හිමියනි සඳු සිකුරු යෝගය අද රෑටයි !

දෙසැම්බර් 15, 2023

අද අපි කතා බහ කිරීමට අදහස් කරනුයේ චන්ද්‍රයා හෙවත් සඳු ගැනයි. සඳු සිතට බලපාන ග්‍රහයෙකි. පැය හැටකට වරක් වෙනස් වෙමින් භ්‍රමණය වන සඳු සුබ වාදිවේ. ඡ්‍යොතිෂ විද්‍යාවේදී සඳුට මුල් තැනක් හිමිවන අතරම පුද්ගලයෙකුගේ මානසික හැසිරීම් රටාවේ සෞන්දර්යමත් පැතිකඩක් නිතැනින්ම නිර්මාණය වේ.

සඳු කේන්ද්‍රයේ දුර්වල වූ විට යම් යම් අසුබ ගති ලක්ෂණ පහල වේ. ලග්නයේ සිටීමෙන් දැකුම් කළු මුහුණක් හිමිවේ. හතර වැන්නේ සිටි විට පිරිපුන් පපු පෙදෙසක් හිමිවේ. හතර වැන්නේ යුග දිවිය රසවත් බවට පත් වේ. තවත් සුබදායක අතිශයින්ම සෞන්දර්යාත්මක ග්‍රහයෙක් වන්නේ ශ්‍රක්‍ර හෙවත් සිකුරුය. කලාවට අධිපතිත්වය දරයි. නාට්‍ය චිත්‍ර සංගීතය මෙන් සියලුම මාධ්‍යයන්ට අධිපතිත්වය දරයි. විශේෂයෙන්ම පුවත්පත් කලාවේදීන්ගේ කේන්ද්‍රවල ශුක්‍ර බලවත්ව සිටින බව පැහැදිලිය.

සඳු ශුක්‍ර යෝගය සෑම මසකට වරක් යෙදේ. මේ යෝගය බලවත් ආකාරයට යෙදීම නිසා ලෞකික සැප සම්පත් ජන්මියාට හිමි වේ. සඳු සිකුරු යෝගය පිළිබඳව බෞද්ධ සාහිත්‍යයෙහි රසාලිප්ත පැදි වැලක් ගොතා තිබේ. එහි සැරයුත් හිමියන්ගේ දේහ රූප විලාසයට වශී වුණ ‘උත්පලවන්නා’ මී අඹ උයනේ වැඩ සිටි සැරියුත් හිමියන්ට ඉඳුණ මී අඹයකින් ගසන ලදී. සැරියුත් හිමියන් සිය මුව විවර නොකළ සේක.

නෙත් යුග තාම රස නොම හඳුනන පාටයි 
නිදිමත ගතිය එහි නිළඳුන් නැතුවාටයි 
මාසතු අඳුන් ඉඳුලද නවවක දාටයි 
හිමියනි සිකුරු සඳු යෝගය අද රෑටයි

උත්පලවන්නා ගෙන් සැරියුත් හිමියන්ට කී කවි පණිවුඩයට පිළිතුරක් නැත. නිහඬව වැඩ සිටි සේක.

ඇය මුගලන් හිමියන්ට නැවත කවියෙන් ඇමතීය.

වැරදී දමා ගැසූ මී අඹ ගෙඩිය නිසා 
නොසතුටු සිතින් සිටි නුඹ මුව මඬල

වසා” යැයි පැවසුවාය.

සැරියුත් හිමියන් ඇගේ මනස තේරුම් ගෙන නැගණිය ඔබ අද සවස් කාලයේ අඳුර වැටී ගෙන එන වේලාවේ දී මේ මී අඹ උයනට එන්න මාත් එන්නම් යැයි වදාළසේක.

උත්පලවන්නාගේ හිසේ මලක් පිපුණාක් වැනිය. නියමිත වේලාවට උත්පලවන්නා එනවිට දක්නට ලැබුණේ ඇට සැකිල්ලකි.

ඇය තුන්සිත පහදාගෙන පසුව තෙරීණියක් වූවාය.

මේ සඳු සිකුරු යෝගයේ අන්තර්ගතයය.

දැන් අපි බලමු ග්‍රහ හැසිරීම ගැන කේන්ද්‍රවල ත්‍රිකෝණ තැන්වල ශුභ ග්‍රහ පෙනීම් සහිතව උච්චව සඳු සිකුරු යෙදීම බොහෝ සුබ ඵලගෙන දේවි.

විවාහයේ වින්දනයට බලපෑම් කෙරේ. සතුරුව නීචව සිටීම ඉතාම අසුබයි. අධික කාම යෝගයක් ද නිර්මාණය වේ.

මේ සඳු + ශ්‍රක්‍ර යෝගය කාන්තාවකට පිහිටීමෙන් ඇය නරක වී ඇත්තම් ඇය හුදෙක්ම සල්ලාල දිවියට පාතබයි. ඇයගේ රූසපුව පියයුරු සහිතව ඉන්ද්‍රීියන්ගේ හැඩතල නිසා පුරුෂයින්ගේ සිත් මන්මත් වේ. යුග දිවිය ද අවුල් කර ගන්නීය. දෙපක්ෂයම අනාචාරයට පත්විය හැකිය. ශාරීරික වින්දයේ අඩු වැඩි කම යුග දිවියකට හානිකර වන අතර නිසි කායික වින්දනය හීනවීම නිසා ද යුග දිවිය කඩා වැටේ.

බුධ ගේ පෙනීමක් ලද ශුක්‍ර කුජ සමඟ ශෘංගාරය දනවන කවි ගීත ලිවීමට දක්ෂ වේ. කුජ සිකුරු මේෂ, වෘෂභ, තුලා, වෘශ්චික ලග්නවලටත් මකර, කන්‍යා, කටක රාශිවලට හැර වෙන යම් රැසක තම් සමාජයට හොඳ මුහුණක් පෙන්වමින් රහසේ තෙවැනි ශික්ෂාපාදය කඩයි. කුජ ශුක්‍ර කන්‍යා ලග්නයේ වේ නම් කාන්තා සිරුර ගැන උම්මත්තකයෙක් ලෙස ක්‍රියා කරයි. සිරුරින් දුබල විය හැක.

බුධ කන්‍යා හෝ මිථුන රාශියක සිට රවීට පැති දෙකේ සිටීමෙන් ශෘංගාරාත්මක පත පොත ලිවීමට දක්ෂ වේ.

ගුරු ශුක්‍ර යෝගය නිසා දුරාචාරයේ යෙදුණත් ක්‍රමවත්ය. රහස්‍ය බව රැක ගනී.

කුජ ශුක්‍ර මේෂ, වෘෂභ, තුලා, වෘශ්චික, මකර, කන්‍යා, කටක රාශිවල පිහිටීම හරහා අකටයුතුකම්වල නියැලීම අඩුයි. දේපළ සම්බන්ධවද බලපෑම් අති විශාලයි.

කෙසේ වෙතත් කුජ ශුක්‍ර 01 හෝ 07 සම්බන්ධ වූ විට යුග දිවිය තුළ කුකුසක් ඇතිවේ.

මෙම යෝගය යෙදී තිබෙන විටදී කායික හා මානසික හැසිරීම් රටාව ධනාත්මක පැත්තෙන් ක්‍රියා කිරීම මැනවි, අන් සියල්ලටම වඩා සිත ප්‍රධාන වන නිසා තෙවැනි ඇසින් විචාරබුද්ධියෙන් මනස මෙහෙය වන්නේ නම් ජීවිතය අවුල් නොකර ගෙන ඉදිරියට යාමට හැකිවේ.

ඡ්‍යොතිෂවේදී දේශබන්ධු ටී.හෙන්රි බෙම්මුල්ල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.