අලුත් කාර් එකක් ගන්න ලැබෙයිද?

ජුනි 16, 2023

“ආයුබෝවන් රණතුංග මහත්මයා, කාලෙකට පස්සෙ දකින්න ලැබීමත් සතුටක්” යයි කියමින් සිරිසේන මහත්මයා, ඔහුගේ මිත්‍රයා පිළිගත්තේ පසුගිය සතියේ සෙනසුරාදා උදය කාලයේදීය.

“කාර් එකක් ගන්න අදහසක් තියෙනවා, ඒක ගැන ටිකක් බලාගන්නයි ආවේ”

මේ දිනවල වාහනයක් ගැනීමට බලාපොරොත්තු වීම සිහිනයක් වැනි දෙයකි,

“මගේ යාළුවෙක් රට යනවා, ඉතින් එයාගේ කාර් එක විකුණන්න යන්නේ, ගැළපෙන ගණනකට ආවොත් ගන්නයි බලාපොරොත්තුව. මම කෝකටත් හිතුවා මට එහෙම වාසනාවක් තියෙයි ද කියා බලන්න. මම කේන්දරයත් අරගෙනයි ආවේ”.

මේ පිළිබඳ අපට නිවැරදි පිළිතුරක්, ජන්ම පත්‍ර පරීක්‍ෂාවකින් ලබා ගත හැකිවෙයි.

වාහන පෙන්වන්නේ ජන්ම පත්‍රයේ 4 වැනි භාවය මගින්ය. ක්‍රිෂ්ණ මූර්ති පද්ධතිය අනුව, 4 වැනි භාවයේ උපස්ථානය අධිපති ග්‍රහයා 4 වැනි භාව නිවේදක ග්‍රහයකු වෙයිනම් හෝ උපස්ථානය අධිපති ග්‍රහයා තැන්පත්ව සිටි නක්‍ෂත්‍රය හිමි ග්‍රහයා 4 වැනි භාව නිවේදක ග්‍රහයකු වෙයිනම් වාහනයක් ලබාගැනීමේ වාසනාව පෙන්වයි. මෙම ජන්ම පත්‍රයේ 4 වැනි භාවය, බුධ හිමි කන්‍යා රාශියේ, සඳු හිමි නක්‍ෂත්‍රයක සහ කුජගේ උපස්ථානයක යෙදී ඇත. මෙම 4 වැනි භාවයේ උපස්ථානය අධිපති කුජ ග්‍රහයා, ජන්ම පත්‍රයේ 6 වැනි සහ 11 වැනි භාව හිමිව කන්‍යා රාශියේ 4 වැනි භාවයේ සහ බුධ හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි. බුධ ග්‍රහයා, 1 වැනි සහ 4 වැනි භාව හිමිව තුලා රාශියේ 5 වැනි භාවයේ තැන්පත්ව සිටියි. ඒ නිසා රණතුංග මහත්මයා, මෝටර් රථයක් ලබා ගැනීමේ වාසනාව ඇති අයකු වෙයි. මෙම බලාපොරොත්තුව ඉටු වන්නේ ජන්ම පත්‍රයේ 4 වැනි සහ 11 වැනි භාව නිවේදක ග්‍රහයන්ගේ ක්‍රියාකාරිත්වය සිදුවන විටදීය. එනම්, 4 වැනි සහ 11 වැනි භාව නිවේදක ග්‍රහයන්ගේ දශා සහ අතුරු දශා කාලවලදී, එම ග්‍රහයන්ගේ ගෝචර ගමන් සමඟ එකඟවන විටදීය.

මෙම ජන්ම පත්‍රයේ 4 වැනි භාව නිවේදක ග්‍රහයන් වන්නේ බුධ, කුජ, සිකුරු, ශනි සහ 11 වැනි භාව නිවේදක ග්‍රහයන් වන්නේ කුජ සහ ගුරු වෙති. ක්‍රිස්තු වර්ෂ 2019 ජුනි මාසයේ මාසයේ 04 වැනි දින මේ ජන්මියාගේ රවිගේ මහ දශාව ලබා 2025 ජුනි මාසයේ මාසයේ 04 වැනි දින දක්වා පවතියි,

ක්‍රිස්තු වර්ෂ 2023 මාර්තු මාසයේ මාසයේ 23 වැනි දින සිට මේ ජන්මියාගේ රවිගේ මහ දශාව සහ බුධගේ භුක්තිය ලබා 2024 ජනවාරි මාසයේ මාසයේ 28 වැනි දින දක්වා පවතියි,

ක්‍රිස්තු වර්ෂ 2023 මැයි මාසයේ මාසයේ 24 වැනි දින සිට 2024 ජූලි මාසයේ 15 වැනි දින දක්වා මේ ජන්මියාගේ රවිගේ මහ දශාවේ බුධගේ භුක්තිය සහ සිකුරුගේ අන්තරය පවතියි. මහ දශාව අධිපති රවි තැන්පත්ව සිටින්නේ ගුරුගේ නක්‍ෂත්‍රයකය. ගුරුගේ නිවේදකත්වය 4 වැනි සහ 11 වැනි භාවවලට ලැබේ. භුක්තිය අධිපති බුධ තැන්පත්ව සිටින්නේද ගුරුගේ නක්‍ෂත්‍රයකය. අන්තරය අධිපති සිකුරු තැන්පත්ව සිටින්නේද රාහුගේ නක්‍ෂත්‍රයකය. රාහුගේ නිවේදකත්වය 3 වැනි සහ 5 වැනි භාවවලට ලැබේ. ඒ නිසා මෙම කාලසීමාව තුළ රණතුංග මහත්මයාට, මෝටර් රථයක් ලබා ගැනීමේ වාසනාව ඇති වන බව සිරිසේන මහත්මයා ප්‍රකාශ කළේය.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.