බබාගේ නමට අකුරු

දෙසැම්බර් 15, 2023
දෙසැම්බර් 15 සිකුරාදා සිට දෙසැම්බර් 21 වන බ්‍රහස්පතින්දා දක්වා වූ සතිය තුළ දී උපදින දු පුතුන් හට සුබ නාමාක්ෂර පහත පරිදි ගළපා නම් තබන්න.
 
15 කිවිදා
මෙදින උදේ 08.11 දක්වා පුවසල නැකත උදා වී පවතින නිසා බු, ධ අකුරුත් ඉන්පසුව උදා වන උත්‍රසල නැකතට හිමි වන බෙ, බො, ජ, ජි අකුරුත් දිනයට සුබවන ච, ඡ, ජ අක්ෂරත් ගළපා නම් තබන්න. 
 
16 ශනිදා
මෙදින උදේ 06.26 දක්වා උත්‍රසල නැකත යෙදී පවතින නිසා බෙ, බො, ජ, ජි අකුරුත් ඉන්පසුව උදා වන සුවණ නැකතට හිමි වන ජු, ජෙ, ජො, ෂ අකුරුත් දිනයට සුබ වන ප, බ, භ, ම අක්ෂරත් ගළපා නම් තබන්න.
 
17 රිවිදා
මෙදින අලුයම 04.38 දක්වා සුවණ නැකත උදා වී පවතින නිසා ජු, ජෙ, ජො, ෂ අකුරුත් ඉන්පසුව උදා වන දෙනට නැකතට හිමි වන ග, ගි, ගු, ගෙ අකුරුත් දිනයට සුබ අ, ආ, ඉ, ඊ, උ, ඌ, එ, ඒ, ඔ, ඕ අකුරුත් ගළපා නම් තැබීම සුබයි. 
 
18 සඳුදා
මෙදින අලුයම 02.56 දක්වා දෙනට නැකත ලබා පවතින නිසා ග, ගි, ගු, ගෙ අකුරු හා ඉන්පසුව එළඹෙන සියාවස නැකතට හිමි වන ගො, ස, සි, සු අකුරුත් දිනයට සුබවන ය, ර, ල, ව, ස, හ, ශ, ෂ අක්ෂරත් ගළපා නම් තබන්න. 
 
19 කුජදා
මෙදින අලුයම 01.24 දක්වා ලබා පවතින්නේ සියාවස නැකත බැවින් නම් තැබීමට ගො, ස, සි, සු අකුරු හා ඉන්පසුව උදා වන පුවපුටුප නැකතට හිමි වන සෙ, සො, ද, දි අකුරුත් දිනයට සුබ වන ක, ඛ, ග, ඩ අක්ෂරත් ගළපා නම් තබන්න. 
 
20 බුධදා
මෙදින අලුයම 12.05 තෙක් ලබා පවතින පුවපුටුප නැකතට හිමි වන සෙ, සො, ද, දි අකුරු හා එතැන් පටන් රාත්‍රී 11.01 තෙක් උදා වන උත්‍රපුටුප නැකතට හිමි වන දු, ථ, අකුරුත් ඉන්පසුව උදාවන රේවතී නැකතට හිමි වන දෙ, දො, ච, චි අකුරු හා දිනයට සුබ වන ට, ඩ, ණ අක්ෂර ගළපා නම් තබන්න. 
 
21 ගුරුදා
මෙදින රාත්‍රී 10.12 දක්වා ලබා පවතින රේවතී නැකතට හිමි දෙ, දො, ච, චි අකුරු හා ඉන්පසුව උදා වන අස්විද නැකතට හිමි වන චු, චෙ, චො, ල අකුරුත් දිනයට සුබවන ත, ද, ධ, න අක්ෂරත් ගළපා නම් තබන්න. 
 
ග්‍රහ දෘෂ්ටි
16 ශනිදා 
උදේ 09.23 ච, ගු, චතු 
රාත්‍රී 11.04 ච, ශු, චතු 
 
17 රිවිදා 
අලුයම 02.24 ච, කු, ෂඩ් 
සවස 05.35 ර, ච, ෂඩ් 
අලුයම 05.03 ච, ශ, සං 
 
18 සඳුදා 
දහවල් 11.21 ච, ගු, ෂඩ් 
දහවල් 11.52 ච, බු, ෂඩ් 
රාත්‍රී 07.59 බු, ගු, ත්‍රි 
 
19 කුජදා 
උදේ 06.01 ච, ශු, ත්‍රි 
උදේ 07.29 ච, කු, චතු 
 
20 බුධදා 
රාත්‍රී 12.10 ර, ච, චතු 
දහවල් 11.13 ච, බු, චතු 
 
21 ගුරුදා 
දහවල් 01.54 ච, කු, ත්‍රි 
සවස 06.05 බු, ශ, ෂඩ් 
 
සුබ දවස්
15දා උදේ 10.17 දක්වා සුබයි. 
21දා උදේ 09.40 සිට දහවල් 01.30 දක්වා සුබයි. 
 
15 ශු උදේ 10.37 - 12.06 රාත්‍රී 10.33 - 12.06 
16 ශ උදේ 09.09 - 10.38 රාත්‍රී 09.01 - 10.34 
17 ර සවස 04.30 - 05.58 අලුයම 04.42 - 06.15 
18 ච උදේ 07.42 - 09.11 රාත්‍රී 07.30 - 09.03 
19 කු සවස 03.03 - 04.31 අලුයම 03.11 - 04.44 
20 බු දහවල් 12.07 - 01.35 රාත්‍රී 12.08 - 01.40 
21 ගු දහවල් 01.36 - 03.04 අලුයම 01.40 - 03.13 
 
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.