක්‍රමයෙන් කොලොස්ටරෝල් ඉහළයාම අධික රුධිර පීඩනය සහ හෘද්‍යාබාධ වලටත් තුඩු දෙනු ඇත.
මෙම දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම අංක 6 දින එනම් 6 15 24 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනීමට උපකාරි වේ. වයලට්, දම් සුබ වර්ණ වේ.
සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,
හස්ත රේඛා පරික්ෂක,
හස්ත රේඛා පරික්ෂක,
මාතලේ නාඋල
බී. ඒ. ජයවර්ධන
෴ සබැඳි ලිපි ෴
උපත1947 වසරේ ජනවාරි 08 වැනිදා උපත ලද යසපාල දික්මාදුගොඩ මහතා මූලික අධ්‍යාපනය සඳහා මව්පියන් ඇතුළත් කරන්නේ තෙලිජ්ජවිල රාජකීය කනිෂ්ඨ විද්‍යාලයටය. මූලික...
2023-12-14 18:30:00
පසුගිය සතියේ අත් වර්ගයක් කිහිපයක් ගැන සාකච්ජා කරන ලද අතර අනෙකුත් අත් වර්ගයන් ගැන අප අද කතා කරමුදාර්ශනික අත්ලක් හඳුනා ගැනීම ඉතාම පහසුය. එවැනි අත්ලක...
2023-12-14 18:30:00
දෙසැම්බර් 15 සිකුරාදා සිට දෙසැම්බර් 21 වන බ්‍රහස්පතින්දා දක්වා වූ සතිය තුළ දී උපදින දු පුතුන් හට සුබ නාමාක්ෂර පහත පරිදි ගළපා නම් තබන්න. 15...
2023-12-14 18:30:00
මාර්තු මාසයේ 4, 13, 22, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 4 වන අතර එය යුරේනස් ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ මාර්තු මාසයේ නිසා...
2023-12-14 18:30:00
අද අපි කතා බහ කිරීමට අදහස් කරනුයේ චන්ද්‍රයා හෙවත් සඳු ගැනයි. සඳු සිතට බලපාන ග්‍රහයෙකි. පැය හැටකට වරක් වෙනස් වෙමින් භ්‍රමණය වන සඳු සුබ වාදිවේ. ඡ්...
2023-12-14 18:30:00
දරුවන් යහමඟට යොමු කිරීමේදී පළමුව මවුපියන් දරුවන්ට ආදර්ශමත් විය යුතුය. මෙහිදී පියාට වඩා වැඩි වගකීමක් මවක තුළ තිබිය යුතුය. එසේ නම් මවගේ ගතිගුණ...
2023-12-07 18:30:00
ජන්ම වේලාව ප්‍රතිශෝධනය කිරීම සඳහා පාලක ග්‍රහයන් යොදාගැනීම ඉතා පහසු, එහෙත් නිවැරදි ක්රමවේදයකි.පාලක ග්‍රහයන් ඕනෑම මොහොතක ක්‍රියාත්මක වෙයි. ජන්ම...
2023-12-07 18:30:00
ඡ්‍යොතිෂය කියන්නෙ ඔබ හිතනවාට වඩා ගොඩක් සුන්දර දේවල් දැනගන්න පුළුවන් විෂයයක්. ඒකනේ මම හැමදාම කියන්නෙ ඡ්‍යොතිෂය විෂය නිකමට වගේ හොඳ ගුරුවරයෙක්...
2023-12-07 18:30:00
ලබන දෙසැම්බර් 16 වැනිදා සිට 22 දක්වා හිරු අභ්‍යන්තරයේ සූර්ය කුණාටුවක් ඇති වන බවත් එහිදී නිකුත් වන දුහුවිලි හා අභ්‍යවකාශ අපද්‍රව්‍ය හේතුවෙන් පෘථිවියට...
2023-11-30 18:30:00
නෛසර්ගික ශුභයෙක් වන සිකුරු ග්‍රහයා සෑම ලග්නයකටම ශුභව පිහිටි විට ශුභ ඵල ගෙන දෙන ග්‍රහයෙක් වන්නේය. මෙකී සිකුරු නොවැම්බර් මස 30 වෙනි බ්...
2023-11-23 18:30:00
සෑම කටයුත්තක් ආරම්භ කරන අවස්ථාවේදී මතුවන පාලක ග්‍රහයන් එම කාර්ය අවසන්වන විටදීද ක්‍රියාත්මකවන බව ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය අනුව පෙන්වයි. එසේම ඒ අතරතුර...
2023-11-23 18:30:00
පෙබරවාරි මාසයේ 7, 16, 25 දිනයන්හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 7 වන අතර මොවුන්ගෙන් 7, 16 දිනවල උපන් අය නෙප්චුන්, සඳු සහ මාසයේ බලයෙන් ශනි යන ග්...
2023-11-23 18:30:00
පියසේන නිස්සංක පත්තර මහ ඇදුරුතුමා අදින් වසර 54කට පමණ පෙර දිනෙක සුබසෙත පත්‍රය අරඹන ලදි. එදා 25 හැවිරිදි තරුණයකු අද වන විට දෙගොඩහරි වියද ඉක්මවූ තලතුනා...
2023-11-23 18:30:00
වර්තමානයේ අප රටේ ආර්ථික හා සාමාජීය වශයෙන් කඩාවැටීමකට ලක්ව ඇත. මෙයට හේතු භූත වන ඡ්‍යොතිෂ කරුණු පිළිබඳ කතිකාවක් ගොඩ නැඟී නැති සේය. ඒ අනුව ඇත්ත වශයෙන්ම...
2023-11-16 18:30:00
ලොව උතුම්ම සම්පත වන්නේ දරුවන්ය. විවාහයේ අග්‍රඵලයද දාරක සම්පතයි. ඉතා බලවත් පංච මහා සම්පත්තියෙන්ම අනූන වූ දරුවකු මෙලොවට බිහි කළ යුත්තේ අඹු සැමි...
2023-11-16 18:30:00
මේ මෑතක දවස එක්තරා මහත්මයෙක් ඇවිත් නැකතක් ඉල්ලා සිටියා. ඔහුගේ කේන්දරය ඉදිරිපත් කරමින් තවත් කුලුපගව කතා කරමින් ඉන්න කොට එයාම කිව්වා, ‘කේන්දරයක්...
2023-11-09 18:30:00