ඔබ උපන් වේලාව නිවැරැදිද?

දෙසැම්බර් 8, 2023

ජන්ම වේලාව ප්‍රතිශෝධනය කිරීම සඳහා පාලක ග්‍රහයන් යොදාගැනීම ඉතා පහසු, එහෙත් නිවැරදි ක්‍රමවේදයකි.

පාලක ග්‍රහයන් ඕනෑම මොහොතක ක්‍රියාත්මක වෙයි. ජන්ම අවස්ථාවේ මතුවූ පාලක ග්‍රහයන්, ඔහුගේ ජන්ම පත්‍රය විමර්ශනය කරන අවස්ථාවලදීද ක්‍රියාත්මක වෙයි. ඒ නිසා එම අවස්ථාවේදී මතුවන පාලක ග්‍රහයන් ලග්න ස්ඵූටය සමඟ එකඟවන්නේ දැයි බලන්න. එසේවුවහොත් ජන්ම වේලාව නිවැරැදිය.

ක්‍රිස්තු වර්ෂ 2021 ඔක්තෝබර් මාසයේ 31 වැනි රවි දින පෙරවරු 05.00 ට සකස්කළ ජන්ම පත්‍රය මෙසේය. මේ ජන්ම පත්‍රයේ ලග්න ස්ඵූටය සහ සඳුගේ ස්ඵූටයද ඒවා පාලනය කරන ග්‍රහයන්ද මෙසේ වෙති. ක්‍රිස්තු වර්ෂ 2023 නොවැම්බර් මාසයේ 19 වැනි රවි දින පෙරවරු 07.37.35 ට මතුවූ පාලක ග්‍රහයන් 7 දෙනා මෙසේ වෙති.

1. දිනය අධිපති ග්‍රහයා රවි,

2. සඳූ ග්‍රහයා සිටි රාශිය අධිපති ග්‍රහයා ශනි

3 සඳූ ග්‍රහයා සිටි නක්‍ෂත්‍රය අධිපති ග්‍රහයා සඳු

4. සඳූ ග්‍රහයා සිටි උපස්ථානය අධිපති ග්‍රහයා ගුරු

5. ලග්නය අධිපති ග්‍රහයා කුජ

6. ලග්නයේ නක්‍ෂත්‍රය අධිපති ග්‍රහයා බුධ සහ

7. ලග්නයේ උපස්ථානය අධිපති ග්‍රහයා රාහු

මේ පාලක ග්‍රහයන් අතුරෙන් ලග්නයේ නක්‍ෂත්‍රය අධිපති බුධ ග්‍රහයා ජන්ම පත්‍රයේ ලග්න රාශිය අධිපති ග්‍රහයා වෙයි. පාලක ග්‍රහයන්ගේ ලග්නය අධිපති කුජ, ග්‍රහයා ජන්ම පත්‍රයේ ලග්නයේ නක්‍ෂත්‍රය අධිපති ග්‍රහයා වෙයි. පාලක ග්‍රහයන්ගේ සඳු ග්‍රහයා සිටි රාශිය අධිපති ශනි, ග්‍රහයා ජන්ම පත්‍රයේ ලග්නයේ උපස්ථානය අධිපති ග්‍රහයා වෙයි.

තවද පාලක ග්‍රහයන්ගේ දිනය අධිපති රවි, ග්‍රහයා ජන්ම පත්‍රයේ සඳු ග්‍රහයා සිටි රාශිය අධිපති ග්‍රහයා වෙයි. පාලක ග්‍රහයන්ගේ ලග්නය අධිපති කුජ ග්‍රහයා ජන්ම පත්‍රයේ කේතු නියෝජනය කරයි. මෙම කේතු, ජන්ම පත්‍රයේ සඳු ග්‍රහයා සිටි නක්‍ෂත්‍රය අධිපති ග්‍රහයා වෙයි. ලග්නයේ උපස්ථානය අධිපති ග්‍රහයා වෙයි. පාලක ග්‍රහයන්ගේ සඳු ග්‍රහයා සිටි උපස්ථානය අධිපති ගුරු, ග්‍රහයා ජන්ම පත්‍රයේ සඳු ග්‍රහයා සිටි උපස්ථානය අධිපති ග්‍රහයා වෙයි.

මෙසේ විනිශ්චය කරන අවස්ථාවේ මතුවූ පාලක ග්‍රහයන්, මෙම ජන්ම පත්‍රයේ ලග්න ස්ඵූටය සහ සඳුගේ ස්ඵූටයද ඒවා පාලනය කරන ග්‍රහයන් සමඟ එකඟවන හෙයින් මේ ජන්ම වේලාව නිවැරැදිය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.