වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
මාර්තු මාසයේ උපන් පෞද්ගලික අංක 4,5,6 හිමි ඔබ ගැනයි...
දෙසැම්බර් 15, 2023
මාර්තු මාසයේ 4, 13, 22, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 4 වන අතර එය යුරේනස් ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා රවි යුරේනස් ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ.
ඉතාම දුක්ඛිත ළමා කාලයක් උරුමකර ගනිමින් මෙම දිනවල පුද්ගලයන් උත්පත්තිය ලබයි. දෙමාපියන්ගෙ ආදරය අහිමිවීම අධ්‍යාපනය බිඳ වැටීම, ආනාරක්ෂිතවීම වැනි දුෂ්කරතාවලට බහුලව ඔවුන්ට මුහුණ දීමට සිදුවන කාරණාය. ප්‍රබල විවේචනයන්ට ලක්වීම නිරන්තරයෙන් සිදුවේ. පවුලේ නෑදෑ හිතවතුන් නිසා පීඩාවට පත්වේ. එසේම මෙදින උපන් අයවලුන් ගූප්ත ශාස්ත්‍ර හැදෑරීම අධ්‍යයනය කිරිම වැනි කාරණාවන් සම්බන්ධයෙන් විශේෂ කැමත්තක් දක්වයි. තවද ගුප්ත විද්‍යානුකූල අත්දැකිම් ජිවිත කාලය පුරාවට ග්‍රහණය කර ගන්නා අතර නමුත් ඒ සියලු දේම රහසක් වශයෙන් තබා ගැනීම මොවුන්ගේ සිරිතයි. හොඳ ඉවසීමේ ගූණයක් මොවුන් සතුය. මුදල් කටයුතුවලදි ප්‍රවේසම්කාරි ලෙස කටයුතු කිරිම දැකිය හැකිය. සියලු ආකාරයේ මුදල් ඔට්ටු තැබීම මොවුනට සාර්ථක වන්නේ නැත. ආර්ථිකය ආරක්ෂා කර ගැනීම සඳහා කිසිවෙකු විශ්වාස නොකළ යුතුය. එම ස්වභාවය ඔවුන් තුළ පවතින බැවින් ගැටලු ඇති නොවේ. බොහෝවිට ආර්ථිකය උරුමයක් ලෙස ලැබෙනු ඇත. පැරණි භාණ්ඩ එකතු කිරීමට කැමැත්තක් දක්වයි.
මොවුන් සෑම කටයුත්තක් සඳහාම 1 2 7 10 11 16 19 20 25 29 යන දිනයන් හෙවත් අංක 1 2 7 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනීමට උපකාරි වේ. රන්වන් පැහැය කහ තඹ රන් දුබුරු පැහැය සුබ වර්ණ වේ.
මාර්තු මාසයේ 5, 14, 23, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 5 වන අතර එය බුධ ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා බුධ ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ.
මෙම දිනවල උපන් අය ස්වභාවයන් දෙකක් යටතේ හඳුනා ගත හැකිය. සමහර විට පූර්ණ දුර්වලතාවයන්ට පත්වු සහ ඉතා සාර්ථක පුද්ගලයන් ලෙස හඳුනාගත හැකිය. මෙය තිරණය වන්නේ ඔවුන් ඔවුන්ගේ ශක්තිය වර්ධනය කර ගන්නා ආකාරය මතයි. මොවුන් ස්වකීය ශක්තිමත් පාර්ශ්වය දියුණු කරගෙන ඉදිරියට පැමිණෙන්නේ නම් සෑම දුර්වලකමක්ම මේ අය ඔවුන්ගේ වාසියට පවරාගනු ඇත. මුදල් සම්බන්ධ කටයුතුවලදි අවදානම් භාර ගැනීමේ ස්වභාවයක් මේ අය වෙත පවති. තවද සූදු සහ ඉක්මනින් මුදල් සෙවීමේ ක්‍රමවේද කෙරෙහි සොයා බලනු ඇත. නමුත් ආර්ථිකය ඉතා ප්‍රබල ලෙස දෝළනය වේ. පදිංචි නිවෙස නිතර නිතර වෙනස් වේ. සංචාරයන් සඳහා විශේෂ කැමැත්තක් මොවුන් තුළ පවති. විවිධ ප්‍රදේශ සහ ඒවායේ ඉතිහාසය පිළිබඳව ඉතා හොඳ දැනීමක් ඔවුන් සතුවේ. වසරේ මෙම කාලයේ උපන් අය ඉතා ඉහළ දක්ෂතාවලින් යුක්ත නමුත් ඔවුන් පොහොසතුන් ලෙස මිය යන්නේ නැත. විශාල ව්‍යාපෘතින් සඳහා මුදල් යෙදවීම දැකිය හැකිය. නමුත් පූර්ණ බලය තමා අතින් ගිලිහි ගිය හොත් ගැටලුවලට මුහුණපෑමට සිදුවේ. මෙම දිනවල උපන් අයට ස්නායු සම්බන්ධ රෝගාබාධ ඇතිවීමේ ප්‍රවණතාවයක් දැකිය හැකිය.
මෙම දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම අංක 5 දින එනම්, 5 14 23 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනිමට උපකාරි වේ. සියලුම ළා වර්ණ සුබ වර්ණ වේ.
මාර්තු මාසයේ 6, 15, 24, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 6 වන අතර එය සිකුරුට අයිති අංකයකි.එසේම උපත සිදුවුයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා ගුරු ග්‍රහයාගේ ද බලපෑමට යටත් වේ.
මෙම දිනවල පුද්ගලයන් ඉතාමත් හැඟීම්බර පුද්ගලයන් වන අතර අසරණ දුක්විදින සහ ආබාධිතයන් පිළිබඳ ව දැඩි කැරණාවක් ආදරයක් දක්වනු ඇත. එසේම විශේෂයෙන් එවැනි පුද්ගලයන්ට උදව් උපකාර කිරිම මොවුන් අතින් සිදුවේ. බොහෝ යහලුවන් පිරිසක් මොවුන් වටා රොක්වන අතර සමාජශීලි භාවය ඉහළින්ම දැකිය හැකිය. කලා කටයුතුවලට විශේෂ හැකියාවක් දක්වන අතර හොටෙල් කේටරින් සේවාවන් සහ ආහාර සැපයීම සම්බන්ධ සියලු ම අවස්ථාවලට මොවුහු රුචි වෙති.ආදරය සම්බන්ධ කටයුතුවලදි ගැටලු මතුවේ.ප්‍රේම සම්බන්ධතා කිහිපයක් ඇතිවිය හැකිය. එසේම එක් විවාහයකට වඩා සිදුවිය හැකිය. බලාපොරොත්තු නොවන ධනලාභ ලැබීමේ වසනා ගුණයක් උත්පත්තියෙන්ම මොවුන්ට උරුමය. ජීවිතයේ ආරම්භයේ සිටම හොඳ සෞඛ්‍ය තත්වයක් පවතින නමුත් සුඛෝපභෝගි ජිවිතය නිසා සෞඛ්‍ය අවධානමකට ලක්වේ. මෙහිදි ක්‍රමයෙන් කොලොස්ටරෝල් ඉහළයාම අධික රුධිර පීඩනය සහ හෘද්‍යාබාධ වලටත් තුඩු දෙනු ඇත.
මෙම දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම අංක 6 දින එනම් 6 15 24 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනීමට උපකාරි වේ. වයලට්, දම් සුබ වර්ණ වේ.
සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,
හස්ත රේඛා පරික්ෂක,
හස්ත රේඛා පරික්ෂක,
මාතලේ නාඋල
බී. ඒ. ජයවර්ධන
෴ සබැඳි ලිපි ෴
ඡ්‍යොතිෂ්‍ය ශාස්ත්රයාණුකූලව බලනවිට සෑම මොහොතක්ම ග්‍රහයන් සමූහයගේ පාලනයට යටත් වෙයි. ජන්ම පත්‍රයක හෝ තත්කාල කේන්ද්‍රයක යම්කිසි කාරණයක් සම්බන්ධයෙන්...
2023-11-09 18:30:00
එදා සාමාන්‍ය මිනිසුන් සහ ඡ්‍යොතිර්වේදීහු ‘මරු’ ගැන වඩ වඩා අවධානය දුන් බව පෙනුනත් අද ක්‍රම ක්‍රමයෙන් ඒවා නොසලකා හරින තත්ත්වයට පත්ව ඇත. “පිටරට...
2023-11-09 18:30:00
ශකවර්ෂ 1945 ක් වූ තුලා රවි 24 භාග වප් අව දොළොස්වක තිථිය ලත් කිවි දින සිට එම රවි 30 භාග ඉල් පුර තියවක තිථිය ලත් ගුරු දින දක්වායි. ග්‍රහයෝ සහ රාශි...
2023-11-09 18:30:00
වසර 1869 අගෝස්තු මස 24 වැනි දා බලංගොඩ කිරිඳිගල කුඩා ගම්මානයට විශේෂ වූ දිනයක් විය. එහි දිවි ගෙවූ මද්දුමහාමි හෙවත් නාරංගොඩ ආරච්චිගේ මෙතියස්...
2023-11-02 18:30:00
සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහ තාරකා අතර රාහු සහ කේතු දෙදෙනාම තාරකා නොවේ. පෘථිවිය අංශක 23 1/2 ක් ඇල වී ගමන් කරන්නාක් මෙන්ම සඳු හෙවත් චන්ද්‍රයාද අංශක...
2023-11-02 18:30:00
සාමාන්‍යයෙන් කේන්දරයක හත්වැනි කොටුව (7) විවාහය නියෝජනය කරයි. එහි කුජ හෙවත් අඟහරු ග්‍රහයා තැන්පත් වීමෙන් විවාහ දිවියේ ගැටලු පැනනැගීමට ද හැකියාවක් ඇත....
2023-11-02 18:30:00
ජලය සම්පතකි. ඒ ජලය අපට ලබාදෙන ප්‍රධාන මූලාශ්‍රය ළිඳයි. ගසට පොත්ත මෙන් ළිඳ මිනිසා සමඟ බද්ධ වී තිබේ. පුරාතනයේ සිට මිනිසා තම විවිධ අවශ්‍යතා මත විවිධ ළිං...
2023-10-26 18:30:00
ජ්‍යාමිතික ගණිතයේ කෝණ ගැන උගන්වනවා. එනම් සරල කෝණ, ඍජු කෝණ, මහා කෝණ පරාවර්තන කෝණ කියලා. ඡ්‍යොතිෂයේ කෝණ කියල හඳුන්වන්නෙ මෙහෙම එකක් නොවුවත් මීට සමාන ප්...
2023-10-26 18:30:00
දෙසැම්බර් මස 25 සහ ජනවාරි මාසයේ 7, 16 25 දිනයන්හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 7 වන අතර, මොවුන් නැප්චූන්, සඳු සහ මාසයේ බලයෙන් ශනි යන ග්‍රහයන්ගේ...
2023-10-26 18:30:00
ඡ්‍යොතිෂවේදියෙක් ජන්මියකුගේ කේන්දරයක් පරික්ෂා කොට ඔහුගේ ඉදිරි කාලපරිච්ඡේදය ගත වන්නේ මෙලෙස යැයි කරුණු විග්රහ කිරීමට, ජන්මියා ලබා ඇති දශාවත් ඉදිරියට...
2023-10-19 18:30:00
දෙසැම්බර් 31 සහ ජනවාරි මාසයේ 4, 13, 22 දිනයන්හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 4 වන අතර මොවුන් යුරේනස් රවි සහ මාසයේ බලයෙන් ශනි යන ග්‍රහයන්ගේ කම්පනයන්ට...
2023-10-19 18:30:00
ජන්ම පත්‍රයක 1 වැනි භාවයේ සිට එකතුකරගෙන ආ දේවල් එනම්, 11 වැනි භාවය දක්වා ලැබීම හෙවත් අයස්ථානයේ ඇති දේවල් සියල්ල 12 වැනි භාවය මගින් ඉවත් කරයි. ඒ නිසා...
2023-10-12 18:30:00
යම් කිසි පුද්ගලයකුගේ මනස පිළිබඳ පැහැදිලි අවබෝධයක් මහපට ඇඟිල්ල පරික්ෂා කිරීමෙන් ඉතා පහසුවෙන් දැනගත හැකිය. මහපට ඇඟිල්ලේ ප්‍රමාණය එහි හැඩය හා ඒ මත විද්...
2023-10-12 18:30:00
මේෂදරුවකු පිළිබඳ සතුටක් සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරන සතියක් වන අතර, මේ සතිය ඔබට මිශ්‍රඵලදායක බවක් පෙන්නුම් කරයි. සඳු ග්‍රහයාගේ ගමන 6, 7, 8...
2023-10-12 18:30:00
අප සමාජයෙහි ජීවත් වන ජනතාවගෙන් බහුතරයක් ලෞකික ජීවිතයක් ගත කිරීමට පි‍්‍රය අයවලුන් වෙති. සුළු පිරිසක් ලෞකික ජීවිතයේ නීරස බව අවබෝධ වීම නිසා පැවිදි...
2023-10-12 18:30:00
පාරිසරයේ හානිකර ස්වභාවය දැඩි වන ලකුණුසහජීවනය අගයන ප්‍රජාවක් බිහිවෙයි ඔක්තෝබර් 19 ගුරු දින අළුයම 01.17ට බුධ ග්‍රහයා සිකුරු හිමි තුලා රාශියට සංක්...
2023-10-05 18:30:00